Saturday, July 11, 2015

එකීය රටකට ඇයි නම් 3ක් ?


.
පෘතුවිය ගෝලාකාරය. පෘතුවිය මත පිහිටි අපේ රටට එයට ආවේණික හැඩයක් ඇත. අපේ රට වනාහි ඒකීය රටකි.
.
ඒකීය රටකට ජාතික ගී දෙකක් තිබිය නොහැකිය. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල හා දෙමළ පිටපත් වල ජාතික ගීය සඳහන් වන්නේ ආකාර දෙකකිනි.
.
එහෙම වෙන්න ඉඩ දෙන්නට බැරිය. ජාතික ගී භාෂා කීපයකින් ඇති රටවල් ලෝකයේ ඇත්තේ අත් දෙකේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙනි. එසේ තිබෙන රටවල් අපට ආදර්ශයක් ගත හැකි හරිහමන් රටවල් නොවේ.
.
එහෙම තියෙන එක රටක් දකුණු අප්‍රිකාවයි. ක්‍රිකට් ක්‍රීඩාවෙන් අපට නිතර තර්ජනය කරන 2015 ක්‍රිකට් ලෝක කුසලානයේදී අපව නොකවුට් කළ දකුණු අප්‍රිකාව ආදර්ශයට ගන්නවා තබා ඒ ගැන සිතීමත් ජුගුප්සාජනකය.
.
ස්විස්ටර්ලන්තය භාෂා කීපයකින් ජාතික ගී ඇති තවත් රටකි. ලෝකෙ රසම චොකොලට් තිබෙන රට වුණාට, ලෝකෙ හොඳම ඔරලෝසු හදන රට වුණාට, ලොකෙ වඩාත්ම සුරක්ෂිත බැංකු පද්ධතිය තිබෙන රට වුණාට ස්විස්ටර්ලන්තය අපට මෙලෝ වැඩකට නැති රටකි. ක්‍රිකට් ගසන්නේත් නැත. අඩුම ගානේ අපේ රටට ණයක්වත් දෙන්නේ නැත. උන් ජිනීවා කියා නගරයක් පිහිටුවාගෙන අපට විරුද්ධ කුදු මහත් කටයුතු වල යෙදෙන්නාහ. එහෙව් රටක තිබෙන ක්‍රමයට කිට්ටුවෙන්වත් යන ක්‍රමයක් අපේ රටේ තිබිය යුතු නැත.
.
ජාතික ගීය පමණක් නොව අපේ රටේ නිල නමද මතභේදාත්මකය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව්වේ භාෂා තුනකින් ඇති පිටපත් වල අපේ රටේ නිල නාමය තුන් ආකාරයකින් සඳහන් වේ.
  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
  • இலங்கை ஜனநாயக சமூகவுடமைவாதக் குடியரசு 
  • Democratic Socialist Republic of Sri Lanka
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ භාෂා 3කින් ඇති පිටපත් වල අපේ රටේ නිල නාමය විවිධාකාරයෙන් සඳහන් වෙන්නේ ඔන්න ඔහොමය. එහෙම වෙන්න ඉඩ දෙන්න බෑය. ඒකීය රටකට තිබිය යුත්තේ එකම එකම එක නිල නාමයකි.
.
සිංහල බසින් තිබෙන නිල නාමය පමණක් තබා ගැනීම කළ යුතුය. නිදහස් දින උත්සවවැනි අවස්ථාවක නිවේදන කටයුතු වලදී/නිල මුද්‍රිත ප්‍රකාශන යනාදියේ
.
"ටුඩේ ඉස් ද ඉන්ඩිපෙන්ඩන්ට් ඩේ ඔෆ් ඩිමොක්‍රටික් සෝසලිස්ට් රිපබ්ලික්"
(Today is the independence day of democratic socialist republic of Sri Lanka ) ලෙස භාවිතා නොකර
.
"ටුඩේ ඉස් ද ඉන්ඩිපෙන්ඩන්ට් ඩේ ඔෆ් ශ්‍රී ලංකා ප්‍රජතාන්ත්‍රික සමාජවාදී ජනරජය" (Today is the independence day of Sri Lanka Prajathanthrika Samajawadee Janarajaya ) ලෙස භාවිතා කිරීම සුදුසුය.
.
ජාතික ගීය වැනි සංකීර්ණ දේ වල වියවුල් විසඳන්නට පෙර රටේ නම හරිහමන් විදිහට හදාගෙන සිටිය යුතුය.

