Saturday, May 21, 2011

සිංගප්පූරුවේ ජාතික සේවය සහ ශ්‍රීලංකාවේ නායකත්ව පුහුණුව

.
සිංගප්පූරු ජාතික සේවකයන් පිරිසක්


මගේ කලින් බ්ලොග් සටහනකට ප්‍රතිචාරයක් දක්වපු වීර පුරන් අප්පු මෙන්න මෙහෙම දෙයක් කියල තිබ්බා

"එක පරම්පරාවක් ඇතුලත ඌන සංවර්ධිත තත්වයක ඉඳලා සංවර්ධිත රටක් බවට පත් වෙච්ච එකම රට සිංගප්පූරුව මම දන්නා විදියට. එක කියන්න ලේසි උනාට කරන්න කොච්චර අමාරු වෙන්න ඇතිද...? අනික් ඒවා කෙසේ වෙතත් මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කිරීම කොයි තරම් නම් අමාරු වෙන්න ඇතිද....? විශේෂයෙන්ම එක genaration එකක් තුළ. "

මේකට උත්තරය විදිහට මම දකින්නේ සිංගප්පූරුවේ ජාතික සේවය (National Service). වයස 18 සම්පූර්ණ  කරන සෑම(පිරිමි පමණයි ) සිංගප්පූරු ජාතිකයෙක්ම සහ සෑම ස්ථීර පුරවැසියෙක්ම එයින් පසුව අනිවාර්යයෙන්ම අවුරුදු 2ක් ජාතික සේවයේ යෙදිය යුතුයි. විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීම හෝ වෙනයම් රැකියාවක් කිරීමට පෙර  මේ අවුරුදු දෙක අනිවාර්යයෙන්ම සම්පූර්ණ කළ යුතුමයි

ජාතික සේවය සඳහා වයස සම්පූර්ණ කරන සියළු දෙනාම රට පුරා හමුදා කඳවුරු වලට අනුයුක්ත කරනවා. ඉන්පසුව අවුරුදු 2ක් පුරාවට සතියට දින 5 බැගින් ඔවුන් ජාතික සේවයේ නිරත විය යුතුයි. සති අන්ට දිනවලදී ඔවුන්ට නිවෙස් වලට යාමට අවසර ලැබෙනවා. සෑම සිකුරාදාවකම සහ ඉරිදාවකම හවස් කාලයේදී හමුදා ඇඳුම් වලට සමාන ඇඳුම් වලින් සැරසුණු ජාතික සේවක යෞවනයන් රංචු පිටින් පොදු ප්‍රවාහන සේවා වල ගමන් කරන එක සිංගප්පූරුවේ සාමාන්‍ය දර්ශනයක්.

මේ අවුරුදු දෙක ඇතුළතදී ඔවුන්ට ලැබෙන පුහුණුව පූර්ණ හමුදාමය පුහුණුවක් නෙවෙයි. හමුදාමය පුහුණුවක යම් යම් අංගත් ඊට ඇතුළත් වුණත් පූර්ණ හමුදාමය පුහුණුවක් ලැබෙන්නෙ ඒ අවුරුදු දෙක සම්පූර්ණ කළාට පස්සෙ තවදුරටත් හමුදාවේ රැඳෙන්න කැමති කට්ටියට විතරයි. අනිත් අය විශ්ව විද්‍යාල වලට සහ වෙනත් රැකියා වලට එකතු වෙනවා

මේ අවුරුදු දෙකක ජාතික පුහුණු කාලය අතරතුර ඔවුන්ට යහපත් ශරීර සෞඛ්‍යයක් රැකගැනීමට අවශ්‍ය ව්‍යායාම් පුහුණුව, දේශපාලනය, පරිගණක තාක්ෂණය, කලමණාකරණය වගේ පරාසයක විහිදුණු පුහුණුවක් ලබා දෙනවා.  ඊට අමතරව ඔවුන්ට රට ගැන පූර්ණ අවබෝධයක් ලබා දෙනවා. ඒ පොත පතේ දැනුමෙන් නෙවෙයි. ඔවුන්ව වරායවල්, ගුවන් තොටුපොලවල් කෞතුකාගාර, විශ්ව විද්‍යාල වගේ තැන්වල ශ්‍රම දායකත්වයකට අනුයුක්ත කිරීම මගිනුයි ඔවුන්ට රටේ ආයතන වල ක්‍රියාකාරීත්වය ගැන ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන්නේ.

මේ අවුරුදු දෙකක පුහුණුව නිම කරලා විශ්ව විද්‍යාල වලට ඇතුලත් වෙන අය තුළ සෑහෙන පෞරුෂයක් සහ සංවිධානාත්මක ශක්තියක් තියෙනවා. විශ්ව විද්‍යාල වල ශිෂ්‍ය සංගම් හා ක්‍රීඩා කණ්ඩායම් වල නායකත්වය  දරන්නේ විශ්ව විද්‍යාලයේ පළමු වසර සිසුන් . ලංකාවෙනම් එවැනි තනතුරු දරන්නේ අවසන් වසර වල සිසුන්නෙ. නමුත් මෙහේ සිසුන් පළමු වසරට ඇතුළත් වෙනකොටම ඔවුන්ට එවැනි තනතුරු දැරීමේ හැකියාව ලබා දීලයි තියෙන්නෙ.

මූලික අවුරුදු දෙකේ පුහුණුවෙන් පස්සෙ වයස 35 සම්පූර්ණ වෙනකම් හැම අවුරුද්දකටම සති දෙක බැගින් වූ කාලයකට ඔවුන් නැවතත් කඳවුරු වලට යා යුතුයි. ඒ සති දෙකක කාලයේදී කෙරෙන්නේ කලින් ඉගෙන ගත්ත දේවල් නැවත මතක් කර දීමක්. ( අමතක වූ ශාරීරික ව්‍යායාම් එහෙම වගේ දේවල් )

====

මේ දවස් වල ලංකාවේ ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් තමයි විශ්ව විද්‍යාල වලට ඇතුළත් වෙන්න ඉන්න සිසුන්ට ලබාදීමට නියමිත සති 3ක නායකත්ව පුහුණුව. සමහරු මේක හොඳ දෙයක් කියන අතරේ තවත් සමහරු මේක නරක දෙයක් විදිහටයි දකින්නේ. මේ පුහුණුවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ මානව අයිතිවාසිකම් නඩුවක් පවා දාලයි තියෙන්නෙ.

ලංකාවේ සිසුන්ට ලබාදෙන්න යන සති තුනේ පුහුණුවේ ස්වරූපය ගැන තවම ආණ්ඩුව හෙළි කරලා නැහැ. ලංකාවේ මෙවැනි දෙයක් වෙන්න යන්නෙ ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවටයි. ඒක හින්දා මේ පුහුණුවේ ස්වරූපය ගැන ගොඩක් දෙනා තවම දන්නෙ නෑ . එස්.බී දිසානායක ඇමතිතුමානම් කියන්නෙ සිසුන්ට දත් මදින ආකාරය ගැන පුහුණුවක් දෙනවා කියලයි.  


