Friday, December 11, 2009

එකමත් එක රටක හිටිය හා පැටියගෙ කතන්දරේ




මේ ඉන්නෙ අපේ අක්කගෙ දෝණි බබා නවෝදා යි එයාගෙ හා පැටියා හැරී යි. හැබැයි මේ කතන්දරේ මේ හා පැටියා ගැන නම් නෙවෙයි, වෙන හා පැටියෙක් ගැන.

ඔන්න නවෝදා පොඩි කාලෙ එකමත් එක දවසක මම එයාට කතන්දරයක් කියල දෙන්න පටන් ගත්තා.  (එතකොට එයා මේ ෆොටෝ එකේ ඉන්නවාට වඩා චූටියි, මමත් එතකොට දැනට වඩා චූටියි ;-)

"ඔන්න එකමත් එක රටක හාවෙක් හිටියලු"
 

"ලොකු හාවෙක්ද ?"
 

"ඔව් ඔව් ලොකුම ලොකු හාවෙක්"
 

"එපා එපා පොඩි හාවෙක් ගැන කියන්න"
 

"ඒ හාවා කන්නෙ නැතුව ඉඳලා කෙට්ටු වෙලා හිටියෙ"
 (එයා කෑම කන්න හොර වෙනකොට අපි  කියනවා කන්නේ නැතුව හිටියොත් කෙට්ටු වෙලා පොඩි වෙනවා, එතකොට ඉක්මනට ලොකු වෙන්න බැරි වෙයි කියලා.  ) 

"නෑ නෑ පැටියා හාවෙක් ගැන අ... අ.. අ..  :'(  :'(  :'( "  

"ආ හරි, ඒ හාවා පොඩි පැටියා කාලෙ කතන්දරයක් කියන්නද?" 

"හා :D :D :D " 

ඔයින් මෙයින් කියන්න ඕනෙ මොන වගේ හාවෙක් ගැනද කියලා එකඟතාවයකට ආවට පස්සේ මම කියන්න හිටපු  කතන්දරේ කියන්න පටන් ගත්තා. ඒ වෙලාවෙ මගේ හිතේ තිබ්බෙ අර "ලෝකෙ පෙරලෙනවෝ" කියල දුවපු හාවා ගැන කතන්දරේ. ඔය කතාවට ඉතින් ඕනෙ හාවෙක්වා දා ගන්න පුළුන්නෙ. මම ඉතින් හාවා කියල තියෙන තැන් වලට හා පැටියා කියලා ආදේශ කරලා කතන්දරේ කිවුවා. එයත් හොඳට අහගෙන හිටියා.

මෙන්න කතන්දරේ කියලා ඉවර වුනාට පස්සෙ බේරිල්ලක් නෑ. ඒ හාවා ලොකු වෙච්ච හැටියි කන්නෙ නැතුව ඉඳලා කෙට්ටු වෙච්ච හැටියි ගැනත් කියන්නලු. මමත් ඉතින් කිවුවෙ අර කන්නෙ නැතුව ඉඳලා කෙට්ටු වෙච්ච ලොකු හාවගෙම චූටි කාලෙ ගැන කතන්දරයක්නෙ. 

කොහොම හරි අන්තිමට කොහෙවත් හිටපු නැති හා පැටියෙක් ලොකු වෙනකනුයි කන්නෙ නැතුව කෙට්ටු වෙනකනුයි ගැන හිටිවන කතන්දරයක් කියන්න වුනා.

පොඩි අයට කතන්දර කියල දෙන්න යද්දි හරිම පරෙස්සමෙන් !



[ 11 - Dec - 2009 ]


>>>>>> ඉතුරු ටිකත් කියවන්න >

Thursday, November 19, 2009

අනේ මාව හෝදන්න


අපේ ශිෂ්‍ය විවේක කාමරයේ (Graduate Students Lounge) තියෙනවා සුදුපාට ලියන පුවරුවක් (White Board). සාමාන්‍ය සිරිත තමයි කවුරු හරි ඒක පාවිච්චි කළොත් , පාවිච්චි කරලා ඉවර වුනාම ඒකෙ ලියපු දේවල් මකලා යන එක.

ඔන්න පහුගිය දවසක උදේ යනකොට කවුදෝ මන්දා බෝඩ් එක පිරෙන්නම මොනවාදෝ ලියලා ගිහින් . මකලා යන්න අමතක වුනාද , එහෙමත් නැත්තන් කාට හරි ඕනෙ වෙන දෙයක් හින්දා මකන්නෙ නැතුව තිබ්බාද දන්නෙ නැති හින්දා මම ඒක මකන්නෙ නැතුව ඒ විදිහටම තියෙන්න ඇරියා. හවස බලනකොට කවුදෝ ඒ ටික ඔක්කොම මකලා, බෝඩ් එකේ කොනකින් "Please Keep me Clean"කියලත් ලියල තිබ්බා. මටත් ඉතින් නිකං ඉන්න බැරුවට ඒකට යටින් සිංහලෙන් ලිවුවා "අනේ මාව හෝදන්න" කියලා.

මෙන්න බලන්න පහුවෙනිදා වෙනකොට වෙලා තිබ්බ වැඩේ..






[ 19 - Nov - 2009 ]


>>>>>> ඉතුරු ටිකත් කියවන්න >

Tuesday, November 17, 2009

ස්වයංඝාතක ප්‍රහාරයක් ??




