Friday, November 30, 2012

හඳට හාවෙක් ආපු හැටි ( විශ්මලන්ත ජන ප්‍රවාදයක් )


ඔන්න එකමත් එක නලාවක හා උන්නැහේ කෙනෙක් උන්නා. ( ඔව් ඔව් නලාවක තමයි. කැලෑවක නෙවෙයි. මේක ඇවිල්ලා විශ්මලන්තයනෙ ). ඒ හාවට ගවුවක් දිග නැට්ටක් තිබ්බා. ( ඔව් ඔව් ගවුවක් . කිලෝමීටරයක් නෙවෙයි ) .

මේ ඉන්නෙ ඒ හාවා. පේනව නේද නැස්ටෙ දිග :-o


ඔය හාවගෙ නැස්ටෙ අග්ගිස්සෙ හිටියා කිනිතුල්ලෙක් . පේනව නේද කිනිතුල්ලගෙ සයිස් එක.



ඔය කිනිතුල්ලා හැම පැය 23යි විනාඩි 54යි තත්පර 18කටම පාරක් හාවගෙ නැස්ටෙ අග්ගිස්ස හපා කෑවා. ඒ හපා කෑමේ වේදනාව එයින් විනාඩි කීපයකට පස්සෙ අන්වායාම තීර්යක් තරංගයක් ඔස්සේ හාවගෙ මොළේට ගලා ආවා. එහෙම වේදනාව ආපුවම හාවා නලාව දෙක වෙන්න  හූඌඌ කියන්න පටන් ගන්නවා.

මේ තියෙන්නෙ එහෙම වෙච්ච වෙලාවක පැපරාසි පූසෙක් DSLR කැමරා එකකින් ගත්ත ෆොටෝ එකක්.



මේ හා හූවේ අනුවර්තී කාලයේ එක යට අගය නලාවේ ස්වභාවික සංඛ්‍යාතයට ආසන්න වශයෙන් ආසන්න වීම නිසා නලාට සරසුලක් වගේ අනුනාදය වෙවී කම්පා වෙන්න පටන් ගත්තා. ඔය නලාවෙ හිටපු නරියන්ට මේක ලොකු ප්‍රශ්නයක් වුනා. මොකද හූඌඌඌ කීම නරියන්ගේ පරම  ඒකාධිකාරී අයිතියක් නොවැ.

හාවෙක් නරි ඒකාධිකාරයට තර්ජනය වෙන ආකාරයට හූඌඌ කීම ගැන නලාවෙ නායක නරිය බොහොම කෝප වුනා.  නායක නරියා කෝපයෙන් වෙවුලන ආකාරය තමයි මේ දැක්වෙන්නේ.

මේක අර කලින් ෆොටෝ එක ගත්ත පැපරාසි පූසගෙ බාප්ප ගත්ත ෆොටෝ එකක්. ඒක අරන් තියෙන්නෙ DSLR කැමරා එකකින් නෙවෙයි. ඒකයි කොලිටිය අඩු.

මේ නරියම තමයි අර එක පාරක් පොඩ්ඩි කෙල්ලව රැවැට්ටුවෙත් .




නායක නරියගෙ කෝපය ගැන බය වෙච්ච අවශේෂ නරි ටික එකතුවෙලා මේකට විසඳුමක් හොයන්න කියල නරි මහදැනමුත්තට පෙත්සමක් යැවුවා.

මේ ඉන්නෙ නරි මහදැනමුත්තා. උන්නැහැගෙත් ෆොටෝ එකක් දැම්මෙ නැත්තන් උන්නැහැ තරහ වෙයි නොවැ.



"මේක බොහොම සුළු ප්‍රශ්නයක් . වේදනාව තියෙන්නෙ නැට්ටෙ වුණාට හාවගෙ කඳ කොටසනෙ කෑ ගසන්නෙ. එක නිසා ශල්‍යකර්මයක් කරල නැස්ටෙන් හාවගෙ කඳ කොටස එහෙම පිටින්ම කපා ඉවත් කරන්න ඕනෙ." නරි මහදැනමුත්තාගේ නිර්දේශය අනුව නරි උසාවිය නියෝග කළා.

