Saturday, March 28, 2009

රැවටෙන්න එපා රත්තරං


මේ තියෙන්නෙ අද මහනුවර නගරයේ බෙදා හැරපු වෙළඳ දැන්වීමක්.



මේකෙ තියෙනෙ විදිහට රුපියල් 1500/= සිට රුපියල් 5000/= දක්වා වටිනාකමක් තියෙන රන් භාණ්ඩ රුපියල් 100/= සිට රුපියල් 300/= මිල ගණන් වලට විකුණනවලු.

මටනම් හිතෙන්නෙ මේකෙ මොකක් හරි හොරයක් තියෙනවා කියලා. කවුරු වුනත් ප්‍රචාරණයටත් වියදම් කරලා විකිණීමේදීත් මෙච්චර ලොකු පාඩුවකුත් තියාගෙන විකුණයි කියල හිතන්න අමාරුයි.

තව වෙන්න පුලුවන් දෙයක් තමයි මේවා රුපියල් 1500/= සිට රුපියල් 5000/= දක්වා වටිනවා කිවුවට ඇත්ත වටිනාකම රුපියල් 100/= ට අඩු වෙන එක. එහෙමනම් මේවා ඇත්ත රන් භාණ්ඩ වෙන්න අමාරුයි. ( අද වෙළඳපොලේ රන් වල වටිනාකම එක්ක බැලුවම රුපියල් 100/= ට අඩු වටිනාකමක් සහිත රන් ප්‍රමාණයකින් ආභරණ හදනවනනම් නැනෝ තාක්ෂණය පාවිච්චි කරල තමයි ඒව හදන්න වෙන්නෙ ). එහෙම වුනොත් මෙතන තියෙන වැරැද්ද තමයි අයථා ප්‍රචාරණය. මොකද මෙතනදි ප්‍රචාරණය කරන්නෙ ස්වර්ණාභරණ කියලනෙ.

මේ වෙළෙඳාම මහනුවර විතරක් නෙවෙයි අනිත් නගර වලත් වෙන්න පුලුවන්. පරෙස්සම් වෙන්න. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියනවනේ.{ හැබැයි මට අද තිබ්බ TOEFL Exam එකේ Listening part එකටනම් }


ඇයි රත්තරන් ඔය තරම් ගණන්:

රත්තරන් ගැන මතක් වෙච්ච හින්දා තව දෙයක් කියන්න හිතුනා. ඇත්තටම රත්තරන් වලට තියෙන්නෙ ආරෝපිත වටිනාකමක් විතරයි. රත්තරන් වල වටිනාකම ලැබිල තියෙන්නෙ අපි රත්තරන් වටිනා දෙයක් කියලා විශ්වාස කරන නිසා ( දුර්ලභ නිසා ). හැබැයි රත්තරන් වල ප්‍රායෝගික වටිනාකම අඩුයි. ආභරණ වලට මිසක් වෙන ඵලදායී දේවල් වලට රත්තරන් යොදා ගන්නවා අඩුයි.

ආහාර ද්‍රව්‍ය සහ ඉන්ධන වගේ දේවල් වලට රත්තරන් වලට වඩා වැඩි ප්‍රායෝගික වටිනාකමක් තියෙනවා. මේ හේතුව හින්දා අනාගතයෙදි රත්තරන් වල වටිනාකම නොහිතන විදිහට අඩු වෙන්න පුලුවන් කියලා සමහර ආර්ථික විද්‍යාඥ්‍යයො කියනවා.

ඔන්න රත්තරන් වලට ආයෝජනය කරන අයට .


[ 28 - Mar - 2009 ]

Wednesday, March 25, 2009

ලොක්කන්ටත් වරදින තැන්


ඔන්න මට අන්තර්ජාලයෙන් හම්බ වෙච්ච් පින්තූර ටිකක්.

මේවා ඇත්ත ඒවද edit කරපු ඒවද කියලනම් දන්නෙ නැහැ.



