Friday, December 7, 2012

අග බිසවට විරුද්ධව දෝෂාභියෝගයක්

.
මේ ඉන්නෙ අපේ කැකිල්ලේ මහා රාජෝත්තමයන් වහන්සේ. පේනවනෙ ඇඟ පුරා, බඩ පුරා. ..... පුරා මොළේ තියෙන බව
කැකිල්ලේ රාජෝත්තමයට දවසක් බොහොම නුවණක්කාර අදහසක් පහළ වුණා. 

"දැන් ඉන්න අග බිසව ලස්සන මදි. හරී මෝඩයි. නපුරුයි. ඒක නිසා අලුත් අග බිසවක් සරණ පාවා ගන්න කල වයස හරි දැන්"

ඔන්න ඔහෙම හිතපු කැකිල්ලේ රාජෝත්තමයා තමන්ගෙ අදහස රාජ සභාවට දැන්නුවා.  

"අවසර දේවයන් වහන්ස . අපේ ව්‍යවස්ථාවෙ හැටියට ඔබතුමාට අගබිසවව දික්කසාද කරන්න බෑ සාමාන්‍ය කෙනෙකුගෙ වයිෆ් කෙනෙක්ව දික්කසාද කරනව වගේ. ඒක නිසා රාජ සභාවට දෝෂාභියෝගයක් ගේන්න වෙනවා" පුරෝහිත තුමා කිවුවා.

"ග් ර් ර් ර් . කරන මඟුලක් කරලා මේ අග බිසවව අයින් කරල මට හොඳ අග බිසවක්ව ගෙනත් දෙනවා" කැකිල්ලේ රජතුමා බොහොම කෝප වෙලා අඩි පොළොවෙ හප්පලා ගිගිරුවා.

ඔන්න ඉතින් කැකිල්ලේ රජතුමාගෙ රාජ නියෝගෙ අනුව කැකිල්ලේ රාජ සභාවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කෙරුණා. චෝදනාව තමයි "අග බිසව මෝඩ වැඩියි" කියන එක. චෝදනාව විභාග කරන්න රජවාසල කවටයා, උයන් පල්ලා, අරක්කැමියා, කරණවෑමියා,ඇත් ගොවුවා, අස් ගොවුවා සහ රෙදි අපුල්ලන්නාගෙන් යුත් රාජ සභා කමිටුවකුත් පත් කෙරුණා.

කමිටුවෙ සභාපති වුණේ රාජ කවටයා.රාජ සභා සම්ප්‍රදාය අනුව කටයුතු කරපු කමිටුවේ සභාපති තුමා අග බිසව කමිටුව ඉදිරියට කැඳවගෙන එන්න කියල රාජ පුරුෂයෙකුට නියෝග කළා.

රාජ පුරුෂයා දුවල දුවල ගිහින් අග බිසවට දැන්නුවා රාජ සභාවට යහපත් වෙන්න කියල. මේ ඉන්නෙ අග බිසව රාජ සභාවට ඇවිත්.

"ඔබතුමියට විරුද්ධව දෝෂාභියෝගයක් ඉදිරිපත් වෙලා තියෙනවා. චෝදනාව තමයි ඔබතුමිය හරි මෝඩයි කියන එක. අපේ මහ රජතුමා වගේ මහා නුවණක්කාරයෙකුට ඔබතුමිය මෝඩ වැඩී. ඔබතුමිය මේ චෝදනාවට වැරදි කරුද නිවැරදි කරුද ?"

