Friday, April 24, 2009

ලෝකෙ වංචනිකම මැතිවරණය




ඉර බහින පැත්තෙ මැතිවරණයෙදි සමහර අයට තමන්ගෙ ඡන්දයත් සමඟ බෝනස් ඡන්දත් හම්බ වෙලාලු. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 5,4,3 ක් බැගින් ලැබිච්ච අයත් ඉන්නවලු. අලුත් අවුරුදු බෝනස් විදිහට අමතර ඡන්ද 150,000 - 200,000 ක් විතර ප්‍රමාණයක් බෙදල දීල කියලයි කියන්නෙ. හැබැයි මේ කියන්න යන්නෙ හෙට තියෙන බස්නාහිර පළාත්සභා මැතිවරණය ගැන නම් නෙවෙයි.

ගිනස් වාර්තා වල සඳහන් වෙන විදිහට 1927 ලයිබීරියාවෙ පවත්වපු ජනාධිපතිවරණය තමයි ලෝකෙ වංචනිකම මැතිවරණය. මේ මැතිවරණය ජයගත්තු චාල්ස් කිං ඡන්ද 234,000 ක් ලබා ගත්තලු. හැබැයි ඒ වෙනකොට ලයිබීරියාවෙ මුළු වලංගු ඡන්දදායකයන්ගෙ ගණන 15,000 යි ලු. ඒ කියන්නෙ 1560% ක අලිම අලි වංචාවක්.

අනේ ඒ අතින් බලනකොට ලංකාවෙ මැතිවරණ කොච්චර නිදහස් හා සාධාරණද, නේද ?


[ 24 - APR - 2009 ]




මුදල් ගෙවා ප්‍රචාරය කිරීම


අපේ දේශපාලක මාමලට නැන්දලට කොහෙන්ද ඔච්චර සල්ලි කියන එක ලොකු ප්‍රශ්නයක්නෙ. ඔන්න මමනම් හේතුව හොයා ගත්තා. දැකල ඇතිනේ මේ දවස් වල හෝ ගාල දැන්වීම් යනව එකේ. ඒ දැන්වීම් වලින් පස්සෙ කියනව නේද "එම දැන්වීම මුදල් ගෙවා ප්‍රචාරය කරන ලදී" කියලා. ඒ කියන්නෙ ඒ දැන්වීමෙ පෙනී සිටීම වෙනුවෙන් පෙනී සිටින කෙනාට මුදල් ගෙවනවා කියන එක නේද?


සමහරුනම් කියනවා ඒක එහෙම නෙවෙයි කියලා. ඒ වුනාට ඒක එහෙම නෙවෙයිනම් කියන්න ඕනෙ "එම දැන්වීම මුදල් ලබාගෙන ප්‍රචාරය කරන ලදී" කියල නේද? එහෙමත් නැත්තම් "එම දැන්වීම මුදල් ගෙවා ප්‍රචාරය කරවන ලදී" කියල නේද?

අනේ මන්දා




[ 24 - APR - 2009 ]

Align Center

Friday, April 10, 2009

LTTE යේ උණ්ඩ ඉවර වුනු හැටි


* පින්තූරයේ තියෙන දේවල් පැහැදිලිව කියවන්න පුලුවන් වෙන්න පින්තූරය උඩ click කරන්න. එහෙම නැත්තන් Right Click කරල New Tab එකක Open කරන්න



Source: DailyMorror

[ 9 - APR - 2009 ]

Wednesday, April 8, 2009

කොපි කැට්


පත්තර වල තියෙන සමහර ලිපි කියවල බැලුවම හිතෙන දෙයක් තමයි අපේ පුංචි රටත් එක්ක ගොඩාක් බටහිර බලවත් යැයි කියන රටවල් තරහෙන් ඉන්නවා වගේ කියන එක. එදිනෙදා කතාබහ කරන දේවල් ඇහුවම තේරෙනව සැළකිය යුතු පිරිසක් මේ මතය දරන බව. මම ඉතින් කල්පනා කර කර හිටියෙ අපේ පුංචි රටත් එක්ක ඇයි මේ ලොකු ලොකු රටවල් ඔච්චර තරහ කියලා.

ඊයෙ පත්තර අරන් කියවල බැලුවම තමයි මට තේරුනේ මොකක්ද මේකට හේතුව කියලා. ලොකු ලොකු රටවල් වල ආර්ථිකය කඩා වැටිලා වැලේ වැල් නැතුව ඉන්දෙද්දි අපේ රට මේ පාරත් 6% ක ආර්ථික වර්ධනයක් අත්පත් කරගෙන තියෙනවලු. ඉතින් ඔය කියන ලොකු ලොකු රටවල් වලට ඉරිසියා හිතෙන එකත් පුදුමයක් නෙවෙයිනෙ.

සමහරුනම් කියන්නෙ අපේ මහබැංකු අධිපතිතුමා පරණ මහ බැංකු වාර්තා බලලා ඒවා කොපි කරකරලු වාර්තා ලියන්නෙ කියලා. හරියට කොපි කරන්න දන්නෙ නැති වුනාම මේ වගේ වාර්තා ලියවෙනවලු.