රටවැසියනි මේ ඔබේ අවධානය පිණිසයි !!!!

--------------------------------------------------------------
එකම දෙය විවිධ ජනපද වල විවිධ නාමයන්ගෙන් හඳුන්වන විටදී ඒ එක් නාමයක් දැඩිව අල්ලා ගත නොයුතු බවත් ඒ ඒ ලෙසට ව්‍යවහාරයේ ඇති ලෙස භාවිතා කළ යුතු බවත් ලෝක ව්‍යවහාරය නොඉක්මවියයුතු බවත් අරණ විභංග සූත්‍රයේදී බුදුරජණන් වහන්සේ දේශනා කළ සේක.

සූත්‍ර පිටකය -> මජ්‌ඣිම නිකාය -> උපරි පන්නාසකය -> 4. විභඞ්‌ග වර්ගය -> අරණ විභංග සූත්‍රය


[ 11 - Jul - 2015 ]

Thursday, June 25, 2015

ලෝකෙ ලොකුම දූරියන් ගෙඩිය – !!!

දන්නවද?? ලෝකෙ ලොකුම දූරියන් ගෙඩි තියෙන්නෙ සිංගප්පූරුවෙ.මේ දූරියන් කොච්චර ලොකුද කියනවනම් අර එකමත් එක රටක තොවිලයක් නටාපු ලබ්බටත් වඩා මේ දූරියන් ලොකුයි.  දූරියන් ගෙඩි ඔච්චර ලොකුනම් ඒවයෙ ගඳ කොහොම ඇද්ද?  ඒක ඇතුලෙ නටනවා තියා ඒකට කිට්ටු වෙන්නවත් පුළුවන් වෙයිද? වාසනාවකට වගේ මේ දූරියන් ගෙඩි ලොකු වුණාට ගඳනම් නෑ.
.
සිංගප්පූරුවේ “දූරියන් ගෙඩිය” (The Durian) කියන සුරතල් නාමයෙන් හඳුන්වන්නෙ මරිනා බොක්කේ (Marina Bay) තියෙන රංගපීඨ සංකීර්ණය. මේ ගොඩනැගිලි වල වහලය හදල තියෙන්නෙ දූරියන් ගෙඩියක පොත්ත සිහිගන්වන කටු කටු ආකාරයට . මේවා රංගපීඨ හින්දා  මේ දූරියන් ගෙඩි ඇතුලෙ තොවිල් විතරක් නෙවෙයි වෙන වෙන නැටුමුත් නටන්න පුළුවන්.
.
 
මේ තියෙන්නෙ ලෝකෙ ලොකුම දූරියන් ගෙඩි

 කටු කටු වහලය

අර කටින් වතුර  විදින හෙණ ගහපු සිංහයා ඉන්නෙත් මේ කිට්ටුවමයි. කතාවක් තියෙනවා ඒ සිංහයා නොනවත්වාම වමනෙ කරන්නෙ දූරියන් වල ගඳට කියලා.
 
