Thursday, June 18, 2009

මම ගස් නොකපමී





ඔන්න මමත් පොතක් ලියනවලු. තව අවුරුදු 20කින් ලියවෙන පොත් වල TOP 10 ලැයිස්තුවේ මගේ පොතකුත් තියෙනවා (7th Place ). ලැයිස්තුව මෙතනින් බලන්න
මුරුංගා අත්තේ උඩම හරියේ තියල තියෙන හින්දා මට ඇත්තටම පොතක් ලියන්න හිතුනා. හැබැයි මම ලියන්නෙ E පොතක් (ebook). මොකද තව අවුරුදු 20කින් පොත් වලට කඩදාසි හදා ගන්න කපා ගන්න තරම් ගස් ඉතුරු වෙයිද දන්නෙත් නැහැ. ඉතුරු වෙලා තිබ්බත් ඉතින් කපන එක හොඳත් නැහැනෙ.

මගේ කතන්දරේට, මකරා විසින් එල්ල කරන ගිනි ප්‍රහාර හමුවේ කොළඹ පුරවරය ගිනි ගනිද්දි වීණා වාදනය කරපු රජතුමෙක් ගැනත් ඇතුලත් කරන්න බලාපොරොත්තු වෙනවා. ආ මේ තියෙන්න පොතට දාන්න හොඳ පින්තූරෙකුත්.



ආ ආ .. ඉතින් මගේ පොත ලියන්න තව අවුරුදු 20ක්ම තියෙනවනෙ. එතකන් නයිස් අයටයි නෝටි අයටයි කියව කියව ඉන්න හොඳ E කතන්දර පොත් ටිකක් මෙතන තියෙනවා.

මේ තියෙන්නෙ එතනින් ගන්න පුලුවන් E කතන්දර පොත් වලින් කීපයක්. බාගෙන කියවලම බලන්නකෝ.




[ 18 - JUNE - 2009 ]


Monday, June 8, 2009

මට දැනෙනා ලෙසට මහරජ ඉබ්බාය !!!





මේක මේ රජ කාලෙ කතාවක්. සමහර අය අහලත් ඇති ඉතින්.

ඔන්න එකමත් එක මහරජ කෙනෙක් දවසක් ගමනක් යනකොට දැක්කලු පාර අයිනෙ හිටපු ඉබ්බෙක්ව. ඉතින් අපේ මහ රජතුමාලටත් නිකන් ඉන්න බැහැනෙ, එතුමාට හිතුනාලු මේ ඉබ්බාව බළල් අතක් කරගෙන අන්දරේව අපහසුතාවයට පත් කරන්න.ඉතින් අපේ මහරජතුමා කරපු වැඩේ මොකක්ද දන්නවද ? එතුමා කරපු වැඩේ තමයි ඉබ්බා ගැන හොඳවයින් තේරවිලි කවියක් ගොතාගෙන රාජසභාවෙදි ඒක ගායනා කරලා අන්දරේට අභියෝග කළාලු පුලුවන්නම් විසඳන්න කියලා.

මහරජ :
දාර දෙකයි එක නම මුල් කර........................තැනුවා
කොන් හතරයි කනු හතරයි ගෙට...................ඇතුවා
පාර තිහක් ගැසුවත් බියකුත්..........................නැතුවා
තෝරාපන් අද මම මගදී..................................දුටුවා

අන්දරේ හරිම හපනානේ. අන්දරේ පටාස් ගාල උත්තරේ කිවුවලු.

අන්දරේ:
දාර දෙකක් එක මැද එක......................ගැවසීය
වටපිට යන කලට කණු හතරෙන්...............යාය
ගෙට ගිය කළට කිසි බියකුත්...............නැතුවාය
මට දැනෙනා ලෙසට මහරජ.................ඉබ්බාය

මේක අහගෙන හිටපු මහරජතුමාගෙ නිළමේ මණ්ඩලයේ සමහරු කිවුවාලු අන්දරේට තෑගි දෙන්න ඕනෙ කියලා. තවත් සමහර නිළමේවරු කිවුවලු අන්දරේ මහරජතුමාට ඉබ්බා කියලා අපහාස කරපු නිසා අන්දරේට දඬුවම් දෙන්න ඕනේ කියලා. බලන්නකො මේ නිළමේ මණ්ඩලයේ සාමූහික වගකීමක් නැති හැටි විතරක් , නේද?

අපේ මහරජතුමාගෙ නිළමේ මණ්ඩලය ගැනත් නොකිවුවොත් අඩුපාඩුවක්නෙ. ඒකෙ දියවඩන නිළමේවරුද , ජාතිය ගොඩනැගීමේ නිළමේවරුද , අර නිළමේවරුද,මේ නිළමේවරුද මෙකී නොකී හැම ජාතියකම වගේ නිළමේවරු හිටියලු. ගජනායක නිළමේ කෙනෙකුත් හිටියාලු. හැබැයි ඒ නිළමේනම් මහරජතුමාට පොඩ්ඩ්ක් විතර විරුද්ධයිලු. රජ කාලෙ ලෝකෙ හිටපු ලොකූම නිළමේ මණ්ඩලය හිටියෙත් අපේ මහ රජතුමාටලු. සාමුහික වගකීමක් නැත්තෙත් නිළමේ මණ්ඩලය ගොඩාක් ලොකු හින්දනෙ.

ඉතින් අපේ මහරජතුමාට කරුණු කාරණා ටිකක් විතර තේරෙන හන්දා එතුමා කරපු වැඩේ නිළමේ මණ්ඩලයේ අදහස් නොසළකා හැරලා අන්දරේගෙන්ම විමසුවාලු අන්දරේ කියපු පිළිතුරු කවියේ තේරුම.

ඉතින් අන්දරේ කිවුවලු,

"පස්වාන්දහසකට බුදුවන්න මහරජතුමනි. මම ඔබතුමාට අපහාස කරන්න නෙවෙයි ඉබ්බා කියලා කිවුවෙ. ඉබ්බා කියන සතාට බොහොම දීර්ඝ ආයුෂ කාලයක් තියෙනවා. ඉතින් ඔබතුමාට ඉබ්බා කියපු එකෙන් මම වක්‍රාකරව අදහස් කලේ , ආයුබෝ වේවා මහ රජාණෙනි !!!" කියන එක කියලා.

ඉතින් රජතුමාට සතුටු හිතිලා අන්දරේට කවට නිළමේ තනතුර දීලා අන්දරේවත් එතුමාගේ නිළමේ මණ්ඩලයට එකතු කර ගත්තලු.

නිමි.



[ 08 - JUNE - 2009 ]