දෝෂාභියෝග කමිටුවේ සභාපති කවටයා අග බිසවට එල්ල වෙලා තියෙන චෝදනාව දැනුම් දුන්නා ( ඔව් ඔව් චෝදනාවට කවටයා අතිනුත් කෑල්ලක් වැඩිපුර දාලා. ඒ රජතුමාගෙන් 1 දා ගන්නනේ. රජතුමාත් පැත්තක ඉඳන් බලා ඉන්නවා මොකෝ වෙන්නෙ කියල )

"හහ් .. . මළ කෝලං තමුසෙල අද විහිලු කරන්න මාවද අල්ල ගත්තෙ. මට ඔය කෝලං වලට වෙලාවක් නෑ. මම යනවා උයනට මල් කඩන්න "

එහෙම කියපු අග බිසව ගස්ස ගස්ස යන්න ගියා

දැන් චෝදනා විභාග කරන්න අග බිසව නෑනේ. ඊලඟට ගත යුතු පියවර ගැන සාකච්ඡා කරන්න දෝෂාභියෝග කමිටුව රහසිගතව රැස් වුණා.

දවස් 7ක් නොකා නොබී රහසිගතව සාකච්ඡා කරපු දෝෂාභියෝග කමිටුව අවසානයේ තීරණයකට ආවා.

"අග බිසව දෝෂාභියෝග කමිටුවට පෙනී නොසිට නැගිටල ගිය නිසා එතුමියට විරුද්ධව මොකුත් කරන්න බෑ. අපේ රජතුමා අග බිසවට වඩා මහතයි. ඒ නිසා අපි එතුමාව මේ චෝදනා වලට වැරදි කරු කරනවා. අතීතයේදීත් එහෙම මහත වැඩි අයට විරුද්ධව තීන්දු දීමේ පූර්වාදර්ශ තියෙනවා. එම නිසා දෝෂාභියෝගයට වැරදිකරු වූ මහ රජතුමාව බලයෙන් පහ කරන්න මම නියෝග කරනවා"

කවටයා දෝෂාභියෝග කමිටුවේ තීරණය රාජ සභාවට දැනුම් දුන්නා.

ඒක අහපු රාජපුරුෂයෝ රජතුමාව ඇදගෙන යන්න පටන් ගත්තා.

"මේ මේ පොඩ්ඩක් ඉන්නවල කො. මම කියන දේත් අහනවල කො" රජතුමා කෑ ගැහුවා. ඒත් කවුරුවත් එතුමා කියන්න හදන දේට සවන් දෙන්න ලෑස්ති වුණේ නෑ.

                                                                         නිමි.

[ 07 - Dec - 2012 ]

Wednesday, December 5, 2012

ජෛව පාලනය





 1-ජවනිකාව

A\: මේකනං හැබෑම පුදුමයක්.

B\: ලෝක විනාශය වෙන බවට පෙරනිමිත්තක්.

C\: නෑ නෑ සක්විති රජකෙනෙක් පහළ වෙන බවට පෙරනිමිත්තක්.

D\: මොකක්ද මොකක්ද ඔය කියන පුදුමෙ.

A\: මෝල් ගහක දලු ඇවිල්ලලු.

D\: කෝ කෝ යමු බලන්න.

B\: එහෙම ආවට ගියාට බලන්න බැරිලු.

C\: කලින් දිනයක් වෙන් කර ගන්න ඕනෙලු.

A\:  දහදාහයිලු ටිකට්.

D\: කමක් නෑ යමු ඒ ගාණටත් වටිනවා.

2-ජවනිකාව

X\: අනේ මහත්තයෝ අද මෝල්ගහ පෙන්නන්න විදිහක් නෑ.

D\: එහෙම කොහොමද ?

A\: අපි ටිකටුත් අරන් ආවෙ.

X\: මේකනෙ මහත්තයො, පොඩි ප්‍රශ්නයක් වෙලා, ඒ මෝල්ගහ පිඹුරෙක් ගිලලා.

C\: කෝ එතකොට පිඹුරා.

X\: නාසා එකේ මහත්තුරු ඇවිල්ලා පිඹුරව අරන් ගියා හඳට යවන්න කියලා, "හඳේ ඉන්න හාවන්ව ජෛව පාලනයක්ද මොකක්දෝ කරන්න ඕනෙලු".

