Friday, August 28, 2009

ලේක් හවුස් මුල් පිටුවට මොබිටෙල් උපහාර




පොලීසිය තමන්ගෙ වැරදි වහගන්න වෑන්වල බෝම්බ අටවනකොට ලේක් හවුස් එකත් නිකන් ඉඳලා නැහැ වගේ. දැන්වීම් වල බෝම්බ හයි කරලාලු. පහුගිය කාලෙ UCSC එකේ ෆොටෝ එඩිට් කරපු කෙනා දැන් ඉන්නෙ ලේක් හවුස් එකේද දන්නෙ නැහැ.

මොනවා වුනත් බඩ අල්ලාගෙන හිනානම් වුනා
. වැඩි විස්තර ලංකා ඊ නිවුස් වලින් බලන්න.

1. මොබිටෙල් ස්මාට් සමඟ ක්ලේමෝ , ග්‍රෙනේඩ්, T56 තෑගි දිනා ගන්න.
[
මෙතනින් කියවන්න]

2. දිනමිණ මුල් පිටුවේම බෝම්බ ඇටෙවුවේ කවුද ?
[
මෙතනින් කියවන්න]


[ 29 - Aug - 2009 ]


Wednesday, August 26, 2009

නවකවධය == ත්‍රස්තවාදය


චමිතගේ "සරසවිය, මම සහ අපි" යනුවෙන් නම් කර තිබූ බ්ලොග් සටහනට පළවූ 135ක් වූ ප්‍රතිචාර අධ්‍යයනය කිරීමෙන් පසු මෙම සටහන ලිවීමට සිත් විය.



කාලයක් තිස්සෙ ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැපිරූ LTTE කොටියන්ගේ සහ සරසවි වල ත්‍රස්තවාදය වපුරන වැලයන් (නවක වධයට විරුද්ධ අය අලයන් ලෙස හැඳින්වේ ) අතර සමානකම්.

1.
උතුර සහ නැගෙනහිර සම්පූර්ණ අයිතිය තමන්ගේ බව කොටියන් කී අතර , විශ්වවිද්‍යාල වල පරම අයිතිවාසිකම තමන්ගේම පමණක් බව වැලයෝ පවසති.

2.
දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා තමන් බව කොටියන් කී අතර , විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවගේ එකම නියෝජිතයා තමන් බව වැලයෝ පවසති.

3.
කොටියන්ගේ ඉහත සඳහන් මතවාද වලට විරුද්ධ වූවන් බියවැද්දීම, පහරදීම, මරණතර්ජන හා ඝාතනය කිරීම වැනි ක්‍රම වලින් මර්ධනය කිරීමට කොටියන් ක්‍රියා කළ අතර වැලයන්ගේ මතවාද වලට විරුද්ධ පිරිස් මර්ධනය කිරීමට වැලයෝද ඒ හා සමාන උපක්‍රම භාවිතා කරති. ( ඝාතන හැර ).

4.
දෙමළ ඊළම පරාජය කළ නොහැකි බවත් එසේ කිරීම සිහිනයක් පමණක් බවත් කොටියන් කී අතර, විශ්වවිද්‍යාල වලින් නවකවධය තුරන් කිරීම කෙසේවත් කළ නොහැකි දෙයක් බවත් එය සිහිනයක් පමණක් බවත් වැලයෝ පවසති.


[ 27 - Aug - 2009 ]

Monday, August 24, 2009

සෝයා උයපු හැටි


සැළකිය යුතුයි:උයන්න පිහන්න දන්න කට්ටිය අපිට හිනා වෙන්න එපා හොඳේ.මේක අපි උයපු පළවෙනිම පළවෙනි පාර.

මගෙත් එක්ක මෙහේ ඉන්නව මහේෂ් කියලා කෙනෙක් . එයා ලංකාවෙ ඉඳන් එනකොට සෝයා පැකට් එකක් අරන් ඇවිත් තිබුණා. අපිට මෙහේ චීන කෑම කාල කාල ඇති වෙලා තිබ්බ හින්දා වෙනසකටත් එක්ක සෝයා එක උයලා පාන් එක්ක කන්න තීරණය කලා. ඉතින් සෝයා පැකට් එක අරගෙන කැඩුවා. කඩලා ඉවර වෙලා තමයි උයන හැටි බැලුවේ ( මොනවා හරි ඉලෙක්ට්‍රොනික් ගැජට් එකක් ගත්තම වුනත් එහෙමනෙ . පැකිං කඩල ඉවර වෙලානෙ උපදෙස් පත්‍රිකා බලන්නෙ ).

