Tuesday, August 30, 2011

නරියා සහ පොඩ්ඩි කෙල්ල

බූරු කෙල්ලගෙ කතන්දරේ කියවපු වලවුවෙ පොඩ්ඩි කෙල්ලටත් ආසා හිතුණලු පොඩ්ඩි කෙල්ලක් ගැන කතන්දරයක් ලියන්න. මෙන්න පොඩ්ඩි කෙල්ල ලියල එවපු කතන්දරේ
=====================

ඔන්න එකමත් රටක, පොඩි කැලයක් අයිනේ ,පොඩි කඳු ගැට්ටක තිබුනු ගේ පොඩ්ඩක පොඩ්ඩි කියලා හුරුබුහුටි, කෙලි පොඩ්ඩක් හිටියලු එයාගෙ අත්තම්මත් එක්ක. 

මේ ඉන්නෙ පොඩ්ඩි කෙල්ලයි පොඩ්ඩිගේ අත්තම්මයි
පොඩ්ඩි බිත්තියේ චිත්‍ර අඳිමින්

පොඩ්ඩිගේ ගේ ළඟ තිබ්බ කැලෑවෙ හිටියලු මුකලන් බස්සෝ, පුංචි හා පැටික්කියෝ, සුදු පූසෝ, වල් ඌරෝ, මී මින්නු, බැටලුවෝ ..... වගේ අය ගොඩාආරියක් කට්ටිය .  ඒ කැලෑවෙ හිටියලු නරියෙකුත්. මෙන්න මේ නරියා තමා භයානකම සතා . හරිම කෆටිලු

කැලෑව මැද විලේ හිටපු මකර පැටියා තමයි පොඩ්ඩි කෙල්ලගේ හොඳම යාලුවා. මේ දෙන්නා හැමදාම  කැලැවෙ ඇවිද ඇවිද සින්දු කිය කියා නට නටා සෙල්ලම් කලා.  හා පැටික්කියි  සුදු පූසායිත් මේ දෙන්නගෙ සෙල්ලමට එකතු වුණා  මුකලන් බස්සා මේ අයගෙ සෙල්ලම් බල බලා නට, නටා උඩින් පියෑඹුවා. මකර පැටියාගෙ බවුවත් මේ අය එක්ක හරි හරියට නැටුවා




ඇහැළ මලින් ගස් පිරිලා බලන්න හරි ලස්සනයි
අඹ රඹුටන් ජම්බු ඉදිලා අද හැම තැන හරි හැඩයි

මෙයාලා සෙල්ලම් කරද්දි හැමදාම නරි රා  මෙයාලා දිහා බලා හිටියා. එයාට න උනේ කොහොම හරි පොඩ්ඩි කෙල්ලව අල්ලගන්ට. පොඩ්ඩි කෙල්ලව හුරතලේට එයා ගාව තියා ගන්න.

ඉතින් හැමදාම නටලා, නටලා, පොඩ්ඩි කෙල්ල ගෙදර එන්නේ හොඳටම හැන්දෑ වෙලා. ඔච්චර හැන්දෑ වෙනකම් කැලෑවෙ ඇවිදින්න එපා කියල අත්තම්ම අවවාද කළත් මේ නෝටි කෙළි පොඩ්ඩ ඒක කණකටවත් ගත්තෙ නෑ. බලන් ඉන්ට බැරි  තැන එක දවසක් අත්තම්මා එයාට කෑගැහැව්වා. " උඹව කවදා හරි අර කැලේ ඉන්න නරි රාළට දෙනවා කැලේටම වෙලා ඉන්න" . ගේ අද්දර කැලේට වෙලා හිටපු නරි රාළට මේක ඇහිලා හරි සතුටු හිතුනා. මිනිස්සු බොරු නොකියන කොටසක් බව තමයි නරි රා හිතුවේ.

