Tuesday, June 1, 2010

චෙස් ක්‍රීඩාවේ මාලු-මාලු සටන



චෙස් ක්‍රීඩාව ගැන යන්තමින් හරි දන්න හැමෝම දන්නවා ඇති ඒකෙ ඉන්න අශ්වයො ගැන. චෙස් ක්‍රීඩාවෙදි ශ්‍රීමත් නයිට්වරුන්ව අශ්වයන්ට අන්දලයි තියෙන්නෙ. චෙස් ක්‍රීඩාවේ පූර්වජයා වන චතුරංග ක්‍රීඩාවෙනම් අලියොත් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි මූලික ප්‍රවේශන ශෛලීන් (Openings) රාශියකුත් විවිධ සත්තුන්ගේ නම් වලින් නම් කරලා තියෙනවා ( See here ). මෑත කාලයේදී චෙස් ක්‍රීඩාව ආක්‍රමණය කරපු අලුත්ම සතා තමයි මාලුවා.

එක මාලුවෙක් නෙවෙයි මාලු දෙන්නෙක්ම කරට කර සටනක නිරත වෙලා ඉන්නෙ. මෙයින් එක මාලුවෙක්නම් හරි ගණන්. අනිත් මාලුවනම් නොමිලේ අල්ලා ගන්න පුළුවන්.

දැනට ලෝකයේ තියෙන ප්‍රබලම Chess Engine දෙකම නම් කරල තියෙන්නෙ මාලුවන්ගෙ නම් වලින්. වාණිජ නිෂ්පාදනයක් වන Rybka කාලයක් තිස්සේ ලෝකෙ හොඳම Chess Engine එක ලෙස කිරුළු පැළඳගෙන ඉන්නවා. චෙක් ( Czech Republic ) සහ පෝලන්ත භාෂා දෙකෙන්ම Rybka කියන්නෙ චූටි මාලුවාට. මේ පුංචි මාලුවාත් එක්ක කරට කර සටනක යෙදිලා ඉන්න වේලපු මාලුවා ( StockFish ) තනිකරම FOSS නිෂ්පාදනයක්.  මේ මාලු යාලුවො දෙන්නාගේ තරඟකාරීත්වය ගැන ප්‍රමාණාත්මක සංසන්දනයක් මෙතනින් බලන්න පුළුවන්.

පසුගිය අප්‍රේල් 24 සිට මැයි 11 දක්වා පැවැත්වුණු ලෝක චෙස් ශූරතාවයට සමගාමීව පැවැත්වුණු අන්තර්ජාල සජීව සංවාද මණඩප වලට StockFish Engine එකේ නිර්මාතෘවරයෙක් වන  Joona Kiiski ඇවිත් හිටියා. Chess Engines සඳහා CUDA තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව ගැන මම ඔහුත් සමඟ සංවාදයක් පැවැත්වුවා. ඒ අතරේ මම නිකමට වගේ ඇහුවා ලෝකෙ හොඳම Chess Engines මාලුවො වුණේ ඇයි කියලා.

ඔවුන්ගෙන් සමහරෙකුට ඕනෙ වෙලා තිබිලා තියෙන්නෙ ඔවුන්ගෙ Engine එක Bobby Fischer වෙනුවෙන් නම් කරන්න. Bobby Fischer තමයි පසුගිය සියවසේ වඩාත්ම ආන්දෝලනාත්මක පුවත් මවපු චෙස් ක්‍රීඩකයා. ඒ අතරේ ඔවුන්ගේ ප්‍රධානම ප්‍රතිවාදියා චූටි මාලුවා හින්දා ඒකටත් ඇනුම්පදයක් විදිහට වේලපු මාලුවා Stock-fish කියන නම යොදා ගන්න තීරණය කළා කියලයි ඔහු කිවුවේ. ඔන්න ඔහොමයි මාලුවො චෙස් ලෝකය ආක්‍රමණය කළේ!

[ 01 - Jun - 2010 ]


12 comments:

Hasitha Gunasinghe said...

අදමයි මෙහෙම කතාවක් ඇහුවේ. මකරෝ එහෙම චෙස් බෝඩ් එකේ නැද්ද ?

Chanaka Aruna Munasinghe said...

@ Hasitha

මොකද නැත්තෙ. මේ ඉන්නේ.
One of the sharpest chess opening named as Sicilian-Dragon

http://en.wikipedia.org/wiki/Sicilian_Defence,_Dragon_Variation

Anonymous said...

මම නං කැමති බෙනෝනි. රැජින පැත්තෙන් ඕපන් කරන අයට නේද සිසිලියන් රිප්ලයි එක? දැන් චෙස් ඇදපු කාලයක් මතක නෑ.

ෆිශර් , කියන්නේ අර ජපානෙට වෙල හැන්ගිලා හිටිය ග්‍රෑන්ඩ් මාස්ටර් නේ?? මිනිහ නං වැඩකාරයෙක් නේ. මට ෆිශර් ගේ තරග ගැන පොත් කීපයක් තිබුන, දැන් එකක් වත් නැහැ. ඔක්කොම යාලුවෝ අරන්ගිහින්.

Gayan Tharaka said...

මකරත් දන්න දේවල්!

Chanaka Aruna Munasinghe said...

@ dawkinssdodo

සිසිලියන් පටන් ගන්නෙ
1. e4 c5
වලින්.

2. Nf3 d6
3. d4 cxd
4. Nxd Nf6
5. Nc3 g6

වලින් තමයි Dragon variation එක පටන් ගන්නෙ

බොබි ෆිෂර් CIA එකෙන් බේරෙන්නයි කාලයක් හැංගිලා හිටියෙ.
අන්තිම කාලෙදි එයාට අයිස්ලන්තයේ සම්මාන පුරවැසිකමක් හම්බ වුණා.

පහුගිය සියවසේ විශිෂ්ථතම තරඟය වගේම තරඟාවලියත් ලියවෙන්නෙ බොබි ෆිෂර්ගෙ නමට. මේවා බලන්න

1.The Game of the Century


The Match of the century

Chanaka Aruna Munasinghe said...

@ ගයාන් තාරක

"අපි නොදන්න චෙස්"

අපි නොදන්න චෙස් කියන එකේ තේරුම දන්නෙ නැත්තන් මෙතනින් බලන්න.

http://status-chanaka.blogspot.com/2009/09/blog-post_07.html?showComment=1252310919352#c5562663735464503706

දුකා said...

හැබෑට . . අපි නොදන්න මකර දන්න චෙස් . . . එක පාරක් දෙපාරක් නැති නම් බොහෝම ඉස්සර මූලික නීති විතරක් දැනගෙන කාලේ කන්න කරපු දෙයක් විදිහට මිසක් වෙන මොලෝ දෙයක් නොදනිමි මේ චෙස් ගැන

Chanaka Aruna Munasinghe said...

@ දුකා

විරුල්ටවත් කියල දිය එහෙනම්

SR said...

Onna mama nam ithin traditional gahanne...

Queens gambit thama mage favourite..

Sicilian naraka nea....

Chanaka Aruna Munasinghe said...

@ SR

Everyone has different tastes.
I have never played 1.d4 in a tournament
But occasionally playing c4 & converting it to look like d4 openings.

Thinking to experiment bird in next rapid tournament

Unknown said...

මකරා.. ඒක හරි..මම රයිලොපෙz වලට තමා ආස! ඒත් පොඩි පොඩි එක්ස්පෙරිමන්ට් කරනවා.

Chanaka Aruna Munasinghe said...

@ වැම්පයර්

මට Ruylopez එපා වුනා Marshal Attack පාරක් කාලා

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D