හැබැයි මට ලැබුණු අතිශය රහසිගත බුද්ධි වාර්තා දෙකකට අනුවනම් මේ පුහුණුව දත් මැදීමේ පුහුණුවෙන් ඔබ්බට යන පුහුණුවක්. ශාරීරික ව්‍යායාම් සහ කාල කළමණාකරණ පුහුණු වලට අමතරව ගැහැණු ළමයින්ට සහ පිරිමි ළමයින්ට අති විශේෂ පුහුණු 2ක් ලබා දීමට නියමිතයි

මේ නායකත්ව පුහුණුව පැවැත්වෙන සති 3ක කාලය පුරාවට කඳවුරේ සිටින සියළුම දෙනාට (දාහකට දෙදාහකට විතර පිරිසකට ) ආහාර පාන උයා දීම වගකීම පැවරෙන්නේ කඳවුරට සහභාගි වෙන ගැහැණු ළමයින්ටයි. උයන්න දන්නෙ නැති ගැහැණු ළමයින්ට උයන කටට රහට උයන ආකාරය කියා දෙනු ඇති.ගැහැණු ළමයි උයන අතරේ පිරිමි ළමයින්ටත් නිකං ඉන්න ලැබෙන්නේ නෑ. ඒ අයට කැලේ ගිහින් දර කඩාගෙන ඒම. දර පලා දීම. පොල් ලෙලි ගසා දීම ආදිය ගැන පුහුණුවක් ලැබෙනු ඇති.

පුහුණු කඳවුරු ව්ලට සහභාගි වෙන නංගිලා මල්ලිලා හෙට සිට සති තුනක් මේ පුහුණුව අත්දකීවි. පුහුණුව ඉවර වුණාට පස්සෙ ඔබේ අත්දැකීම් ගැන බ්ලොග් සටහන් ලියා අපිත් එක්ක බෙදා හදා ගන්නත් අමතක කරන්න එපා

හෙට දින නායකත්ව පුහුණුවට යන නංගිලාට සහ මල්ලිලාට 
මකර අධිරාජයාගෙන් උණුසුම් සුභපැතුම් !!!


ප.ලි 
===
කවුරු කොහොම කිවුවත් ඔය නායකත්ව පුහුණුවෙන් ලැබෙන දේවල් අපතේ යන එකක් නැති වේවි. ඔයවැනි කඳවුරු කිහිපයකට සහභාගී වී ලබපු අත්දැකීම් ඇසුරෙනුයි මම කියන්නෙ. ලෝකයේ විනයගරුකම සහ විශිෂ්ඨතම හමුදාවෙන් ඔබ ලබන සති 3ක නායකත්ව පුහුණුව සුපිරි අත්දැකීමක් වේවි. 

[ 21 - May - 2011 ]

73 comments:

මාරයාගේ හෝරාව said...

මම ඔය ගැන පෝස්ට් දාන්න ගියේ නැහැ..ඒ මම ඕක ලියන්න ගියානං අපේ විශ්ව විද්‍යාල වල ඉන්න උගත් පිඑිස මේ නූගත් මාත් එක්ක පැටලෙන්න එන්න ඉඩ තියෙන හින්දා..ඒත් මං දන්න කියන ඔකට යන්න නියමිත හැම ළමයෙකුටම වගේ පෞද්ගලිකව කතා කලා..ඒ ඕකේ තියෙන වටිනාකම තේරුම් කරලා දෙන්න...

ඇත්තටම හොඳ ලිපියක් මකරා..විශේෂයෙන්ම උඹ වගේ එකෙක් අතින් ලිය උන නිසාම...
බොහෝම ස්තූතියි..මං හිතන්නේ අපේ රටේ මීට කලින් කරන්න තිබුන දෙයක් මේක..SB ගේ සද්භාවය ගැන මම කතා කරන්න යන්නේ නැහැ..ඒත් මොන විදියකින් හරි මේකට අත තිබ්බ එක හරි වටිනවා..මට ඔතනදී තියෙන්නේ හමුදාමය අත්දැකීම් විතරයි..ඒ හින්දයි මට ලියන්න බැරි ඔය ගැන..මොකද එතකොට 8 පාස් එකෙක් බණ කියන්න එනවා කියලා දීලා අදින එකනේ කරන්න පුළුවන් පහසුම වැඩේ.

මං දන්නේ එක දෙයයි..හමුදා ජීවිතය විසින් මාව පුහුණු කරවලා තියෙනවා..මගේ වැඩ ටික නියම වෙලාවට හරියටම කර ගන්න..කාටවත් බරක් නැතිව ජීවත් වෙන්න...ඒ වගේම කාගේවත් අතකොළුවක් නොවී තනියම තීරණ ගන්න..ඒවා ක්‍රියාත්මක කරන්න..ඒකට අන් අයව එකතු කර ගන්න...
රටට හානියක් වෙන දේකදී රට වෙනුවෙන් කොන්දේසි විරහිතව කතා කරන්න.ඇතුළු බොහෝමයක් දෑ..විශේෂයෙන්ම කාලය කලමණාකරණය කර ගැනීම කියන පාඩමම උනත් ඇති ළමයින්ට ඕකෙන් ගන්නවනං...

Chanaka Aruna Munasinghe said...

@ මාරයාගේ හෝරාව

ස්තූතියි මාරයෝ හමුදාමය ප්‍රතිචාරයට.

මාරයාගේ හෝරාව said...

දන්න දේ එපෑ බං කියන්න..නොදන්න ඉංගිරිසියට ගෙහුන් වරිගේ නහ ගන්න ඇහැකියෑ..
හැබැයි මම ඔය වැඩේදී තව දෙයක් කියන්න කැමතියි..අර O/L ලියලා ප්‍රතිඵල එනකල් ඉන්න කාලෙදී හැම ළමයෙකුටම ඕක දුන්නනං තවත් හොඳා...

Chanaka Aruna Munasinghe said...

@ මාරයාගේ හෝරාව

මම O/L ඉවර වෙලා ඉන්න කාලෙ මේ වගේ පුහුණුවක් ලැබුවා. හැබැයි මුදල් ගෙවලා

Chanaka Aruna Munasinghe said...

@ මාරයාගේ හෝරාව

සිංගප්පූරුවේ මේ පුහුණුව හැම ළමයටම ලබා දෙනවා. විශ්ව විද්‍යාලෙ යන්න ඉන්න අයට විතරක් නෙවෙයි.

Chamitha said...