දූරියන් දිහා බලාගෙන වමනෙ දාන සිංහයා

මේ දූරියන් විතරක් නෙවෙයි ඇත්ත දූරියනුත් සිංගප්පූරුවෙ හරිම ප්‍රසිද්ධයි. සිංගප්පූරු ආහාර සංස්කෘතියට දූරියන් කොච්චර බද්ධ වෙලා තියෙනවද කියනවනම් දූරියන් නැති සිංගප්පූරුවක් හරියට අර පරිප්පු නැති හෝටලයක් වගේ වෙයි.   D24,D25 etc… වැනි විවිධ නම් වලින් හඳුන්වන එකිනෙකට වෙනස් රස වලින් යුත් දූරියන් වර්ග රාශියක්ම සිංගප්පූරුවේ තියෙනවා. විශාල ගොඩවල් ගහලා විවිධ වර්ග වල දූරියන් විකුණන තැන් සිංගප්පූරුවෙ හරිම සුලභයි. ඒ තැන් වලම වාඩිවෙලා දූරියන් කන්න මේස පුටු එහෙමත් සකස් කරලා තියෙනවා. සිංගප්පූරු ජාතිකයො පවුල් පිටින් දූරියන් විකුණන තැන්වලට ගිහින් එතනදිම ඒවා රසවිඳිනවා. විකුණන තැන්වලම ඉඳගෙන දූරියන් කන්න පහසුකම් සලස්වා තිබීමට හේතුවක් තියෙනවා. ඒ තමයි පොදු ප්‍රවාහන සේවා වල දූරියන් රැගෙන යාමට ඇති තහනම.
.
 දූරියන් වෙළඳසැලක්

පොදු ප්‍රවාහන සේවා වල දූරියන් ගෙනිච්චොත්
මාසයක් දූරියන් කන මුදල දඩ ගෙවන්න වෙයි
 
ගෙඩි දූරියන් විතරක් නෙවෙයි පැකට් කරපු දූරියන් මදුලු, දූරියන් බිස්කට්, දූරියන් අයිස්ක්‍රීම්, දූරියන් බීම, වේලපු දූරියන්, දූරියන් ජෑම් වගේ දූරියන් ආශ්‍රිත නිෂ්පාදන රාශියක්ම  වෙළඳපොලේ තියෙනවා.  සිංගප්පූරුවට ආවොත් දූරියන් රස විඳින්න වගේම ලෝකෙ ලොකුම දූරියන් ගෙඩි බලන්නත් යන්න අමතක කරන්න එපා.

[ 25 - Jun - 2015 ]

Thursday, June 18, 2015

සර්වසම තුන් නිවුන්නු, එකම මඟක , තුන් ආකාරයකින්


 
එකමත් එක කලක එක්තරා රටක සර්වසම නිවුන්නු තිදෙනෙක් ජීවත් වූහ. එක් දිනක් ඔවුන් තිදෙනා ඉතා දුරු ගමනක් යාමට මඟට පිළිපන්හ.
.
ඔවුන් යා යුතු වූ මාවත පුළුල් එකකි.
.
පළමුවැන්නා ගමන් කළේ මාවතේ දකුණු පැත්තට ආසන්නවය. මාවතේ දකුණු සීමාව ඉතා අලංකාරව තිබිණි. එපස මාර්ගය අයිනේ සිටියෝ බොහෝ විනෝදකාමීහු වූහ. විසිතුරු ඇඳුමින් සැරසුණු සුන්දර කාන්තාවෝ බොහෝ වූහ. රසවත්සහ සුවඳ හමන බොජුන් සහිත ආපන ශාලා බොහොමයක්ද එපස විය.
.
දෙවැන්නා ගමන් කළේ මාවතේ වම් පැත්තට ආසන්නවය. මාවතේ වම්පස බෙහෙවින් අපිරිසිදු විය. දුගඳ හමන කුණුකන්දල් මාවත අයිනේ ගොඩ ගසා තිබුණි. එපස මඟ අයිනේ සිටියෝ වනාහි බොහෝ කලහාකාරී ලෙස හැසිරෙන දරුණු පෙනුමකින් යුක්ත වූවෝ වූහ. 
.
තෙවැන්නා ගමන් කළේ මාර්ගයේ මධ්‍ය රේඛාව සළකුණු කර තිබූ රේඛාව ඔස්සේය. 
.
පළමු වැන්නාට ගමන අතරතුරු නිතරම කුසගිණි දැණුනි. ඔහු නිරතුරුවම රස බොජුන් සහිත ආපන ශාලා වලට ගොඩවිය. මඟ අයිනේ සිටි සුන්දර කාන්තාවන්ගේ වැලඳ ගැනීම් ඉවසීම සඳහාද බොහෝ තැන් වලදී ඔහුට නවතින්නට සිදු විය.
.
දෙවැන්නා නිරතුරුවම ජුගුප්සාජනක ගතියකින් පසුවිය. නිතර අපිරිසිදු වන සිය පාවහන්,ඇඳුම් ආදිය පිරිසිදු කර ගැනීම සඳහා තැන් තැන්වල ඔහුට නවතින්නට සිදු විය. තවත් තැන් වලදී මඟ අයිනෙ සිටියවුන් ඔහුව කලහයට පොළඹවාගැනීම නිසාද ඔහුට නතර වන්නට සිදු විය.
.
තුන් වැන්නාට මාර්ගයේ දකුණු පස හෝ වම්පස සිදුවන දෙවල් වලට අවධානය යොමු කිරීමට තරම් කාලයක් තිබුණේ නැත. මන්දයත් නිරතුරුවම මාර්ගයේ දෙපස මංතීරු වල තමන්ට ඉදිරියෙන් සහ තමන්ට පිටුපසින් එන වාහන වලින් ඔහුට ආරක්ෂා වීමට සිදුව තිබූ බැවිණි.
.
කලක් ගතවිය. මේ වනවිට තුන්වැන්නා ස්වකීය ගමනාන්තයට ගොස් විවේකීව පසු වෙයි. පළමුවැන්නා සහ දෙවැන්නා තවමන් ගමනාන්තය පෙනෙන තෙක්මානයකවත් නැත.