හාවව බලහත්කාරයෙන් අත් අඩංගුවට ගත්තු නරි පොලීසිය හාවව ශල්‍යකර්මයකට භාජනය කළා. නැට්ටෙන් එහෙම පිටින්ම ඉවත් කරපු හාවගෙ කඳ කොටස ප්‍රතිචක්‍රීයකරණය කරන්න නරි මාළිගාවෙ කුස්සියට යැවුණා. නිර්වින්දනය කරල තිබ්බ නැස්ට කොටස ( ඔව් කිනිතුල්ලත් එක්කමයි ) නැවත සිහිය ලැබෙන තුරු කියලා රෝහලේ ඇඳට යැවුනා. 

ඒ ශල්‍යකර්මයේ අවසන් අදියරේදී හා අයිතිවාසිකම් උල්ලංඝනය කෙරුනේ නෑ කියල පෙන්නන්න සාක්ෂියක් හැටියට ගත්තු ෆොටෝ එකක් තමයි මේ.



කොහොම වුණත් මේ වැඩේ වෙච්ච විදිහ අසාධාරණයි කියලයි අවශේෂ හාවන්ගේ කල්පනාව වුනේ. නරි උසාවියකින් හාවෙක් ගැන තීන්දුවක්  දෙන්න බලයක් නෑ කියන එකයි හා පාර්ලිමේන්තුවේ අදහස වුණේ .

හාවන්ගේ විශේෂ නියෝජිත කණ්ඩායමක් මේ අවනඩුව ගැන ඇමරිකාවෙ මහරජතුමාට පෙත්සමක් ඉදිරිපත් කළා.


කොහොම වුණත් වෙච්ච දේ වෙලා ඉවරයිනෙ. ඒක නිසා ඇමරිකාවෙ මහ රජතුමා තීරණය කළා අසාධාරණයට පත් හාවන්ට අනුග්‍රහයක් විදිහට විශේෂ අබ්‍යවකාෂ යානයක් ( ඔව් ඔව් අභ්‍යවකාශ  යානයක් නෙවෙයි ) යවලා හඳ මත හාවාගේ උඩුකය චිත්‍රයක් ප්‍රතිනිර්මාණය කරන්න.

මේන් කොරල තියෙන්නෙ.


ඔන්න ඔහොමයි දුවේ පුතේ හඳට හාවෙක් ගියේ.

කතාව සඳහා අනුග්‍රාහක දායකත්වය:
 හා හා හරි හාවා සහ පුත්‍ර  සමාගම


ප.ලි

1. ජනකතාවෙ හා පාර්ලිමේන්තුවක් ගැන කියවුණාට ඇත්තටමනම් තියෙන්නෙ බකමූණු පාර්ලිමේන්තුවක්ලු

2. ගෑණු ළමයින්ගෙ මූණ හඳට උපමා කරල තියෙනවලු. (සිසිවන වුවන )

[ 30 - NOV - 2012 ]

39 comments:

Buddhi said...

අනේ තව කතාවක් කියන්ඩකෝ.... පුංචි රස කතාවක් හොඳටෝම ඇති... හරියට මංචි මිල්ක් ශෝට් කෙක් වාගේ....

♥ ළිහිණි ♥ said...

අලේ...එතකොට එහෙමලු හාව හඳට ගියේ නේද....හි හි හී

Anonymous said...

// නරි උසාවියකින් හාවෙක් ගැන තීන්දුවක් දෙන්න බලයක් නෑ කියන එකයි හා පාර්ලිමේන්තුවේ අදහස වුණේ//

හීනියට කනේ පාරක් ගහල තියෙන්නේ.

Bindi said...

චෝයි කතාව . ඔය හාවා මෙහෙන් ගිය දුනුවායගේ නෝනාට ආපහු ගෙදර එන්න බෙහෙත් ගුලියක් අඹරනවා කියල මේ ගොල්ල කියන්නේ .

රතීගේ දිනපොත said...

හේහේහහේ ...හුහුහූ ..
දැන් මටත් හඳට යන්න ඕනේ ඔහෑ ඔහෑ....

නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

තිස්ස දොඩන්ගොඩ said...

පිස්සු හැදෙන සඳ
කිනිතුල්ලගෙ වැඩ

SilentSahan said...

අර ශල්‍යකර්මයේ ගැන ඉදිරිපත් කරලා තියෙන ශාක්ෂිය පිළිගන්න බැහැ.යම් ගැටළු සහගත තත්වයක් පෙන්නුම් කරනවා නේද?
මන් කිව්වේ ඒක හා පස්සක් නෙවේ නේද?

priyantha said...

අලී චෝයි කතාවක්.....
පඌඌඌඌ අර හාවා. දැන් හාවා නැතිව නැට්ටට දුක ඇති නේද...

