Friday, December 25, 2009

එක එක අය කියපු කතා

මේ දවස්වල හැම දෙනාම වගේ කතා වෙන්න ජනාධිපතිවරණය ගැන.මේ තියෙන්න ඒ ගැන එක එක අය කියපු කතා



එක්කෙනෙක් "පළමුවත් දෙවනුවත් තෙවනුවත් මවුබිම". ඒ කියන්නෙ රටට තුනයි , හතර වෙනියට තමයි හොරා කන්නෙ. අනිත් කෙනා "මට පෙර රට". ඒ කියන්නෙ රටට එකයි ඊලඟට මට. එතකොට කවුද වැඩියෙන් හොඳ ?


---------------------------------------------

"තාරුණ්‍යයට හෙටක්". ඒකත් අර බාලගිරි අද නෙවෙයි හෙට වගේද?

---------------------------------------------

"දෙවෙනි මෙහෙයුම", අපොයි එක මෙහෙයුමක් ඉවර වෙනකල් මෙච්චර කල් පටි තද කරගෙන හිටියා. තවත් එකක් පටන් ගත්තද? 


---------------------------------------------


SF = Swine Flue


---------------------------------------------


ජනාධිපති අපේක්ෂකයන්ගේ ඇඳුම සුදෝ සුදු කරවන රෙදි සෝදන කුඩු වර්ගය මොකක්ද?


---------------------------------------------


පිටි මිල අඩු කළේ අපිට කන්න නෙවෙයි. පෝස්ටර් අලවන්න පාප්ප හදන්න ඕනෙ හින්දා


---------------------------------------------


වැඩිපුරම සංවේදී කවුද කියලා දැනගන්නනම් දෙන්නවම කොනිත්තලා බලන්න වෙයි කවුද වැඩිම  සද්දෙන් ඌයි කියන්නෙ කියලා.


---------------------------------------------


A: සිරස සුපර් ස්ටාර් වලටත් පොදු අපේක්ෂකයෙක්ව දාන්න ඕනෙ
B: ඇයි  O/L වලට පොදු විභාග අපේක්ෂකයෙක් ? 
C: ඇයි පොදු විවාහ අපේක්ෂකයෙක් වෙන එකත් මරු වැඩේ


---------------------------------------------


මට ඔය පොදු අපේක්ෂක කම දුන්නානම් මම භාර ගන්නෙත් නෑ ප්‍රතිෂේප කරන්නෙත් නෑ.


---------------------------------------------


Generals Should contest for General Elections
Presidential Elections are for Presidents


---------------------------------------------


මහ රජතුමාගේ අපේක්ෂාව කුමක්ද?
සක්විති රජ වීම (සක්විති රණසිංහ ගැනයි මේ කියන්නේ)


---------------------------------------------


"දරු දැරියන්ගේ අපේක්ෂාව කුමක්ද?"

A: ටොෆී, චොකලට්, අයිස්ක්‍රීම්, සෙල්ලම් බඩු
B:දරුවන්ගේ අපේක්ෂාවනම් දැරියක්. දැරියන්ගේ අපේක්ෂාව දැරියකගෙන්ම අහන්න ඕනෙ.
C:දරුවන් පොඩි කාලෙ අපේක්ෂා කරන්නෙ කාර්, දැරියොනම් බෝනික්කො හැබැයි ලොකු වුනාම දරුවො බෝනික්කො, දැරියො කාර්


---------------------------------------------

ලංකාවෙ මැතිවරණ හරීම නිදහස් හා සාධාරණයි

ලෝකෙ වංචනිකම මැතිවරණය ගැන මෙතනින් කියවන්න

[ 25 - Dec - 2009 ]

Friday, December 11, 2009

එකමත් එක රටක හිටිය හා පැටියගෙ කතන්දරේ



මේ ඉන්නෙ අපේ අක්කගෙ දෝණි බබා නවෝදා යි එයාගෙ හා පැටියා හැරී යි. හැබැයි මේ කතන්දරේ මේ හා පැටියා ගැන නම් නෙවෙයි, වෙන හා පැටියෙක් ගැන.

ඔන්න නවෝදා පොඩි කාලෙ එකමත් එක දවසක මම එයාට කතන්දරයක් කියල දෙන්න පටන් ගත්තා.  (එතකොට එයා මේ ෆොටෝ එකේ ඉන්නවාට වඩා චූටියි, මමත් එතකොට දැනට වඩා චූටියි ;-)

"ඔන්න එකමත් එක රටක හාවෙක් හිටියලු"
 
"ලොකු හාවෙක්ද ?"
 
"ඔව් ඔව් ලොකුම ලොකු හාවෙක්"
 
"එපා එපා පොඩි හාවෙක් ගැන කියන්න"
 
"ඒ හාවා කන්නෙ නැතුව ඉඳලා කෙට්ටු වෙලා හිටියෙ"
 (එයා කෑම කන්න හොර වෙනකොට අපි  කියනවා කන්නේ නැතුව හිටියොත් කෙට්ටු වෙලා පොඩි වෙනවා, එතකොට ඉක්මනට ලොකු වෙන්න බැරි වෙයි කියලා.  ) 

"නෑ නෑ පැටියා හාවෙක් ගැන අ... අ.. අ..  :'(  :'(  :'( "  

"ආ හරි, ඒ හාවා පොඩි පැටියා කාලෙ කතන්දරයක් කියන්නද?" 

"හා :D :D :D "

ඔයින් මෙයින් කියන්න ඕනෙ මොන වගේ හාවෙක් ගැනද කියලා එකඟතාවයකට ආවට පස්සේ මම කියන්න හිටපු  කතන්දරේ කියන්න පටන් ගත්තා. ඒ වෙලාවෙ මගේ හිතේ තිබ්බෙ අර "ලෝකෙ පෙරලෙනවෝ" කියල දුවපු හාවා ගැන කතන්දරේ. ඔය කතාවට ඉතින් ඕනෙ හාවෙක්වා දා ගන්න පුළුන්නෙ. මම ඉතින් හාවා කියල තියෙන තැන් වලට හා පැටියා කියලා ආදේශ කරලා කතන්දරේ කිවුවා. එයත් හොඳට අහගෙන හිටියා.

