Saturday, November 29, 2008

සරසවිය, හිටපු ත්‍රස්තවාදය සහ ජනමාධ්‍ය.


මගේ "ජනතා විමුක්ති පෙරමුණත් හිටපු ත්‍රස්තවාදියෝද?" කියන බ්ලොග් පෝස්ට් එකට මෙන්න මේ වගේ comment එකක් තිබ්බා තව comments ගොඩාරියකුත් තිබ්බා. ඒවා මෙතනින් බලන්න.


මේ ඒක ගැන මගේ අදහස්

මේ වගේ ඇත්ත කිවුවම විශ්ව විද්‍යාල වල ප්‍රතිරූපයට හානි වෙනව කියල මමනම් හිතන්නෙ නැහැ. ත්‍රස්තවාදියො already ඒකට හානි කරල ඉවරයි. මම කියන්නෙ බොරු හිතෙනවනම් පහුගිය කාලෙ පුවත්පත් වල විශ්ව විද්‍යාල ගැන තියෙන ලිපි ටිකක් හොයාගෙන කියවන්න. ගොඩාක් ඒවයෙ තියෙන්නෙ නවකයන්ට වධදීම්, ගහගැනීම්, බැණගැනීම්, තර්ජනය කිරීම්, දේපල වලට හානි කිරීම් වගේ දේවල්. මාධ්‍ය වලින් විශ්ව විද්‍යාල ගැන මවල තියෙන්නෙ ඔය වගේ ප්‍රතිරූපයක්. ඉතින් ඒව කියවන අය හිතන්නෙ විශ්ව විද්‍යාල ශිෂ්‍යයො හැමෝම ඒවට වග කියන්න ඕනෙ කියල.


ත්‍රස්තවාදීන්ගේ අමානුෂික නවක වධය

හැබැයි මේ තියෙන අවාසනාවන්ත තත්වය ඇති කරල තියෙන්නෙ ඉතාම සුළු පිරිසක් විසින්. බහුතරය මේ දේවල් වලට කැමති නැහැ හැබයි මේ බහුතර මතය අර කියපු සුළු පිරිස ත්‍රස්තවාදී ක්‍රම වලින් යටපත් කරලයි තියෙන්නෙ. විශ්ව විද්‍යාල ශිෂ්‍යයො බහුතරයක් ත්‍රස්තවාදයෙන් පීඩාවට පත් වෙච්ච අහිංසකයො. මාධ්‍ය වලින් මේ ඇත්ත තත්වය කියන්නෙ නැති එක ලොකු වැරැද්දක්. එයාල කරන්නෙ සුළු පිරිසකගෙ වැරදි පොදුවේ හැමදෙනා මතම පටවන එක. ඕකයි ඇත්ත.

මේ post එක කියවල ටික දෙනෙක් හරි තේරුම් ගනියි විශ්ව විද්‍යාල වල ඇත්ත තත්වය.

මේ ප්‍රශ්නය තනිතනිව විසඳන්න බැරි එකක්. විශ්ව විද්‍යාල වලට එන්න ඉන්න අය මේ තත්වය කලින්ම දැනගත්තොත් එයාලට පුලුවන් වෙයි මේ ත්‍රස්තවාදයට විරුද්ධව එකමුතුව වැඩ කරන්න.

නැගී සිටිමු අපි අප වෙනුවෙන් ...
නැගී සිටිමු නිදහස වෙනුවෙන් ...

පසුවදන:
මෙතන හොඳ ලිපියක් තියෙනවා " The Fundamental Threat to Sri Lankan University Education " හැබැයි කඩ්ඩෙන් තියෙන්නෙ. වෙලාවක් තියෙනවනම් කියවල බලන්න.


[ 29 - Nov-2008 ]

නාඳුනන comment දමන්නෝ සහ ලෝක සෞඛ්‍ය සංවිධානය


බ්ලොග් පෝස්ට් වලට anonymous නමින් comments දැමීම ගැන මේ වගේ අදහසක් මතු වෙලා තිබ්බා.



නාඳුනන තුවක්කු කරුවො ඉන්න ලෝකෙක ඕවත් වැඩද ?