පොඩ්ඩි ඉතින් පොඩි හන්දා මේ මුකුත් තේරෙන්නෙ නැනේ. එයා පහුවදාත් ගියා කැලේට. එදා මකර පැටියාට හොඳටම හෙම්බිරිස්සාව. කිඹුහුම් යවනකොට නහයෙන් ගිනි බෝල පිට වෙනවා. ඉතින් එදා මේ අයට සෙල්ලම් කරන්න බැරි වුණා. හා පැටික්කි කැරට් අහුලන්න කියල ගියා. සුදු පූවා සමනල්ලු බලන්න ගියා.  පොඩ්ඩි කෙල්ල මකර පැටියට මල් කඩල දෙන්න හිතාගෙන ගඟ අද්දරට ගියා.

පොඩ්ඩි කෙල්ල තනියම ඉන්නවා දැකපු නරි රා පොඩ්ඩි කෙල්ල ගාවට ගිහින් කිවුවා "ඔයාගෙ අත්තම්මා කීවා ඔයාව මට දෙනවා කියල. යමු මාත් එක්ක". පොඩ්ඩි කෙල්ල පොඩි නිසා නරියා කියපු කතාවට රැවටුණා. අත්තම්මත් කිවුවනෙ නරියට දෙනවා කියල. එයා නරියා එක්ක නරි ගුහාවට ගියා.

රෑ බෝ වීගෙන එද්දි පොඩ්ඩි කෙල්ලට බය හිතුණා. එයා කවදාවත් එච්චර රෑ වෙනකම් කැලේ ඉඳල නෑ. පොඩ්ඩි කෙල්ලට අත්තම්මව මතක් වුණා. "මට ගෙදර යන්න ඕනෙ, මට අත්තම්මව ඕනෙ" පොඩ්ඩි කෙල්ල අඬන්න පටන් ගත්තා. "බෑ බෑ එහෙම යන්න දෙන්න බෑ" නරි රාළ සැර දැම්මා . පොඩ්ඩි කෙල්ලට කවුරුවත් එහෙම සැර දාල නෑ. පොඩ්ඩි කෙල්ල ඉකි ගගහ අඬන්න පටන් ගත්තා. 

නරි රාළ පොඩ්ඩි කෙල්ලව නළවන්න හිතාගෙන සින්දුවක් කියන්න පටන් ගත්තා.

" හඳ පායන කල ගඟ බඩ ඉඳගන නුඹෙ හිස පීරන්නම්...නුඹෙ හිස පීරන්නම්..
 කෙහෙල් මුහ.. අ.. අ... අ.... සහ රොස් පරිප්පු සමගින් බත් උයලා දෙඤ්ඤං...
නුඹහට අයිස් කිරිඤ්ඤා දෙන්නම් …..නුඹහට වැනිලා අයිස්ක්‍රීමුත් දෙඤ්ඤං
කුමටද පොඩ්ඩියේ කඳුලු සලන්නේ...."

ඒත් ඒත් පොඩ්ඩිගේ ඇඬිල්ල නතර වුණේ නෑ

රෑ ජාමෙ රස්තියාදු ගහන මුකලන් බස්සට ඇහුණා පොඩ්ඩිගෙ ඇඬිල්ල  . සද්දෙ ඇහෙන පැත්තට බස්සා හයියෙන් හයියෙන් පියාඹගෙන ගියා . මෙන්න වැඩක් ! පොඩ්ඩි අඬනවා. නරි රා නැට්ට වන වනා සිංදු කියනවා. සින්දු කියන ගමන් සැරින් සැරේ ගොරවනවත් එක්ක.



 පොඩ්ඩි අඬනවා. නරි රා   සිංදු කියනවා

ඒක දැකපු බස්සා 'බස, බස, ' ගාලා ගිහින් මේ විත්තිය සුදු පූසටයි, හා පැටික්කිටයි කීවා. එයාලා දුවලා ගිහින් ඒක මකර පැටියගෙ කනේ තිබ්බා. ..දැන් ඉතින් මකර පැටියයි, සුදු පූසයිහා පැටික්කියි, බස්සයි, මකර පැටියගේ බව්වයි එකතු වෙලා පොඩ්ඩි කෙල්ලව බේරගන්න විදියක් ගැන කතා කරනවා.