මෙන්න කතන්දරේ කියලා ඉවර වුනාට පස්සෙ බේරිල්ලක් නෑ. ඒ හාවා ලොකු වෙච්ච හැටියි කන්නෙ නැතුව ඉඳලා කෙට්ටු වෙච්ච හැටියි ගැනත් කියන්නලු. මමත් ඉතින් කිවුවෙ අර කන්නෙ නැතුව ඉඳලා කෙට්ටු වෙච්ච ලොකු හාවගෙම චූටි කාලෙ ගැන කතන්දරයක්නෙ. 

කොහොම හරි අන්තිමට කොහෙවත් හිටපු නැති හා පැටියෙක් ලොකු වෙනකනුයි කන්නෙ නැතුව කෙට්ටු වෙනකනුයි ගැන හිටිවන කතන්දරයක් කියන්න වුනා.

පොඩි අයට කතන්දර කියල දෙන්න යද්දි හරිම පරෙස්සමෙන් !


[ 11 - Dec - 2009 ]

Thursday, November 19, 2009

අනේ මාව හෝදන්න


අපේ ශිෂ්‍ය විවේක කාමරයේ (Graduate Students Lounge) තියෙනවා සුදුපාට ලියන පුවරුවක් (White Board). සාමාන්‍ය සිරිත තමයි කවුරු හරි ඒක පාවිච්චි කළොත් , පාවිච්චි කරලා ඉවර වුනාම ඒකෙ ලියපු දේවල් මකලා යන එක.

ඔන්න පහුගිය දවසක උදේ යනකොට කවුදෝ මන්දා බෝඩ් එක පිරෙන්නම මොනවාදෝ ලියලා ගිහින් . මකලා යන්න අමතක වුනාද , එහෙමත් නැත්තන් කාට හරි ඕනෙ වෙන දෙයක් හින්දා මකන්නෙ නැතුව තිබ්බාද දන්නෙ නැති හින්දා මම ඒක මකන්නෙ නැතුව ඒ විදිහටම තියෙන්න ඇරියා. හවස බලනකොට කවුදෝ ඒ ටික ඔක්කොම මකලා, බෝඩ් එකේ කොනකින් "Please Keep me Clean"කියලත් ලියල තිබ්බා. මටත් ඉතින් නිකං ඉන්න බැරුවට ඒකට යටින් සිංහලෙන් ලිවුවා "අනේ මාව හෝදන්න" කියලා.

මෙන්න බලන්න පහුවෙනිදා වෙනකොට වෙලා තිබ්බ වැඩේ..



[ 19 - Nov - 2009 ]

Tuesday, November 17, 2009

ස්වයංඝාතක ප්‍රහාරයක් ??



උපුටා ගැනීම . ලංකාදීප 15/11/2009

[ 17 - Nov - 2009 ]

Saturday, November 7, 2009

පනින්න පෙර සිතා බලනු !!!



නුඹේ චූටි බළල් අතින්
අනුන්ට කොස් ඇට බාන්න
වට පිට බලලා බලලා
බළලා මල්ලෙන් එලියට
පනීවිදෝ!!!
 
අහසෙ මාළිගා හදන්න
උඩ පැන්නොත් බිම වැටේවි
කොළඹ කොටුවෙ දුම් රිය පොළෙ
ගිණි ගානට ඩොලර් වලට
නුඹේ මසුත් අලෙවි වේවි!!!

ඤාව් ඤාව් ඤාව් <(~_~)>;


[ 08 - NOV - 2009 ]

Tuesday, October 27, 2009

අම්බරුවා යනු ?


 

අම්බරුවා යනු හරකාට ආදරයට කියන තවත් නමකි. පුන්නක්කු යනු අම්බරුවන්ගේ කෑමකි.

මැතිවරණ ප්‍රතිඵල වලින් ද වහුපැටව් මෙන්ම ගොන්නු ද ලංකාවේ බහුලව වෙසෙන බව පෙනී ගියේ ය. ඒ නිසා ආණ්ඩුව පරිප්පු සීනි ගෑස් මිල වැඩි කොට පුන්නක්කු හා පිදුරු මිල අඩු කළෝය.  
(Copied from Ranes comment here) 

ශ්‍රී ලංකා කුමාරයා (Prince Sri Lanka) ලියා තියෙන "මාධ්‍ය කරුවන්ගේ විහිළු" නමැති සටහන අම්බරුවන් පිළිබඳව මතකය යළිත් අවදි කර ඇත්තාහ.
කුමාරයාණෙනි ඔබතුමා  රජතුමාගේ බේබිතුමා වන බැවින් ඔබතුමා ප්‍රකාශයක් කරන්නේනම් වගකීමෙන් යුතුව කළ යුතු බව බය පක්ෂපාත සහිතව මතක් කර සිටිමි.

සෞඛ්‍ය සේවය වල පල්ලට යැවූ පහුගිය කාලය කොයි  කාලය දැයි මට නොහැඟේ? 2002 ට පෙර සිටියේ ෆවුසි ඇමති තුමාය. 2002 - 2004 කාලයේ සිටියෙ පී දයාරත්න ඇමති තුමාය. මේ ඇමති තුමන්ලා දෙදෙනාම දැන් නිළමේ තුමන්ලාය. ජනතාව අම්බරුවන් යැයි සිතන මුන් යනු කවුරුදැයි පැහැදිළි කර දෙත්වා. 

ආයුබෝ වේවා කුමාරයාණෙනි!!!


පසු සටහන:

අම්බරුවා කියන්නේ කමත් භාෂාවෙන් මී හරකාට කියන වචනයකි. සාමාන්‍ය හරකුන්ට සාමාන්‍යයෙන් අම්බරුවා කියන්නේ නැත. එහෙත් ජනතාවට ආදරේට හරකා කියනවානම් හරකාට ආදරේට අම්බරුවා කීමේ වරදක් නැත.