පුංචි 5හේ මං




දුර දිග බලා කටයුතු කිරීම




2009 තොරතුරු තාක්ෂණ වසර


[ 25 - Mar - 2009 ]


Thursday, March 19, 2009

මකර රජදහනේ ප්‍රතිසංවිධානයක්


ගොඩාක් අය මේ දවස් වල තමන්ගෙ බ්ලොග් වල එක එක වෙනස්කම් කරනවනෙ. ඉතින් මමත් තීරණය කලා මකර රජදහනෙ ප්‍රතිසංවිධානයක් කරන්න.

කියවන අය තමයි බ්ලොග් එකක වැදගත්ම පාර්ශවකරුවො. කියවන්න අය නැත්තන් ටික කාලයක් යනකොට අපිට බ්ලොග් ලිවිල්ල එපා වෙනවනෙ. අනික බ්ලොග් එක කියවල විතරක් යන්නෙ නැතුව බොරුවට හරි comment එකක් දාල යනවනම් අපි ගොඩාක් කැමතියිනෙ.

මගේ බ්ලොග් එක කියවන අයට මෙච්චර කාලයක් ලොකු අසාධාරණයක් වෙලා තිබිල තියෙනවා , නොදැනුවත්වම වගේ. බ්ලොග් එකේ දකුණු පැත්තෙ තීරුවෙ ඉහළම තැන මගේ ෆොටෝ එකට දීල තියෙද්දි Followers ලට දීල තිබිල තියෙන්නෙ බ්ලොග් එකේ යටම තැන. හරිම අසාධාරණයි නේද ? මේ බලන්නකො.



ඉස්සර


මේක දැකපු ගමන්ම මම තීරණය කලා මකර රජදහනෙ ඉහළම ස්ථානයක් බ්ලොග් එක කියවන අයට ලබාදිය යුතුයි කියලා.ඔන්න දැන් ඉතින් මගේ විධායක බලතල පාවිච්චි කරල Followers ලට දෙන්න පුලුවන් ඉහළම තැන ( දකුණු පැත්තෙ තීරුවෙ උඩම ) ලබා දීලයි තියෙන්නෙ.

දැන් ඕනෙම කෙනෙකුට පුලුවන් Follower කෙනෙක් වෙලා මකර අධිරාජයාගෙ දෑත ශක්තිමත් කරන ගමන්ම මකර රජදහනෙ මකර අධිරාජයාටත් ඉහළින් පෙනී සිටින්න. මේ බලන්නකො.


දැන්

මකර රජදහනේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට සහ මකර අධිරාජයාගේ දෑත ශක්තිමත් කිරීමට තවත් වැදගත් අදහස් හා යෝජනා තියෙනවනම් ඉදිරිපත් කරන්න.

[ 19 - Mar - 2009 ]

Tuesday, March 17, 2009

ඇටසැකිල්ල (බය හිතෙන post එකක් නොවේ)



මෙන්න මට හම්බ video වෙච්ච එකක්. බලලම ඉමුකෝ....


පුංචි ළමයින්ව හිඟාකෑමට යොදා ගන්නවට වඩා මේ විදිහ කොච්චර හොඳද ?

[ 17 - Mar - 2009 ]

Wednesday, March 11, 2009

Beyond Frame ට මගෙනුත් එළකිරි අදහසක්


Beyond Frame ට N.G.O ජොබ් එකෙන් ලැබෙන සල්ලි මදි මදි වගේ හින්දා ජනාධිපති උපදේශක පට්ටමකට ඉල්ලුම් කලා කියලා දැක්කා. ඔන්න දැන් දිගට හරහට උපදෙස් දෙන්න පටන් අරන්. අලුත්ම උපදේශෙ තමයි ශ්‍රී දළදා මාළිගාවෙ දියවඩන නිළමේ තුමාව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජල කළමනාකරණ ඇමති විදිහට පත් කිරීම. පොඩි කාලෙ අහල තියෙන කතන්දරයක් ගැන වැඩිදුර අධ්‍යයනය කරල තමයි මේ උපදේශෙ දීල තියෙන්නෙ
මේ බලන්නකෝ