[ 18 - Jun - 2015 ]

Tuesday, June 16, 2015

පූෂෙක් ගැන ආදර්ශමත් කතාවක්


ඔන්න එකමත් එක රටක හිටපු පූසෙකුට පුරු පුරු ගාන්න අදහසක් පහළ වුණා. ඉතින් මේ පූෂා පුටුවක් උඩ හරිබරි ගැහිලා වාඩි වෙලා අල්ලපු ගමටත් ඇහෙන්න හෙණ සද්දෙන් පුරු පුරු ගාන්න පටන් ගත්තා. මෙයා මෙහෙම ගජරාමෙට පුරු පුරු ගගා ඉද්දි ඔය පුරු පුරු නාදය ඇහුණා කාටද දන්නවද ?
....
....
....
අල්ලපු ගමේ හොර පූසිට.
.
පූසි බැලුව අෑ.... කවුද? කවුද? ඒ් පුරු පුරු ගාන්නෙ කියල.හහ් බැලින්නම් අර අල්ලපු ගමේ තඩි පූෂ් ලොක්කා!
.
පූසිට කේන්ති ගිහින් පූස් අධිකරණයෙ පූස් අයිතිවාසිකම් නඩුවක් දැම්මා, තඩි පූෂාගෙ පුරු පුරුවෙන් තමන්ගෙ සුකොමළ නින්දට බාධා වෙනව කියල.
.
පූසා නඩු දවසට කලිංදා නිදාගත්තෙ උදෙං ඇහෙරෙනෝ කියල ටොකු 5ක් ඇනගෙනම ඒත් ?
....
....
                                                                                ....
පූෂා ඇහැරෙද්දි පෂ්ෂ පැත්තට අව්වත් වැටිලලු.
.
පූෂා අත්තනෝමතිකව නඩුවට පෙනී නොසිටි නිසා පූෂාව නැෂ්ටෙන් අල්ලාගෙන එන ලෙස වරෙන්තු නිකුත් වුණාලු.
.
ඔන්න ඕමයි , හොර පූසි නිසා තඩි පූ ගෙ බව්මික අකණ්ඩ තාවය බිඳ වැටුනෙ . ඔවූඌ. ඤාව් ඌ!
.
කතාව නිමි !
.
මේ කතාවෙන් ගන්න පුලුවන් ආදර්ශ මොනවද ?
.
දැනට හඳුනාගෙන තිබෙන ආදර්ශ
.
1.  වැදගත් වැඩකට යන්න කලින් දවසේ රෑවත් අඩුගානේ එලාම් එකක් තියාගන්න ඕනේ කියලා..
 .
2. අසල් වැසියාට ප්‍රේම කරන්න ඕනේ කියලා..
.
3. හිතෙන හිතෙන හම දේම කොරන්න එපා කියල.
.
4. පූසියෙක්ගේ නින්දට කිසිම දවසක බාධා කරන්න එපා කියලා..
.
5. ටොකු 5 ක් ඇනගත්තට උදේ 5ට ඇහැරෙන්න බැහැ කියලා.
.
6. වරදකාර පුසෙක්ට සමාව දෙන්න පූසියක් තියා අධිකරණයක් වත් ලැහැස්ති නැහැ කියලා.
.
7. අනික් අයට කරදර වෙන විදියට පුරු පුරු ගාන්න ඕන පුසෙක් ඉන්නවනම්...ඌගෙ නැට්ට කපල දැමිය යුතු බව...
--- I . අපේ නැට්ට නැති ගරු නගරාධිපති ස්ටබ් පූෂ් මැතිතුමාට නැස්ට නැති වුණේ ඔහොමද දන්නෙ නෑ. ස්ටබ් මැතිතුමා ගැන දනගන්නනම් මේ ලිපිය අරගන්න කියවන්න දැනගන්න ජයගන්න. 
(status-chanaka.blogspot.com/2014/02/blog-post.html)..
--- II. නරි අයිතිවාසිකම් උල්ලංඝනය වන පරිදි කරදරකාරී ලෙස හූඌඌඌ කියමින් හැසිරුණ හා උන්නැහේ කෙනෙක්ගෙ නැෂ්ටනම් නරින් විසින් කපා දැමුණාලු. මෙන්න ඒ කතා පුවත.
(http://status-chanaka.blogspot.com/2012/11/blog-post.html)
.
8. පූසෝ කවුරු කවුරුත් පුරු පුරු ගාන්න පෙර දෙවරක් සිතා බලන එක ඇඟට ගුණ බව ( Aka. ශරීර සෞඛ්‍යයට හිතකර බව).
.
9. පූසා තමන්ගේ ගෙදරට විතරක් ඇහෙන්න පුරු පුරු ගෑ යුතු බව.