[ 27 - Oct - 2009 ]

Wednesday, October 14, 2009

Saturday, October 10, 2009

සියට අසූව (80%)



මෙච්චර කල් 80% ගැන කතාවල් ඇහුනේ ඉස්කෝල වල සහ විශ්ව විද්‍යාල වල. 80% නැත්තන් විභාග වලට පෙනී සිටින්න බැහැ. ඔන්න දැන් දේශපාලනේදිත් 80% කතාවල් ඇහෙනවා ( 10% කතා ඇහුනේ ඉස්සර ) . හැබැයි 80% ගත්තෙ නැත්තන් එහෙම ගත්තෙ නැති අයට ඉදිරි මැතිවරණ වලදි නාමයෝජනා නැති වෙයිද ? එහෙමත් නැත්තන් 80% දුන්නෙ නැත්තන් එහෙම දුන්නෙ නැති අයට ඉදිරි මැතිවරණ වලදි ඡන්දය පාවිච්චි කිරීමේ ප්‍රජා අයිතිය නැති වෙයිද කියලනම් හරියටම දන්නෙ නැහැ.

විශ්ව විද්‍යාල වලදිනම් 80% පවත්වාගෙන යන්න අමාරුනම කරන වැඩේ තමයි කාට හරි කියල හොර අත්සනක් ගහ ගන්න එක. ඒත් නිදහස් හා සාධාරණ මැතිවරණ වලදි ?????

මගේ පරණ ලිපියක්, මේකත් කියවන්න

---- &gt; මැතිවරණ , විභාග සහ XXX ( මෙතනින් රිංගන්න )

[ 11 - Oct - 2009 ]

Thursday, October 8, 2009

අරුම පුදුම ගුණකිරීම


මේ ලෝකෙ අපි නොදන්න , නොහිතන විදිහේ අරුම පුදුම දේවල් කොච්චරනම් ඇත්ද. මේ මට අහම්බෙන් හම්බවුනු වීඩියෝ  එකක්. මේකෙ තියෙන අසාමාන්‍ය ගුණකිරීමේ ක්‍රමය මමත් සාර්ථකව අත්හදා බැලුවා. පෑනකුයි කොලේකුයි අරගෙන උත්සාහ කරල බලන්න. හරි වැරදි බලාගන්න කැල්කියුලේටරයක් ලඟ තිබුණත් කමක් නෑ.


මේ ක්‍රමයට කියන නම නම් මම දන්නේ නැහැ. චීන ගණිත ක්‍රමයක් බවයි සඳහන් වුනේ. වැඩි විස්තර දන්නවානම් කියන්න 

පසු සටහනක්:

ඇත්තටම මේකෙ ඇති පුදුමෙකුත් නැහැ. අපි සාමාන්‍යයෙන් දන්න ගුණ කිරීමම තමයි මෙතනත් තියෙන්නෙ.ඒ බව පෙන්වා දීපු අසිත බණ්ඩාරනායක සර්ට ස්තුතියි.  ඉරි කෑලියි බෝලයි එක්ක දැක්කම එකපාරටම හිතුනෙ නිකන් මැජික් එකක් වගේ කියලයි. 

[ 08 - Oct - 2009 ]

Sunday, October 4, 2009

ප්‍රජාතන්ත්‍ර විරෝධී Linux



GNU/Linux කොච්චර හොඳ Operating System එකක් වුනත් පරිගණක ජාල වල සම්පත් භාවිතයේදීනම් හැසිරෙන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී විදිහට. ඒකට හේතුව තමයි Linux වල භාවිතා කරන TCP ප්‍රභේදය.

TCP කියන සර්ව නාමය පාවිච්චි කළාට TCP වල විවිධ ප්‍රභේද තියෙනවා. දැනට විවිධ TCP ප්‍රභේද 800කට වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන තියෙන බවයි අන්තර්ජාලකරණය පිළිබඳ සාහිත්‍යයේ සඳහන් වෙන්නෙ. මේවා අතරින් මෑත කාලයේදී Linux වල පෙරනිමියෙන්(by default) භාවිතා වෙන්නෙ BIC (Kernel version 2.6.8 සිට 2.6.18 දක්වා) හා CUBIC (Kernel version 2.6.19 සිට ඉහළට) කියන TCP ප්‍රභේද දෙක.

TCP දත්ත ප්‍රවාහ දෙකක් (එකම ප්‍රභේදයේ හෝ වෙනස් ප්‍රභේද වල) එකම ජාල සම්බන්ධතාවය හරහා දත්ත යවද්දි සිදුවිය යුත්තේ ජාල සම්බන්ධතාවයේ කලාප පළල (Bandwidth එක)  50% - 50% ලෙස හෝ ඊට ආසන්න ලෙස  දෙකට බෙදාගෙන පාවිච්චි කිරීම (50% - 50 % කියන සර්ව සාධාරණ බෙදිල්ල ප්‍රයෝගිකව ලබාගත නොහැකියි) . හැබැයි මෙ බෙදා හදා ගැනිල්ලෙදි BIC TCP බොහොම අසාධාරණ විදිහට කලාප පළලෙන් ඉතා ඉහළ ප්‍රතිශතයක්  අත්පත් කර ගන්නවා. BIC තරමටම  අසාධාරණ නොවුනත් CUBIC TCP ත් අනෙකුත් ප්‍රධාන TCP වර්ග සමග තරඟ කරද්දී අත්පත් කරගන්න  කලාප පළල 50% ට වඩා වැඩියි . පහළ තියෙන පින්තූරය බලන්න.

විවිධ TCP වර්ග වල සාපේක්ෂ කලාප පළල අත්පත්කර ගැනීම්
(Figure taken from Reference no 1)

අසාධාරණ විදිහට කලාප පළල උදුරා ගන්නවා මදිවට BIC &amp; CUBIC තවත් කට්ට කෛරාටික වැඩක් කරනවා. 

ජාලයේ තියෙන්නෙ එක  TCP ප්‍රවාහයක්(Stream) විතරයිනම්  ඒක ජාල සම්බන්ධතාවයේ සම්පූර්ණ කලාප පළලම පාවිච්චියට ගත්තාට කමක් නැහැ (100% ම නෙවෙයි ). හැබැයි එහෙම පාවිච්චි කර කර ඉඳිද්දි තවත් TCP ප්‍රවාහයක් ඒ ජාලය තුළම පටන් ගත්තොත් අර කලින් එක එයාගේ කලාප පළල භාවිතය හැකි ඉක්මනින් තිබුනායින් 1/2කට අඩු කරලා අලුත් කෙනාටත් ඉඩකඩ ලබා දිය යුතුයි. මේකට කියන්නේ අභිසරණය (Convergence) කියලා.