හහා... මකරා අයිය ආණ්ඩුවෙ වැඩක් අගය කරල ලිපියක් ලියල තියනව දැක්කමයි:) මේ මාතෘකාව කරලියට එද්දි මටත් මුලින්ම මතක් වෙච්ච දෙයක් තමයි ලෝකයේ කොච්චර රටවල් ගානක් අනිවාර්ය හමුදා පුහුණුව ක්‍රියාත්මක කරනවද කියන එක. සිංගප්පූරුව හැරුණම නෝර්වේ, ස්විට්සර්ලන්තය, රුසියාව, ඩෙන්මාර්කය ආදී බොහෝ රටවල් මෙවන් වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. හමුදා පුහුණුව තුළින් පෞරුෂ වර්ධනයක් ඇතිවෙනව කියන එක පැහැදිලි දෙයක්. මම හිතන හැටියන පෞරුෂ වර්ධනය අනිත් කාටවත් වඩා ඕනෙ කරන පිරිස තමයි සරසවි ශිෂ්‍යයො කියන කාණ්ඩය. මොකද ඔවුන් තමයි සමාජයේ වගකීම් සහගත තැන් වලට අනාගතයෙ යන්නෙ (හැම වෙලේම නොවුණත් තියරි එකක් හැටියට ). අපේ කැම්පස් වල තියන රැග් සංස්කෘතියත් එක්ක වෙන්නෙ කොල්ලෙක්ගෙ තියන පෞරුෂයත් කඩා ඉහිරවන එක නිසා මේ වගේ වැඩසටහනක් තුළින් හෝ යම් පෞරුෂ වර්ධනයක් ඇතිකරන්න පුලුවන් නම් ඒක වැදගත්. මම හිතන්නෙ මේ වැඩසටහනට විරෝධයක් ඇතැම් අංශ වලින් මතුවෙලා තියෙන්නෙ ඒ ගැන සමාජයේ තාමත් තියෙන්නෙ අපැහැදිලි චිත්‍රයක් නිසා. ඒ වගේම ගැහැණු ළමුන් එක දිගට සති 3ක් රඳවගන්න එක, තමන්ගෙ ගෙවල් දොරවල් වලින් ගොඩක් දුරබැහැර කඳවුරු වලට අනුයුක්ත කරන එක (උදාහරණයක් විදියට ගොඩක් මහනුවර සිසුන් දාලා තියෙන්නෙ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට ) වගේ කරුණු මේ වැඩසටහනේ මමත් දකින ප්‍රශ්නකාරී පැති. ඒ වුණත් සංකල්පයක් විදියට මේක හොඳ දෙයක් කියල මම හිතනවා. ඒකට හේතුව අයිය කියනවා වගේම මෙවන් වැඩසටහන් වලින් ගොඩක් රටවල් ඉහළ ඵල නෙලාගෙන තියන එක...

Chanaka Aruna Munasinghe said...

@ Chamitha

මහනුවර අයව ත්‍රිකුණාමලයට සති 3ක් යැවීම මහ බරපතල දෙයක් හැටියට මම දකින්නෙ නෑ. යුද්ධ කාලෙ සමහර යාපනේ ළමයි හිටියා විශ්ව විද්‍යාලයට ආවට පස්සෙ අවුරුදු 4ටම එක පාරක්වත් ගෙදර නොගියපු.(ගැහැණු ළමයිද ඇතුළුව ) . කොහොමටත් ඔය ගෑණු ළමයින්ට විශ්ව විද්‍යාලයට ගියාට පස්සෙ සති තුන හතර ගෙදර එන්නෙ නැතුව ඉන්න වෙනවමනෙ විභාග කාලෙට එහෙම

සිංගප්පූරුවේ ජාතික සේවයේ මුල් අවුරුදු දෙක ඇතුලත ඔවුන්ව රටපුරා හැම පැත්තකටම වගේ යවනව සති කීපය බැගින්. ඒ පුහුණුව ලබපු කෙනෙක්ට් රටේ සියලුම ආයතන වල යාන්ත්‍රණය ගැන හොඳ දැනුම එනවා.

Chanaka Aruna Munasinghe said...

@ Chamitha

ආණ්ඩුවේ මේ වැඩේ හොඳයි වගේ වුණාට විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ට සළකන විදිහනම් අන්තිම නරකයි

Buratheno said...

දැන් ඉන්න එවුන්ට තියෙන සැප බලාපල්ලා.. අපට තිබ්බෙ නෑ නෙවැ මේ වගේ ඒවා.. :)

buwa said...

මේ කාරනා දෙක මූලික හේතු 3 ක් නිසා සම්පූර්ණයෙන්ම වෙනස් තත්ව දෙකක්
01) ලංකාවේ මේ දේ දෙන්න තමන්ගෙ අධ්‍යාපනය හොඳටම අවසන් කරපු පිරිසට "විතරයි"
02) සිංගප්පූරුවේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් , සමාජ ආකල්ප හා ලංකාවේ ඒ දේවල් අතර ලොකු පරස්පරතා තියනව
03) කොහොමටත් සිංගප්පුරුව කියන්නෙ සංවර්ධනයේ පරමාදර්ශය නම් නෙවෙයි මම දකින විදිහට (හැබැයි අපේ අය යන්නේ ඒ පිටුපස බවයි පෙන්න තියෙන්නෙ )

Anonymous said...

නායකත්ව පුහුණුව හොදයි.... ඒ වුනත් රාජපක්ෂ රෙජිමයේ චේතනාව නම් ඒක නෙවෙයි.... රටේ තියෙන සෑම අයතනයක්ම අනියම් ආකාරයෙන් මිලිටරීකරණය කරනන යන්නේ....මට තෙරෙන්නෙ නෑත්තේ... ඈයි හමුදාවේ අයව පාළත් පාළන ආයතන අධීක්ෂනය කරන්න යොදවන්නේ ඈයි කියන එක....මහින්ද රාජපක්ෂගේ කෙසේ වෙතත් ගොඨාභය රාජප්ක්ෂගේ යටි අරමුණු ලංකාවේ ඉන්න බුද්ධිමත් ජනතාව ;) තේරුම් ගන්නෙ වෑඩි කාලයක් ගත නොවේවා යෑයි මම ප්‍රර්ථනා කරමි .තවද
@chamitha
චමිත මල්ලි වෑනි බුද්ධිමත් කෙනෙක් මේ ව්දිහට අණ්ඩුවට අන්ධ විදිහට කෑඩ යන එක ගෙන මගේ බලවත් කනගාටුව

buwa said...

අමතක උනා සිංගප්පුරුවේ ඕක පිරිමිනට විතරයි මෙහේ හැමෝන්ටම ,අනික් රටවල අනිවාරය යුධ පුහුණුඅව ගැන ඉහලින් කතා කරන චමිත මහත්තයට

බහුතරයක් රටවල මේ සඳහා ගන්නේ පිරිමින් විතරයි , ඒ වගේම ජර්මනිය වගේ රටවල් එතනින් ඉවත් වෙන්නයි සූදානම , ඔබතුමා සඳහන් කරල ස්විස්ටර්ලන්ත්යේ 55% 60% විතරලු ඔය පුහුණුව හරියට සම්පූර්න කරන්නේ . ඔබතුමා කතාකරන රටවල් සුලුතරය හැරුණාම බහුතරයක් දියුණු රටවල් ඇතුලු අනික් රටවල් ඔය වගේ ඒව ක්‍රියාත්මක කරන්නෙ නැ , මොකො ඒ අයගේ පෞර්ෂත්වය අප්සෙට් ගහලද ? ලොකේ ටික දෙනෙක් කරන කුණු ගොඩක් දැක්කාම අපිත් ඒක කරගහගන්න ඕනිද ?

