Thursday, May 28, 2009

තනි වෙන්න ඉඩ දෙන්න මටයි මගේ බලුටයි ...




මේ බලූ.. ව මට හම්බ වුනේ ගල්බොඩ දුම් රියපොළේදි. අපි කෝච්චියෙන් ගොඩබැස්ස වෙලාවෙ ලොකු වැස්සක් වැහැපු නිසා අපිට ටිකක් වෙලා ස්ටේෂන් එකේ ඉන්න වුනා. ඒ අතරෙදි තමයි මම මේ බලූ.. ව යාලු කර ගත්තෙ.

ආ ඉතින් කිවුවෙ නැහැනෙ ගල්බොඩ ගියේ ඇයි කියලා. අපි ගියේ ට්‍රිප් එකක්. ගල්බොඩ යන්න එන්න පුළුවන් කෝච්චියෙන් විතරයි. එහේ ලස්ස්ස්ස්සන දිය ඇල්ලක් තියෙනවා.

බලන්නකො මේ ෆොටෝ.








තව ෆොටෝ මෙතන තියෙනවා.


[ 28 - MAY - 2009 ]



Thursday, May 21, 2009

උත්තමාචාරය !!!

E - කේක් කෑල්ලක් කාල යමුද ?


ඔන්න මගේ උපන්දින E-කේක් එක. ඇත්තටමනම් මේක දෙන්න තිබුනෙ ඊයෙ ලියපු පෝස්ට් එකත් එක්ක . නිවාඩු හින්දා මේක හදා ගන්න පරක්කු වුනා. මම නාකි වීම ගැන සුභපතපු හැමෝටම ස්තුතියි.

හැමෝටම E-කේක් කන්න සුහද ආරාධනා !!!




කේක් සඳහා අනුග්‍රාහක දායකත්වය : 
රුවන්තිකා කුමාරි



[ 21 - MAY - 2009 ]

Wednesday, May 20, 2009

රවුම් 25 යී




ඔන්න මම රවුම් 25ක් දුවල ඉවරයි. පිට්ටනියක් වටේ නෙවෙයි ඉර වටේට. ලේසි පහසු වැඩක් නෙවෙයි. ඒක සමරන්න ඔන්න අද නිවාඩුත් එක්ක :)


මේ ඉන්නෙ මම 4 වෙනි රවුම දුවද්දි


මේ ඉන්නෙ මම 25 වෙනි රවුම දුවද්දි

තව රවුම් කීයක් දුවන්න වෙයිද මන්දා ??
දුවල ඉවර වෙනකොට මොන වගේ ඉඳියිද මන්දා ??


[ 20 - MAY - 2009 ]




Tuesday, May 19, 2009

ප්‍රභාකරන් නිවන් දකිත්වා !!!


මේ පෝස්ට් එක හින්දා මට කී දෙනෙක් බණියිද කියලනම් දන්නෙ නැහැ. ඔයාලට හිතෙන දේවල් කියන්නකෝ.




[ 19 - MAY - 2009 ]


Saturday, May 16, 2009

ණයට දෙන්න එපා අනේ






[ 16 - MAY - 2009 ]


Friday, May 15, 2009

විදෙස් පුවත් වාරණය කරනු !!!


මතකද එක කාලයක් පත්තර වල පිටු පුරා "බලධාරියා විසින් කපන ලදී" කිය කියා තිබ්බා. රජයේ සහ ආරක්ෂක හමුදා වල චිත්ත ධෛර්යයට හානිකර පුවත් තමයි ඒ බලධාරියා කැපුවෙ.
මට හිතෙන්නෙ දැන් ආපහු ප්‍රවෘත්ති වලට නිසි බලධාරියෙක් පත් කරන්න වෙයි වගේ. හැබැයි දේශීය ප්‍රවෘත්ති වලට නෙවෙයි විදෙස් ප්‍රවෘත්ති වලට. බලන්නකො මේ වගේ ප්‍රවෘත්ති රජයේ චිත්ත ධෛර්යයට කොච්චර හානිකරද කියලා.

1. IMF loan for Sri Lanka not appropriate now: Clinton

2. Sri Lanka warned on 'war crimes'

අපේ දේශීය මාධ්‍ය වලට මේ වගේ ප්‍රවෘත්ති දෙන්නෙ CNN,BBC වගේ විදෙස් ප්‍රවෘත්ති සේවා වලින්නෙ. ඒ රටවල් වල සුදු වෑන් නැතුව ඇති. ඒකනෙ ඒවට කිසිම මාධ්‍ය සදාචාරයක් නැත්තෙ.

මේ CNN,BBC වගේ ඒවා අපේ ජාතික රූපවාහිනිය දිහා බලලවත් හැදෙන්නෙ නැති හැටි :(





[ 15 - MAY - 2009 ]

Wednesday, May 13, 2009

ගෙඹි කුමරා


ඔන්න ඉතින් එංගලන්තයේ ඔටුන්න හිමි චාල්ස් කුමාරයාට මායාකාර ගෙඹි කුමාරයෙක් හම්බ වෙලා. මේ කුමාරවරු දෙන්නම එකතු වෙලා වැසි වනාන්තර රැකගැනීමේ කටයුත්තකට රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් මැදිහත් වෙන්න තීරණය කරලා. මේ තියෙන්නෙ ඒ වෙනුවෙන් නිකුත් කරපු රාජකීය නිල වෙළඳ දැන්වීම. බලන්නකො කුමාරවරු දෙන්න ඉන්න අපූරුව
.

