Friday, December 7, 2012

අග බිසවට විරුද්ධව දෝෂාභියෝගයක්

.
මේ ඉන්නෙ අපේ කැකිල්ලේ මහා රාජෝත්තමයන් වහන්සේ. පේනවනෙ ඇඟ පුරා, බඩ පුරා. ..... පුරා මොළේ තියෙන බව
කැකිල්ලේ රාජෝත්තමයට දවසක් බොහොම නුවණක්කාර අදහසක් පහළ වුණා. 

"දැන් ඉන්න අග බිසව ලස්සන මදි. හරී මෝඩයි. නපුරුයි. ඒක නිසා අලුත් අග බිසවක් සරණ පාවා ගන්න කල වයස හරි දැන්"

ඔන්න ඔහෙම හිතපු කැකිල්ලේ රාජෝත්තමයා තමන්ගෙ අදහස රාජ සභාවට දැන්නුවා.  

"අවසර දේවයන් වහන්ස . අපේ ව්‍යවස්ථාවෙ හැටියට ඔබතුමාට අගබිසවව දික්කසාද කරන්න බෑ සාමාන්‍ය කෙනෙකුගෙ වයිෆ් කෙනෙක්ව දික්කසාද කරනව වගේ. ඒක නිසා රාජ සභාවට දෝෂාභියෝගයක් ගේන්න වෙනවා" පුරෝහිත තුමා කිවුවා.

"ග් ර් ර් ර් . කරන මඟුලක් කරලා මේ අග බිසවව අයින් කරල මට හොඳ අග බිසවක්ව ගෙනත් දෙනවා" කැකිල්ලේ රජතුමා බොහොම කෝප වෙලා අඩි පොළොවෙ හප්පලා ගිගිරුවා.

ඔන්න ඉතින් කැකිල්ලේ රජතුමාගෙ රාජ නියෝගෙ අනුව කැකිල්ලේ රාජ සභාවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කෙරුණා. චෝදනාව තමයි "අග බිසව මෝඩ වැඩියි" කියන එක. චෝදනාව විභාග කරන්න රජවාසල කවටයා, උයන් පල්ලා, අරක්කැමියා, කරණවෑමියා,ඇත් ගොවුවා, අස් ගොවුවා සහ රෙදි අපුල්ලන්නාගෙන් යුත් රාජ සභා කමිටුවකුත් පත් කෙරුණා.

කමිටුවෙ සභාපති වුණේ රාජ කවටයා.රාජ සභා සම්ප්‍රදාය අනුව කටයුතු කරපු කමිටුවේ සභාපති තුමා අග බිසව කමිටුව ඉදිරියට කැඳවගෙන එන්න කියල රාජ පුරුෂයෙකුට නියෝග කළා.

රාජ පුරුෂයා දුවල දුවල ගිහින් අග බිසවට දැන්නුවා රාජ සභාවට යහපත් වෙන්න කියල. මේ ඉන්නෙ අග බිසව රාජ සභාවට ඇවිත්.

"ඔබතුමියට විරුද්ධව දෝෂාභියෝගයක් ඉදිරිපත් වෙලා තියෙනවා. චෝදනාව තමයි ඔබතුමිය හරි මෝඩයි කියන එක. අපේ මහ රජතුමා වගේ මහා නුවණක්කාරයෙකුට ඔබතුමිය මෝඩ වැඩී. ඔබතුමිය මේ චෝදනාවට වැරදි කරුද නිවැරදි කරුද ?"

දෝෂාභියෝග කමිටුවේ සභාපති කවටයා අග බිසවට එල්ල වෙලා තියෙන චෝදනාව දැනුම් දුන්නා ( ඔව් ඔව් චෝදනාවට කවටයා අතිනුත් කෑල්ලක් වැඩිපුර දාලා. ඒ රජතුමාගෙන් 1 දා ගන්නනේ. රජතුමාත් පැත්තක ඉඳන් බලා ඉන්නවා මොකෝ වෙන්නෙ කියල )

"හහ් .. . මළ කෝලං තමුසෙල අද විහිලු කරන්න මාවද අල්ල ගත්තෙ. මට ඔය කෝලං වලට වෙලාවක් නෑ. මම යනවා උයනට මල් කඩන්න "

එහෙම කියපු අග බිසව ගස්ස ගස්ස යන්න ගියා

දැන් චෝදනා විභාග කරන්න අග බිසව නෑනේ. ඊලඟට ගත යුතු පියවර ගැන සාකච්ඡා කරන්න දෝෂාභියෝග කමිටුව රහසිගතව රැස් වුණා.