පැකට් එකේ උයන හැටි ගැන විස්තර තිබ්බා ඒක උඩින් පල්ලෙන් බැලුවා. උපදෙස් අංක 1 තිබ්බේ සෝයා ටික හෝදලා මිරිකලා බැද ගන්න හැටි. උපදෙස් අංක 2 පස්සෙ කරන්න බැරුවායැයි කියලා උපදෙස් අංක 1 ක්‍රියාත්මක කරන්න ලැහැස්ති වුනා.

ඉතින් සෝයා ටික පෙඟෙන්න දැම්මාට පස්සෙ තමයි මතක් වුනේ බදින්න තෙල් ඕනෙ කියලා ( උයන්න අවශ්‍ය භාජන එහෙම අපේ ඉන්දියානු යලුවො ටිකකගෙන් කලින් ඉල්ලගෙන තිබ්බෙ ) . මගේ Apartment එකේ ඉන්නවා බංග්ලාදේශ් එක්කෙනෙක්. එයා උයාගෙන තමයි කන්නෙ ගොඩක් දවස් වලට. ඉතින් එයා ගාව තෙල් ඇතිනේ කියලා එයාගෙන් ගිහින් තෙල් ටිකක් මල්ලකට ඉල්ලා ගත්තා. ඒ තෙල් ටික රත් කරනකොට ආපු සුවඳ එච්චර හිතට අල්ලපු නැති හින්දා පොඩ්ඩක් හොයලා බලනකොට තමයි දැන ගත්තෙ ඒක ඔලුවෙ ගාන තෙලක්ලු. එයා ගාව උයන තෙල් තිබිලා නැහැ. මමත් ඉතින් oil කියලා මිසක් cooking oil කියලා නෙවෙයිනෙ ඉල්ලුවෙ.

දැන් මොකෝ කරන්නෙ. ඒ වෙලාවෙ හැටියට තෙල් ටිකක් ඉල්ල ගන්න වෙන දන්න කියන කෙනෙක් හිටියෙ නැහැ. කඩේ ගිහින් තෙල් හොයාගෙන ඇවිත් උයලා කනවට වඩා හොඳයි ඒ ගිය ගමන් කාලම එන එක. ඔන්න එතකොට අපිට ටොපේ ටොප් අයිඩියා එකක් ආවා.

අපි සෝයා එක්ක කන්න කියලා පාන් ගෙඩිය ගෙනෙනකොට ඒත් එක්කම බටර් එකකුත් ගෙනාවා , හදිසි අවස්තාවක් වෙලා උයන සෝයා එක කන්න බැරි වුනොත් ප්‍රයෝජනයට ගන්න කියලා. මාජරින් රත් කලාම වගේ බටර් රත් කලාමත් තෙල් හැදෙයිනෙ කියලා හිතලා බටර් කෑලි ටිකක් අරගෙන තාච්චියට දාල රත් කලා.

අපෝයි , ඒක රත් වෙලා පාප්පයක් වගේ එකක් හැදුනා මිසක් තෙල්නම් හැදුනේ නැහැ.

දැන් ඉතින් මොකෝ කරන්නෙ. බදින step එක bypass කරලා ඊලඟ step එකට ගිහින් මොනව හරි කර ගන්න පුලුවන් වෙයිද කියලා බලනකොට තමයි දැක්කෙ අපි කරල තියෙන මහදැනමුතු වැඩේ . උපදෙස් අංක 2 තියෙන්නෙ උයන හැටි . ඒකෙ තියෙන්නෙ එක්කො බදින්න, එහෙම නැත්තන් උයන්න කියලා . එහෙම නැතුව Steps 2 ක් නෙවෙයි අපිටත් ඇත්තටම ඕනෙ වෙලා තිබ්බෙ හොද්දක් එක්ක උයා ගන්න තමයි. බැදලා පාන් එක්ක කන්න බැහැනෙ.

ඊට පස්සෙ තමයි උපදෙස් අංක 2 යටතේ තිබ්බ උයන හැටි කියෙවුවෙ. උයන්න අවශ්‍ය මිරිස් තුනපහ එහෙම සෝයා එකත් එක්කම චූටි පැකට් වල තිබුනා . හැබැයි ඉතින් ඒකෙ කියලා තිබ්බෙ මිරිස් තුනපහ කුඩු එකතු කරලා පොල් කිරි දාලා කුකුල් මස් උයන ක්‍රමයට උයන්න කියලා. දැන් ආයෙත් ප්‍රශ්න 2යි. එකක් කුකුල් මස් උයන ක්‍රමේ දන්නෙ නැහැ. අනිත් එක තමයි පොල් කිරි නැහැ

