Thursday, May 21, 2009
E - කේක් කෑල්ලක් කාල යමුද ?
Wednesday, May 20, 2009
රවුම් 25 යී
Tuesday, May 19, 2009
ප්‍රභාකරන් නිවන් දකිත්වා !!!
Saturday, May 16, 2009
Friday, May 15, 2009
විදෙස් පුවත් වාරණය කරනු !!!
මතකද එක කාලයක් පත්තර වල පිටු පුරා "බලධාරියා විසින් කපන ලදී" කිය කියා තිබ්බා. රජයේ සහ ආරක්ෂක හමුදා වල චිත්ත ධෛර්යයට හානිකර පුවත් තමයි ඒ බලධාරියා කැපුවෙ.
මට හිතෙන්නෙ දැන් ආපහු ප්‍රවෘත්ති වලට නිසි බලධාරියෙක් පත් කරන්න වෙයි වගේ. හැබැයි දේශීය ප්‍රවෘත්ති වලට නෙවෙයි විදෙස් ප්‍රවෘත්ති වලට. බලන්නකො මේ වගේ ප්‍රවෘත්ති රජයේ චිත්ත ධෛර්යයට කොච්චර හානිකරද කියලා.
1. IMF loan for Sri Lanka not appropriate now: Clinton
2. Sri Lanka warned on 'war crimes'
අපේ දේශීය මාධ්‍ය වලට මේ වගේ ප්‍රවෘත්ති දෙන්නෙ CNN,BBC වගේ විදෙස් ප්‍රවෘත්ති සේවා වලින්නෙ. ඒ රටවල් වල සුදු වෑන් නැතුව ඇති. ඒකනෙ ඒවට කිසිම මාධ්‍ය සදාචාරයක් නැත්තෙ.
මේ CNN,BBC වගේ ඒවා අපේ ජාතික රූපවාහිනිය දිහා බලලවත් හැදෙන්නෙ නැති හැටි :(

Wednesday, May 13, 2009
ගෙඹි කුමරා
ඔන්න ඉතින් එංගලන්තයේ ඔටුන්න හිමි චාල්ස් කුමාරයාට මායාකාර ගෙඹි කුමාරයෙක් හම්බ වෙලා. මේ කුමාරවරු දෙන්නම එකතු වෙලා වැසි වනාන්තර රැකගැනීමේ කටයුත්තකට රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් මැදිහත් වෙන්න තීරණය කරලා. මේ තියෙන්නෙ ඒ වෙනුවෙන් නිකුත් කරපු රාජකීය නිල වෙළඳ දැන්වීම. බලන්නකො කුමාරවරු දෙන්න ඉන්න අපූරුව.
චාල්ස් කුමාරයයි ගෙඹි කුමාරයයි විතරක් නෙවෙයි , විලියම් කුමාරයයි හැරී කුමාරයයිත් මේ වීඩියෝ එකේ ඉන්නව. ඒ විතරක් නෙවෙයි ටිබෙට් රටේ ආධ්‍යාත්මික නායක දලයි ලාමා තුමාත් මේ වීඩියෝ එකේ ඉන්නවා. ඒ විතරක්ද තවත් ලෝක ප්‍රසිද්ධ පුද්ගලයො කීප දෙනෙක්ම මේකෙ ඉන්නවා. බලන්නකෝ.
මේ මායාකාර ගෙඹි කුමාරයා ගැනයි [ මායාකාර කියල කිවුවෙ මේ ගෙම්බා Computer Graphic ගෙම්බෙක් හින්දා. සමහර විට MAYA වලින් වෙන්න ඇති හදන්න ඇත්තෙ. හැබැයි මීට වඩා ලොකු ඇත්ත ගෙම්බොත් ඉන්නවා.පෝස්ට් එකේ යටම බලන්නකෝ ] චාල්ස් කුමාරයාගෙ වැසි වනාන්තර සංරක්ෂණ ව්‍යාපෘතිය ගැනයි වැඩි විස්තර දැනගන්න http://www.rainforestsos.org/ වලට යන්න.