Chanaka Aruna Munasinghe said...

@ Buratheno

ඒක තමයි. අපිත් එක්ක විශ්වවිද්‍යාලයේ හිටියා සංවිධානයේ යුධ පුහුණුව ලබපු අය. ඒ අය ඒ පුහුණුව ගැන කියද්දි අනේ අපිටත් එහෙම පුහුණුවක් ලැබුනනම් කියල මට හිතිච්ච වාර බොහොමයි
================
@ buwa

1).ලංකාවේ සියළුම දෙනාට මේ පුහුණුව දෙන්න ප්‍රමාණවත් සම්පත් සහ පහසුකම් නැතුව ඇති

2). දශක දෙකකටතුනකට පෙර සිංගප්පූරුව ලංකාව වගේම රටක්ලු. එක පරාම්පරාවක් තුළදී සිතුම් පැතුම් , සමාජ ආකල්ප වෙනස් වුණේ මෙවැනි ක්‍රියාකාරකම් හින්දා වෙන්න ඇති කියලයි මටනම් හිතෙන්නේ. වීර පුරන් අප්පුගේ කොමෙන්ටුවත් කියවල බලන්න. පෝස්ට් එකේ උඩින්ම ලින්ක් එක ඇති

3).සංවර්ධනයේ Perfect පරමාදර්ශයක් ලෝකෙ කොහේවත් නෑ

Chanaka Aruna Munasinghe said...

@ Anonymous

රාජපක්ෂ රෙජිමයේ ක්‍රියා කලාපයේ හැම දෙයක්ම මම අනුමත කරන්නේ නෑ. චමිතගේ කොමෙන්ටුවෙන් ඒ බව පැහැදිළි ඇති. මගේ මේ ලිපියේ අරමුණ සිංගප්පූරුවේත් මෙවැන්නක් තියෙන බව කීම පමණයි මෙවැනි පුහුණුවක් හොඳ අරමුණකින් ලබා දුන්නොත් යහපත් ප්‍රතිපල වගේම නරක අරමුණකින් ලබා දුන්නොත් ඉතාම අයහපත් ප්‍රතිපලත් ලැබෙනු ඇති. ඒ ප්‍රතිපල දකින්න පරම්පරාවක හෝ දෙකක කාලයක් යයි.

රාජපක්ෂ රෙජිමයේ ගමන් මාර්ගය තේරුම් ගත්ත අය ඕනෙතරම් ඉන්නවා. නමුත් පවතින තත්ව යටතේ ප්‍රායෝගිකව කළ හැකි කිසිවක් ඉතුරු වෙලා නැහැ. වර්තමාන තත්වයන් වෙනස් වන තුරු බලන් ඉන්න එක විතරයි කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ

Chanaka Aruna Munasinghe said...

@ buwa

ඔබට අමතක වී පසුව මතක් වූ කාරණා ගැන චමිත මහත්තයා සමහර විට පිළිතුරු ලබා දේවි

buwa said...

ලංකාවේ අධ්‍යාපන ක්‍රම අනුව කරගන්න දෙයක් නැතුව අතරමං උන අයටද මේ වගේ දේ ගැලපෙන්නෙ ජීවන මාර්ගයක් සකස් උන අයටද (මේ අතරමං උන අය වෙනුවෙන් තමයි යොවුන් සේනාංක වගේ දේවල් ගොඩ නැඟෙන්නෙ , එතන මිලිටරි සම්බන්දයක් නැතුවත් නායකත්ව ලක්ෂන සැහෙන්න පුරුදු පුහුණු කරන තැනක් , සිංගප්පුරුවෙ ගමන් මග සැකසිලා තියෙන්නෙ වෙලද පොලත් එක්ක බද්දව , සිංගප්පුරුව දියුණු උනේත් ඒතනින් , මම අදහස් කලේ සිංගප්පුරුවේ සාමාජීය ලක්ෂන අපිට වඩා වෙනස් කියල මිසක් උසස් කියල නෙවෙයි . සිංගප්පුරුවේ සමාජීය තත්වයට වඩා හොඳ සමාජීය තත්ව ලොකෙ තියනව උදාහරනයට ගන්න (උදා ජපානය ) .

ප.ලි - සමාජීය දියුණුව කියන්නේ විකල්ප මතවාද,දේශපාලන මතවාද හා පක්ෂ , මාධ්‍ය නිදහස , මානව අයීතින් සුරැකෙන සමාජයක් කියලයි මම දකින්නේ , සිංගප්පුරුව එහෙම රටක් කියලද ඔබ තුමා ට පෙන්නේ

Chanaka Aruna Munasinghe said...

@buwa

සිංගප්පූරුවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණ අඩුයි. මම මීට කලින් ඒ ගැන ලියල තියෙනවා

1. http://status-chanaka.blogspot.com/2011/05/blog-post.html

2. http://status-chanaka.blogspot.com/2011/05/blog-post_08.html

Podi Kumarihami said...

මම නම් මේකට සම්පූර්නයෙන් එකඟයි.

'කලු-සුදු' ලියන මාලන් මල්ලි කියලා තියනවා මේ සඳහා වියදම් උනු මුලු මුදල රු. 7370 කියලා. ඒ අතින් බැලුවොත් නම් අඩුම ගනනේ දුප්පත් ලමයින්ට හරි ඒ වියදම දුන්නා නම් හොඳයි කියලා හිතෙනවා.

Chamitha said...