'නරියෝ බව්වන්ට බයයි' බව්වා කීවා.  'එහෙනම් අපි පොඩ්ඩි කෙල්ලව කොල්ල කමු, බවුවා තමයි මුහුදු කොල්ල කාරයා ' සුදු පූ කිවුවා.  'බවුවගෙ එක ඇහැක් වහන්න ඕනෙ, මුහුදු කොල්ලකාරයො ඉන්නෙ එහෙමයි' මකර පැටියා කිවුවා. ඇත්ත නේන්නම්. කට්ටිය එකතුවෙලා බව්වගේ එක ඇහැක් වැහුවා.

මුහුදු කොල්ලකාර බවුවා

මුහුදු කොල්ලකාර බවුවා කඩදාසි බෝට්ටුවක නැගලා ගඟ දිගේ නරි ගුහාව ආක්‍රමණය කළා. බස්සා ඔත්තු බැලුවා.  නරියට බව්වගේ ඉව දැනුනා විතරයි කැලේ කඩාගන දුවන්ට පටන්ගත්තා.   නරි රාළ පැනල ගියපු ගමන් පුසයි, හා පැටික්කියි ඇවිත් පොඩ්ඩි කෙල්ල අඬන එක නවත්තා ගත්තා.  මකර පැටිය දුම්, විහිද, විහිද පොඩ්ඩිව පිට උඩ තියාගෙන පියඹලා  ගිහින් පොඩ්ඩි කෙල්ලව අත්තම්මට භාර දුන්නා

පොඩ්ඩිව නරියාගෙන් බේරාගෙන

එදායින් පස්සෙ පොඩ්ඩි කෙල්ල නෝටි වුණේ නෑ.  නරියට රැවටෙන්න මෝඩ වුණෙත් නෑ .ඉතින් ඊට පස්සේ යාලුවෝ ටික පර විදියට සතුටින් සිංදු කිය, කිය නට, නට හිටියා සතුටින් හිටියා.

  • කතාව ලියා එවුවේ පොඩ්ඩි කෙල්ල
  • කතාවට ලුණු ඇඹුල් දැම්මේ මකර පැටියා
  • සත්‍ය කතාවක් බව සහතික කළේ අත්තම්මා

[ 30 - Aug - 2011 ]

47 comments:

Podi Kumarihami said...

කෙහෙල්කොටුවේ චූටි මහත්තයාගේ චිත්‍ර තරඟෙන් පස්සේ අපි ඔක්කොම ආපහු පොඩි කාලෙට ගිහින්...:D

පොඩ්ඩිටත් ඇත්තටම ආසයි අර වගේ පොඩ්ඩියෙක් වෙලා යාලුවොත් එක්ක නටන්ට......:D:D:D

Buddhi said...

මුලින්ම මකරාට සුබ පැතුම් සිත්තර තරගාවලියෙ ජයග්‍රාහී නමවැනි ස්ථානය දිනාගැනීම වෙනුවෙන්.

උදේම මේ කතාව කියෝපු එක හොඳයි. මේ කතාවෙන් කියවෙන්නෙ සැබෑ මිතුරන්ගෙ අගය ගැනයි. නැත්තං පොඩ්ඩිට හුලං තමයි!

priyantha said...

මටත් හිතයි සිත්තර අඳින්න...:D D D

Chanaka Aruna Munasinghe said...

@ Podi Kumarihami

චිත්‍ර තරඟෙයි, බස් කතන්දර හැන්දෑවටයි පස්සෙ. මමත් කැමති රෑ වෙනකම් සෙල්ලම් කරන්න චූටි වෙලා
==================
@ බුද්ධි

චිත්‍ර තරඟය සංවිධානය කිරීම සහ , මගේ කෝටු චිත්‍රය භාර ගැනීම ගැන ස්තූතියි.

