Thursday, January 29, 2009

ඔබාමාගේ පූස් පොරොන්දුව


ඇමරිකාවෙ ජනාධිපතිට සම්බන්ධ හැම දෙයකටම අංක එකේ නමක් දෙනවනෙ.


උදා:
First lady - භාර්යාව
Air force one - නිල ගුවන් යානය
Cadillac one - නිල රථය
First pet - සුරතලා

( හැබැයි News First කියන්නෙ නිල ප්‍රවෘත්ති ද කියලනම් මම හරියටම දන්නෙ නැහැ )

බැරි වෙලා හරි හිලරි ක්ලින්ටන් ජනාධිපති වුනානම් බිල් ක්ලින්ටන්ට ඇමරිකාවෙ ප්‍රථම First Gentlemen වෙන්න තිබ්බා.

මේ ඉන්නෙ බිල් ක්ලින්ටන් ජනාධිපති කාලෙ හිටපු First Cat. එයාගෙ නම Socks.


බුෂ් මාමා ගැනත් කියන්න එපැයි. කලු ජනාධිපති කෙනෙක් එන්න කලින් බුෂ් මාමා ධවල මන්දිරයට කලුම කලු පූසෙක්ව ගෙනෙත් තිබ්බා. මේ ඉන්නෙ එයා. (මෙයා පහුගිය ජනවාරි 5 වෙනිදා මැරුණා)



Source: Wikipedia

මෙයාගෙ නම India(ඉන්දියා). India කියල පූසට නම තිබ්බ කියල ඉන්දියාවෙ උද්ඝෝෂණ එහෙමත් තිබ්බලු ඒ කාලෙ.

ඇමරිකාවෙ අලුත්ම ජනාධිපති ඔබාමා මාමාට චූටි දුවල දෙන්නෙක් ඉන්නවනෙ. ඔබාමා මාමා ඒ දෙන්නට පොරොන්දු වුනාලු ධවල මන්දිරයට ගියාම පූසෙක්ව ගෙනෙත් දෙනව කියලා. හැබැයි තවම ගෙනෙල්ල දුන්නෙනම් නැහැලු.


අනේ මන්දා මේ දේශපාලකයන්ගෙ පොරොන්දුනම්.....

දුවල දෙන්නගෙ සෞඛ්‍යයට හොඳ නැහැ කියලලු ගෙනෙත් දෙන එක පරක්කු කරන්නෙ. දැන් ඔන්න බේරෙන්නම බැරි තැන මවිල් නැති පූසෙක්ව හොයනවලු. ඔන්න ලොම් හැලිච්ච නාකි පූසන්ට හොඳ චාන්ස් එක.

අපි බලමුකො ඇමරිකාවෙ ඊලඟ First Cat මොන වගේ එකෙක් වෙයිද කියලා.


[ 29 - Jan - 2009 ]

Tuesday, January 20, 2009

තෙල් සහ මදුරුවෝ



මුලතිවු ධර්මපුරම් වලින් LTTE යෙ භූගත ඉන්ධන ගබඩාවක් හම්බ වෙලාලු. තෙල් මිල අඩු කරන්න කියල අඬන්න ඉන්න අයගෙ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ නේද ?



මේ විදිහට තෙල් ගබඩා කරොත්
මදුරුවො බෝ වෙන්නත් පුළුවන්.



source: Lanka-e-News


[ 20 - Jan - 2009 ]

Thursday, January 15, 2009

සුභ හරක් අවුරුද්දක් වේවා!!!


මම මගේ හින්දු යාලුවන්ට තෛපොංගල් වලට සුභ පතන්නෙ තෛපොංගල් පහුවෙලා එක දවසක් ගියාම.

ඒ මොකද දන්නවද ? ....

තෛපොංගල් දවස ( මිනිස්සුන්ගෙ අවුරුදු දවස ) ට පස්සෙ දවස හරකුන්ගේ. ඒකයි :-)

ඉතින් හින්දු ආගමේ හැටියට අද තමයි හරකුන්ගේ අවුරුදු දවස.