මේ වෙනකොට සෝයා ටිකත් හොඳ ගානට පෙඟිලා. ලංකාවෙ ඉඳන් උස්සගෙන ආපු සෝයා පැකට් එක විසි කරන්නත් දුකයිනෙ. අපි ගාව තිබුණා පැකට් කරපු පාස්චරිත දියර කිරි ( Daily Milk packet වගේ ඒවා - පල්ලෙහා පින්තූරෙ බලන්න) . ඒවායේ සීනි රහ ගොඩාක් අඩුයි. කමක් නැහැ වෙන දෙයක් වෙද්දෙන් කියලා සෝයා වලට ඒ කිරි පැකට් එකක් දාලා ඒකට මිරිස් තුනපහ කුඩු එහෙමත් එකතු කරලා හොට් ප්ලේට් එකේ තිබ්බා. ලුණු ටිකකුත් දාන්න මතක් වුනා. අර රත් කරලා පාප්ප වෙච්ච බටර් ටිකට කරන්න දෙයක් නැහැනෙ. ඒකත් ඔන්න ඔහේ වෙන දෙයක් වෙද්දෙන් කියල අර භාජනේටම දැම්මා.



මොනවා කරන්නද පොල් කිරි නැති කලට ...

ඔන්න ටික වෙලාවකින් කිරි ටික නටාගෙන ආවා. හොඳ සුවඳකුත් ආවා.පෙනුමත් හොඳට තිබ්බා සෝයා මාලුවක පාටට. හැබැයි කන්න පුලුවන් වෙයිද කියලනම් විශ්වාසයක් තිබ්බෙ නැහැ.



හොද්ද බොර වෙලා

වාසනාවකට වගේ කොහොම හරි අන්තිමට කන්න පුලුවන් විදිහේ මිශ්‍රනයක් හැදිලා තිබ්බා. බොරු නෙවෙයි ඇත්තටම එක මාර රසයි. අමුතුම රසක්. කවදාවත් එහෙම සෝයා මාලුවක් කාල තිබුනෙ නැහැ. මම හිතන්නේ අපේ පාප්ප බටර් එක යි පාස්චරිත කිරි එකයි වෙන්න ඇති ඒ අමුතුම රසට හේතුව.

ඔන්න ඔහොමයි අපි සෝයා උයලා පාන් එක්ක කෑවෙ.



පුංචි කෑම රත්තරං


ඊලඟට උයන්න හිතන් ඉන්නෙ මල්ගෝවා.

කාට හරි පුලුවන්නම් උයන පිහන හැටි ගැන හොඳ බ්ලොග් එකක් ලියන්න.

[ 24 - Aug - 2009 ]

Sunday, August 23, 2009

තුන්පත් රෑන්


මගේ මූණු පොතේ කාලයක් තිස්සෙ තිබ්බ අඩුපාඩුවක් අද සම්පූර්ණ කර ගත්තා. අපිට ඉතින් බැදපු මාලු, බූල් පූසො නැහැනෙ. ඒක හින්දා එක එක්කෙනාගෙන් ඉල්ලගෙන මාත් හැදුවා පූස් වත්තක් (Cat Zoo).

මේ තුන්පත් රෑන් දෙක මට හම්බ වුනේ ශාකුන්තලගෙයි ගෙයි Deeps ගෙයි පූස් වතු වල ඉඳලා.



මෙයාලනම් ටිකක් විතර නපුරු පාටයි




බලන්න කොච්චර අහිංසකද කියලා
වර්ණභේදවාදයක් ගෑවිලාවත් නැහැ

මගේ අලුත් පූස් වත්ත ට මෙතනින් ඇතුල් වෙන්න . ඉස්සරහට තව තව පූසො පූසියො හොයල ගෙනෙත් දානවා.

[ 23 - Aug - 2009 ]

Thursday, August 20, 2009

Kaspersky තොග අවසන් කිරීමේ මහා දන්සැල


අද අපේ School එකේ තිබුනා Kaspersky Antivirus 2009 තොග අවසන් කිරීමෙ මහා දන්සැලක් තිබ්බා. 2010 ඒවා එන හින්දා ඒවා stock කරගන්න ඉඩකඩ හදා ගන්න එපැයි. බලන්න , ලංකාවෙ ජංගම දුරකථන සමාගම් SIM බෙදන දර්ශනයකට ටිකක් විතර සමානයි නේද ?







CD එක 2009 වුනාට ඒකත් එක්ක දීපු Activation Code එක නම් 2010 එක්කත් Valid . CD බෙදන ගමන් Kaspersky එකේ අයියලා අපිට උපදෙස් දුන්නා CD එකෙන් install කරන්න එපා 2010 installer එක Download කරලා ඒකෙන් install කරගන්න කියලා. CD එක ලස්සනට තියා ගන්නලු.

ඉතින් මමත් පෝලිමෙ ගිහින් එකක් ගත්තා. මම ඉතින් ගත්තෙ 1යි. ( වැඩිය කඩන නරක ළමයි හෙම නොවෙයි අපී... ) . එතන හිටපු අයියලාටනම් ඒ වෙලාවෙම තැන්කියූ කිවුවා. ඔන්න කැස්පර්ස්කි අංකල්ටත් බ්ලොග් එක හරහා තැන්කියූ කියනවා.