ඔවු යාලුවො නැත්තන් පොඩ්ඩිට නරියා
=================
@ priyantha

අර පොඩ්ඩියි අත්තම්මයි චිත්තරේ පොඩ්ඩි කරනවා වගේ බිත්ති වල අඳින්න. ගෙදර බිත්ති ගොඩක් ඇතිනෙ

ඉන්දික said...

අම්මෝ මකර යාලුවගෙ දිහා ආවෙ සෑහෙන කාලෙකිං..ඉතිං අපිව දැං අමතකත් ඇති නොවැ!
වෙරි නයිස් කතාවක් ඈ>...

Chanaka Aruna Munasinghe said...

@ ඉන්දික

නැහැ නැහැ. නර්ස් අංකල්ව අමතක නැහැ. රස? කතා බලන්න එකේ වාට්ටුව පැත්තෙ එනවා හැමදාම කොමෙන්ටු නොදැම්මත්

ඉඳුවරී said...

ලස්සන සුරංගනා කතාවක්.

Unknown said...

සිරාවටම මටත් ආයි චිත්‍ර අදින්න හිතුනා :D

Unknown said...

හි හී නියම කතාව. පොඩි කාලෙ වගේ...:D

Tanikada said...

මමනම් හිතන්නෙ ඌ හරිම අහින්සක නරියෙක් වෙන්න ඕන... ඌ පොඩ්ඩිට ගොඩාආආආක් අදරේ ඇති... නරිය පවූඌ...

TG said...

බ්ලොග් අවකාසේ අලුත්ම ප්‍රවණතාව ළමා කවි කතා ලියන එක වගේ . හොඳා හොඳා මකරො බොහොම ලස්සනයි කතා පොඩ්ඩ :)
හනේ මේ පොඩ්ඩි නරියෙක් එක්ක ගියානං හෙම වලව්ව පාලුවට යාවි :)

බටකොල ආච්චි said...

කොල්ලෝ ඔය නරියා හුරතලේට ගෙනියන්නේ පොඩ්ඩියෝ විතරද? දමාපන්කෝ පුතේ උන්දැගේ ලින්ක් එක. හික්! හික්! හික්!

MUHUDU said...

හරිම නෝටි නරියෙක්!

මගේ රස්සාවත් එහෙනං බල්ලට ගියා? :)))

තරු said...

මෙහිඅතීත කථාවේ නරියා වර්ථමානයේ පොඩ්ඩිගෙ අහවල් එක්කෙනා වම්හ.(එදවස සිදු කල කරදර තවමත් කරමින් සිටී)
මෙහිඅතීත කථාවේ පොඩ්ඩි වර්ථමානයේද පොඩ්ඩිම වේ.
මෙහිඅතීත කථාවේ සිටි බලු රාළ, වර්ථමානයේ ගණනින් වැඩිවී , බලු සේනාවක් ලෙස පොඩ්ඩි වටා සිටී.
එදවස නොවූ ,අද දවසේ සිදු වන එකම දෙය නම්, ඉහත කිවු සේනාවට දිනපතා පොඩ්ඩි වෙතින් ඇති තරම් පැණි ලැබීමය්.

neetha said...

පොඩ්ඩි ඉස්සරත් කියනදේ අහන්නෙ නැහැ වගෙ නේද? ඕක තමා පන්ඩිත වැඩ කරන්න එපා කියන්නෙ.

කතාව වගේම චිත්‍ර ටිකත් හරිම ලස්සනයි මකර පැටියො!!!!!

Dinesh said...

හරිම අපූරු කතාවක්.. කතාවටම ගැලපෙන්න චිත්‍රනාඑදපු නිසා කතාව තවත් ලස්සන වෙලා...

Buru Babe said...

මේක නම් ලස්සනම ලස්සනයි.
චිත්‍ර ටික නම් මොනාදෝ මොනාදෝ වගේ...

Chanaka Aruna Munasinghe said...