BIC, CUBIC දෙකම මේ අභිසරණයේදී ඉතාම ප්‍රමාදයි. බෑ බෑ කිය කියා හෙමීට හෙමීට තමයි අභිසරණය වෙන්නෙ. එහෙම වෙලත් 50% ට නෙවෙයි අන්තිමටම අභිසරණය වෙන්නෙ. ඉතින් එහෙම වෙනකොට පෙරහැරේ වැඩි හරියක් ගිහිලා ඉවරයි කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ.  ඉතින් ජාලයේ BIC, CUBIC  වර්ග වල TCP සම්බන්ධතාවයක් කලින් පටන් අරන් තිබුණොත් දෙවෙනියට එන අසරණයාට හුලං. දෙවෙනියට එන කෙනාත් BIC, CUBIC වර්ගයේම වුනත් එයාටත් ඒ සැළකිල්ලම  තමයි.  හැබැයි දෙවෙනියා වෙනත් වර්ගයක කෙනෙක්නම් තත්වය වඩාත් දරුණුයි. අපායට ගියත් කලිං යන්න කියන්නෙ ඕකනෙ!!! 

Linux වල BIC &amp; CUBIC වල තත්වෙ ඔහොම වෙද්දි Microsoft එකේ බිල් මාමාගේ TCP එක තමයි දැනට තියෙන හොඳම සහ වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී TCP වර්ගය විදිහට පිළිගැනෙන්නේ. බිල් මාමගෙ TCP එකේ නම CTCP (Compound TCP). [ බිල් මාමගෙයි කියල කිවුවට ඒකෙ නිෂ්පාදන ගෞරවය ලැබිය යුත්තේ Microsoft සමාගමේ ආසියානු පර්යේෂණ කණ්ඩායමට ].  මේ CTCP කියන එක පළවෙනියටම Windows Vista වලදි පෙරනිමියෙන් හඳුන්වා දුන්නා. දැන්නම් XP වගේ බිල් මාමගෙ පරණ පෙට්ටි වලටත් CTCP පැලැස්තර (patches) ඇවිත් තියෙන්නෙ. 

Linux වල කරන්න වැඩ ඕනෙ තරම්නෙ. ඒක හින්දා ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න කැමති ඕනෙම කෙනෙකුට Linux වලදිත් CTCP පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි CTCP එක බිල් මාමගෙ හින්දා වල CTCP පෙරනිමියෙන් හඳුන්වා දෙන්නනම් ලැජ්ජයි වගේ ඇති.

ඔබ ප්‍රජාතන්ත්‍ර විරෝධීනම් අන්තර්ජාලයට දත්ත මුදා හරිද්දී(uploading)  Linux පාවිච්චි කරන්න . ඔබ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන Linux පරිශීලකයෙක්නම් බිල් මාමගෙ CTCP එක ගැන පොඩ්ඩක් සළකලා බලන්න. මමනම්  දාගෙන ඉන්නෙ BIC. මම ඉතින් අධිරාජයනෙ ;-). මම ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නෙ අහවල් එකකටද ? 

වැඩි දුර විස්තර දැන ගන්න කැමති අය පල්ලෙහායින් References  යටතේ දාල තියෙන  පර්යේෂණ පත්‍රිකා අරගෙන කියවන්න.

References 

[1] .  Kashif Munir, Michael Welzl and Dragana Damjanovic -   "Linux beats Windows or the Worrying Evolution of TCP in Common Operating Systems"  {download link}

[2].  Stephen Hemminger - "TCP testing – Preventing global Internet warming" {download link}

[ 04 - Oct - 2009 ]

Tuesday, September 29, 2009

බුලට් රීලෝඩ්


 (නොමිලේ ප්‍රචාරය කරන ලදී)

අනර්කලී නංගිත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න කැමතියි කියලා මුතුහෙට්ටිගම අයියා කිවුවලු (මෙතන බලන්න). මේ අයියල නංගිල කට්ටිය මැතිවරණෙ දවසට මනාප 50  50 මිටි පිටින් රී-ලෝඩ් දා ගනියිද දන්නෙ නැහැ.

[ 30 - Sep - 2009 ]

Monday, September 28, 2009

හැකියාවට රැකියාවක්



ළඟදීම කැබිනට් සංශෝධනයක් සිදු වෙන්නට නියමිතයි කියල අරෙහෙන් මෙහෙන් ඇහෙනවා. විදේශ ඇමති කමට අලුත් මූණක් ගේනවාත්ලු. කවුද දන්නෙ නැහැ අලුත් කෙනා. 

මට නිකමට හිතෙනවා KP අංකල්වත්දෝ? හෝ? කියලා. මොනවා වුනත් හොඳ විදේශ සම්බන්ධතා ජාලයක් තියෙන මනුස්සයෙක්ලුනෙ. ඔච්චර බෑ බෑ කියද්දිම මැලේසියාවෙ ඉඳන් බලෙන්ම එක්කරගෙන ආවෙ හැකියාවට රැකියාවක් දෙන්නද කවුද දන්නෙ ?

ශක්‍රයාගෙ පුතා වයිමා ආවත් ,
සුදුස්සාට සුදුසු තැන ලැබීම නවත්තන්න බැරිලු !!
[ 28 - Sep - 2009 ]

Thursday, September 24, 2009

සෙන්තොස (Sentosa) දී දැකපු සත්තු


සෙන්තොස කියන්නෙ සිංගප්පූරුවෙ සංචාරකයො ආකර්ශනය කරන ප්‍රධානම තැන් වලින් එකක්. අපිට Semester එක මැදදි හම්බ වෙච්ච සතියක නිවාඩුවෙදි අපි සෙන්තොස ගියා. මේ ඉන්නෙ එහේ හිටපු / තිබ්බ සත්තු කිහිප දෙනෙක්.