@මකරා අයියා: සිංගප්පූරුවෙ මේ වගේ වැඩසටහනක් සාර්ථකව කරගන්න ලැබිල තියෙන්නෙ එහි සමාජ මතවාදය ඊට එකඟව ගමන් කරන නිසා නේද අයියා? මම ලංකාවෙ ක්‍රියාත්මක කරන්න හදන වැඩසටහනේ දකින ලොකුම අඩුපාඩුව තමයි අධ්‍යාපන ක්‍රමයෙ මේ වගේ දැවැන්ත වෙනසක් ඇතිකරන්න කලින් ඊට අවශ්‍ය කරන පදනම දමන්නට එහි සංවිධායකයින් කටයුතු නොකරපු එක. අදටත් කාටවත් හරියටම අවබෝධයක් නැහැ මේ සති 3තුළ ඇත්තටම මොකද වෙන්නෙ කියන එක ගැන. මේ වැඩසටහන කරන්නෙ හමුදාවෙන්මද, නැත්තම් සිවිල් නිලධාරීන්ද කියන එකත් හරියටම පැහැදිලි නෑ. ඒ වගේමයි මේ වැඩසටහන කරන නිලධාරීන් පුහුණු කරන්න යම් වැඩපිළිවෙළක් දියත් වුණාද කියන එකත් මෙතනදි වැදගත් කාරණයක්. මොකද විශ්ව විද්‍යාලයට තෝරාගත් සිසුනට පුහුණුවක් ලබාදෙන එක හමුදාවට බඳවාගත්ත නවකයින් පුහුණු කරනවාට වඩා වෙනස්. එම සිසුන් පාලනය කරන්නෙ කොහොමද කියන එක ගැන හොඳ අවබෝධයක් නිලධාරීන්ට තිබුණෙ නැත්තම් සිද්ධ වෙන්නෙ වෙනස්ම ප්‍රශ්න රාශියක් එම කඳවුරු තුළ ඇතිවෙන එක. මම හිතන හැටියට සිංගප්පූරු ජාතික සේවය කියන්නෙ ඉතා හොඳින් සැළසුම් කරලා, එය සිදුකරන නිලධාරීන්ව වෙනම පුහුණු කරලා කරන වැඩසටහනක්. අපේ රටේ කෙරෙන වැඩසටහනත් ඒ ආකාරයට සිද්ධ වුණා නම් කලින් සඳහන් කරපු ආකාරයේ විරෝධතාවයන් (විශේෂයෙන්ම ගැහැණු ළමුන් මීට සහභාගි කරවාගන්න එකට) ඇති නොවෙන්න තිබුණා. ඔබ කියන කාරණෙත් ඇත්ත. විශ්ව විද්‍යාලය තුළට ආවම සති 3ක් ගෙදරින් පිට ඉන්නවා කියන එක කලාතුරකින් සිදුවන දෙයක් නෙවෙයි. නමුත් මෙතන වෙලා තියෙන්නෙ, විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙන්නත් ඉස්සරවෙලාම මේ විදියට දුරබැහැර ගෙනිහින් තියාගන්න එක නිසා දෙමාපියන්ට ඇතිවන පීඩනය වැඩි එකයි. ඒ නිසා මේ කාරණා සම්බන්ධයෙන් මීට වඩා ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුයි කියන එකයි මගේ අදහස...

@ඇනෝ: මම මෙතනදි කොහොමටවත් රාජපක්ෂ රෙජීමයට කඩේ ගිහිල්ල නෑ කියන එක කියන්න ඕනෙ. කලිනුත් කියල තියන විදියට නායකත්ව පුහුණුවට මම සංකල්පීයමය විදියට එකඟයි මොකද ඒකෙන් ශිෂ්‍යයා තුළ යම් ආකාරයක පෞරුෂ සංවර්ධනයක් ඇතිවෙනවා එක්කම වත්මන් රැග් සංස්කෘතියට බලපෑමක් එල්ලවන නිසා. නමුත් ප්‍රායෝගික තලය තුළ එහි අඩුපාඩු රාශියක් තියන බව මම කියල තියනවා. ඔබට තියෙන්නෙ නායකත්ව වැඩසටහන ගැන ප්‍රශ්නයක් නෙවෙයි, රාජපක්ෂ රෙජීමය කරන හැම වැඩේටම විරුද්ධ වීමේ අවශ්‍යතාවක්.

@බුවා: මේක වැඩසටහන යුද පුහුණුවක් කියල කොහේවත් සඳහන් කරල තියන බවක් මට මතක් කරන්න අමාරුයි. අනෙක් අතට හමුදා පුහුණුවක් "කුණු ගොඩක්" කියල අර්ථකථනය කිරීම හරිම බොළඳ දෙයක් කියන එකයි මගේ අදහස. හමුදා පුහුණුවක් පෞරුෂ සංවර්ධනයට හොඳ මඟක් කියන එක ගැන කාටවත් තර්කයක් නැහැ. සංවර්ධනයේ පරමාදර්ශ විදියට ඔබ දකිනවා සේ මට පෙනෙන (සමහර විට මම වැරදි වෙන්න පුලුවන්) ඇමරිකා එක්සත් ජනපදය, එංගලන්තය, ජපානය වගේ රටවල් අනිවාර්ය හමුදා පුහුණුව දෙවන ලෝක යුද සමයෙන් පස්සෙ ක්‍රියාත්මක කරල නැති වෙන්න පුලුවන්. නමුත් ඒ රටවල් වල විශ්වවිද්‍යාලයන්හි තියන සංස්කෘතියට වඩා වෙනස්ම සංස්කෘතියක් අපේ රටේ විශ්වවිද්‍යාල වල තියෙන්නෙ. සරසවියට ඇතුළත් වෙන තැනම ශිෂ්‍යයාගෙ පෞරුෂය නැතිකරලා ආකල්පීයමය විදියට ඔහු පිටුපසට ඇදල දැමීමක් තමයි එතෙන්දි වෙන්නෙ. ඒකයි මම කියන්නෙ අපේ රටේ සරසවි ශිෂ්‍යයාට යම් ආකාරයක ගැම්මක් අවශ්‍යයි කියන එක, සරසවියට ඇතුළත් වෙන්න ඉස්සරවෙලා. එක්කෝ දැනට සරසවි වල ඉගෙනගන්න සිසුන් මේ ක්‍රමයෙ වැරැද්ද තේරුම් අරගෙන ඒක නිවැරදි කරන්න ඕනෙ (මම හිතන විදියට වඩාත්ම හොඳ ක්‍රමය ඒකයි. විශ්ව විද්‍යාලය තුළ මම උත්සාහ කරන්නෙත් ඒකටයි), නැතිනම් බාහිර බලපෑමක් මගින් එය වෙනස් වෙන්න ඕනෙ. එහෙම නැතුව ලෝකෙ කොතනකවත් තියන "කුණු ගොඩක්" ගෙනල්ල මෙහේ දාගන්න එකක් ගැන මම කතාකළේ නෑ...

buwa said...

@chamithaලංකාවෙ විශ්ව විද්‍යාල පද්ධතිය වෙනස් කරන්න ඕනි ඒ තුලට කරන දැඩි මැදහත් වීමකින් , නැතුව අලුතෙන් එන ලමයි ටිකකට හමුදා කදවරු වල දාගෙන පුහුණුවක් දුන්නාය කියල ඒක හරි යන්නෙ නැ .ලොකේ කවුරු කලත් අනිවාර්ය යුධ පුහුනුව කියන්නෙ කුණු ගොඩක් තමයි , ඒක මානව අයිතීන් උල්ලංඝ්නයක් පැහැදිලිව (අපිට මානව හිමිකම් බන කියන නොවේත් ඇතුලුව ) . ලංකාවේ තත්වය ඒ තරම් දරුණු එකක් නොවෙන එක ගැන නම් සතුටුයි ඒත් ඔබ තුමා ඒ රටවල ඒ පුහුණුව අනුමත කරල කතා කරල තියනව . මේ පුහුනුව ගැන මගේ මූලික විරෝධතා කිහිපයක් තියනව

01) එස් බී මහත්තය කියන විදිහට නවක වදය හෝ විශ්ව විද්‍යාලවල ගැටලු වලක්වන්න ගන්න තියන ක්‍රියා මාරගය මෙක නෙවෙයි

02) නායකත්ව පුහුණුව හොඳ දෙයක් උනත් හමුදා කඳවුරු යොදා ගන්න එක වැරදියි , එහෙම යොදා ගන්නෙ ඉඩ පහසුකම් හේතුව නිසා පමනක් නම් ඒ ගැන මීට වඩා සමාජය දැනුවත් කල යුතුයි .