@ Samanalee

සුරංගනා කතාවක් නෙවෙයි මේ. ඇත්ත කතාවක්.
=============
@ ChammA

අඳිමු අඳිමු .බිත්ති පුරා, පාරවල් පුරා
=============
@ නිසුපා

වගේ නෙවෙයි, පොඩි කාලෙ තමයි. පොඩ්ඩි පොඩි කාලෙ වෙච්ච කතාවක්
=============
@ Tanikada Jeewithe

ඔවූඌඌ එහෙම වෙන්න ඇති. අත්තම්මා දෙනව කියපු හින්දනෙ එක්ක ගියේ. පවූඌඌඌ

Chanaka Aruna Munasinghe said...

@ TG

ස්තූතියි. කතා පොඩ්ඩ ලියල එවුවෙ පොඩ්ඩි කෙල්ල. මම ලුණු ඇඹුල් දැම්මා විතරයි. පොඩ්ඩි නරියත් එක්ක ගියානම් පාලු වලවුවෙ වලං බිඳින්නත් තිබ්බා නේද ?
=============
@ බටකොල ආච්චි

මෙන්න ආච්චියේ නරියාගේ ලින්ක් එක. පරිස්සමින්, නරියා කෆටියා.
=============
@ මුහුදු කොල්ලකාරයා

බල්ලට නෙවෙයි, බවුවට බවුවට
=============
@ Tharu

මේ පොඩ්ඩිගෙ ගිය ආත්මෙ නෙවෙයි. මේ පොඩ්ඩිම ඇත්තටම පොඩි කාලෙ වෙච්ච දෙයක්

Chanaka Aruna Munasinghe said...

@ නීතා

ආ දැනුත් කියන දේ අහන්නෙ නැද්ද ? කතාවෙ අන්තිමටනම් ලියල තියෙන්නෙ එදායින් පස්සෙ නෝටි වුණේ නෑ කියල . ඒ බොරු වෙන්න ඇති. තවම රැවටෙනවත් ඇති. පවූඌඌඌ
=========
@ Dinesh

ස්තූතියි. කතාව එවුවෙ පොඩ්ඩි. චිත්‍ර අන්තර් ජාලයෙන් හොයාගෙන කෑලි එකතු කරල හදා ගත්තුවා.
=========
@ Il mondo di una povera pazza

ස්තූතියි. චිත්‍ර ටික කෑලි එකතු කරල හදපුවනෙ. ඒකයි මොනාදො මොනාදො වගේ වෙලා තියෙන්නෙ

Bindi said...

හරි ස්වීට් මෙයා

සසීන්ද්‍ර වීරසිංහ said...

මේක ළමා කතාවක් නේද, එහෙනම් මේකෙ අකුරු ලොකු කරන්න. මොකද ළමා කතා ලිව්වට කියවලා නැද්ද? :/

හා පැටික්කි (MS) said...

පොඩ්ඩි බබා කාලේ මං කොයින්ද අනේ..... චූටි මකරට ඒකවත් තේරෙන්නැ........

කතාව නම් චෝඕඕඕඕඕ.......යි.........

කතන්දර Kathandara said...

බුදු අම්මෝ ඉන්න සත්තු ගොඩ.

හැබැයි මෙතනින් නරියා හැර අනිත් සේරම නිකං බබ්බු වගේ සත්තු නේ.

පොඩ්ඩි කිකිළියෙක් ද නරියා ඔච්චර කැමති?

මේ අවුරුද්දේ (2011) මාර්තු 9 දා මටත් තේරුණා මේ බ්ලොග් අවකාශයේ මේ කෂ්ටිය නෙමේ මීට වඩා දරුණු සත්තු ගොඩක් ඉන්න බව.

මං බ්ලොග් අවකාශයේ හැමෝම එකතුවෙලා ලියනවානම් ලියන්න බ්ලොග් එකකට නමකුත් මං යෝජනා කළා!

පැන්ඩා said...

ප්‍රශ්නයක් පොඩ්ඩි කෙල්ලට කොහොමද අංශක 90ක්ම බෙල්ල හරවන්න පුලුවන් වුනේ(බිත්තියෙ චිත්‍ර අදින ගමන් අත්තම්මා දිහා බලන්නෙ)..ඊලගට ඒ කතන්දරෙ හොදේ..