ඔන්න ඉතින් මටත් පොඩි කාලෙ අහපු කතාවක් මතක් වුනා. අපේ ජනාධිපති උපදේශක වෙන්න ඉන්න Beyond Frame තුමාට වැදගත් වෙයි වගේ වගෙ කියල හිතුන නිසා මේ බ්ලොග් සටහන ලියන්න හිතුනා.


අහල ඇතිනෙ "අඬන්න ඕනෙලු කිරි එරෙන්න" කියන කතාව. නේද?


පහුගිය කාලෙ දේශීය කිරි නිෂ්පාදනය වැඩිකරන්න ඕනෙ කියල ලොකු සංවාද පවා ඇති වුනා මතකද ? ඉතින් අපේ රටේ කිරි නිෂ්පාදනය වැඩි කරන්න හරිම ලේසියිනෙ. හැම එළදෙනෙක් ලඟටම වෙලා අඬ අඬා ඉන්න අඬන නිළධාරියෙක් පත් කරන එකයි කරන්න තියෙන්නෙ. අපිට කිරි නිෂ්පාදනයෙන් නවසීලන්තය ලේසියෙන්ම පරද්දන්න පුලුවන් . එක අතකින් රැකියා ප්‍රශ්නයටත් විසඳුමක්නෙ.

තව ඕනෙනම් අඬන්න ඉන්න කට්ටියට ඇහැට අඟිල්ලෙන් අනින නිළධාරියො පත් කරලා අමතර රැකියා අවස්ථා බිහි කරන්නත් පුලුවනි.




කොහොමද එළකිරි නේද මගේ අදහස ?


[ 11 - Mar - 2009 ]

Monday, March 9, 2009

නරයා සහ මිදි


ඔන්න එකමත් එක රටක හිටපු නරියෙක් කිවුවලු මිදි තිත්තයි කියලා.

හේතුව: කඩාගන්න බැරි වීම....ලු

ඔන්න තවත් එකමත් එක රටක හිටපු නරයෙකුත් කිවුවලු මිදි තිත්තයි කියලා.
හේතුව: මිලදී ගන්න සල්ලි නැති වීම....ලු





[ 10 - Mar - 2009 ]

Friday, March 6, 2009

නුවර වීදි යටකරගෙන වැහිපිට වැහි වැස්සා


ඔන්න දැන් පේරාදෙණියට වහිනවා. මහනුවරටත් වහිනවා ඇති. සාමාන්‍යයෙන් මේ කාලෙට තමයි අන්තර් මෝසම් සක්‍රීය වෙලා වැස්ස පටන් ගන්නෙ. හැබැයි මෙච්චර දවසක් වහින්නෙ නැතුව තිබිලා අද දළදා ප්‍රදර්ශනය පටන් ගත්ත දවසෙම වහින්න පටන් ගත්ත එක පුදුමයි.



මේ වගේ දෙයක් මීට කලින් 2002 හරි 2001 දි හරි (අවුරුද්ද හරියටම මතක නැහැ ) ත් දැක්කා. ඒ අවුරුද්දෙ දළදා ප්‍රදර්ශනය පටන් ගන්න දවසෙ වහියිද නැද්ද කියලා යාලුවෙක් එක්ක ඔට්ටුවක් අල්ලපු හින්දා ඒ සිද්ධිය හොඳට මතකයි. හැබැයි එදා මම ඔට්ටුවනම් පැරදි.