03) නායකත්ව පුහුනුව අනිවාරය කල යුත්තේ සහ වඩා වැදගත් වෙන්නේ ලංකාවේ ඉන්න දක්ෂම ලමයි ටිකට නෙවෙයි

04) නායකත්ව හෝ පෞර්ෂත්ව ගති ලක්ෂන වැඩි දියුණු කරන්න හොඳම තැන විශ්ව විද්‍යාල පද්ධතිය මිසක් අණ පිලිපැදීම පමනක් ඉලක්ක කරගත්ත හමුදා පරිසරය නෙවෙයි .මේ සමහර අදහස් ඔබ තුමාත් දරන බව පේනව , ඒත් ඔබ තුමා වගේ නෙවෙයි මම සම්ස්ථ ක්‍රියාවලියටම ඉහල මට්ටමකින් විරුද්ධයි

සංවර්ධනය ගැන කියව නම් නෝවේ හෝ ස්විස්ටර්ලන්තය ගැන මට ගැටලුවක් නැ , ඒත් ලංකාවේ පුහුණුවට වඩා බොහොම එහා ගිය ඒ රටවල "අනිවාරය යුධ පුහුණුව" ඔබ තුමා අනුමත කරන එකයි මගේ විවේචනය , ඒ වගෙම ඒ වටවත් කානතාවන් අයිති නොවෙත්දි ලංකාවෙ එකට කාන්තාවන් අයිතියි , අපේ සමාජ ක්‍රමයත් එක්ක ඒ ක ගැටලුවක් විය නොහැකිඅද ? (පලමු අවස්තා දෙක තුනේදි නෙමේ මේ ප්‍රශ්න ඇති වෙන්නෙ කාලයක් යන කොට )

Anonymous said...

මට නම් ඕකෙ තියන ප්‍රශ්න වලින් එකක් තමා සැබෑ විශ්ව විද්‍යල අධ්‍යාපනය කියන්නෙ මොකක්ද කියන එක මේගොල්ලො හිතල බැලුවද කියන එක. මොකද දැන් හැමෝම කියනව 'හමුදා පුහුනුව' හොඳයි කියල විශ්වවිද්‍යල සිසුන්ට. නමුත් මම දන්න තරමින් විශ්වවිද්‍යලය තුල විය යුත්තේ යමක් ප්‍රශ්න කරල තෙරුම් ගන්න ඉගන ගන්න පුලුවන් පිරිසක් හදන එක. සැබෑ විශ්වවිද්‍යාලයක් කියන්නෙ තවත් එක පාසලක් වෙනව නම් වැඩක් නෑ. සමාජය තුල වෙන දෑ ප්‍රශ්න කරන්න, තමන්ම හිතල යමක් කරන්න හැකියවක් නැත්නම් වැඩක් නෑ. මේ දෙවල් දැනට වෙනවද කියන එක ප්‍රශ්නයක් තමා, නමුත් හමුදාමය ආදර්ශයකින් එක හදන්න බැරි බව සහතිකයි. ඔනෙම රටක හමුදාවක මානසිකත්වය වෙනස් බව අපි තෙරුම් ගන්න ඔනේ.(ඒක හමුදාවක් තුල තිබිය යුතු දෙයක්)

කෙසේවෙතත් නායකත්ව පුහුනුව නම් හොඳ දෙයක්. ඔතනදි කරන්න තිබ්බ හොඳම දෙය තමා ඒ ඒ සිසුව යන විශ්ව විද්‍යාල තුලම මෙක කරන එකට අවශ්‍යතා සලසන එක.

අනෙක විශ්වවිද්‍යාල තුල අවශ්‍යම දෙයක් තමා සමාජ විවිධත්වය, මේ වැඩසටහන තුලින් යම් තරමකට ඊටත් බලපානබව මට හිතෙනෙවා. මොකද සමහර දෙමව්පියන් මේ නිස තමන්ගෙ දරුව ලංකාව තුල විශ්වවිද්‍යලයට යවනවද කියල දෙපාරක් හිතනව නම් එකත් ප්‍රශ්නයක්. විවිධ සමාජ හේතු නිසා ඒ විදියට හිතන අය ඉන්නවා, නෑ කියන්න බෑ. දමිල සහොදරයෙක් උනත් ඒ විදියට හිතනව නම් ඒ සම්පූර්ණයෙන් වරදි දෙයක් විදියට අපිට අමතක කරන්න බෑ.

-Buddhika

Chanaka Aruna Munasinghe said...

@ @ Podi Kumarihami

ඔවු ඔය වගේ ප්‍රශ්න තියෙනවා. ඇමති කෙනෙක්ගේ දවස් 2ක විතර වියදම හරි ජනාධිපතිගේ පැයක වියදම හරි පොඩ්ඩක් කප්පාදු කලානම් ඔය ළමයි 10000ටම ඔය බඩු ලැයිස්තුව නොමිලේ දෙන්න තිබුණා
===============
@ Chamitha

ඔවු පටන් ගත්ත තැන ගැන ප්‍රශ්නයක් තියෙනවා. නමුත් චක්‍රයක් වගේ නැවත නැවත සිදුවෙන ක්‍රියාවලියක් වෙනස් කරන්නම කොතන හරි තැනකින් කඩන්නම වෙනවා. මුලින්ම අපහසු දෙයක්. නමුත් හොඳ අරමුණක් එක්ක ගමන් කළොත් කාලයත් එක්ක සම්පූර්ණ චක්‍රයම බිඳවැටේවි. අය්සැක් ඇසිමෝව්ගේ දෙවෙනි පදනම කියවල තියෙනවද ?