මම අදයි දැනගත්තෙ , කැස්පර්ස්කි අංකලුත් අපේ පුටින් අංකල් වගේම KGB එකේ කෙනෙක්ලු.



Eugene Kaspersky - Founder of Kaspersky Lab


[ 21 - Aug - 2009 ]



Monday, August 17, 2009

Cyber පැල්කවි


මේ ලබුත් තිත්ත කාලෙ පැල් රැකිල්ලත් ඔන්ලයින් වෙලා. මමත් මේ පැල් රැකිල්ලට ඇබ්බැහි වෙලා. ගෙඩි ටික හොරුන්ගෙන් බේර ගන්න ඕනෙ හින්දා මමත් වෙලාව (Timing) තියාගෙන පැල් රැකගෙන ඉන්නවා.

මේ තියෙන්නේ මගේ හේන.

ගෙඩි ටික හොරුන්ගෙන් බේරා ගන්න මම කරන වැඩේ තමයි ටයිමිංග් තියාගෙන ඉන්න එක. ගෙඩි කඩාගන්න ඉතුරු වෙලාව පැයකට වඩා අඩු වෙච්ච ගමන් පෝර දානවා. එතකොට මැජික් එකකින් වගේ ගෙඩි ටික එක පාර හැදෙනවානෙ. එතකොටම කඩා ගන්නවා. හැබැයි ඉතින් වෙන වැඩ යෙදිලා ටයිමිංග් වැරදුනාමනම් සොරි.කොම්.

බවුවෙක් හිටියා කියලා ඒකා කරන දෙයක් නැහැ වගේ. කකා බිබී ඉන්නවා විතරමයි. ඒකට කිකිළි, රත්තරන් බිත්තරත් දානවා. හැබැයි බිත්තර දම්මන්න පොඩ්ඩක් කිචිකවන්න ඕනෙ.

හික් හික්, මම විතරක් නෙවෙයි මූණු පොතේ ගොඩාක් අය මේ පැල් රැකිල්ලට ඇබ්බැහි වෙලා වගේ. ඔන්න මගෙන් සයිබර් පැල්කවි සාහිත්‍යයට .

හැදෙන හැදෙන ගෙඩි හොරු අරගෙන............යනවෝඕඕඕඕ.....
බලු පැටියා කෑම නැතුව........................වේලෙනවෝඕඕඕඕ.....
වල් පැල සහ ආගන්තුක..........................කුරුමිණියෝඕඕඕඕ.....
බාන් බඩී හේනේ මම පැල්............................රකිනෝඕඕඕඕ..
...


මගේ හේනෙ වල් පැලයි කුරුමිණියොයි හිටපු නැති හින්දා අල්ලපු හේනකින් මේ ෆොටෝ එක ගත්තෙ. වල් පැලයි කුරුමිණියොයි දැම්මෙත් මමමමයි ;-)


[ 17 - Aug - 2009 ]

Friday, August 7, 2009

මැර ප්‍රහාර හෙළා දකිමි ( මු )

ට්වීටරේට සහ මූණු පොතට එල්ල වූ පිළිකුල් සහගත බියගුළු DDoS ප්‍රහාරය තරයේ හෙළාදකිමි [ I Condemn the recent DDoS Attack against Facebook and Twitter ]

ලබ්බට තිබ්බ අත පුහුලටත් තියන්න බැරි නැහැලුනෙ .
බ්ලොගර් (Google Blogger) වලටත් ප්‍රහාරයක් එල්ලවෙනවාදෝ කියාල සැකයි.
මේ පෝස්ට් එක ලියන වෙලාවෙ බ්ලොගර් වල ගොඩාක් දේවල් වැඩ නැහැ.

උදා: Text Formatting, Photo Uploading , Saving as Draft etc වැඩ නැහැ.

මේ බලන්නකෝ වැඩේ බරපතලයි වගේ :(

කැඩෙන ප්‍රවෘත්ති
===========
බ්ලොගර් ගැන පහුගිය පැය 24 ඇතුලත අන්තර්ජාලයට එකතු වෙච්ච සටහන් සමහරක්
Breaking news -- Some Web Search results for Last 24 Hrs about Blogger .

1. http://forums.digitalpoint.com/showthread.php?t=1446891
2. http://www.google.com/support/forum/p/blogger/thread?tid=7d3de5a32b6f0e6b&hl=en

ආ ආ මේක දැන් හම්බ වුනේ. අනේ අපේ බ්ලොගර්ටත් වැඩේ දීල වගේ :'(

http://www.webpronews.com/topnews/2009/08/06/twitter-facebook-google-team-up-after-attacks

[ 07 - Aug - 2009 ]