10. පස්ස පැත්තට අව්ව වැටෙන තැනක නැතුව මුණට අව්ව වැටෙන තැනක නිදාගන්න ඕන බව. ( මුණට අව්ව වැටුනානම් ඇහැරෙන බැවින්)
.
11. ඉහත 10. පරිදි හැකියාවක් නැතිනම්නැත්තන් පෂ්ෂ උඩ දාගෙන දොයි බබා වෙන්නෙ නැතුව පෂ්ෂ යටට හිටින්න උඩුබැලි අතට දොයි බබා විය යුතු බව. (එවිට අව්ව වැටෙන්නෙ පෂ්ෂට නොව බණ්ඩියට බව කරුණාවෙන් සලකන්න.)
.
12. උත්තල කාචයක් හරහා පෂ්ෂට අව්ව යොමු කළ හැකි ක්‍රමයක් ගැන ශඛ්‍යතා අධ්‍යයනයක් හා පාරිසරික වාර්තාවක් කැඳවිය යුතු බව.
.
13. නිදා ගන්න ඉස්සෙල්ල්ලා විතරක් නෙමෙයි....පුරු පුරු ගාන්න ඉස්සෙල්ලත් පළාතේ ඉන්න හොර පූසියන් ගැන ශඛ්‍යතා අධ්‍යයනයක් කළ යුතු බව.
.
අමතර
A . 13 අසුභ සංඛ්‍යාවක් ලෙස සැළකෙන බැවිත් ඉහත ලැයිස්තුවට ඇතුල් කිරීම සඳහා කතාව තුළින් තව තවත් ආදර්ශ හඳුනා ගත යුතු බව.
.
ලුහුඬු දැන්වීමක්
* ඉහත කතාවේ අවසානය ඛේදාන්තයක් ලෙස නොවී සුඛාන්තයක් වන ලෙස තඩි පූෂා සහ හොර පූෂී අතර I Love You එකක් නිර්මාණය වන පරිදි කතාවේ අවසානය සංස්කරණය කළ හැකි දක්ෂ ලේඛක මහතකු හෝ මහත්මියක් සුප්‍රකට ටෙලිනාට්‍ය නිෂ්පාදකවරයකු විසින් සොයයි. කතාව අවසානය  සංස්කරණය කළ කෙටුම්පතක් සමඟ විමසන්න.
.
ප්‍රභව:
1. https://www.facebook.com/groups/1424625541163441/permalink/1462930467332948/
2. https://www.facebook.com/photo.php?fbid=10153168068522932&set=a.10150512768892932.437808.685407931&type=1
.
[ 16 - Jun - 2015 ]