මින් විසිතුරු said...

ඔන්න ඔහොමයිලු උනේ.

ප.ලි. - මකරා සර්. මගේ ටැංකියත් සිකර මණ්ඩියට දාගන්ඩකෝ.

Chanaka Aruna Munasinghe said...

@ බුද්ධි

ඇති ඇති අදට. ආයෙ කතාවක් හෙට. දැන් නිදියන්න.
-----------------------
@ ළිහිණි

එහෙමලු අලේ. හී හී හී
----------------------
@ මිස්ටර් හයිඩ් Mister Hyde

හා පාර්ලිමේන්තුවක් කියල එකක් ඇත්තටම නෑ. තියෙන්නෙ බකමූණු පාර්ලිමේන්තුවක්. See this

http://status-chanaka.blogspot.com/2010/10/blog-post_08.html

Chanaka Aruna Munasinghe said...

@ Bindi

කවුද මේගොල්ලො කීවෙ ? බනී බබාලද ? දුනුවායගෙ කතාව කියන්නකෝ.
--------------
@ රතී,

ඔයාට නැස්ටක් තියෙනවද ? නැස්ටක් තියෙනවනම් ඒක කපන්න ඕනෙ :-p . ඒක තමයි හඳට යන්න සුදුසුකම
--------------
@ තිස්ස දොඩන්ගොඩ

හී හී. පෝය ලං වුනාම තිස්ස අයියට පිස්සූඌඌඌඌ

Indusara said...

ප්‍රතිචක්‍රීකරණය කරපු හාවාගෙ කොටසක් ඇමරිකාවෙ රජ්ජුරුවන්ටත් යන්න ඇති...

Chanaka Aruna Munasinghe said...

@ silentsahan

ඔව් ඔව්. ඒක බූඌඌල් බූඌඌල් පස්සක්. ඒකනේ ඒක ඉදිරිපත් කලේ. ඒක හා පශ්ශක් නොවන එකෙන් පැහැදිලි වෙනවනෙ හා අයිතිවාසිකම් කඩ වෙලා නැති බව
--------------
@ priyantha

හාව නැතුව නැට්ටට සාංකාවලු
--------------
@ මින් විසිතුරු

හී හී. එහෙම තමයි වුනේ. ඔන්න සිකර මණ්ඩියට දා ගත්තා

Bindi said...

කතන්දරේ දිගයි .මෙන්න මේකේ තියෙනවා කියවන්නකෝ . ඔයා කියවන්නත් ඇති . දැන් මතක නැහැ නේ

http://nelumwila.blogspot.com/2011/09/blog-post.html

සිරාගෙ කාමරේ said...

පුංචි කථන්දරයක් අස්සෙ ලොකු කථාවක් කියලා තියෙන අන්දම බොහොම සුන්දරයි...

The Lion said...

මරු ඈ නියමයි ............ :D

duliponline said...

හීං ටොක්කක් ඇනල නේද ??

ප.ලි.
හොද වෙලාවට නරිය නලාවෙ හිටියෙ . . . වැරදිලා හරි නරිය කැලෑවෙ හිටියනං බලන්න තිබුන

නදී said...

පව් ඒ හාවට දැන් දිග නැට්ට නෑ

SilentSahan said...

{ඔව් ඔව්. ඒක බූඌඌල් බූඌඌල් පස්සක්. ඒකනේ ඒක ඉදිරිපත් කලේ. ඒක හා පශ්ශක් නොවන එකෙන් පැහැදිලි වෙනවනෙ හා අයිතිවාසිකම් කඩ වෙලා නැති බව}




හලි හලි මේක නලියෙක් ගැන කතාවක්නේ ..
හාවෙක් ගැන නෙවේනේ ..
මට වැලදුනා..

සසීන්ද්‍ර වීරසිංහ said...

දෙයියෝ සාක්කි..... අපි ඔක්කොම මෙච්චර කාලයක් රැවටිලානෙ ඉඳලා තියෙන්නේ එතකොට. (ඇත්ත එලි කලාට තැංකූ) :D

හිරණ්‍ය said...

:D

නලිනි චන්දිමා said...

ඕඕඕ, චෝයි කතාව. ඔන්න ඔහොමලු හාවා හඳට ගියෙ.

Hasitha Gunasinghe said...