B\: මේක ඇවිල්ලා බටහිර අධිරාජ්‍යවාදීන්ගේ කූඨ කුමන්ත්‍රණයක්!


ප.ලි
====
1.
මේක ඇවිල්ලා කාලෙකට කලින් ONE | ZERO | ZERO අඩවියට මම යවපු එකක්. මගේ බ්ලොගෙත් දා ගන්න ඕනෙ කියල හිතුනා.

2.
හඳේ ඉන්න හාවට නැස්ටක් නැත්තෙ ඇයි කියල දන්නෙ නැති අය මේක බලන්න.

3.
ආකිමිඩිස්ට හඳ උඩ පොල්ලක් තියල පොළොව හොල්ලන්න පුලුවන්ද


[ 05 - Dec - 2012 ]

Friday, November 30, 2012

හඳට හාවෙක් ආපු හැටි ( විශ්මලන්ත ජන ප්‍රවාදයක් )


ඔන්න එකමත් එක නලාවක හා උන්නැහේ කෙනෙක් උන්නා. ( ඔව් ඔව් නලාවක තමයි. කැලෑවක නෙවෙයි. මේක ඇවිල්ලා විශ්මලන්තයනෙ ). ඒ හාවට ගවුවක් දිග නැට්ටක් තිබ්බා. ( ඔව් ඔව් ගවුවක් . කිලෝමීටරයක් නෙවෙයි ) .

මේ ඉන්නෙ ඒ හාවා. පේනව නේද නැස්ටෙ දිග :-o


ඔය හාවගෙ නැස්ටෙ අග්ගිස්සෙ හිටියා කිනිතුල්ලෙක් . පේනව නේද කිනිතුල්ලගෙ සයිස් එක.



ඔය කිනිතුල්ලා හැම පැය 23යි විනාඩි 54යි තත්පර 18කටම පාරක් හාවගෙ නැස්ටෙ අග්ගිස්ස හපා කෑවා. ඒ හපා කෑමේ වේදනාව එයින් විනාඩි කීපයකට පස්සෙ අන්වායාම තීර්යක් තරංගයක් ඔස්සේ හාවගෙ මොළේට ගලා ආවා. එහෙම වේදනාව ආපුවම හාවා නලාව දෙක වෙන්න  හූඌඌ කියන්න පටන් ගන්නවා.

මේ තියෙන්නෙ එහෙම වෙච්ච වෙලාවක පැපරාසි පූසෙක් DSLR කැමරා එකකින් ගත්ත ෆොටෝ එකක්.



මේ හා හූවේ අනුවර්තී කාලයේ එක යට අගය නලාවේ ස්වභාවික සංඛ්‍යාතයට ආසන්න වශයෙන් ආසන්න වීම නිසා නලාට සරසුලක් වගේ අනුනාදය වෙවී කම්පා වෙන්න පටන් ගත්තා. ඔය නලාවෙ හිටපු නරියන්ට මේක ලොකු ප්‍රශ්නයක් වුනා. මොකද හූඌඌඌ කීම නරියන්ගේ පරම  ඒකාධිකාරී අයිතියක් නොවැ.

හාවෙක් නරි ඒකාධිකාරයට තර්ජනය වෙන ආකාරයට හූඌඌ කීම ගැන නලාවෙ නායක නරිය බොහොම කෝප වුනා.  නායක නරියා කෝපයෙන් වෙවුලන ආකාරය තමයි මේ දැක්වෙන්නේ.

මේක අර කලින් ෆොටෝ එක ගත්ත පැපරාසි පූසගෙ බාප්ප ගත්ත ෆොටෝ එකක්. ඒක අරන් තියෙන්නෙ DSLR කැමරා එකකින් නෙවෙයි. ඒකයි කොලිටිය අඩු.

මේ නරියම තමයි අර එක පාරක් පොඩ්ඩි කෙල්ලව රැවැට්ටුවෙත් .