 
සිංගප්පූරුවෙ ලොකුම Merlion. පේනවා නේද දත් ? 
මේ ඔලුව ගලවගෙන ආවනම්
සීගිරියෙ කකුල් දෙකට නියමෙට ගැලපෙයි.
(සංස්කෘතික කටයුතු ඇමති තුමනි, මේ ඔබේ අවධානය පිණිසයි

මැටි හරකෙක්. 
මෙහේ ඇත්ත හරක් නැතුව ඇති මම හිතන්නෙ

4D Cinema එකේදි,
මේ වගේ මකුළුවො ඇඟ දිගේ නගින එකනම් හරිම හයානකයි

 
පනින රිලවුන්ට පාලමුත් බැඳලා.
ලංකාවෙ රිලවු මෙහේ අයට වඩා ගොඩාක් ලස්සනයි

 
 මැඩගස්කර පිඹුරෙක්.
මෙයා මට උම්මා දෙන්නත් හැදුවා

 මේ මාලුවාගෙ ඔලුව අලියෙක්ගෙ වගේ නේද ? 
( කන් දෙකකුත් තිබ්බනම් )

යෝධ කකුලුවෙක්

ඩොල්ෆින් නඟාලා ටිකනම් හරිම හුරතල්

 
 මකරු ගින්දර පිඹින්නෙ මෙහෙමයි


තව ෆෝටෝ තියෙනවා, මෙතනින් බලන්න

[ 24 - Sep - 2009 ]


Monday, September 21, 2009

ජනාධිපති සීයා


:: ජනාධිපති සීයා ::

මේ සිද්ධිය වෙලා තියෙන්නෙ මම චූටිම චූටි කාලෙ . ඒ කිවුවෙ 1988 දි . එතකොට මට වයස අවුරුදු 4යි. ඉතින් මේ කියන දේ වුනා කියලා මටනම් මතක නැහැ. හැබැයි අපේ ගෙදර අය මේ කතාව රස කර කර කියනවා සමහර වෙලාවට.

දැන් අපිට ඉන්නෙ රජ මාමා කෙනෙක් වුනාට, ඒ දවස් වල හිටියෙ ජනාධිපති සීයා කෙනෙක්. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට මම ඒ දවස් වල කියලා තියෙන්නෙ ජනාධිපති සීයා කියලලු.  ජනාධිපති සීයට මම ගොඩාක් ආදරෙයිත්ලු. ජනාධිපති සීයට කවුරු හරි මොනව හරි කිවුවොත් මට හොඳටම තරහත් යනවලු. මම කුරුටු බලි ඇඳලා ජනාධිපති සීයට යවපු ලියුමකට  ස්තුති කරලා  එතුමාගේ අත්සන සහිතව එවපු කාඩ් එකකුත් අපේ ගෙදර තියෙනවා.

ඉතින් එදා අපේ ගෙදර අයට මගෙන් බේරිලා වෙන මොකක් හරි වැඩක් කරගන්න ඕනෙ වෙලා තියෙන්න ඇති , මට සෙල්ලම් කර කර ඉන්න සෙල්ලම් බඩු ටිකකුත් ලඟට දීලා අහ අහා ඉන්න කියලා රේඩියෝ එකත් දාල දීල මාව කාමරේක තියල තිබ්බලු. 

මෙන්න ටික වෙලාවකින් මම අඬාගෙන ආවලු එලියට "ජනාධිපති සීයා මැරිලාආආආ... " කියාගෙන. කවුද පුතාට කිවුවෙ කියලා අහපුවම අඬ අඬා කිවුවලු "රේඩියෝ එකේ කිවුවා ,ජනාධිපති සීයා ප්ලේන් එකේ යද්දි බෝම්බ ගහල මැරිලා" කියලා . ඉතින් මම අඬපු ඇඬිල්ලෙ හැටියට ගෙදර අයට හිතිලා තියෙනවා මේකනම් බොරුවක්නම් වෙන්න බෑ කියලා. ඉතින් කට්ටිය කර කර හිටපු වැඩෙත් නවත්තලා රේඩියෝ එක වටේට වට වෙලා මොකද වෙලා තියෙන්නෙ කියලා බලන්න.

බලනකොට කතාව ඇත්තලු. පකිස්ථාන ජනාධිපති ජනරාල් සියා උල් හක් (Zia-Ul-Haq) ගමන් කරපු ගුවන් යානයේ බෝම්බයක් පුපුරලා. රේඩියෝ එකේ ප්‍රවෘත්ති සිරස්තල වලට කියල තියෙන්නෙ "ගුවන් යානා බෝම්බ ප්‍රහාරයකින් ජනාධිපති සියා මරණයට පත් වෙයි" කියලා. ඉතින් මම පොඩි එකාට සෙල්ලම් කර කර ඉන්න අතරෙ ඕක ඇහිලා තියෙන්නෙ ජනාධිපති සීයා කියලා. මම සීයා සීයා කියලා කිවුවට රේඩියෝ එකේ ප්‍රවෘත්ති වලදිත් ජනාධිපති තුමාට ජනාධිපති සීයා කියල කියන්නෙ නැහැයි කියලා මට තේරුමක් තියෙන්නත් නැතුව ඇති .

 :: ජනාධිපති සියා ::
             
කොහොමින් කොහොමින් හරි අන්තිමට, මැරිල තියෙන්නෙ ලංකාවෙ ජනාධිපති සීයා නෙවෙයි වෙන රටක ජනාධිපති සීයා කෙනෙක් කියල කියල තමයි මාව නලවගෙන තියෙන්නෙ .

[ 22 - Sep - 2009 ]


Thursday, September 17, 2009

දුප්පත් අපගේ බයිසිකලේ

 

යනවානම් අනේ මං අරන්.........
යන තැනකට යන්න රත්තරන්....
ගෙදර ගිහින් තණකොළත් කපන්
අපි දෙන්නා කමුකො රත්තරන්...
 
හිනා වෙන්න එපා. සමහර  මිනිස්සුන්ට කන්න තණකොළවත් නැහැලු.

[ 17 - Sept - 2009 ]

Sunday, September 13, 2009

යුෂ්මතා,මම සහ Pen Drives (3 in Oneනම් කතා)



1 වෙනි කතාව

මේක අපි විශ්ව විද්‍යාලයට ගියපු අලුතම වෙච්ච දෙයක්. ඒ කාලෙ අද වගේ තාක්ෂණය දියුණු නැහැනෙ. අරෙහෙ මෙහේ DATA උස්සගෙන යන්න අපි හැමෝම වගේ ගාවෙ තිබ්බෙ හම ගියපු Floppy Disks 2ක් 3ක්. ඔය අතරේ අපේ එක යාලුවෙකුට කොහෙන්දො මන්දා පිටරටක නෑදෑයෙක්ගෙන් Pen Drive එකක් තෑගි හම්බ වෙලා. 128MB ද කොහෙදෝ. ඉතින් 1.44MB වලට කොටු වෙලා හිටපු අපිට ඕක නිකන් මැජික් වගේ. ඉතින් අපි සෙට් එකම ගියා මේ අලුත් ගැජට් එකේ මැජික් බලන්න. ආ ආ අමතක වුනා අපේ මේ යාලුවගෙ නම නොකියා කතන්දරේ විතරක් කියන එක හොඳ නැහැනේ. අපේ මේ යාලුවගෙ නම ඩන්ස්ටන්.