ඒ වුනාට කමක් නැහැ කොපි කරල හරි කමක් නැහැ ආර්ථිකය වර්ධනය කරනවනෙ. ඒක හින්දා අපේ මහබැංකු අධිපති තුමා තමයි ලෝකෙ හොඳම මහබැංකු අධිපති තුමා. (දන්නවත් ඇතිනෙ ලෝකෙ හොඳම මැතිවරණ කොමසාරිස්තුමා ඉන්නෙත් අපේ රටේ)

ලෝකෙ හොඳම මහබැංකු අධිපති තුමා

-------------------------
කොපි කරන එක ගැන කිවුවම පරණ කතාවකුත් මතක් වුනා.

ඔන්න එකමත් එක ඉස්කෝලෙක එකමත් එක ළමයෙක් හිටියලු ඉගෙන ගන්න කිසිම උනන්දුවක් නැති කිසිම වැඩක් කරන්න බැරි. ඔන්න එක දවසක් පන්තියෙ ටීචර් කිවුවලු ළමයින්ට "අපේ පූසා" ගැන රචනාවක් ලියාගෙන එන්න කියලා. පුදුමෙකට වගේ මේ කියන ළමයා රචනාවක් ලියාගෙන ඇවිත් තිබ්බලු. ටීචර්ට තේරුනාලු මේකනම් වෙන්න බැරි වැඩක් , මේ ළමයා වෙන කාගෙදො පොතක් උස්සගෙන ඇවිත් කියලා. ඉතින් ටීචර් කිවුවලු මේ ළමයට "ආ එහෙනම් හොඳ පුතා වගේ ලියාගෙන ආපු රචනාව හැමෝටම ඇහෙන්න කියවන්න" කියලා.ඉතින් මොනවා කරන්නද මේ ළමයත් පුලුපුලුවන් විදිහට රචනාව කියෙවුවලු. කියවපු විදිහ තමයි මේ.

" අපේ පූසා රූට රූට වහල උඩට නැගලා කදාව් කදාව් ගානවා".
(Ape poosa roota roota wahala udata nagalaa kadhaawu kadhaawu gaanawaa).

හිතා ගන්න පුලුවන් නේද රචනාවෙ ඇත්තටම ලියල තිබ්බ දේ. කොපි කරන්න ගියාම වෙන්නෙ ඔය වගේ වැඩ තමයි.

මේ වීඩියෝ එකත් බලන්නකෝ:

මෙන්න මේ කදාව්වා ජනේලෙන් වහල උඩට පැනලා රූට රූටා කදාව් කදාව් ගානවා.
බැරි වැඩ නොකරන් බළලෝ !!! කියන්නෙ ඕක තමයි.



(Related posts) මේවත් බලන්නකෝ:
1. ලෝකෙ හොඳම මැතිවරණ කොමසාරිස් තුමා2. ආර්ථික ප්‍රස්තාර 2008 - 2009
3. ආර්ථික අර්බුදයේ බලපෑම්

[ 8 - APR - 2009 ]

Tuesday, April 7, 2009

ආර්ථික අර්බුදයේ බලපෑම්


වර්තමාන ආර්ථික අර්බුධය ශ්‍රී ලංකාවේ ව්‍යාපාර වලට සහ කාර්මික නිශ්පාදන අංශ වලට ඇතිකර තිබෙන විවිධාකාර් බලපෑම්.
ඔයාල වැඩ කරන ආයතන වලත් මේ වගේ ගැටලු තියෙනවනම් comment එකක් දාන්න. මගේ ව්‍යාපෘතියකට මේ ගැටලුව සම්බන්ධ තොරතුරු එකතු කරනවා.

* පින්තූර වල තියෙන දේවල් පැහැදිලිව කියවන්න පුලුවන් වෙන්න පින්තූර උඩ click කරන්න. එහෙම නැත්තන් Right Click කරල New Tab එකක Open කරන්න


වසා දමා ඇති ආයතන


සේවක ඉවත් කිරීම්


විවිධ අර්බුධ ඇති ආයතන



Source: The Inter Company Employees's Union (ICEU)

මේකත් කියවන්න :
ආර්ථික ප්‍රස්තාර 2008 - 2009


[ 7 - APR - 2009 ]



ආර්ථික ප්‍රස්තාර 2008 - 2009


2008 ජනවාරි සිට 2009 ජනවාරි දක්වා කාලය තුල ශ්‍රී ලංකාවේ ආර්ථික නැඹුරුතාවයන් ප්‍රස්තාර ඇසුරින්.




Source:

මේකත් කියවන්න :
ආර්ථික අර්බුදයේ බලපෑම්

[ 7 - APR - 2009 ]


Thursday, April 2, 2009

GNU GPL GUN



අනේ ඊයෙ බොරු කියන දවසෙ බොරුවක් කියන්න බැරි වුනානෙ. මගේ සෙල්ලම් තුවක්කුව ලයිසන් කරගන්න විදිහ හොයන්න ගිහිල්ල ඊයෙ දවසෙම රස්තියාදුව. අන්තිමට 1919 වලට කතා කරල තමයි හරිහමන් විස්තරයක් හොයා ගත්තෙ.

සල්ලි සල්ලි කියල බැලුවෙ නැහැ මමත් මගේ සෙල්ලම් තුවක්කුව
GNU GPL (GNU General Public License ) යටතේ ලයිසන් කර ගත්තා. මම දැන් නිදහස් මකරෙක් !!!




[ 02 - Apr - 2009 ]