චාල්ස් කුමාරයයි ගෙඹි කුමාරයයි විතරක් නෙවෙයි , විලියම් කුමාරයයි හැරී කුමාරයයිත් මේ වීඩියෝ එකේ ඉන්නව. ඒ විතරක් නෙවෙයි ටිබෙට් රටේ ආධ්‍යාත්මික නායක දලයි ලාමා තුමාත් මේ වීඩියෝ එකේ ඉන්නවා. ඒ විතරක්ද තවත් ලෝක ප්‍රසිද්ධ පුද්ගලයො කීප දෙනෙක්ම මේකෙ ඉන්නවා. බලන්නකෝ.




මේ මායාකාර ගෙඹි කුමාරයා ගැනයි [ මායාකාර කියල කිවුවෙ මේ ගෙම්බා Computer Graphic ගෙම්බෙක් හින්දා. සමහර විට MAYA වලින් වෙන්න ඇති හදන්න ඇත්තෙ. හැබැයි මීට වඩා ලොකු ඇත්ත ගෙම්බොත් ඉන්නවා.පෝස්ට් එකේ යටම බලන්නකෝ ] චාල්ස් කුමාරයාගෙ වැසි වනාන්තර සංරක්ෂණ ව්‍යාපෘතිය ගැනයි වැඩි විස්තර දැනගන්න http://www.rainforestsos.org/ වලට යන්න.

හෝව් හෝව්: ඒ වෙබ් අඩවියට යන්න කලින් මේක කියල තියෙන එක හොඳයි. නැත්තන් කට්ටිය බය වෙන්නත් පුලුවන්නෙ. ඒ වෙබ් අඩවියේ උඩින්ම තියෙනවා Counter එකක්. ඒක Hit Counter එකක් නෙවෙයි. හා හා දැන් යන්න ...




මෙයානම් ඇත්තම ඇත්ත ගෙම්බෙක්.
මෙයා goliath frog කියන ලෝකෙ ලොකුම ගෙඹි විශේෂයේ කෙනෙක්.


[ 13 - MAY - 2009 ]



Thursday, May 7, 2009

කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ



කලකිනි බුදු කෙනෙකුන්..................උපදින්නේ 
දුකකිනි මිනිසත් බව ලැබ......................ගන්නේ 
මෙදෙකිනි මෙසසර දුක්....................දුරලන්නේ
සුදනෙනි කිම වීරිය.....................නොකරන්නේ

                                              (ලෝවැඩ සඟරාවෙන්)

මහ පොළොව මත පය ගසාගෙන සිටින අසරණ නර පණුවන් වෙත බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව නිරූපනය කරන මේ සිතුවම නිර්මාණය කර තිබෙන්නේ මොටාගෙදර වනිගරත්න ශූරීන් විසින්. (2009 මැයි 03 දින ලක්බිම ඉරිදා සංග්‍රහයෙන් කපාගෙන ස්කෑන් කළෙමි )

සැමටම ප්‍රීති වෙසක් !!!
[ 07 - MAY - 2009 ]

Tuesday, May 5, 2009

ගහින් වැටුණු මිනිසාට ඌරා ඇනීම


ලෝක ආර්ථික අර්බුධය නිසා ගහින් වැටුණු තත්වයට පත් වෙලා ඉන්න මිනිස් සතාට ඔන්න ඌරත් ඇනලා. මෑතකදී මතු වෙච්ච උරු උණ භයානක වසංගත තත්වයකට පත් වීමේ හැකියාවක් තියෙන බවයි කියන්නෙ.




මීට කලින් කුරුල්ලොත් මිනිස්සුන්ට කෙටුවනෙ (කුරුලු උණ ) . හැබැයි මේ කියන ඌරු උණ කුරුලු උණට ව්ඩා සෑහෙන්න භයානකයිලු. මේ රෝගය පළවෙනියටම මෙක්සිකෝවෙන් වාර්තා වුනේ අපි අලුත් අවුරුද්ද සමරපු පහුගිය අප්‍රේල්13 වෙනිදා.එදා ඉඳන් තවම මාසයක්වත් ගිහිල්ල නැහැනෙ. ඒ වුනාට මේ ටික කාලෙට ඌරු උණ හින්දා මිනිස්සු 200කට වැඩි ගණනක් මිය ගිහින් කියලයි කියන්නෙ. බෝ වීමේ සීඝ්‍රතාවයත් කුරුලු උණත් එක්ක සංසන්දනය කරාම ඉතාමත් වැඩිලු. මේ වෙනකොටත් රටවල් ගනනාවක පැතිරිලා.

ඌරු මස් කෑවට මේ ලෙඩේ හැදෙන්නෙ නැහැ කියල WHO එකෙන් කියල තිබ්බා. ඌරො ඇති කරන එකලු අවදානම්. කන එක නෙවෙයිලු. කන්න නෙවෙයිනම් ඌරො ඇති කරන්නෙ හුරතලේටද මන්දා.

[ 05 - MAY - 2009 ]

නයා x 2


ඔලු දෙකක් තිබ්බාට මෙතන ඉන්නේ දෙපත් නයෙක් නොවේ. වෙන වෙනම නයෝ දෙන්නෙක්
මෙතන සිටිති. මේ නයෝ දෙන්නාව මම දැක්කේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පශ්චාත් උපාධි ආයතනය ඉදිරිපිට පාරේදීය. [ ඒ පැත්තේ ඇවිදින අය පරිස්සම් විය යුතුය. ඒ මන්ද යත් නයෝ හපනවෝය ] .

වැඩිපුර දකින්න ලැබෙන දර්ශනයක් නොවන නිසා බයෙන් බයෙන් ලඟට ගොස් වීඩියෝ කර ගත්තෙමි.




නයෝ


[ 05 - MAY - 2009 ]