Thursday, January 29, 2009

ඔබාමාගේ පූස් පොරොන්දුව


ඇමරිකාවෙ ජනාධිපතිට සම්බන්ධ හැම දෙයකටම අංක එකේ නමක් දෙනවනෙ.


උදා:
First lady - භාර්යාව
Air force one - නිල ගුවන් යානය
Cadillac one - නිල රථය
First pet - සුරතලා

( හැබැයි News First කියන්නෙ නිල ප්‍රවෘත්ති ද කියලනම් මම හරියටම දන්නෙ නැහැ )

බැරි වෙලා හරි හිලරි ක්ලින්ටන් ජනාධිපති වුනානම් බිල් ක්ලින්ටන්ට ඇමරිකාවෙ ප්‍රථම First Gentlemen වෙන්න තිබ්බා.

මේ ඉන්නෙ බිල් ක්ලින්ටන් ජනාධිපති කාලෙ හිටපු First Cat. එයාගෙ නම Socks.


බුෂ් මාමා ගැනත් කියන්න එපැයි. කලු ජනාධිපති කෙනෙක් එන්න කලින් බුෂ් මාමා ධවල මන්දිරයට කලුම කලු පූසෙක්ව ගෙනෙත් තිබ්බා. මේ ඉන්නෙ එයා. (මෙයා පහුගිය ජනවාරි 5 වෙනිදා මැරුණා)



Source: Wikipedia

මෙයාගෙ නම India(ඉන්දියා). India කියල පූසට නම තිබ්බ කියල ඉන්දියාවෙ උද්ඝෝෂණ එහෙමත් තිබ්බලු ඒ කාලෙ.

ඇමරිකාවෙ අලුත්ම ජනාධිපති ඔබාමා මාමාට චූටි දුවල දෙන්නෙක් ඉන්නවනෙ. ඔබාමා මාමා ඒ දෙන්නට පොරොන්දු වුනාලු ධවල මන්දිරයට ගියාම පූසෙක්ව ගෙනෙත් දෙනව කියලා. හැබැයි තවම ගෙනෙල්ල දුන්නෙනම් නැහැලු.


අනේ මන්දා මේ දේශපාලකයන්ගෙ පොරොන්දුනම්.....

දුවල දෙන්නගෙ සෞඛ්‍යයට හොඳ නැහැ කියලලු ගෙනෙත් දෙන එක පරක්කු කරන්නෙ. දැන් ඔන්න බේරෙන්නම බැරි තැන මවිල් නැති පූසෙක්ව හොයනවලු. ඔන්න ලොම් හැලිච්ච නාකි පූසන්ට හොඳ චාන්ස් එක.

අපි බලමුකො ඇමරිකාවෙ ඊලඟ First Cat මොන වගේ එකෙක් වෙයිද කියලා.


[ 29 - Jan - 2009 ]

3 comments:

said...

ෂා මවිල් නැති පූසෙක් උනා නම් White House එකේ පදිංචියට යන්න තිබ්බා

malee_msg said...

හප්පප්ප්පා... එහේ පූසන්ටත් රජ සැප ඇති නේ.......

සංකල්ප said...

රජ පූසෙක්

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D