දවස් 7ක් නොකා නොබී රහසිගතව සාකච්ඡා කරපු දෝෂාභියෝග කමිටුව අවසානයේ තීරණයකට ආවා.

"අග බිසව දෝෂාභියෝග කමිටුවට පෙනී නොසිට නැගිටල ගිය නිසා එතුමියට විරුද්ධව මොකුත් කරන්න බෑ. අපේ රජතුමා අග බිසවට වඩා මහතයි. ඒ නිසා අපි එතුමාව මේ චෝදනා වලට වැරදි කරු කරනවා. අතීතයේදීත් එහෙම මහත වැඩි අයට විරුද්ධව තීන්දු දීමේ පූර්වාදර්ශ තියෙනවා. එම නිසා දෝෂාභියෝගයට වැරදිකරු වූ මහ රජතුමාව බලයෙන් පහ කරන්න මම නියෝග කරනවා"

කවටයා දෝෂාභියෝග කමිටුවේ තීරණය රාජ සභාවට දැනුම් දුන්නා.

ඒක අහපු රාජපුරුෂයෝ රජතුමාව ඇදගෙන යන්න පටන් ගත්තා.

"මේ මේ පොඩ්ඩක් ඉන්නවල කො. මම කියන දේත් අහනවල කො" රජතුමා කෑ ගැහුවා. ඒත් කවුරුවත් එතුමා කියන්න හදන දේට සවන් දෙන්න ලෑස්ති වුණේ නෑ.

                                                                         නිමි.

[ 07 - Dec - 2012 ]

22 comments:

desh දේශ් said...

pasta, uparimai ah,

Unknown said...

+++

මකුළු පැංචි (මංචි) said...

හික්ස්...අයියූ සල්ලි... :D හොඳවැඩේ මෝඩ රජාට...

Gamarala said...

Ela kathawak .antimata wenneth ehemada

සහන් සටහන් said...

මේකෙ මොකුත් ඇතුලෙ අභ්‍යන්තරයක් එහෙම නෑනේද?

Bunny said...

මන් අදුලන රජෙකුත් ඉන්නවා ඕම කලන! එයාත තාම ඕම උලේ ලෑ!
අලේ තව රස කතාවක් කියන්ඩකො!

මින් විසිතුරු said...

පවු නේද ඒ රජතුමා !

Sabith said...

නියමයි මචං!

උමා said...

hikizzzzzzzzzzzzzzzz hari wade

සිංහයා said...

ශ්‍රී ලංකාවේ අයටත් පීඩියාවක් ඇරඹුවා ඔන්න ඔයාලත් එන් http://sinhapedia.blogspot.com/
දැනුම බෙදාගන්න.
සෑම සෙනසුරාදාම-තොරතුරු තාක්ෂණ ලිපිය
සෑම ඉරිදාම ඉතිහාස ලිපිය

yasiru said...

ශ්‍රී ලංකාවේ අයටත් පීඩියාවක් ඇරඹුවා ඔන්න ඔයාලත් එන් http://sinhapedia.blogspot.com/
දැනුම බෙදාගන්න.
සෑම සෙනසුරාදාම-තොරතුරු තාක්ෂණ ලිපිය
සෑම ඉරිදාම ඉතිහාස ලිපිය

බක බකස් said...

අපරාදේ නිකන් කාලේ නාස්ති කර ගන්නේ නැතුව අග බිසවට තිබුනේ නෑවිදින්ම ඉන්න.

The තරුවා said...

හිකිස්..

දුමී said...

ඇත්තටම එහෙම වෙයිද ?

Hasitha Gunasinghe said...

වඳුරෙක් තමන්ගේ ආරක්ෂකයා කරගත්තු රජතුමාට දෙවෙනි නැහැ මේ රජතුමාත් :D

පොත් ගුල්ලා said...

කතාවෙන් ගත හැකි ආදර්ශය;
අග බිසවට වඩා මහත්වීම අවදානම් සහිතය.

ඉන්දික උපශාන්ත said...

අනේ එහෙමවත් වෙනවනං...! ඒත් ඊට පස්සෙ මොනා වෙයිද? බිසව රජ උනොත් එහෙම! හුටා...පටා....

නලිනි චන්දිමා said...

:D අය්යෝ රජතුමාට වැඩි තණ්හාවට ගිහින් වෙච්ච දෙයක්.

කතන්දර Kathandara said...

දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

ayilas said...

නියමයි....

ගංඟාවේ ගීතය said...

කාලෙකින් මොකුත්ම ලීවෙ නැත්තෙ ඇයි?

ප්‍රාර්ථනා said...

රසයි... :)

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D