උපුටා ගැනීම . ලංකාදීප 15/11/2009

[ 17 - Nov - 2009 ]


>>>>>> ඉතුරු ටිකත් කියවන්න >

Saturday, November 7, 2009

පනින්න පෙර සිතා බලනු !!!




නුඹේ චූටි බළල් අතින්
අනුන්ට කොස් ඇට බාන්න
වට පිට බලලා බලලා
බළලා මල්ලෙන් එලියට
පනීවිදෝ!!!

 
අහසෙ මාළිගා හදන්න
උඩ පැන්නොත් බිම වැටේවි
කොළඹ කොටුවෙ දුම් රිය පොළෙ
ගිණි ගානට ඩොලර් වලට
නුඹේ මසුත් අලෙවි වේවි!!!


ඤාව් ඤාව් ඤාව් <(~_~)>


[ 08 - NOV - 2009 ]


>>>>>> ඉතුරු ටිකත් කියවන්න >

Tuesday, October 27, 2009

අම්බරුවා යනු ?


 

අම්බරුවා යනු හරකාට ආදරයට කියන තවත් නමකි. පුන්නක්කු යනු අම්බරුවන්ගේ කෑමකි.

මැතිවරණ ප්‍රතිඵල වලින් ද වහුපැටව් මෙන්ම ගොන්නු ද ලංකාවේ බහුලව වෙසෙන බව පෙනී ගියේ ය. ඒ නිසා ආණ්ඩුව පරිප්පු සීනි ගෑස් මිල වැඩි කොට පුන්නක්කු හා පිදුරු මිල අඩු කළෝය.  
(Copied from Ranes comment here) 

ශ්‍රී ලංකා කුමාරයා (Prince Sri Lanka) ලියා තියෙන "මාධ්‍ය කරුවන්ගේ විහිළු" නමැති සටහන අම්බරුවන් පිළිබඳව මතකය යළිත් අවදි කර ඇත්තාහ.


කුමාරයාණෙනි ඔබතුමා  රජතුමාගේ බේබිතුමා වන බැවින් ඔබතුමා ප්‍රකාශයක් කරන්නේනම් වගකීමෙන් යුතුව කළ යුතු බව බය පක්ෂපාත සහිතව මතක් කර සිටිමි.

සෞඛ්‍ය සේවය වල පල්ලට යැවූ පහුගිය කාලය කොයි  කාලය දැයි මට නොහැඟේ? 2002 ට පෙර සිටියේ ෆවුසි ඇමති තුමාය. 2002 - 2004 කාලයේ සිටියෙ පී දයාරත්න ඇමති තුමාය. මේ ඇමති තුමන්ලා දෙදෙනාම දැන් නිළමේ තුමන්ලාය. ජනතාව අම්බරුවන් යැයි සිතන මුන් යනු කවුරුදැයි පැහැදිළි කර දෙත්වා. 

ආයුබෝ වේවා කුමාරයාණෙනි!!!


පසු සටහන:

අම්බරුවා කියන්නේ කමත් භාෂාවෙන් මී හරකාට කියන වචනයකි. සාමාන්‍ය හරකුන්ට සාමාන්‍යයෙන් අම්බරුවා කියන්නේ නැත. එහෙත් ජනතාවට ආදරේට හරකා කියනවානම් හරකාට ආදරේට අම්බරුවා කීමේ වරදක් නැත.


[ 27 - Oct - 2009 ]


>>>>>> ඉතුරු ටිකත් කියවන්න >

Wednesday, October 14, 2009

මෙවැනි නිරිඳෝ වෙන කොයින්දා




[ 14 - Oct - 2009 ]


>>>>>> ඉතුරු ටිකත් කියවන්න >

Saturday, October 10, 2009

සියට අසූව (80%)




මෙච්චර කල් 80% ගැන කතාවල් ඇහුනේ ඉස්කෝල වල සහ විශ්ව විද්‍යාල වල. 80% නැත්තන් විභාග වලට පෙනී සිටින්න බැහැ. ඔන්න දැන් දේශපාලනේදිත් 80% කතාවල් ඇහෙනවා ( 10% කතා ඇහුනේ ඉස්සර ) . හැබැයි 80% ගත්තෙ නැත්තන් එහෙම ගත්තෙ නැති අයට ඉදිරි මැතිවරණ වලදි නාමයෝජනා නැති වෙයිද ? එහෙමත් නැත්තන් 80% දුන්නෙ නැත්තන් එහෙම දුන්නෙ නැති අයට ඉදිරි මැතිවරණ වලදි ඡන්දය පාවිච්චි කිරීමේ ප්‍රජා අයිතිය නැති වෙයිද කියලනම් හරියටම දන්නෙ නැහැ.

විශ්ව විද්‍යාල වලදිනම් 80% පවත්වාගෙන යන්න අමාරුනම කරන වැඩේ තමයි කාට හරි කියල හොර අත්සනක් ගහ ගන්න එක. ඒත් නිදහස් හා සාධාරණ මැතිවරණ වලදි ?????

මගේ පරණ ලිපියක්, මේකත් කියවන්න

---- > මැතිවරණ , විභාග සහ XXX ( මෙතනින් රිංගන්න )

[ 11 - Oct - 2009 ]


>>>>>> ඉතුරු ටිකත් කියවන්න >