හැබැයි ඉතින් anonymous අයගෙන් පරිස්සම් වෙලා ඉන්න කියල තමයි ලෝක සෞඛ්‍ය සංවිධානෙ දෙසැම්බර් 1 වෙනිදට එන ලෝක ඒඩ්ස් දිනය ගැන මතක් කිරීමක් විදිහට කියල තියෙන්නෙ.


anonymous comment සුත් ඒඩ්ස් වගේ වසංගතයක් වෙයිද මන්දා ?

[ 29 -Nov-2008 ]


Thursday, November 27, 2008

ජනතා විමුක්ති පෙරමුණත් හිටපු ත්‍රස්තවාදියෝද?


මගේ "නොවැම්බර් 26 මහවිරු සමරුව" කියන පෝස්ට් එකට මෙන්න මේ වගේ comments ටිකක් වැටිල තිබ්බ.ඉතින් ඒක ගැන පැහැදිලි කිරීමක් මේ.

comments

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් තුමාම තමයි කිවුවෙ එයාල ඉස්සර ත්‍රස්තවාදියො, හැබයි දැන් ප්‍රජාතන්ත්‍රවාදයට ඇවිල්ල ඉන්නව කියල. එයා කිවුව කොටින්ටත් ඒ වගේ ප්‍රජාතන්ත්‍රවාදයට එන්න කියල (කරුණා, පිල්ලෙයාන් එහෙමත් ආව වගේ ).

හැබැයි ජනතා විමුක්ති පෙරමුණ තවම ටික ටික ත්‍රස්තවාදී වැඩ කරනව. විශ්ව විද්‍යාල වල ගොඩාක්ම. එයාල කියන්නෙ එයාල කියන විදිහට වැඩ කරන්නෙ නැති අයට විශ්ව විද්‍යාල වල ඉන්න බැහැ කියල.එයාල කියන්නෙ එයාල තමයි විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගෙ එකම නියෝජිතයා කියල.

කොටිත් දෙමළ ජනතාව ගැනයි උතුරු නැගෙනහිර ගැන ඔය වගේම දෙයක් නේද කියන්නෙ ?

[ 27 - Nov-2008 ]


Wednesday, November 26, 2008

යාපනේට වායු ප්‍රහාරයක්


අද කොටින්ගෙ මනඃකල්පිත වීර දිනයෙදි ආරක්ෂාව උපරිම විදිහට තර කරල තියෙද්දිත් නොහිතපු විදිහෙ ප්‍රහාරයක් යාපනයට එල්ල වෙලා. කොටින්ගෙන් නම් නෙවෙයි. ගෙරි කොටියන්ට පුලුවන්ද එච්චර දෙයක් නේද?

මේක මේ ස්වභාවධර්මයාගේ වැඩක්. කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඔත්තු සේවයේ අඩුපාඩුවක් හින්ද ප්‍රහාරයට සූදානම් වෙලා ඉඳල නැතිලු. වායු ප්‍රහාරයක් කිවුවට විෂ වායු නම් නෙවේයි. නිකංම නිකං හුළං ටිකක් හයියෙන් එවල තමයි වැඩේ කරල තියෙන්නෙ. 06B(වෙන නමක් තවම දාල නැහැ) කියන ඝර්ම කලාපීය සුළිසුළඟ (Tropical Cyclone ) පැයට කිලෝමීටර් 102 ක වේගෙන් යාපනය හරහා හමා ගිහින්,ඊට පස්සෙ ඒක තමිල්නාඩුවටත් හොට දාල. යාපනේ පවුල් 500ක් විතර අවතැන් වෙලා කියල ආරංචියි.යාපනය අර්ධද්වීපයේ විදුලි සැපයුමත් එහෙම පිටින්ම නැවතිලාලු. පව් වැඩේ, InterNet යන්න TV බලන්න එහෙමත් විදිහක් නැතුව ඇති. දවසක් විතර InterNet යන්න එහෙම බැරි උනොත් අපිට දැනෙන්නෙ නිකං අවතැන් වුනා වගේනෙ නේද ?