ඉතින් අපි ගියා ඩන්ස්ටන්ට අලුතින්ම හම්බ වෙච්ච Pen Drive එක බලන්න. ඒක හොඳ ලස්සන තෑගි ඔතන කොලේකින් එහෙම ඔතලා "A gift to Dunston" කියලා එහෙමත් ගහල තිබ්බා. ඉතින් අපේ ඩන්ස්ටන් එයගෙ තෑග්ග උණු උණුවෙම පැකිං කඩලා, එයාට තෑග්ගත් එක්ක හම්බ වෙලා තිබ්බ ලියුමෙ තිබ්බ උපදෙස් අනුව Pen එක Computer එකකට ගැහුවා(LAB එකකදි). USB Devices port එකට ගහන්න පුළුවන් එක පැත්තකට හරවල විතරයි කියලා තේරුම් ගන්නත් සෑහෙන වෙලාවක් ගියා ඉතිං.

ඒක නෙවෙයි වැඩේ මෙන්න එක ගහපුවම ඒකෙ Volume Label එක කිංස්ටන් කියලා පෙන්නනවා. අපේ යාලුවට පොඩ්ඩක් විතර අප්සට්. මොකද එයගෙ නම ඩන්ස්ටන්නෙ. එයාගෙ නෑයා එයාට කියල එවල තිබ්බෙ Pen එකේ Warranty එක ගෙ නමට අරන් දුන්නා කියලා. ඉතින් අපිත් හිතුවෙ මේ Volume Label එක Warranty එකට සම්බන්ධ මොකක් හරි එකක් කියලා. එයා කිවුවා එයගෙ නෑදෑයට වැරදිලා වෙන්න ඇති නම පොඩ්ඩක් වැරදියට දාලා, පස්සෙ කතා කරලා බලන්න ඕනෙ කියලා. හැබැයි ඉතින් ඒක Brand Name එක කියලා චුට්ට වෙලාවකින්ම අපිට අහු වුනා. ගැජට් එක ඉස්සෙල්ලා බලල ඉවර වෙලානෙ ඒකෙ පැකිං, මැනුවල් එහෙම බලන්නෙ :D


Volume Label එක වෙනස් කරන එක මහ වැඩක් නෙවෙයි කියලා පස්සෙ ඉගෙන ගත්තා. ඒ වුනාට Volume Label එක මාරු නොකරපු කිංස්ටන් Pen එකක් දැක්කාම අපේ ඩන්ස්ටන් එදා අප්සෙට් ගහපු අප්සෙට් ගැහිල්ල තවමත් මතක් වෙනවා.

~!~!~!~!~!~!~!~!~!~!~!~!~!~!~!~!~
!~!~

2 වෙනි කතාව

මේක මම කොහෙදිදො අහපු කතාවක්, කවුද කිවුවෙ කියලා මතක නැහැ.

උසාවියෙදි නඩුකාර හාමුදුරුවො මුස්ලිම් ජාතික විත්තිකාරයෙක්ගෙන් ඇහුවලු
"යුෂ්මතා වැරදිකරුද නිවැරදිකරුද ? " කියලා.

එතකොට විත්ති කාරය කිවුවලු,
"ෂනේ ෂනේ මම යුෂ්මතා නෙවෙයි , මම මුස්තෆා , යේකනෙ මම මේ රාලාආමිලාටත් කිවුවා මම යේක කලේ නෑ කියලා. කෝ ඇවුවෙ නෑනෙ. ෂරි ෂරි, යේක දෙන් කමක් නෑ, දෙන්වත් මේ රාලාආමිලට කියන්නකෝ මාව යවලා යුෂ්මතාව අල්ලලා කූඩුවට දාන්න කියලා " .

~!~!~!~!~!~!~!~!~!~!~!~!~!~!~!~!~!~!~

3 වෙනි කතාව

පළවෙනි කතා දෙකම අනුන්ගෙ නම් ගැනනෙ. මේ කතාව මගේ නම ගැන. මම මෙහෙට ආපු අලුතම එක චීන ළමයෙක් දවසක් මට "හලෝ චා" කිවුවා. ඉතින් එයත් එක්ක ටිකක් කතා කරනකොටත් එයා දිගටම මට කියන්නෙ චා චා කියල. එයගෙ යාලුවෙකුට මාව අඳුන්වල දුන්නෙත් චා කියලා. ඉතින් මට නිකං මොකක්දෝ වගේ වැඩිය අඳුරන්නෙත් නැති කෙනෙක් එහෙම චා චා කියල කතා කරන කොට.

ඉතින් මම කිවුවා මට චාණක කියන්න කියලා. පස්සෙ තමයි තේරුනේ, එයා හිතලා තියෙන්නෙ Chanaka කියන්නෙ මගෙ සම්පූර්ණ නම කියලා. එයා මගේ මුල් නම චීන ක්‍රමේට අකුරු තුනේ හතරේ කෑලි 2කට කඩලා චා නකා (CHA Naka ) කියලා. තව දෙයක්, චීන නම් වල වාසගම( පවුලේ නම ) ලියන්නෙ මුලටමලු(ඉංග්‍රීසියෙන් ලියනකොට ඔක්කොම කැපිටල් අකුරු වලින්ලු ලියන්නෙ) . පෞද්ගලික නම ලියන්නෙ දෙවෙනියටලු. ඉතින් කෙනෙක්ට සාමන්‍යයෙන් පෞද්ගලික නමෙන් කතා කරන්නෙ නැල්ලු හොඳටම යාලු වෙනකම්.ඒකලු මට නකා නොකියා චා කිවුවෙ :D

ඉතින් එයා මගේ සම්පූර්ණ නම අහල පුදුමත් වුනා.හැබැයි මගෙ නමෙ තියෙන්නෙ කෑලි 3 යි. ලංකාවෙ තියෙන කෑලි 15, 16 නමක් දැක්කොත් එයාට මොනවා හිතෙයිද මන්දා.