+++++++
"මේ සති 3තුළ ඇත්තටම මොකද වෙන්නෙ කියන එක ගැන. මේ වැඩසටහන කරන්නෙ හමුදාවෙන්මද, නැත්තම් සිවිල් නිලධාරීන්ද කියන එකත් හරියටම පැහැදිලි නෑ" . The answer was @ the bottom of my post. I recite here

වැඩසටහන මෙහෙයවනු ඇත්තෙ නිලලත් හමුදා නිළධාරීන් (Officers). මේජර් ධුරයෙන් ඉහළ අය

මට ලැබුණු අතිශය රහසිගත බුද්ධි වාර්තා දෙකකට අනුවනම් මේ පුහුණුව දත් මැදීමේ පුහුණුවෙන් ඔබ්බට යන පුහුණුවක්. ශාරීරික ව්‍යායාම් සහ කාල කළමණාකරණ පුහුණු වලට අමතරව ගැහැණු ළමයින්ට සහ පිරිමි ළමයින්ට අති විශේෂ පුහුණු 3ක් ලබා දීමට නියමිතයි

මේ නායකත්ව පුහුණුව පැවැත්වෙන සති 3ක කාලය පුරාවට කඳවුරේ සිටින සියළුම දෙනාට (දාහකට දෙදාහකට විතර පිරිසකට ) ආහාර පාන උයා දීම වගකීම පැවරෙන්නේ කඳවුරට සහභාගි වෙන ගැහැණු ළමයින්ටයි. උයන්න දන්නෙ නැති ගැහැණු ළමයින්ට උයන කටට රහට උයන ආකාරය කියා දෙනු ඇති.ගැහැණු ළමයි උයන අතරේ පිරිමි ළමයින්ටත් නිකං ඉන්න ලැබෙන්නේ නෑ. ඒ අයට කැලේ ගිහින් දර කඩාගෙන ඒම. දර පලා දීම. පොල් ලෙලි ගසා දීම ආදිය ගැන පුහුණුවක් ලැබෙනු ඇති.

Chanaka Aruna Munasinghe said...

@ Anonymous (-Buddhika-)

"මට නම් ඕකෙ තියන ප්‍රශ්න වලින් එකක් තමා සැබෑ විශ්ව විද්‍යල අධ්‍යාපනය කියන්නෙ මොකක්ද කියන එක"

මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුල් වෙච්ච් මුල්ම දවසෙ එවකට උපකුලපතිව හිටපු මහාචාර්ය හරිශ්චන්ද්‍ර අබේගුණවර්ධන මහතා කරපු කතාවේ ඔය ප්‍රශ්නෙට උත්තරයක් තියෙනවා මම හිතන්නෙ.ඔහු කිවුවා

"University is for Universal Education. Not only for subject education. As university students you should learn and touch every thing. Politics, Religions, Literature, Socity etc etc. Dont pass out only as an Engineer"

විශ්ව විද්‍යාල පවතින්නේ විශ්වීය දැනුමක් ලබාදීමටයි. විෂය දැනුම ලබා දීමට පමණක් නෙවෙයි. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් වශයෙන් ඔබ සියලුම දේ ගැන දැනුම ලබා ගත යුතුයි. දේශපාලනය ගැන , ආගම් ගැන, සාහිත්‍ය ගැන සමාජය ගැන , මේ ආදී වශයෙන් සියලුම දේ ගැන. ඉංජිනේරුවෙක් පමණක් විදිහට මෙතනින් පිට වෙන්න එපා

Anonymous said...

අපි ඉස්කෝලේ කරන කලේ රජය පටන්ගත්තනෙ ල0කවේ හෑම සිසුවටම කෑඩෙටින් පුහුනුව දෙන්න?
ඈයි ඵක නෑවෑත්තුවෙ?
කෑම්පස් වල අය විතරද නයකත්ව පුහුනුව ලබන්න ඔනේ ???
අනික් උන් ඔටුවොද?

මේ ඵ්න්නෙ නම් සි0ගප්පුරුවෙ හරි ඊශ්‍රයලේ හරි ඵක නෙවෙයි.කපාගෙන කෑවත් කට වහගෙන ඉන්න තරුනපරපුරක් හදාගන්න යන්නේ.

Chamitha said...

@බුවා: මෙතනදි වචන කිහිපයක අර්ථය පැහැදිලි කරන්න ඕනෙ. "යුද පුහුණුව" කියන එකෙන් අදහස් කරන්නෙ සංග්‍රාමික පුහුණුවක්. ඒත් මේ වැඩසටහන යුද පුහුණුවක් නෙවෙයි. යුද සමයක හැරුණම අනිවාර්ය යුද පුහුණුවක් කාටවත් අවශ්‍ය නෑ කියන එක මගේ මතය. මම කොතනක වත් කියල නෑ අනිවාර්ය යුද පුහුණුවක් මම අනුමත කරනවා කියලා. ඒ අතරෙ "හමුදා පුහුණුව" කියන එකෙන් මම අදහස් කරන්නෙ කැඩෙට් කෙනෙකුට ලැබෙන පුහුණුව වගේ යම් ශාරීරික ව්‍යායාම කිහිපයක්, තමන්ගෙ වැඩ තනියම කරගන්න පුහුණුවක්, සමාජ ව්‍යුහය ගැන අවබෝධය ලබාදීමක් සහ ඊට අමතරව, (විශේෂයෙන්ම ) බලපෑම් වලට යටත් නොවී ඍජු ලෙස කටයුතු කිරීමට අවශ්‍ය "ශක්තිය" ලබා දීමක්. මම ඒ වචන පාවිච්චි කරල තියෙන්නෙ එම අර්ථයෙන්. මම හිතන හැටියට සිංගප්පූරුව වගේ රටවල තියෙන්නෙ දෙවනුවට සඳහන් කරපු ආකාරයේ පුහුණුවක් මිසක් සාමාන්‍ය ජීවිතයේදි කාගෙවත් නියෝග පිළිපදින්න පුහුණු කිරීමක් නෙවෙයි. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට ඒ ආකාරයට නියෝග පිළිපදින්න පුහුණුකිරීමක් ලබාදෙන්න කාටවත් අයිතියක් නෑ. එහෙම දේකට මම එකහෙළාම විරුද්ධයි. නමුත් මෙතන එහෙම දෙයක් වෙනව කියල මම තාම දකින්නෙ නෑ. අනෙක් අතට විශ්ව විද්‍යාල ශිෂ්‍යයාට ඍජු තීරණ ගැනීමේ හැකියාව නැතිකර දමන්නේ නවක වදයෙන්. ඔබ හිතන විදියට වත්මන් සරසවි පද්ධතියෙන් ශිෂ්‍යයාට කොන්ද කෙළින් තියාගෙන වැඩක් කරන්න පුරුදු කරන්නෙ නැහැ. ඒ වෙනුවට එසේ තියන හැකියාවත් නැතිකර දමන එකයි ඒකෙන් කෙරෙන්නෙ. මම කලින් කිව්වා වගේ ඒ සංස්කෘතිය නැතිකරන්න පුලුවන් ක්‍රම දෙකකටයි. එකක් විශ්වවිද්‍යාල අභ්‍යන්තරයෙන්ම තීරණයක් අරගෙන එක නැතිකරන එක හෝ ඍජු තීරණ ගැනීමේ ශක්තියක් "පිටින්" ඔවුනට ලබාදෙන එක. මොකද පාසලෙන් එළියට බහින සිසුන්ගෙන් අති බහුතරයකට එම හැකියාව එතෙක්ම වර්ධනය වෙලා නැහැ...

@මකරා අයිය: ඔබටත් රහසිගත බුද්ධි වාර්තා වලින් නෙ අයිය ඒවා ලැබුණෙ:-) මම හිතන්නෙ මේ ක්‍රියාවලියෙ හරිම program එක අමාත්‍යංශය ප්‍රකාශයට පත්කරන්න ඕනෙ..

buwa said...