නායක නරියගෙ කෝපය ගැන බය වෙච්ච අවශේෂ නරි ටික එකතුවෙලා මේකට විසඳුමක් හොයන්න කියල නරි මහදැනමුත්තට පෙත්සමක් යැවුවා.

මේ ඉන්නෙ නරි මහදැනමුත්තා. උන්නැහැගෙත් ෆොටෝ එකක් දැම්මෙ නැත්තන් උන්නැහැ තරහ වෙයි නොවැ.



"මේක බොහොම සුළු ප්‍රශ්නයක් . වේදනාව තියෙන්නෙ නැට්ටෙ වුණාට හාවගෙ කඳ කොටසනෙ කෑ ගසන්නෙ. එක නිසා ශල්‍යකර්මයක් කරල නැස්ටෙන් හාවගෙ කඳ කොටස එහෙම පිටින්ම කපා ඉවත් කරන්න ඕනෙ." නරි මහදැනමුත්තාගේ නිර්දේශය අනුව නරි උසාවිය නියෝග කළා.

හාවව බලහත්කාරයෙන් අත් අඩංගුවට ගත්තු නරි පොලීසිය හාවව ශල්‍යකර්මයකට භාජනය කළා. නැට්ටෙන් එහෙම පිටින්ම ඉවත් කරපු හාවගෙ කඳ කොටස ප්‍රතිචක්‍රීයකරණය කරන්න නරි මාළිගාවෙ කුස්සියට යැවුණා. නිර්වින්දනය කරල තිබ්බ නැස්ට කොටස ( ඔව් කිනිතුල්ලත් එක්කමයි ) නැවත සිහිය ලැබෙන තුරු කියලා රෝහලේ ඇඳට යැවුනා. 

ඒ ශල්‍යකර්මයේ අවසන් අදියරේදී හා අයිතිවාසිකම් උල්ලංඝනය කෙරුනේ නෑ කියල පෙන්නන්න සාක්ෂියක් හැටියට ගත්තු ෆොටෝ එකක් තමයි මේ.



කොහොම වුණත් මේ වැඩේ වෙච්ච විදිහ අසාධාරණයි කියලයි අවශේෂ හාවන්ගේ කල්පනාව වුනේ. නරි උසාවියකින් හාවෙක් ගැන තීන්දුවක්  දෙන්න බලයක් නෑ කියන එකයි හා පාර්ලිමේන්තුවේ අදහස වුණේ .

හාවන්ගේ විශේෂ නියෝජිත කණ්ඩායමක් මේ අවනඩුව ගැන ඇමරිකාවෙ මහරජතුමාට පෙත්සමක් ඉදිරිපත් කළා.


කොහොම වුණත් වෙච්ච දේ වෙලා ඉවරයිනෙ. ඒක නිසා ඇමරිකාවෙ මහ රජතුමා තීරණය කළා අසාධාරණයට පත් හාවන්ට අනුග්‍රහයක් විදිහට විශේෂ අබ්‍යවකාෂ යානයක් ( ඔව් ඔව් අභ්‍යවකාශ  යානයක් නෙවෙයි ) යවලා හඳ මත හාවාගේ උඩුකය චිත්‍රයක් ප්‍රතිනිර්මාණය කරන්න.

මේන් කොරල තියෙන්නෙ.


ඔන්න ඔහොමයි දුවේ පුතේ හඳට හාවෙක් ගියේ.

කතාව සඳහා අනුග්‍රාහක දායකත්වය:
 හා හා හරි හාවා සහ පුත්‍ර  සමාගම


ප.ලි

1. ජනකතාවෙ හා පාර්ලිමේන්තුවක් ගැන කියවුණාට ඇත්තටමනම් තියෙන්නෙ බකමූණු පාර්ලිමේන්තුවක්ලු

2. ගෑණු ළමයින්ගෙ මූණ හඳට උපමා කරල තියෙනවලු. (සිසිවන වුවන )

[ 30 - NOV - 2012 ]

Monday, October 22, 2012

ඤායියා

.