පස්සෙ මට හිතුනා හැම චීන නමටම එකම නම තියෙන 4ක් 5ක් වත් අඩුම තරමෙන් ඉන්න ඕනෙ කියලා. පොඩ්ඩක් හිතලා බලන්නකෝ චීන ජනගහනයයි , ඉංග්‍රීසි අකුරු 2,3,4 වලින් හදන්න පුලුවන් උපරිම සංයෝජන ගාණයි.

චීන නම් ගැන කියන කොට මතක් වුනේ, මට ලඟදි ඊමේල් එකක් ආවා, අපේ එක එක නිළමෙලට චීන විදිහට කියන නම් සෙට් එක (උදා: ආපදා කළමනාකරණ =&gt;Sun Bun , තැපැල් =&gt; Lium kium , කෘෂිකර්ම =&gt; Wawan Kan, ආරක්ෂක =&gt; Sune Sun, පශු සම්පත් =&gt; Gon Kang ..... වගේ සෙට් එකක්)

~!~!~!~!~!~!~!~!~!~!~!~!~!~!~!~!~!~!~

ඉතින් ඔයගොල්ලොත් නම් ගැන කතා දන්නවනම් කියන්නකො බලන්න..


[ 13 - Sept - 2009 ]

Saturday, September 12, 2009

වයඹ හොල්මන්

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මෙම සටහනේ අන්තර්ගතය ගැන නිවැරදි කිරීමක් සටහන අවසානයේ ඇත. මුලින්ම ලියූ ලිපිය ඒ ආකාරයෙන්ම තබා ඇත.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~



ෂර්ලොක් හෝම්ස්ට ලංකාවෙදි කෙළවෙච්ච හැටි ටික කාලෙකට කලින් ලොකු මල්ලි ලියල තිබ්බා ( මෙතනින් කියවන්න ) . ලොකු මල්ලි කියන විදිහට සූර වීර ෂර්ලොක් හෝල්ම්ස්ට ගේම දුන්නේ අපේ චන්දන මෙන්ඩිස් අංකල්. ඔන්න චන්දන මෙන්ඩිස් අංකල්ටත් දිට්ඨ දම්ම වේදනීය කර්මය පල දීල. චන්දන අංකල්ටත් වඩා සූර වීරයෙක් වයඹ පළාතෙන් පහළ වෙලා .

"මම දැන් හෙළුව රැකගෙන බස්වහර සකසමි" කියන මාතෘකාව යටතේ ලියලා තියෙන බ්ලොග් සටහනක් වයඹ විත්ති වල තිබුණා දැක්කා (මෙතනින් කියවන්න). කියවලා බැලුවම ඒක (පළවෙනි වාක්‍යයෙන් පස්සෙ ඉතුරු ටික ) අපේ චන්දන මෙන්ඩිස් අංකල්ගෙ "නරලොව හොල්මන්" කතා මාලවෙ කතාවක සම්පූර්ණ ෆොටෝ කොපියක් . පොත් අංක 1 ද? 2 ද? 3ද ? කියලනම් මතක නැහැ.

ඉතින් මම ඊයෙ ඕක දැකලා කොමෙන්ට් එකක් දැම්මා "චන්දන මෙන්ඩිස් අංකල්ගේ නරලොව හොල්මන් වලින් උපුටා ගත්තා කියලත් පෝස්ට් එකේ සඳහන් කළානම් නේද හොඳ ?" කියලා. මෙන්න අද උදේ බලනකොට ඒ කොමෙන්ට් එක අතුරුදහන්.

පවූවූවූ නේද අර වයසක චන්දන අංකල් ????

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
නිවැරදි කිරීමක් :

සමා වෙන්න ලොකූ පටලැවිල්ලක් වුනා. නරලොව හොල්මන් ලිවුවෙ චන්ද්‍රා අනගිරත්න අංකල් . මටත් පොඩ්ඩක් හොල්මං , ගල්පොතට ස්තූතියි නිවැරදි කතුවරයාව මතක් කරලා දුන්නාට. මම ඔය පොත් සෙට් එක කියෙවුවෙ ගොඩාක් කාලෙකට කලින්. මම ඔය අංකල්ලා දෙන්නගෙම පොත් කියවල තියෙනවා ඒකයි කතුවරයාව පැටලුනේ.

ඒත් චන්ද්‍රා අංකලුත් වුනත් පවු නේද ?


[ 12 - Sept - 2009 ]

Monday, September 7, 2009

අපි නොදන්න බෝලිං




"අපි නොදන්න චෙස් " කියලා සමහරු කට කහනවට කියනවා අහලා ඇති නේද ? "අපි නොදන්න චෙස් " කියන එකෙන් ගම්‍ය වෙන අදහසනම් මම දන්නේ නැහැ. මම චෙස් දන්නවා . ඒ වුනාට මම බෝලිං නම් දැනගෙන හිටියෙ නැහැ.

අපේ විශ්ව විද්‍යාලයේ චෙස් කණ්ඩායම පහුගිය සෙනසුරාදා විනෝද චාරිකාවක් ගියා. ඒ චාරිකාවෙ එක අංගයක් තමයි බෝලිං සෙල්ලම් කිරිල්ල. එතන හිටපු අනිත් හැම දෙනාම මීට කලින් බෝලිං සෙල්ලම් කරලා තිබ්බ අය. මම ඒ සෙල්ලම යන්තම් උඩින් පල්ලෙන් TV එකේ දැකලා විතරමමයි.

කොහොම හරි ඉතින් බෝලෙ රෝල් කරන විදිහ අහගෙන මමත් බෝලිං සෙල්ලම් කරන්න පටන් ගත්තා. පළවෙනි වටයේ උත්සාහයන් දෙකේදිම ලකුණු 0 යි. කමක් නැහැ පළවෙනිම පළවෙනි පාරනෙ කියල හිත හදාගෙන දෙවෙනි වටයේදිත් උත්සාහ කළා. ඒ පාරත් ප්‍රතිපලය 0 යි. තුන්වෙනි වටයේදිත් කොච්චර උත්සාහ කළත් බෝලෙ ගියේ කැලේට. වට 3ක් ඉවර වෙලා අනිත් අය ලකුණු ගොඩාක් අරන් තියෙද්දි මම 0යි හින්දා ටිකක් විතර ලැජ්ජත් හිතුනා. නොදන්න බෝලිං වලට ගියේ මොන මෝඩ කමටද කියලත් හිතුනා.




