Wednesday, March 11, 2009

Beyond Frame ට මගෙනුත් එළකිරි අදහසක්


Beyond Frame ට N.G.O ජොබ් එකෙන් ලැබෙන සල්ලි මදි මදි වගේ හින්දා ජනාධිපති උපදේශක පට්ටමකට ඉල්ලුම් කලා කියලා දැක්කා. ඔන්න දැන් දිගට හරහට උපදෙස් දෙන්න පටන් අරන්. අලුත්ම උපදේශෙ තමයි ශ්‍රී දළදා මාළිගාවෙ දියවඩන නිළමේ තුමාව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජල කළමනාකරණ ඇමති විදිහට පත් කිරීම. පොඩි කාලෙ අහල තියෙන කතන්දරයක් ගැන වැඩිදුර අධ්‍යයනය කරල තමයි මේ උපදේශෙ දීල තියෙන්නෙ
මේ බලන්නකෝ

ඔන්න ඉතින් මටත් පොඩි කාලෙ අහපු කතාවක් මතක් වුනා. අපේ ජනාධිපති උපදේශක වෙන්න ඉන්න Beyond Frame තුමාට වැදගත් වෙයි වගේ වගෙ කියල හිතුන නිසා මේ බ්ලොග් සටහන ලියන්න හිතුනා.


අහල ඇතිනෙ "අඬන්න ඕනෙලු කිරි එරෙන්න" කියන කතාව. නේද?


පහුගිය කාලෙ දේශීය කිරි නිෂ්පාදනය වැඩිකරන්න ඕනෙ කියල ලොකු සංවාද පවා ඇති වුනා මතකද ? ඉතින් අපේ රටේ කිරි නිෂ්පාදනය වැඩි කරන්න හරිම ලේසියිනෙ. හැම එළදෙනෙක් ලඟටම වෙලා අඬ අඬා ඉන්න අඬන නිළධාරියෙක් පත් කරන එකයි කරන්න තියෙන්නෙ. අපිට කිරි නිෂ්පාදනයෙන් නවසීලන්තය ලේසියෙන්ම පරද්දන්න පුලුවන් . එක අතකින් රැකියා ප්‍රශ්නයටත් විසඳුමක්නෙ.

තව ඕනෙනම් අඬන්න ඉන්න කට්ටියට ඇහැට අඟිල්ලෙන් අනින නිළධාරියො පත් කරලා අමතර රැකියා අවස්ථා බිහි කරන්නත් පුලුවනි.




කොහොමද එළකිරි නේද මගේ අදහස ?


[ 11 - Mar - 2009 ]

11 comments:

නිලන්‍ත said...

මමත් කලින්ම දැක්කා. නමුත් එතුමත් එක්ක ඕව ගැන වාද කරනවට වඩා හොඳයි කට ගලක උලාගන්නව. එතුමගෙ තාර්කික, විද්‍යාත්මක මනසට ඕව ගෝචර නෑ.
ඒත් ඥාණවන්ත මකර අධිරාජ්‍යා එල්ල කරල තියෙන ප්‍රතිප්‍රහාරය නං මරු. මකරන්ගෙ කටේ මසුරං දාල වැඩක් නෑනෙ. වෙන මොනව හරි කියන දෙයක් දාන්නං.

malee_msg said...

අම්මාපල්ලා ඔබ වැනි මකරෙකු ලැබීම කොයි තරම් දෙයක්ද? අනේ චන්දේ ඉල්ලන්නකෝ.. අපේ රටේ ප්‍රශ්ණ කීයකට සරළව උත්තර දෙන්න පුළුවන්ද බලාගෙන ගියහම

පොතේ ගුරා said...

හික් හික්..

Narada said...

අපරාදේ කියන්න බෑ දෙන්නම එකම මල්ලේ පොල් වගේනේ නිකං. කොහොමද ඔය දෙන්නාගේ නායකත්වයෙන් පක්ෂයක් පිහිටුවා ගත්තා නම්. අනේ ඔය දෙන්න ඒ පාර වලියක් දා ගන්න එපා හොඳේ?

Anonymous said...

Beyond Frame ට නිකම්ම මෙකෙන් ප්‍රසිද්ධියක් ලබාදෙනවා
මකරො

Anonymous said...

අඬ අඬා ඉන්න අඬන නිළධාරීන් වෙනුවට ඇමතිවරු පත්කරමු දැන් යුද්ධෙ ඉවර උනාම එපැත්තෙන් මේ පැත්තට පනින හැමෝටම මොකක් හරි අමාත්‍යාංශයක් දාලා ඇමති කමක් දෙන්න වෙයිනේ "රටට සේවය" කොරන්ඩ.

Anonymous said...