මම පොඩි පැටියා කාලෙ පූසට කිවුවෙ ඤායියා කියලලු. හැබැයි අපේ ගෙවල් ලඟ ඉන්න අංකල් කෙනෙක් ඤායියා කිවුවෙ මටලු :) . 

ඉතින් ඒ අංකල් අපේ ගෙදර ගාව පාරෙ යනකොට සමහර වෙලාවට අහනවලු කෝ ඤායියා කියල. ඒ අහන්නෙ මම ඉන්නවද කියල. ඉතින් එතකොට ගෙදර අය මට කතා කරල කියනවලු මෙන්න අංකල් අහනව ඤායියා කෝ කියල කියල.

ඉතින් මම දුවගෙන දුවගෙන ඇවිල්ලා ,  ඇඳන් යටයි කාමර වලයි හැම තැනම හොයල හොයල , අංකල්ට පෙන්නන්න කියල ඤායියාව උස්සගෙන එනකොට අංකල් ගිහිල්ලත් එක්කලු.


පාආවු නේද ? ඤාව් !! ඤාව් !!

ප.ලි
-----

ලංකාවෙ ලංකාවට ඤායියො ආපු හැටි ගැන දැන ගන්න, මේක කියවන්න
http://status-chanaka.blogspot.com/2010/03/blog-post.html

[ 22 - Oct - 2012 ]

Saturday, October 13, 2012

සමනලයා ...

 .

මබර        
නසින්      
oවමු       
ස්සන      
යාමයක් ...

  • ලොවේ ඉතා සාර්ථක වූ පුද්ගලයන්ට පවා මානසික රෝග වැළඳී ඇත.
  • දරුණු මානසික රෝග සමඟ ජීවත් වන පුද්ගලයන් සාර්ථක ජයග්‍රහණ අත් කරගෙන ඇත.   

( ඔක්තෝබර් 10 දිනට යෙදෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රදර්ශනය කර තිබූ පෝස්ටරයකින් උපුටා ගන්නා ලදී )

_______________________

ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය දැනුම ප්‍රවර්ධනය කිරීමට දායක වීමට කැමතිනම් අමතන්න : 

Mark Chamberlain
VSO Volunteer
Voluntary Service Overseas
102/1, Cotta Road
Colombo 08
Sri Lanka


[ 13 - Oct - 2012 ]

Thursday, September 13, 2012

සිසි වන වුවන ඉඟ සුඟ ..



      සිසි වන වුවන ඉඟ සුඟ ගත හැකි..................මිටින       
      නිසි පුළුලු’කුළ රිය සක යුරු තිසර...................තන       
      දිසි රන ලියෙව් රූ සිරි යුත්.....................මෙපුරඟන       
ඇසි පිය හෙළන පමණින් නොවෙති..........දෙවඟන


 ඔන්න මට ඇහැක් විදිහට ඇන්දා (පින්තූරය පොඩි වැඩිනම් ඒක උඩ ඔබන්න)

[ 13 - Sep - 2012 ]

Tuesday, September 11, 2012

ශ්‍රීමත් නයිට් වරයෙකු වූ වීර සෙබළාගේ කතාව !


ඔන්න එකමත් එක කාලෙක සුදුම සුදු අය ඉන්න රටකුයි (අපි කියමුකො එංගලන්තෙ කියල ) කලුම කලු අය ඉන්න රටකුයි (අපි කියමුකො නයිජීරියාව කියල ) අතරෙ පුංචි රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් නිසා (අපි කියමුකො කුමාරිකාවක්   නිසා  කියල) මහාම මහා යුද්ධයක් ඇති වුණාලු. 


ඔය යුද්ධය දරුණුවටම ඇවිලිලා ගිහින් සුඩුම සුඩු රටේ සේනාව අන්ත පරාජයකට පත් වෙන තැනකට ආවලු. මේ කියන වෙලාවෙ සුදු සේනාවෙන් ඉතුරු වෙලා හිටියෙ රජතුමයි එකම එක සෙබළෙකුයි විතරලු.