අද හරකුන්ව හොඳට නාවල පාට කරල පොට්ටු තියල ලස්සනට මේකප් කරනවා.අනේ පවු හරකුන්ටනම් හිතෙනව ඇති මේ මොන කෝලමක්ද කියල නේද ?




ඒ විතරක් නෙවෙයි චීන ක්‍රමේ හැටියට මේ අවුරුද්ද ( 2009 ) හරකාගේ අවුරුද්ද.
[ Chinese New Year 2009 - The Year of Ox - The Year of Brown Cow ]

මට 2009 අවුරුද්ද වෙනුවෙන් සුහ පතල බ්ලොග් සටහනක් ලියන්නත් බැරි වුනානෙ.

ඒක නිසා හරක් අවුරුද්ද වෙනුවෙන් අද හරකුන්ගේ අවුරුදු දා ඔන්න මගේ සුභපැතුම්.

ඔබ සැමට ගොංම ගොං නව වසරක් වේවා!!!

[ 15 - Jan - 2009 ]

Friday, January 9, 2009

ඔන්න වෙලාව


අලිමංකඩ කොටින්ගෙන් නිදහස් කරගත්තලු. ඔන්න යන එන මං නැතුව හිටපු අලි රාලහාමිලට එහා පැත්තට මෙහාපැත්තට පැනගන්න හොඳ වෙලාව.



[ 09 - Jan - 2009 ]

Tuesday, January 6, 2009

තලගොයි කොටියා


මහ ඇමති කරුණානිධි පහුගිය දවසක තමිල්නාඩුවෙ ඉන්න LTTE අධාර කරුවන්ට විරුද්ධව ප්‍රකාශයක් නිකුත් කරල තිබ්බා.

Source: IndiaTimes

මේක බොරු සද්දයක් කියල හිතුවට ඊයෙ පෙරේද ඇත්තටම කොටියො වගයක් අත්අඩංගුවටත් ගත්තලු. අනේ මන්දා.


ඒ වුනාට මමනම් වෙජිටේරියන්. වෙජිටේරියන් කිවුවට අන්තවාදී වෙජිටේරියන් නම් නෙවෙයි. ඒ වුනාට බාබේරියනුත් නෙවෙයි.


[ 06 - Jan - 2009 ]

අගවිනිසුරු තුමා වෙත ( ඉන්දියාවේ )


1974 දි කච්චතිවු දූපත ශ්‍රී ලංකාවට පවරා දීපු ගිවිසුම අහෝසි කරලා කච්චතිවු දූපත ආපහු ඉන්දියාවටම පවර ගන්න කියල ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්දියානු රජයට නියෝග කරල. ජයලලිතා ඇන්ටි දාපු නඩුවක තීන්දුවක් විදිහටලු මේ නියෝගය නිකුත් කරල තියෙන්නෙ.

source : DailyMirror ( read the article here)

කොටින්ට මුලතිවුත් නැති වුනාම වෛකල්පිත (මනඃකල්පිත ) ඊළාම් රාජ්‍යය කච්චතිවු වල පිහිටුවන්නවත්ද මන්දා ?



හොඳයි ඉන්දියානු ආණ්ඩුව 1974 ගිවිසුම අහෝසි කරා කියමුකො ශ්‍රේෂ්ඨාධිකරණයට ගරු කරලවත්. එතකොට ඒක ආදර්ශයට අරගෙන, 1947 දි ඉන්දියාවට නිදහස දීපු ගිවිසුම අහෝසි කරන්න කියල එංගලන්තෙ සුප්‍රීම් කෝටුව එළිසබත් මහ රැජිනට නියෝගයක් දුන්නොත් එහෙම මොකෝ වෙන්නෙ.



ඉන්දියාවේ අගවිනිසුරු තුමනි,
මේ ඔබේ අවධානය පිණිසයි !!!

[ 06 - Jan - 2009 ]