සංකල්ප said...

නරියා පරාජය කල
මකරයියා වීරයා


මකරයියට ජය වේවා !!!

Chanaka Aruna Munasinghe said...

@ Bindi

තැන්කූ මෙයා
==========
@ සසීන්ද්‍ර වීරසිංහ

ඒ ඉස්සර ළමා කතා වල. දැන් ළමයි ලොකුයි
==========
@ හා පැටික්කි (MS)

ඒකනෙ චූටි හා පැටික්කියෙක් කීවෙ. දැන් ඉන්නෙ හා තඩියෙක්නෙ
==========
@ කතන්දර

පොඩ්ඩි කිකිළි තමයි. ඒකයි නරියා ආස වුණේ.
මාර්තු 9 මොකෝ වුණේ ? මට මතක නැහැ නොවැ?
සීසර්ව මැරුවෙනම් මාර්තු 15
========
@ පැන්ඩා

ඒ පොඩ්ඩි බිත්තියේ පූසෙක් ඇඳල ඉවර වෙලා පාට කූර උස්සගෙන ජයග්‍රාහී විදිහට අත්තම්මට පෙන්නන විදිහනෙ තියෙන්නෙ.

මෙන්න පැන්ඩෙක් ගැන බස් කතාවක්

https://plus.google.com/104988412869466852443/posts/i6CC6qrAXDY
=============
@ මධුරංග

නරියා පැරැද්දුවෙ බවුවා. බවුවට ජය වේවා !

ජීවිතේ මල් said...

චෝයි චෝයි... කතන්දර කලාවට පොඩ්ඩිට සුබ පෑතුම් :) මකරගෙ බස බස ගාල ආව සිත්තර ටික මරු !!!!

Chamila said...

චිත්‍ර ටික නම් පට්ට !!! කතාවත් මරු....!!!

මැණික් said...

හරිම අපූරුයි චිත්‍ර ටික. කොහොමද ඔය තරම් හොඳට චිත්‍ර අඳින්නේ.
මැණික්

Chanaka Aruna Munasinghe said...

@ ජීවිතේ මල්

සොනික් සීයා පටන් ගත්ත සම්ප්‍රදාය පොඩ්ඩිත් ඉස්සරහට අරන් යනවලු
==========
@ චමිල

ස්තූතියි
==========
@ මැණික්

එකක්වත් අපි ඇඳපුවා නෙවෙයි . අන්තර්ජාලයේ අරෙහෙන් මෙහෙන් හොයල කෑලි එකතු කරල හදපු චිත්‍ර :)

Ravi said...

ලස්සන කතාවක්,පොඩ්ඩොන්ගෙ අහිංසක ලෝකය ලස්සනට ලියල තියෙනව.

හිස් අහස said...

නියමයි මකරා අයියන්ඩි !! මමත් සමහර වෙලාවට පොඩි එකෙක් වගේ .. ඔවු !

චිත්‍ර ටික නම් විචිත්‍රයි ..!

D.G.M බස්සා said...

පොඩ්ඩිව අරං ගියේ මේ නරියද? :)

http://www.youtube.com/watch?v=mDyYmdAY04M&feature=related

මකරට හොඳට චිත්‍ර අඳින්න පුළුවනිනෙ? අර බටකොල ආච්චි නරියටත් බැස්ටිය දෙයි වගේ?

මකුළු පැංචි (මංචි) said...

අනේ.......මටත් චිත්‍ර අදින්ඩ ඕනේඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

මුදී said...

නරි බැනව ලාවට කොපි කරල
කතන්දරේ ලස්‌සනයි

Podi Kumarihami said...

@මුදී,

ලාවට නෙමේ හොඳටම....:D:D:D

'නරි බෑනා' වර්තමාන කතාව තමා ඔය ලියලා තියෙන්නේ...:)

Podi Kumarihami said...