කැරකෙන රෝදේ





ප්‍රශ්නය : මිනිසා රෝදය භාවිතය ඇරඹුවේ කුමන කාලයේද?
.
පිළිතුරු අංක 1 : රෝදය සොයාගත්ත කාලෙම තමයි
.
පිළිතුරු අංක 2 නෑ. රෝදය සොයාගෙන ටික කාලෙකට පස්සෙලු භාවීතය ඇරඹුවෙ.හොයාගත්තු මුල්ම කාලෙ මේ රවුමෙන් ඇති වැඩක් නෑ කියල පැත්තකට දමල තිබ්බලු.
.
දවසක් ඕක පැත්තකට දමල තිබ්බ තැනින් අරගෙන තවත් පැත්තකට දමන්න යද්දි අත ලිස්සල ගිහින් රෝදය පෙරලි පෙරලි යන්න පටන් ගත්තලු. අන්න එදාලු තේරුම් ගත්තෙ මේ රවුමෙන් යම්කිසි ප්‍රයෝජනයක් තියෙයි කියල.
.
මුලින්ම ගත්තු ප්‍රයෝජනේ තමා රෝදය පෙරලි පෙරලි යන්න සලස්වල විනෝදයක් ලැබීම. ඊට වඩා ඇඩ්වාන්ස්ඩ් ප්‍රයෝජන ගැන අයිඩියාර්ස් පහල වුනේ හවසට හවසට එහෙම රෝද පෙරල පෙරල විනෝද වෙන අතරතුරලු. .
.
උදාහරණයක් විදිහට එකමත් එක දවසක රෝදය පෙරලි පෙරලි යද්දි ඒකත් එක්ක පටලැවිලා අතු කැබැල්ලක් තිබ්බ තැනින් වෙනස් තැනකට ට්‍රාන්ස්පෝට් වුණාලු. අන්න එදා තමා රෝදය ට්‍රාන්ස්පෝට් කටයුතු වලට පාවිච්චි කළ හැකියි කියන අයිඩියාව පහළ වුණේ.
.
රෝදයේ වෙනත් ප්‍රයෝජන ගැන අයිඩියාස් පහළ වෙච්චි ආකාර දන්න/හිතාගන්න පුලුවන් අය ඉන්නවනම් ඒ විස්තරත් කියමු බලන්න ?
.
ප්‍රභවය : https://www.facebook.com/groups/804276106323782/permalink/842692562482136/
.
[ 16 - Jun - 2015 ]

Friday, April 17, 2015

මකරෙකුගේ පිය සටහන්



බ්ලොග් වසන්තය 2015 වෙනුවෙන් අලුතින් මක්කවත් ලියන්න බැයි වුණා. කලින් ලියපු විවිධ ආකාරයේ බ්ලොග් සටහන් කීපයක් සහ ඒවාට ලැබුණු ප්‍රතිචාර එකතු කරලා පුංචි පොත් පිංචක් හැදුවා. රුපියල් 999.00 ක් වටිනා මේ පොත් පිංච බ්ලොග් වසන්තය 2015 වෙනුවෙන් ඔබ සමඟ නොමිලේ බෙදා හදා ගන්න තීරණය කළා.
.
.සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා !!!

https://drive.google.com/file/d/0ByBFH5mADm2udFVFVk9VVHJSd0U/view?usp=sharing

Wednesday, February 11, 2015

හැංගි මුත්තම්

.

හැංගි හූ හූ
ආ වැරදුනා
හැංගි ඤාව් ඤාව්
ඤාව්
 
[ 11 - Feb - 2015 ]