Tuesday, April 8, 2014

මාර්ක් සකර්බර්ග්ට තෙරුවණ් සරණයි




මාර්තු මස 21 වැනිදාට යෙදුනු ලෝක කවි දිනයට සමගාමීව,සිහල කවි සංගමයේ සහ කෝකිල හඬ පුවත්පතෙහි පූර්ණ අනුග්‍රහය ඇතිව මුහුණුපොතෙහි සඳැස් කවි තරඟයක් පැවැත්වුණා. මුහුණු පොතේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් මැතිතුමාට තිසරණ සරණ පතමින් මමත් පුංචි කවි පන්තියක් ඉදිරිපත් කළා.


මෙත් සිත පතුරා සියලු සතුන්.............වෙත
අත් හැර සක්විති මහ රජ ...........,....සම්පත
මර සෙන් පරදා ලැබුවේ බුදු.......... ...නෙත
නමදිමු මුනිඳුන් පහදා බැති..................සිත

සසර කතර ගණඳුර.................. දුරලන්නට
තම නැණ පමණින් පිහිටට............ගන්නට
දෙසුව මුනිඳු දෙව් බඹ මිනිසුන්.............හට
අවසර සිරි සදහම්.....................නමදින්නට

මුනිඳුන් පෑ පිළිවෙත්..................,පුරමින්නේ
සිල් සමාධි ගුණයෙන්,,,,,,,,,,,,,,,,,,දිදුලන්නේ
සිවු දිග මුනි බණ පද...................පතුරන්නේ
තෙවනුව මහ සඟ ගණ...............නමදින්නේ

පෙර කල ලියවුණු පුස් කොළ...........මතුපිට
රස ගුණ අරුතින් පිරි හෙළ..............කවියට
මෙවන් අරුම තැන් සාදා..................දුන්නට
තෙරුවණ් සරණයි සකර්බර්ග්................හට




[ 08 - Apr - 2014 ]

6 comments:

Unknown said...

පෙර කල ලියවුණු පුස් කොළ...........මතුපිට
රස ගුණ අරුතින් පිරි හෙළ..............කවියට
මෙවන් අරුම තැන් සාදා..................දුන්නට
තෙරුවණ් සරණයි සකර්බර්ග්................හට

Anonymous said...

අනේ මේ කවි පංතිය ලස්සනයි , ට්‍රාන්ස්ලේට් කරල මාර්ක් සකර්බර්ග්ට යැව්ව නම් හරි සතුටු වේවි.

Chanaka Aruna Munasinghe said...

@Jani Wasanth

මොකෝ මම ලියපු එකම කොපි පේස්ට් කරල දාලා?
----------------------------
@සොන්යා

මටත් හිතුණා. ඒත් කවියක් කවියක් විදිහටම ට්‍රාන්ස්ලේට් කරන්න හරි අමාරුයිනෙ. බැරිද මට මේක ට්‍රාන්ස්ලේට් කරල දෙන්න

Podi Kumarihami said...

කවි ටික ලීව මකර පැටියටත් තෙරුවන් සරණයි...:)

Chanaka Aruna Munasinghe said...

පොඩ්ඩි අක්කිටත් තිසරණ සරණයි

Anonymous said...

නියමයි..............

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D