අඬ අඬා ඉන්න අඬන නිළධාරීන් වෙනුවට ඇමතිවරු පත්කරමු දැන් යුද්ධෙ ඉවර උනාම එපැත්තෙන් මේ පැත්තට පනින හැමෝටම මොකක් හරි අමාත්‍යාංශයක් දාලා ඇමති කමක් දෙන්න වෙයිනේ "රටට සේවය" කොරන්ඩ. තමන්ගේ ජාතියේ අය ඇඬුවාමනේ කොහොමත් එළදෙන්නුන්ටත් කිරි එරෙන්නේ. මැති ඇමතිවරුන් නම් කියාපු බඩු. එළදෙන්නු බඩ කරන වැඩෙත් ඇමතිවරැන්ටම දෙන්න පුළුවන්. අනිවා නවසීලන්තයෙන් එනවා අපේ රටේ කිරි නිශ්පාදනේ ගැන අධ්‍යයනය කරන්න.ඕන නම් එහාටත් අපේ ඇමතිවරු ටිකක් යවමු. නවසීලන්තයටත් කිරිපිටි යවන ජාතියේ ප්ලෑන් එකක් මේක. සමහරවිට මුංට ජන්දේ දෙන අපි ඇඬුවත් කිරි එරෙයි. අපිට නම් ඉතිං අඬන එක මහ කජ්ජක් නෙවෙයිනේ. ක්‍රිකට් ටීම් එකට වෙඩි තිබ්බම හෝගාලා අඬනවා ඒත් අරෙහේ අහිංසක කොල්ලො මැරෙනවා මුංට ගානක්වත් නෑ. ඒනිසං ක්‍රිකට් ටීම් එක යන බස් එකට සැරින් සැරේ වෙඩි තියෙන්නත් පිල්ලෙයාන්ව සෙට් කරගන්න පුළුවන්. පස්සේ පුභාත් සෙට් කරගන්න බැරියැ. එතකොට ප්‍රබාගේ ලිංගයටත් හොද කලක් යයි. ;)

නිලන්‍ත said...

මකරගෙ යෝජනාවට හොඳ සංශෝදනයක්. ඔය වැඩේට ඇමති සෙට් එකෙන් බහුතරයක් හොඳටම ගැලපෙනව. විපක්ෂෙ කට්ටියත් ගන්නවනං නායකතුමාව ගන්න වෙන්නෙ අඬන්න විතරයි. අර යටින් කියල තියෙන අහවල් වැඩේට නායකතුමාව හරියන්නෙ නෑ.

Chanaka Aruna Munasinghe said...


@ නිලන්‍ත
මේක මේ ප්‍රහාරයක් නෙවෙයි.BeyondFrame ට අඩුම තරමින් විපක්ෂනායක උපදේශක කමකටවත් උත්සාහ කර බැලීම සඳහා උදවුවක් කිරීමකි.

-------------------------------------
@ malee_msg , ecH , ෴බින්කු෴
රට කරවන්නනම් මසුරන් ඇතිය රටේ.....

රට පාලනය කරන්නට මේ රටේ තියෙන දේශපාලන පක්ෂ හා දේශපාලක තුමන්ලා සංඛ්‍යාව ඕනෙවටත් වඩා වැඩියි. ඒක නිසා චන්දෙ ඉල්ලීමට හා දේශපාලන පක්ෂයක් පිහිටුවීමට කර ඇති යෝජනා ප්‍රතික්ෂේප කරන්නේ නැති නමුත් පිළි ගන්නේද නැත. ස්තුතියි.

------------------------------------
@ ecH
මොකද ගැලපෙන්නෙ නැත්තෙ..මගේ අදහස දැකලා BeyondFrame ට මවුකිරිත් මතක් වෙලා තිබ්බා. මේක බලන්නකෝ

http://beyondframe.wordpress.com/2009/03/12/%E0%B6%B8%E0%B6%9A%E0%B6%BB-%E0%B6%BB%E0%B6%A2-%E0%B6%AF%E0%B7%84%E0%B6%B1%E0%B7%9A-%E0%B6%91%E0%B7%85%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92-%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80/#comment-1233

-------------------------------------
@ දිසා
BeyondFrame කොහොමටත්ම ප්‍රසිද්ධයිනේ

-------------------------------------
@ Anonymous & නිලන්‍ත
ඒකනෙ අපේ රටේම මේ වැඩේට ගැලපෙන අය ඕනෙතරම් ඉඳිද්දි මොකටද පිටරටවල් වලින් විශේෂඥයො ගෙන්වන්නෙ. මේක තනිකරම රජයේ මැදිහත්වීමෙන් කරන්න පුළුවන්. NGO ඕනෙම නැහැ

Narada said...

බලං දැන් කිරි වලට තෙල් දාන එකට මේවා විසදුම් නේද?

Anonymous said...

සමාවෙන්න. මට දේශපාලුවෝ තිත්තයි. ඒකයි හැංගිලා ලියන්නේ කලින් anonymous එක ලිවේත් මම තමයි. NGO මොකටද? මම කලිං කිව්වා වගේ නවසීලන්තයටත් කිරිපිටි යවන ජාතියේ සිරා ප්ලෑන් එකක් මේක. හැබැයි උන් අපේ රටේ දියුණුව දැකල ඒක ඉවසගන්න බැරුව එළදෙනුන්ගේ මානව හිමිකම්... සොරි මානව හිමිකම් නෙවෙයි එළදෙනු හිමිකම් වෙනුවෙන් ජාත්‍යාන්තරේට කියල අපිව චාටර් කරල දාන්න දත කාවි. ඒකට ආචාටර්ය මර්වින් වස්සාව දාමු. අං එහෙම පේන්නම තියෙනවානේ. දෙන්න පුළුවන් ඇස්ටි හැලෙන්ඩ. එළදෙන්නු මදි උනොත් ගොන් දෙපැය බලන අයටත් කතා කරගමු. ගොන් දෙපැය බලල හොටුපෙරාගෙන අඬන්නත් කස්ටියකට හොඳට පුළුවන්නේ.

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D