Sunday, January 3, 2010

බනින්න පෙර සිතා බලනු (එක එක අය කියපු කතා - 02)



මූණු පොතේත් මැතිවරණ උණුසුම හොඳටම ඉහළ නැගලා.මේ දවස් වල අලුතෙන් එකතු වෙන දේවල් වලින් වැඩි හරියක් දේශපාලනීකරණය වෙලා. ප්‍රධාන අපේක්ෂකයන්  දෙන්නාටම සහාය පළ කරන Status Messages, Photoes වගේ දේවල් නිතරම  වගේ බිත්තියට අලුතින් එකතු වෙනවා. ඒවාට දෙගොල්ලොම කරන Comments හින්දා ඇතිවෙන වාද විවාද ගොඩයි. ඒ වාද විවාද අතරෙ මම දැකපු අපූරු දෙයක් මේ. 


SF ට සහයෝගය පළ කරන අපේ යාලුවෙක් ඉන්නවා උපුල් කියලා. එයා පහුගිය දවසක මහින්ද චින්තනයේ (2005 දී නිකුත් කරපු 1 වෙනි මහින්ද චින්තනය) තියෙන ඉටු නොකරපු කරුණු රාශියක් (විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, පාර්ලිමේන්තු ක්‍රමය ශක්තිමත් කිරීම, උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති වගේ දේවල් ගොඩාරියක් ) ෆොටෝස් විදිහට මූණුපොතට එකතු කළා. 


මෙන්න ටික වෙලාවකින් MRට සහයෝගය පළකරන අය මේ ෆොටෝස් වලට දිගට හරහට බැනලා Comments කරනවා. අපිට තේරුනා MR ගෙ කට්ටිය හිතල තියෙන්නෙ මේවා මේ SF ගෙ පොරොන්දු කියල,ඒකයි මේ පලු යන්න බනින්නෙ කියල.ඉතින් අපිත් පූසො වගේ  ඉඳගෙන MRගෙ කට්ටිය ලවාම  මහින්ද චින්තනය ට හොඳටම බන්නවා ගත්තා. :D


MRගෙ කට්ටිය මහින්ද චින්තනය ගැන දක්වපු අදහස් වලින් තෝරාගත් අදහස් කීපයක් මේ.

[M = MR Supporters]
[S  = SF Supporters]

=====
මේවගේ කිසි විශේෂත්වයක් නෑ.ඕවා කියන්නෙ චන්දෙ වෙනකම් විතරයි.මේ වගේ පොරොන්දුනම් සිද්ධාලේප වෙද මහත්තයත් දුන්නා.
=====
S: මේ දේවල් ටිකම MR පොරොන්දු වුනොත් එයාට ඒවා කරන්න පුළුවන්ද? 
M: එයා එහෙම පොරොන්දු දීල නැහැ. දෙන්නෙත් නැහැ 
=====
මේවා මීට වඩා පැහැදිලි කළානම් නරකද?මේවා ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද?කොහොමද දන්නෙ නැහැ මේවා කරන්නේ
=====
දැනට තියෙන කොමිෂන් වලට අමතරව තවත් මේ වගේ ඒවා පත් කරන එක අලි මදිවට හරක් වගේ වැඩක් නේද?
=====
M: SF මේවා කරනවමයි කියන්නෙ කොහොමද ?
S:එතකොට M 100%ක් ෂුවර් එකටම කරනවමයි කියනවද මොනව හරි.
M:කවුරු කොහොම කිවුවත් MR අද වෙනකම් කරනව කියපු හැම දේම කරා.
S:කොහොමද එහෙම කියන්නෙ
M:මහින්ද චින්තනේ කියවල බලන්න එතකොට තේරෙයි
=====
මෙයා හදන්නෙ මෙතනට ජාතිවාදය දාලා මුස්ලිම් අයගෙ චන්ද කඩා ගන්න.
=====
ane machan... u ppl must b talking about SF.... patta joke he is... do u think it is possible to give mati promises as such... who on earth can provide free education to all... they must be talking about education Privatization then..... okatada positive kiyanne.
=====
මෙයා කතා කරන්නෙ හැම දේම ඉබේ පහළ වෙනවා වගේනෙ.ඕවා ඉතින් උපාසක අම්මලවත් විශ්වාස කරන්නෙ නැහැ. ඒ වුනාට උඹලා විශ්වාස කරනවනෙ
=====
දෙයි දෙයි, මේවා දෙයි. බලාගෙනම හිටපල්ලා
=====
S: මේකම MR කිවුවනම් හිනා වෙන්නෙ නැහැ නේද
M: MR මෙහෙම කරන්න බැරි දේවල් කියන්නෙ නැහැනෙ
=====
M: මේවා ටික හොයා ගත්තෙ  COMICS Book එකකින්ද ?
S: මේවා COMICS කියන්නෙ මොන පදනමකින්ද
M: COMICS වලට COMICS නොකියා පදනම් දාල වැඩක් තියෙනවද ?
=====

මේ කියන ෆොටෝ ඇල්බම් එක  මෙතනින් බලන්න. ඕකෙ මහින්ද චින්තනයට බැනල Commentsදාල තියෙන හැම කෙනාම මූණු පොතේදි MR ට සක්‍රීයව සහයෝගය දක්වන අය.සමහර අය හැම විනාඩි 5කට 10කටම සැරයක් විතර මොකක් හරි ෆොටෝ එකක්,ලින්ක් එකක් වගේ දාල ප්‍රචාරණයටත් දායක වෙනවා.


ඉතින් මම මේ කට්ටියගෙන් ඇහුවා මහින්ද චින්තනේ කියවල තියෙනවද කියලා.කට්ටියම කියවලත් තියෙනවලු.පහුගිය දවස්වල කට්ටියම පතුරු යනකම් බැන්නේ මහින්ද චින්තනයට කියලා ඔන්න දැන්වත් දැන ගනිත්වා!  :D



මේක හාස්‍යජනක දෙයක් වුනාට,අපේ රටේ ඡන්දදායකයො කොයිතරම් දුරට ප්‍රතිපත්ති මත පදනම් වෙලා එක්  එක් අපේක්ෂකයන්ට සහයෝගය දක්වනවාද කියල බලන්න මේ ක්‍රමය යොදල හොඳ Research එකක් කරන්නත් පුළුවන් වෙයි.

එක එක අය කියපු කතා - 01



[ 03 - Jan - 2009 ]