2008 මියන්මාරය හරහා හමාගිය නාර්ගීස් ඝර්ම කලාපීය සුළිසුළඟ
විස්තර ලබාගත්තේ :
(Bllomberg) - http://www.bloomberg.com/apps/news?pid=20601091&sid=aZKQO1wgTovA&refer=india
(Tamilnet) - http://www.tamilnet.com/art.html?catid=13&artid=27588


[ 26 - Nov-2008 ]

Tuesday, November 25, 2008

නොවැම්බර් 26 මහවිරු සමරුව

මේ ඉල් (නොවැම්බර්) මාසෙ ප්‍රසිද්ධ මහවිරු සමරු දෙකක්ම තියෙනවා.එකක් ජනතා විමුක්ති පෙරමුණේ ඉල් මහ විරු සමරුව. අනික නොවැම්බර් 26 වෙනිදට පවත්වන කොටින්ගෙ එක. මේ දෙකටම ජනමාධ්‍ය වලින් සැළකිය යුතු ප්‍රචාරයක් හම්බ වෙනව. ඒ ඉතින් එයාල ත්‍රස්තවාදියො හින්ද වෙන්න ඇති. මේ රට ඉතින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ත්‍රස්තවාදී ජනරජයනෙ.(මේ බ්ලොග් post එක කියවල බලන්නකො ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ත්‍රස්තවාදී ජනරජය ගැන වැඩි විස්තර දැන ගන්න )

හැමෝම වගේ නොවැම්බර් 26 වෙනිදට කොටි ගැන කතා කරන්නෙ හරියට එදා දවස කොටින්ගෙ වගේ. කොටින්ගෙ වීරයො නෙවෙයි නොවැම්බර් 26 වෙනිදට අපිට සමරන්න අපේම වීරයෙක් ඉන්නව කියල ගොඩාක් අයට අමතකයි.ඒ තමයි වීර මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාවේ තුමා. එතුමා 1817 සිංහලේ නිදහස් සටනට නායකත්වය දීපු ජාතික වීරවරයෙක්.


වීර මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාවේ තුමා
අවාසනාවකට වගේ එදා නිදහස් සටන සාර්ථක උනේ නැහැ. ඉංග්‍රීසි අධිරජ්‍යවාදීන් එතුමාව 1818 නොවැම්බර් 26 වෙනිදා ඝාතනය කළා. ඉතින් අපි හෙට දවසෙ කොටින්ට chance එකක් නොදී ,වීර මොණරවිල කැප්පෙටිපොළ තුමාගෙ අභාවයේ 190 වෙනි සංවත්සරය සමරමු.හොඳයි නේද?


[ 25 - Nov-2008 ]

Monday, November 24, 2008

කලු නිඹුල්ලු ( Cute Black Twins )


බලන්න මේ දෙන්නා.

එකම... පාට
එකම... බර
එකම... ඇඹුල
එකම... අංකෙ. (WP - KE 3656)

එහෙනම් ඇයි එකකට වැඩිපුර ගෙවන්නෙ ?

[නොම්මර තහඩුව පෙනෙන්නෙ නැත්තම් පින්තූරෙ උඩ click කරන්න ]


හැමෝම සුදු අය ගැනනෙ කතා කරන්නෙ.(සුදු වෑන් උවදුර- White Van Disaster). කලු අය ගැන කවුරුත් කතා කරන්නෙ නැති හින්ද මමවත් කතා කරන්න ඕනෙ කියල හිතුනා. මොකද මාත් ටිකක් කලුයිනෙ :-p .

කවුද මේවට වග කියන්නෙ?

මමනම් හිතන්නෙ ඔබාමා(Barack Obama) තමයි වග කියන්න ඕනෙ. ඔබාමා වගේ කලු විධායක ජනාධිපති කෙනෙක් ඉන්න ලෝකෙක මේවත් වැඩද?

හැබැයි මේ වාහන දෙකනම් තියෙන්නෙ ශ්‍රීලංකාවෙ. sure නැත්තම් photo එක ලොකු කරලා ලඟ තියෙන බස් එකේ බෝඩ් එක බලන්නකෝ.

[ 24 -Nov-2008 ]

Thursday, November 13, 2008

ශ්‍රි ලංකාවේ අභ්‍යන්තර භෞමික අබණ්ඬතාව


හම්බන්තොට ඉඳන් ත්‍රිකුණාමලේට වෙනකම් පොළොව යටින් පැල්මක් තියෙනවලුනෙ. ඉතින් කොහෙද අභ්‍යන්තර භෞමික අඛණ්ඬතාවයක්.




[ 13 -Nov-2008 ]