ඔන්න ඔහොම අසරණ වෙලා ඉන්න වෙලාවෙ සුදු රටේ නුවණක්කාර රජ්ජුරුවන්ට එක පාරටම නුවණක්කාර  අදහසක් පහළ වෙලා අර සෙබළාගෙන් අසිපත ඉල්ලා ගත්තලු. ඊට පස්සෙ ඒ සෙබළාට අඩ දණින් වැටෙන්න නියෝග කරල ඒ සෙබළාගේ උරහිසට අසිපත තිබ්බලු. සාමාන්‍ය සෙබළෙක් විදිහට අඩ දණින් වැටුණු ඒ සෙබළා නැගී සිටියේ ශ්‍රීමත් නයිට් වරයෙක් විදිහට උසස්වීමක් ලබලලු.

සෙබළා නයිට්වරයෙක් විදිහට උසස්වීමත් එක්කම මහා පුදුමාකාර සිද්ධියක් වුණාලු. අන්ත පරාජයට පත් වෙලා හිටපු සුදුම සුදු රට එක ක්ෂණයකින්ම යුද්ධෙ දිනල තිබ්බලූඌඌඌඌඌඌ.

හරි දැන් කතාව ඉවරයි. කතාව තේරිච්ච නැති අය පහළ පින්තූරෙ බලන්නකෝ (පින්තූරෙ පොඩි වැඩිනම් පින්තූරෙ උඩ ඔබන්න)


1. චෙස් දන්න අයටනම් දැන් කතාව තේරිලා ඇති (සෙබළෙක්ව නයිට් වරයෙක් හරි වෙනත් විදිහකට හරි උසස් කරන්නනම් සෙබළා 8 වෙනි පේලියට යන්න ඕනෙ බවත්, මෙතනදි එහෙම වෙලා නැති බවත් චෙස් දන්න අයට පෙනිලා ඇති . ඒ වුණාට මේක සුරංගනා චෙස් කතාවක්නෙ.)

2. චෙස් නොදන්න අය "අපි නොදන්න චෙස්" කියන ජනවහර හැදිච්ච හැටි මෙන්න මේ ලිපියේ කමෙන්ට්ස් වලින් හොයා ගන්න.

3. මේ පුංචි කතාවෙන් අපිට ගන්න පුලුවන් ආදර්ශය මොකක්ද ?

[ 11 - Sep - 2012 ]

Friday, September 7, 2012

12 වාට්ටුවේ රස කතා



ඇතුල්වීම


ගෞතම බුදුරජාණන් වහන්සේ


අපේ යුතුකම් !


මම හිටපු ඇඳේ අංකය


සේලයින් බෝතල් එල්ලන කණු


කැනියුලාවක්


කැනියුලාවේ දින සළකුණ


සිසිල් පවන්


අමුතු මලක්


අඹ බයන්නක්


යො භික්ඛවෙ මංඋපට්ඨහෙය්ය සො ගිලානං උපට්ඨහෙය්ය
("ගිලනුන්ට උවටැන් කිරීම මට උවටැන් කලාහා සමානය") 
- බුදු රජාණන් වහන්සේ -

more photos - here

[ 06 - Sep - 2012 ]

Saturday, March 31, 2012

මම ජනාධිපතිනම් ???


මම ජනාධිපතිනම් ලයිට් නිවන්න කියල SMS යව යව ඉන්නෙ නෑ. 
8.30 ඉඳන් 9.30 වෙනකම් ලයිට් කපන්න කියල විදුලිබල මණ්ඩලේට නියෝග කොරනවා.

[ 30 - Mar - 2012 ]

Sunday, February 12, 2012

ආයුබෝවන්



[ 12 - Feb - 2012 ]

Thursday, January 26, 2012