Thursday, March 15, 2018

සබ්බේ සංඛාරා අනිච්චාති - The Theory of Everything




සක්වල රහස් වෙත නැණ මඟ හෙළි ............. කරන
කල්පිත සියල් එක මිටකට කැටි .................... කරන
තම නැණ බෙලෙන් විශ්වය විනිවිද .............. දකින
බෝසත් ගුණෙන් යුතු හෝකින් පඬි .............. රුවන 


Coincidence ?? 


කළු කුහරවලින් නිරන්තරයෙන් ශක්තිය කාන්දු වන බවද, අවසානයේ ඒවා ශුන්‍ය ස්කන්ධයක් බවට හායනය වී යන බව ද මහාචාර්ය ස්ටීවන් හෝකින් 1974 දී සෛධාන්තික වාදයක් ඉදිරිපත්  කළේය .   මෙම සංසිද්ධිය ‘හෝකින් විකිරණය’ ( Hawking radiation ) නමින් හැඳින්වේ. 

එම සිද්ධාන්තය පිළිබඳව ඔහු මෙසේ කීවේය. “මෙය සෑම දෙයකම සිද්ධාන්තයයි. විශ්වය පරිණාමනය වන්නේ ඉතාම පැහැදිලි නීති කට්ටලටයක් අනුව ය. එමගින් විශ්වයේ උපත, එය පවතින ආකාරය මෙන්ම අවසානයේ විශ්වයට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව ද පැහැදිලි චිත්‍රයක් ලබාදෙයි. මේ සියල්ලට පිළිතුරු දැනගත් විට අප දෙවියන් වහන්සේ ගේ සිත දැනගත්තා වෙයි...”


How to bridge the gap between Modern Science & Religions  ?

වයස අවුරුදු 76 ක් ආයු වැළඳූ අපේ කාලයේ විශිෂ්ටතම භෞතික විද්‍යාඥයා 2018/03/14 දින (Pi day) පෘතුවිය මත ජීවිත සැරිසැරිය නිමා කළේය.  ඔහුගේ ශක්ති ස්කන්ධය විශ්වයේ කුමන ඉසව්වක් කරා ඇදී යන්නට ඇත්ද ?


ඔහුගේ ජීවිත කතාව සිනමාවට නැගුනේ "The Theory of Everything " නමිනි.




" සබ්බේ සංඛාරා අනිච්චාති "

That is the ultimate theory of every thing !!!


[ 14 - Mar - 2018 ]