//...ඔය කිනිතුල්ලා හැම පැය 23යි විනාඩි 54යි තත්පර 18කටම පාරක් හාවගෙ නැස්ටෙ අග්ගිස්ස හපා කෑවා...//

…ඔරලෝසුවකුත් තිබිලා ඒ කියන්නේ :P

හිස් අහස said...

කතාව කියෝ කියෝ මම බත් ඔක්කෝම ටික කාලා ..

CHINTHAKA TIKIRIBANDARA said...

මල්ලී බේ..., මීයන්ගෙ ෆොටෝ දාලා හාවො කියලා කියන්න එපා හොදේ...

හා පැටික්කි (MS) said...

:O

Bunny said...

කෝම උනත් හාවට කල වැඩේ අසාදාරණයි! මේ වෙනුවෙන් නැගී සිටින්ඩොන!
කෝ පුටුවක් ගන්න!

Bunny said...

දැන් එතැකොට අර මැක්කට මක්කෙයි උනෙ ?

සිහින said...

අර නැට්ට කපපු හාවගෙ කකුල් දෙකේ දිග...

පැන්ඩා said...

ඒ අර රොහල් ඇද මතට ගිය නැට්ටට මක්කැයි උනේ... පට්ටයි අප්පා... අයි විශ් ඩොක්ටර් විලැඩ් කුඩ් රීඩ් සින්හල දෙන් හී විල් රියලි එන්ජොයි දිස් ස්ටොරි....

Deeps said...

මෙව්වා එකතු කරලා පොතක් ගැහුවා නම් :)

Chanaka Aruna Munasinghe said...

@ Indusara

ප්‍රතිචක්‍රීකරණය කරන්න යවපු හාවා ගැන ජනකතාවෙ සඳහනක් නෑ.
-------------
@ සිරාගෙ කාමරේ

පුන්චි කතන්දරේ අස්සෙ තියෙන ලොකු කතාව අස්සෙ තවත් ඊට වඩා ලොකුම ලොකු කතන්දරයක් තියෙනවා.
-------------
@ The Lion

තැන්කූ ඈ

Chanaka Aruna Munasinghe said...

@ ඕනමැන්ටල්

ඤෑ ටොකු ඇන්නෙ ඤෑ.
ඔව් ඔව් ඔය සීන් එක හින්ද තමා කැලෑවක් නැතුව නලාවක් කියල කියන්නෙ
------------
@ නදී

නෑ නෑ . එහෙම නෙවෙයි. නැට්ටට දැන් හාවෙක් නෑ. පාආආව්
------------
@ සසීන්ද්‍ර වීරසිංහ

පැත්ත ගියත් ඇත්ත කවද හරි හෙළි වෙනව නොවැ

Chanaka Aruna Munasinghe said...

@ හිරණ්‍ය

:-p :-p
-------------
@ නලිනි චන්දිමා

හඳේ ඉන්නෙ නැස්ට නැති හාවෙක්.
-------------
@ Hasitha

ඇයි Biological Clock එක

Chanaka Aruna Munasinghe said...

@ හිස් අහස

එහෙනම් දැන් ජෝ බොන්න.
----------------
@ රතු රජරට

බේ මීයෙක් නෙවෙයි. මෙයා ඇත්තම ඇත්ත හාවෙක්. පෙනෙන්නෙ නැද්ද කන් දෙකේ දිග.
----------------
@ හා පැටික්කි (MS)

හා පැටික්කිගෙත් නැස්ට කපන්න වෙයිද දන්නෙ නෑ.

Chanaka Aruna Munasinghe said...

@ Bunny

පුටුවක් උඩට නැගී සිටියම ඇති වෙයිද ? නැට්ට තවම සිහිය නැතුව ICU එකේ.
--------------
@ සිහින

ඔව් ඔව් නැට්ටෙ දිගට හරි යන්න දිග කන් දෙකකුයි කකුල් දෙකකුයිත් තියෙන්න එපැයි.
--------------
@ පැන්ඩා

නැට්ට තවම සිහිය නැතුව ICU එකේ.
යූ කැන් ට්‍රාන්ස්ලේට් දිස් ෆොර් ඩොක්ටර් ව්ලැඩ් නෙ

Chanaka Aruna Munasinghe said...

@ Deepika Priyadarshani

අන්න වැඩේ. කරන්න ඕනෙ නිකා ඉන්න එකේ

මකුළු පැංචි (මංචි) said...

එතකොට අපට පොඩි කාලෙ කියා දීල තීන්නෙ බොරුවන්ද මකර මාමෙ... :'(

Unknown said...

:D මරු ආ

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D