හතරවෙනි වටයේ පළවෙනි උත්සාහයේදිත් ප්‍රතිපලය 0යි . බෝලෙ කැලේ. හැබැයි දෙවෙනි උත්සාහය යන්තම් හරි ගිහින් බෝලෙ ඉලක්කෙට වැදුනා. ඔන්න එතකොට තමයි මට තේරුනේ සෙල්ලම.

පස්වෙනි වටයේදී මම STRIKE එකක් ගත්තා. (පොලු 10 ම පළවෙනි පාරෙන් වැට්ටවීම ) දක්ෂ කමනම් නෙවෙයි වාසනාව. බින්දු 3 කින් පටන් ගත්ත මම කොහොම හරි අන්තිමට 3 වෙනියාත් වුනා. මාවන් අතපත්තුගෙ ටෙස්ට් ක්‍රිකට් ආරම්භයත් ටිකක් විතර ඒ වගේ නේද ?

මේ තියෙන්න ලකුණු පුවරුව.
අන්තිම පේලියෙ මුලටම තියෙන්න මගේ 0 හැට්ට්‍රික් එක





මේ බෝලෙ 11 lbs බරයි . ලේසි වැඩක්නම් නෙවෙයි.
අන්තිමට මගේ ඇඟිලි වලට හොඳ ගනන්.
ඒකයි මේ බ්ලොග් පෝස්ට් එක ඊයෙ ලියන්නෙ නැතුව අද ලියන්න වුනේ ;-)



[ 07 - Sept - 2009 ]


පෑනද ? තුවක්කුවද ?





තුවක්කුවට වඩා පෑන බලවත් බව යළිත් ඔප්පු වී තිබේ !!!

තුවක්කු භාවිතා කිරිම නොසළකා හැරිය හැකි සුළු දෙයක් ලෙස තක්සේරු වී ඇති අතරපෑන් භාවිතා කිරීම වසර 20ක් සිරගත කළ යුතු තරම් බරපතල දෙයක් ලෙස තක්සේරු කර ඇත
!!!

තුවක්කු භාවිතා කිරිම නොසළකා හැර තිබෙනවා පමණක් නොව ඉන් ඔබ්බටද ගොස් තිබේ..


යුධ ජයග්‍රහණයේ ගෞරවය කරුණා අම්මාන්ට ලබා දීම , ජනරාල් සරත් ෆොන්සේකා ඇතුළු රණවිරුවන්ට කළ බරපතල අපහාසයක් බව මගේ හැඟීමයි.


News Sources:

1. කරුණා අම්මාන්ට ජාතික වීර පට්ටමක් (Read here)
2. තිස්සනයගම් සිරගෙදරට (Read here) &amp; (here)

[ 07 - Sept - 2009 ]

Friday, August 28, 2009

ලේක් හවුස් මුල් පිටුවට මොබිටෙල් උපහාර




පොලීසිය තමන්ගෙ වැරදි වහගන්න වෑන්වල බෝම්බ අටවනකොට ලේක් හවුස් එකත් නිකන් ඉඳලා නැහැ වගේ. දැන්වීම් වල බෝම්බ හයි කරලාලු. පහුගිය කාලෙ UCSC එකේ ෆොටෝ එඩිට් කරපු කෙනා දැන් ඉන්නෙ ලේක් හවුස් එකේද දන්නෙ නැහැ.

මොනවා වුනත් බඩ අල්ලාගෙන හිනානම් වුනා
. වැඩි විස්තර ලංකා ඊ නිවුස් වලින් බලන්න.

1. මොබිටෙල් ස්මාට් සමඟ ක්ලේමෝ , ග්‍රෙනේඩ්, T56 තෑගි දිනා ගන්න.
[
මෙතනින් කියවන්න]

2. දිනමිණ මුල් පිටුවේම බෝම්බ ඇටෙවුවේ කවුද ?
[
මෙතනින් කියවන්න]


[ 29 - Aug - 2009 ]


Wednesday, August 26, 2009

නවකවධය == ත්‍රස්තවාදය


චමිතගේ "සරසවිය, මම සහ අපි" යනුවෙන් නම් කර තිබූ බ්ලොග් සටහනට පළවූ 135ක් වූ ප්‍රතිචාර අධ්‍යයනය කිරීමෙන් පසු මෙම සටහන ලිවීමට සිත් විය.



කාලයක් තිස්සෙ ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැපිරූ LTTE කොටියන්ගේ සහ සරසවි වල ත්‍රස්තවාදය වපුරන වැලයන් (නවක වධයට විරුද්ධ අය අලයන් ලෙස හැඳින්වේ ) අතර සමානකම්.

1.
උතුර සහ නැගෙනහිර සම්පූර්ණ අයිතිය තමන්ගේ බව කොටියන් කී අතර , විශ්වවිද්‍යාල වල පරම අයිතිවාසිකම තමන්ගේම පමණක් බව වැලයෝ පවසති.

2.
දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා තමන් බව කොටියන් කී අතර , විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවගේ එකම නියෝජිතයා තමන් බව වැලයෝ පවසති.

3.
කොටියන්ගේ ඉහත සඳහන් මතවාද වලට විරුද්ධ වූවන් බියවැද්දීම, පහරදීම, මරණතර්ජන හා ඝාතනය කිරීම වැනි ක්‍රම වලින් මර්ධනය කිරීමට කොටියන් ක්‍රියා කළ අතර වැලයන්ගේ මතවාද වලට විරුද්ධ පිරිස් මර්ධනය කිරීමට වැලයෝද ඒ හා සමාන උපක්‍රම භාවිතා කරති. ( ඝාතන හැර ).

4.
දෙමළ ඊළම පරාජය කළ නොහැකි බවත් එසේ කිරීම සිහිනයක් පමණක් බවත් කොටියන් කී අතර, විශ්වවිද්‍යාල වලින් නවකවධය තුරන් කිරීම කෙසේවත් කළ නොහැකි දෙයක් බවත් එය සිහිනයක් පමණක් බවත් වැලයෝ පවසති.


[ 27 - Aug - 2009 ]