හෝව් හෝව්: ඒ වෙබ් අඩවියට යන්න කලින් මේක කියල තියෙන එක හොඳයි. නැත්තන් කට්ටිය බය වෙන්නත් පුලුවන්නෙ. ඒ වෙබ් අඩවියේ උඩින්ම තියෙනවා Counter එකක්. ඒක Hit Counter එකක් නෙවෙයි. හා හා දැන් යන්න ...
[ 13 - MAY - 2009 ]

Thursday, May 7, 2009
කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ
කලකිනි බුදු කෙනෙකුන්..................උපදින්නේ
දුකකිනි මිනිසත් බව ලැබ......................ගන්නේ
මෙදෙකිනි මෙසසර දුක්....................දුරලන්නේ
දුකකිනි මිනිසත් බව ලැබ......................ගන්නේ
මෙදෙකිනි මෙසසර දුක්....................දුරලන්නේ
සුදනෙනි කිම වීරිය.....................නොකරන්නේ
(ලෝවැඩ සඟරාවෙන්)
මහ පොළොව මත පය ගසාගෙන සිටින අසරණ නර පණුවන් වෙත බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව නිරූපනය කරන මේ සිතුවම නිර්මාණය කර තිබෙන්නේ මොටාගෙදර වනිගරත්න ශූරීන් විසින්. (2009 මැයි 03 දින ලක්බිම ඉරිදා සංග්‍රහයෙන් කපාගෙන ස්කෑන් කළෙමි )
සැමටම ප්‍රීති වෙසක් !!!
[ 07 - MAY - 2009 ]Tuesday, May 5, 2009
ගහින් වැටුණු මිනිසාට ඌරා ඇනීම
ලෝක ආර්ථික අර්බුධය නිසා ගහින් වැටුණු තත්වයට පත් වෙලා ඉන්න මිනිස් සතාට ඔන්න ඌරත් ඇනලා. මෑතකදී මතු වෙච්ච උරු උණ භයානක වසංගත තත්වයකට පත් වීමේ හැකියාවක් තියෙන බවයි කියන්නෙ.
මීට කලින් කුරුල්ලොත් මිනිස්සුන්ට කෙටුවනෙ (කුරුලු උණ ) . හැබැයි මේ කියන ඌරු උණ කුරුලු උණට ව්ඩා සෑහෙන්න භයානකයිලු. මේ රෝගය පළවෙනියටම මෙක්සිකෝවෙන් වාර්තා වුනේ අපි අලුත් අවුරුද්ද සමරපු පහුගිය අප්‍රේල්13 වෙනිදා.එදා ඉඳන් තවම මාසයක්වත් ගිහිල්ල නැහැනෙ. ඒ වුනාට මේ ටික කාලෙට ඌරු උණ හින්දා මිනිස්සු 200කට වැඩි ගණනක් මිය ගිහින් කියලයි කියන්නෙ. බෝ වීමේ සීඝ්‍රතාවයත් කුරුලු උණත් එක්ක සංසන්දනය කරාම ඉතාමත් වැඩිලු. මේ වෙනකොටත් රටවල් ගනනාවක පැතිරිලා.
ඌරු මස් කෑවට මේ ලෙඩේ හැදෙන්නෙ නැහැ කියල WHO එකෙන් කියල තිබ්බා. ඌරො ඇති කරන එකලු අවදානම්. කන එක නෙවෙයිලු. කන්න නෙවෙයිනම් ඌරො ඇති කරන්නෙ හුරතලේටද මන්දා.
[ 05 - MAY - 2009 ]
[ 05 - MAY - 2009 ]
නයා x 2
ඔලු දෙකක් තිබ්බාට මෙතන ඉන්නේ දෙපත් නයෙක් නොවේ. වෙන වෙනම නයෝ දෙන්නෙක්ම මෙතන සිටිති. මේ නයෝ දෙන්නාව මම දැක්කේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පශ්චාත් උපාධි ආයතනය ඉදිරිපිට පාරේදීය. [ ඒ පැත්තේ ඇවිදින අය පරිස්සම් විය යුතුය. ඒ මන්ද යත් නයෝ හපනවෝය ] .
වැඩිපුර දකින්න ලැබෙන දර්ශනයක් නොවන නිසා බයෙන් බයෙන් ලඟට ගොස් වීඩියෝ කර ගත්තෙමි.
නයෝ
[ 05 - MAY - 2009 ]
Subscribe to:
Posts (Atom)