Friday, August 19, 2011

පාතාල මර්ධනය



නිති නිරිඳුගෙ රැකවලෙහි .........නියුත්තෝ
රුති ලෙස රුපුනොද බිඳ ජය....... ගත්තෝ
පැති රෙන වෙණ නද බැඳුණු.....සිතැත්තෝ
අති නවි ගිලිහෙන බව නොම.........දත්තෝ

- ගුත්තිල කාව්‍යයෙන් -


[ 19 - Aug - 2011 ]

8 comments:

Podi Kumarihami said...

කරුනාකරලා කවියේ තේරුමත්, නිධාන කතාවත් ප/ලි යක් හැටියට දානවද?....:D

Dr. R. A. R. P. Susantha (Ph.D) said...

නිති නිරිඳුගෙ රැකවලෙහි .........නියුත්තෝ
රජුගේ ආරක්ෂකයන් ලෙස නිතරම සිටි අය
රුති ලෙස රුපුනොද බිඳ ජය....... ගත්තෝ
දරුණු ලෙස සතුරන් පරදා ජය ගත්තු අය
පැති රෙන වෙණ නද බැඳුණු.....සිතැත්තෝ
පැතිරෙන වීණා නාදයට සිත් බැදී
අති නවි ගිලිහෙන බව නොම.........දත්තෝ
අවි අතින් නොදැණීම ගිලිහුනා.

ඉතා දක්ෂ ලෙස සටන් කරන සටන් කරුවන් සිටින රජුගේ රැකවල් කරන ආර්ක්ෂකනයින්, මොවුන් සතුරන් දක්ෂ ලෙස පරාජය කල සටන්කාමීන් විය.
පැතිටෙන වීණා නාදය නිසා එයට බැදුනු සිත් නිසා අතින් අවි බිම වැටුනු බවවත් දැනුනේ නැහැ කියන එක තමයි තේරුම. අවස්ථාව වෙන්නේ ගුත්තිල මූසිල විනා වාදයේදී ගුත්තිල ගුලි අහසට දමමින් කරන විනා වාදන අවස්ථාව.

කතන්දර Kathandara said...

Contemporary intrepretation requires replacing Vena Nada with Baila Geseema.

In any case, dropping weapons is much better outcome that "Nodanith daruwan ekayen vetuna".

Podi Kumarihami said...

අනේ ගොඩාක් ස්තූතියි වෙද ගෙදර මහ වෙදනාට...:)

සංකල්ප said...

ආදර්ශය
පාතාලේ මර්ධනය කරන්න වීණා වයන්න ඕනේ !!!!

Anonymous said...

අප්පේ මේ මකරා ගුත්තිලයත් කියවපු එකෙක්....

ඔහොම හරි කවියක් දාපු එක ලොකු දෙයක් බං. ස්කෝලේ කාලෙන් පස්සේ තාම ගුත්තිලේ අල්ලලා නෑ...

priyantha said...

ගුත්තිලය අදටත් ගැලපෙනවා

Chanaka Aruna Munasinghe said...

@ Podi Kumarihami

ඔන්න වෙද ගෙදර මහ වෙදනා විස්තරේ දාල තියෙනවා. තැන්කූ කියන්න
==============
@ වෙද ගෙදර මහ වෙදනා

ස්තූතියි විස්තරේ දැම්මට. ඔය පොඩි කුමාරිහාමි බොරුවට අහන්නෙ. නෑ නෑ 64න් එකක් නෙවෙයි 64ට අමතරව තියෙන extra ඒවයින් එකක් ඔය
==============
@ කතන්දර Kathandara

කකාටනම් තේරුණා හොඳට. නොදනිත් දරුවන් ඇකයෙන් වැටුනා එක ඊලඟ කවිය. ඒක අනාගතයේ . අර කවුදො කිවුව වගේ දරුවො විතරක් නෙවෙයි අනාගතේ ඉපදෙන ඉන්න වහු පැටවුන් පවා ....
==============
@ මධුරංග

ඔය තේරෙන්නෙ යස අගේට
==============
@ prasanna86k

මමත් අල්ලල නෑ. ආයෙ හොයාගෙන කියවන්න ඕනෙ
==============
@ priyantha

හෙටටත් ගැලපේවි

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D