[ 06 - Mar - 2009 ]

Monday, March 2, 2009

මගේ Facebook Status සංරක්ෂණ ව්‍යාපෘතිය


අපි ගොඩක් අය FaceBook වලට ඇබ්බැහි වෙලානෙ ඉන්නෙ. ගොඩාක් දෙනා තමන් කරන්නෙ මොනවද කියල අනිත් යාලුවන්ට දැනුම් දෙන්න FaceBook එකේ Status එක පාවිච්චි කරනවා. ඒ Status වලට යාලුවන්ගෙන් ලස්සන ලස්සන Comments එහෙමත් වැටෙනව ඇතිනෙ. ඒ වුනාට ටික කාලයක් ගියාම ඒ Status එක disappear වෙලා ගියාට පස්සෙ ඒ Comments එහෙම ආපහු බලා ගන්න ක්‍රමයක් නැහැනෙ. අපරාදෙ නේද?


ඒක නිසා මම Facebook Status සංරක්ෂණ ව්‍යාපෘතියක් පටන් ගත්තා. මෙන්න මම කරපු දේ.

1. පළවෙනියටම FaceBook එකේ තමන්ගෙ Status එකේ RSS Feed එක හොයා ගන්න ඕනෙ. ඒකට FaceBook වලට log වෙලා මෙන්න මේ එකට URL යන්න



එතකොට මේ වගේ Web පිටුවක් එයි. ඒකෙන් හොයා ගාන්න Status එකේ RSS Feed ලිපිනය




2. ඊලඟ වැඩේ හරිම සිම්පල් ප්ලෑන් එකක්. Google Reader එකට ඒ හොයා ගත්ත Feed ලිපිනය import කරන්න. එච්චරයි. මේ බලන්න මගේ Google Reader එක.



මෑත කාලීන Status ටික සංරක්ෂණය වෙලා දින වකවානුත් එක්කම (යටින්ම තියෙන ටිකටනම් එකම දවස වැටිල තියෙන්නෙ. එකම දවසෙ import කරපු නිසා. ඒ වුනාට අලුත් ඒවායෙනම් දින හරි). Comments ටික ඒ තියෙන Link එක දිගේ ගියාම බලා ගන්න පුළුවන්. හැබැයි මම දන්නෙ නැහැ ඒ Link කොච්චර කල් සජීවීව තියෙයිද කියලනම්.

ඒක නෙවෙයි වැදගත්ම දේ. දිනපොත් ලියන්න කම්මැලි/වෙලාවක් නැති අන්තර්ජාල සැරිසරන්නන්ට සරළ ඉලෙක්ට්‍රොනික දිනපොතක් Automatically ලියා ගන්න මේ ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන්.

මේ ක්‍රමේ මොනවහරි අඩුපාඩු තියෙන්න පුළුවන්. මොකද මේක මම පටන් ගත්ත විතරමයි. තවම බීටා. මේ වැඩේට මීට වඩා හොඳ ක්‍රම තියෙන්නත් පුලුවන්. එහෙම දේවල් දන්නවනම් කියන්නකෝ


මෙන්න මගේ පරණ Status එකක්




Those who messed up with simple stuffs will see killer whales and crocodiles
But if you invest capital correctly you will get real message

[ 01 - Mar - 2009 ]

Sunday, March 1, 2009

මකර රජදහනේ ජාතික ක්‍රීඩාව


අපේ රටේ උත්සන්න වෙලා තියෙන යුධ මානසිකත්වය ගැන බ්ලොග් පෝස්ට් ගොඩාක් ලඟදි කියෙවුවා.
ඉතින් ඒක ගැන මගේ අදහසත් කියන්න එපායැයි.

මගේ යුධ මානසිකත්වය උත්සන්න වුනාම මමනම් කරන්නෙ චෙස් සෙල්ලම් කරන එක. මම විතරක් නෙවෙයි නැපෝලියන් අධිරාජයා, ජෝෂප් ස්ටාලින් ජනාධිපතිතුමා එහෙමත් යුද්ධ අතරෙදි මානසික ඒකාග්‍රතාවය ගොඩනගාගන්න අරමුණින් චෙස් ක්‍රීඩා කරල තියෙනවලු.