@මකරා,

මගේ යාලුවෝ ඇත්තටම නරියාගේ ලින්ක් එක ඉල්ලනවා. එයා බ්ලොග් එකක් ලියනවදත් අහනවා. එයාගේ විස්තර දීලා දාමුද?...:D:D:D

සමහර විට එයාගේ පින්තූරේ හැඩ හන්දා වෙන්ට ඇති. මම ඔයාට පින්තූරේ අඳිනකොටම කිව්වා.....:)))

ඉන්දික උපශාන්ත said...

නියම ෆයර් ෆොක්ස් කෙනෙක්නෙ මේ ළමයව උස්සල තීන්නෙ බැළුවම. කවද්ද බං අර පෙට්ටි බස්සගෙ හොට හැලිල කට ආවෙ?

Chanaka Aruna Munasinghe said...

@ රවි

ස්තූතියි.
============
@ හිස් අහස

වගේ නෙවෙයි තවම පොඩියි. කීයද වයස ?
චිත්‍ර ඇන්දෙ විවිධ අයනෙ. ඒකයි විචිත්‍ර
============
@ D.G.M බස්සා

නෑ නෑ ඒ නරියා නෙවෙයි. ඊට වඩා නපූඌඌඌඌරු නරියෙක්. බටකොළ ආච්චි නරියා ගාව හුරතල් වෙන්න යනව කීවා.

Chanaka Aruna Munasinghe said...

@ මකුළු පැංචි

ඔය බිත්ති තියෙන්නෙ. බිත්ති වල දැල් බඳින්නෙ නැතුව චිත්‍ර අඳින්න
===========
@ මුදී

කොපි කළාද නැද්ද කියලා ඔන්න ලියපු කෙනාම කියල තියෙන්නෙ.
===========
@ Podi Kumarihami

දීල දාමු, දීල දාමු නරියගෙ ලින්ක් එක මම දන්නෙත් නැහැ.
නරියගෙ ලින්ක් එක ඉල්ලන්නෙ කතාව ලස්සන හින්ද වෙන්න ඇති. ඔච්චර ලස්සනට ලියනකොට මම කිවුවා. මම ලුණු දාල පොඩ්ඩක් ඇඹුල් කලාට කතාව තවමත් රසයිලු
===========
@ ඉන්දික උපශාන්ත

බස්සගෙ හොට හැලිලා කට ආවෙ බස්සා පාර්ලිමේන්තු ගියාට පස්සෙලු.

පොත් ගුල්ලා said...

අනේ මෙහෙමත් මෝඩ නරි!

Chanaka Aruna Munasinghe said...

@ පොත් ගුල්ලා

මෝඩද කියලත් අහනව.

Podi Kumarihami said...

එකමත් එක කාලෙක හිටපු නරි නම් මිදි ඇඹුල් කියලා යන්ට ගියාලු....:D:D:D

Chanaka Aruna Munasinghe said...

@ Podi Kumarihami

ඒ පොඩ්ඩිගේ අත්තම්මගෙ කාලෙ හිටපු නරියෙක්නෙ එහෙම කීවෙ. අත්තම්ම නේද මිදි ඇඹුල් කියපු නරියගෙ කතන්දරේ කියල දුන්නෙ

Anonymous said...

මිදි ඇඹුලයි කිව්වෙ අපේ මී මුත්තා නරියා. එයා අත්තම්මා පුංචි කාලේ ඇන්න යන්ට කුරුමානම් ඇල්ලුවලු. කොහෙද, අත්තම්මා පුංචිකාලෙත් හරි වසයිලු. " උන්දෑ ගත්තා කොස්ස අතට, පුතේ. මං දිව්වා ගාල කඩාගෙන." , ඕන්න ඔහොමයි අපෙ මුත්තා කිව්වෙ.:)

- නරි මොටා -

Chanaka Aruna Munasinghe said...

@ - නරි මොටා -

නරින්ට කොයින්ද මී මුත්තලා. මී මුත්තල ඉන්නෙ මීයන්ටනෙ.
නරි මොට්ටුන්ට ඉන්නෙ නරි මුත්තල :)

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D