Tuesday, February 10, 2009

ජීවිත සෙල්ලම සහ ක්‍රිකට් සෙල්ලම


අපි අඳුරන කෙනෙක්ව හම්බ වුනාම සමහර වෙලාවට පුරුද්දට වගේ අහනවනෙ "කොහොමද ඉතින් ජීවිතේ ?" කියලා. මගෙන් කවුරු හරි ඔය ප්‍රශ්නෙ ඇහුවොත් මම කියන්න පුරුදු වෙලා ඉන්නෙ "ජීවිතේ ක්‍රිකට් වගේ" කියලා.




ක්‍රිකට් අවිනිශ්චිතයි,
අපේ ජීවිතත් ඒ වගේ.

  • සමහර ක්‍රිකට් මැච් දවස් ගානක් තියෙනවා.
  • තව සමහර ඒවා දවසයි. නැත්තන් 1/2 යි
  • සමහර ක්‍රිකට් මැච් අඩු ඕවර් ගානකින් ඉවර වෙනවා.
  • තවත් සමහර වෙලාවට අන්තිම බෝලෙ දක්වාම ඇදෙනවා
  • සමහර මැච් දවල්ට විතරයි
  • සමහර මැච් වලට දවල් රෑ වෙනසක් නෑ
  • සමහර ක්‍රිකට් මැච් මාර කම්මැලියි.
  • තවත් සමහර ඒවා ඉවර වෙනකම්ම කට ඇරගෙන බලන් ඉන්න හිතෙනවා
  • සමහර මැච් බලන්න කට කපල සෙනග
  • තව සමහර ඒව බලන්න ක්‍රීඩකයන්ගෙ පවුලෙ අයවත් නැහැ
  • සමහර මැච් වලට පාට පාට ඇඳුම්
  • සමහර මැච් වල සුදු විතරයි.
  • සමහර වෙලාවට අම්පයර්ගෙ වැරදි තීරණ හින්ද දැවිල යනව.
  • තවත් සමහර වෙලාවට හිට් විකට්.
  • සාමාන්‍ය දැවීයාමුත් තියෙනව.

තව ඉතින් මේ වගේ ගොඩාක් දේවල් කියන්න පුලුවන්.
අපේ ජීවිතත් මේ වගේමයි නේද ?





[ 11 - Feb - 2009 ]

7 comments:

Anonymous said...

මම නම් ආයෙත් බලනවා නම් බලන්නේ ජෙහාන් මුබාරක් කණ්ඩායමේ ඉන්නවද නැද්ද කියල බලල.

මුබාරක් එනවා දැකලා ප්‍රේක්ෂකයෝ නැගිටල ගියා වෙන්න යනදේ දන්න නිසා.

malee_msg said...

හ්ම්ම්... ඒකත් ඉතිං ඇත්ත තමයි බලන් යද්දි..

Narada said...

ඇත්ත තමා, එත් නැත්තෙත් නෑ.

Rachintha Jayawardhana said...

ඇයි මැච් රෙෆ්‍රී හින්දා දඩත් කන්නේ!

Chanaka Aruna Munasinghe said...

ප්‍රතිචාර දක්වපු හැමෝටම ස්තූතියි.

Buddhi said...

ඈයි වැස්ස හින්දා අතේ තියන මැච් එක ඩ්‍රෝ වෙන්නෙ!

සිතුවිලි නිහඬයි said...

අනේ මන්ද නේද අයියේ

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D