ඉන්දියාවේ ගුප්ත අධිරාජ්‍යයේ රජ කුමාරවරු දෙන්න්නෙක් අතර ඇතිවෙච්ච යුද්ධයක් මුල් කරගෙන තමයි චෙස් ක්‍රීඩාවෙ මූලික අවස්ථාව බිහි වෙලා තියෙන්නෙ කියල කියනවා.ඒ මුල්ම ක්‍රීඩවෙ නම චතුරංග. චතුරංග ක්‍රීඩාවෙ ඉන්නෙ අලි, අශ්ව ආදී සේනා.
පසුකාලීනව මේ ක්‍රීඩාව බටහිරට සංක්‍රමණය වුනාම ක්‍රීඩාවට ක්‍රිස්තියානි මුහුණුවරක් ලැබුණා කියලයි කියන්නෙ. වර්තමාන චෙස් ක්‍රීඩාවෙ ඉන්න නයිට්වරු බිෂොප්වරු වගේම රජතුමාගෙ ඔලුවෙ තියෙන්න කුරුස ඔටුන්නත් බටහිර සංස්කෘතියෙන් ආපු දෙවල්ලු.



රජ සිටු මැතිවරු..

ඔන්න මම මෑතකදි සෙල්ලම් කරපු මට ආස හිතිච්ච චෙස් තරඟ දෙකක් . මෙතනින් බලන්න

[ 01 - Mar - 2009 ]

සුභපැතුම් !!!


පේරාදෙණිය සරසවියේ වාර්ෂික උපාධි ප්‍රදාන උත්සවය පහුගිය බ්‍රහස්පතින්දා විශ්වවිද්‍යාල ක්‍රීඩාගාරයේදී පැවැත්වුනා. මම උපාධිය ලබා ගත්ත උපාධි ප්‍රදාන උත්සවය තිබ්බෙ ගිය අවුරුද්දෙ. ඒ වුනාට හරි ක්‍රමේට ඇවිත් විශ්වවිද්‍යාලයට ආවනම් මටත් උපාධිය ගන්න වෙන්නෙ මේ අවුරුද්දෙ තමයි. මේ පාර උපාධි ගත්ත ගොඩාක් අය මගේ සම වයසෙ.

මම මොන්ටිසෝරි යන්නෙ නැතුව ඒ අවුරුද්දෙ ඉස්කෝලෙ ගිය නිසා තමයි අවුරුද්දක් කලින් උපාධිය ගත්තෙ. හැබැයි ඉතින් මොන්ටිසෝරි ගියෙ නැති හින්දා මොන්ටිසෝරි විෂය නිර්දේශයට අදාල සමහර දේවල් මට බැහැ ( උදා: පිළිවෙලකට කොණ්ඩය පීරීම, පවුඩර් ගෑම ).


ඉතින් පහුගිය අවුරුද්දෙ විභාග අවසන් කරපු දවසෙ ඉඳන් උපාධි විරහිත රැකියාධාරීන් විදිහට හිටපු මගේ සම වයස් සොයුරු සොයුරියන් උපාධි සහිත රැකියාධාරීන් වීම පිළිබඳව මගේ උණුසුම් සුභපැතුම් !!!


හැමෝටම පෙන්නුවොත් හොඳයි කියල හිතුනු ඡායාරූප දෙකක්


E03 කණ්ඩායමෙන් ලැබුනු සමරුව
[ සම වයස් වුනාට මමත් සර් කෙනෙක්නෙ :-) ]



දැනුමෙන් පිරුණු හිස හුලං පුම්බපු බැලුම් බෝලයක් කර ගන්න එපා.
ඉක්මනටම පුපුරා යාවි.


[ 28 - Feb - 2009 ]