ඔබ තුමා කැඩෙට් වගේ පුහුණුවක් ගැන කතා කරනව , කැඩෙට් වලටත් අණ පිලිපැදීම් හා අයුධ පුහුණුව ඇතුලත් . කොහොමටත් මේව (කැඩෙට් , බලදක්ෂ , බැන්ඩ් )ලමයි කැමැත්තෙන් තෝර ගන්න දේවල් . නමුත් මෙතනදි අනිවාරය කරල . අනික විශ්ව විද්‍යාල කියන්නෙ බුද්ධිමය සංවාද වලට විවර වුන තැනක් මිසක් ශාරිරික යෝග්‍යතාවය වැද්ගත් වන තැනක් නෙවෙයි . ඔය පුහුණුව කැමති අයට ගන්න දුන්නා නම් කිසි ප්‍රශ්නයක් නැ බලෙන් ශිෂ්‍යන් මත පටවන්න මේ ක අත්‍යාවශ‍ය දෙයක් නෙවෙයි , මොකද ඔය වගෙ පුහුණු නැතුවත් ඉතා දක්ෂයින් , හොඳ නායකයින් , විනයවත් අය අපේ විශ්ව විද්‍යාලවලින් බිහිවෙලා තියෙනෙව , පාහරයිනුත් බිහිවෙලා ඉන්නවා (ආණ්ඩුව ඇතුලෙන්ම උදාහාරන අරගෙන පෙන්නන පුලුවන් ). මෙ පුහුණුවෙන් ලමයින්ට හොඳක් වෙනවාමය කියමු ඒත් මේ හදල තියෙන්නේ එස් බී ගෙන් පස්සෙ වෙන ඇමති කෙනෙකුට හරි , වෙන ආණ්ඩුවකට හරි වැරදියට යොදා ගන්න පුලුවන් ඉඩක් . මෙහෙම අනිවාර්ය , කඳවුරු ගත පුහුණුවක් එහෙම වැරදියට යොදා ගන්න ඉඩ කඩ ගොඩක් වැඩියි . අත්‍යාවශ‍ය නොවන දෙයකට එහෙම අවධානමක් ගන්න එකත් වැරදියි . මගෙ නම් අදහස උගතුන්ගෙ , බුද්ධිමතුන්ගෙ පරාදීසයක් වෙන්න ඔනි විශ්ව විද්‍යාලයට එන අලුත් අයට ඊට පරිභාහිර පුහුනු අවශ්‍ය නැ , පද්ධතිය තුලටම ඒ දෙ බාර දෙන එකයි වඩා වැදගත්

Chanaka Aruna Munasinghe said...

@ Anonymous

ආණ්ඩු තමන්ගේ වාසියට කියල හිතාගෙන කරන සමහර දේවල් අනිත් පැත්තට කැරකිලා ආණ්ඩු වලට විරුද්ධා යන්නත් පුලුවන්. ලෝකෙ විතරක් නෙවෙයි ලංකාවෙත් ඒ වගෙ දේවල් ඕනෙ තරම් වෙලා තියෙනවා . උදාහරණ ඕනෙ නැහැනෙ. කිසිම රාජ්‍යයක් හෝ ආණ්ඩුවක් සදාකාලික නෑ. දශරාජධර්මයෙන් පාලනය කරපු මහා රාජ්‍ය පවා බිඳවැටිලා තියෙනවා. (උදා . බරණැස් නුවර )
===========
@ buwa

ඔබේ ඉහත කොමෙන්ටුව චමිතට වෙන්න ඕනෙ. චමිත ඒකට උත්තර දේවි

buwa said...

ඔව් ඔව් චමිතට තමයි -- එක ලියන්න අමතක වෙලා

වෙද ගෙදර මහ වෙදනා said...

ඔබේ ලිපිය ඉතාමත්ම අගය කරනවා.නමුත් මට ඇත්තේ මේ පුහුනුව ගැන පොඩි සැකයක්. මේක අවශ්‍යම දෙයක් ඉදියටත් මම දකිනවා. හැබැයි කල යුතුව තිබුනේ ඉතාමත් විවෘතව මේ පුහුනුව දෙන ආකාරය ගැන ආචාර්ය වරුන් හා සිසුන් දැනුවත් කිරීමයි. මමත් විශ්ව විද්‍යාල වලට සම්බන්ධ කෙනෙක් විදියට හිතනවා අවුරුද්දක වගේ කාලයක් හොද පුහුණුවක් සිසුන්ට දෙන්න ත්යේ නම් ඉතාමත් වටිනවා. මොකද මම දකිනවා අපේ සිසුන්ගේ විනය ඉතාමත් පිරිහිලා. කොටින්ම ලමයි කැම්පස් එන්නේ ඉගෙන ගන්න නෙමේ. ආවට පස්සේ කරන්නේ ඉගෙන ගන්න එක හැර වෙන දෙවල්. ශිෂ්‍යයෝ අතරේ බුද්ධිමය සංවාද නැහැ. ඔකට අපිත් වග කියන්න ඕනෙ. හැබැයි මේක අවංකව කල්පනා කරලා සැල්ලසුමක් ඇතිව කරන්න ඕනෙ වැඩක් ද්ඩි බිඩියේ නොකර හොද සංවාදය්ක් ඇතිව කලා නම් මල් හතයි.

Chanaka Aruna Munasinghe said...

@ වෙද ගෙදර මහ වෙදනා

ස්තූතියි වෙද මාමේ. මේ පුහුණුව මොන වගේ එකක්ද කියල ජනතාව දන්නෙ නැති හින්දයි මට ලැබුණු රහසිගත් බුද්ධි වාර්තා දෙකක කරුණු මේ විදිහට එළි කළේ

Chanaka Aruna Munasinghe said...

@ වෙද ගෙදර මහ වෙදනා

Buwa කියල තියෙන මේ දේ ගැන මොකද කියන්නෙ.වෛද්‍යවරයෙක් විදිහට ඔබේ අදහස් දැනගන්න කැමතියි

"විශ්ව විද්‍යාල කියන්නෙ බුද්ධිමය සංවාද වලට විවර වුන තැනක් මිසක් ශාරිරික යෝග්‍යතාවය වැදගත් වන තැනක් නෙවෙයි "

Anonymous said...

විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ ශිෂ්‍යාවක් විදියට මමත් දකින්නෙ මේ නායකත්ව පුහුණුව ගොඩක් හොදයි කියලයි.වාසනාවකට මන් අධ්‍යාපනය ලැබූ විශ්ව විද්‍යාලයේ ඒ තරම් ලොකුවට රැග් සන්කල්පයක් නොතිබුණත් ලන්කාවේ සමහරක් විශ්ව විද්‍යාල වල තියේන රැග් එකටත් සාර්ථකව මුහුණ දීමටත් මෙයින් පිටිවහලක් ලැබේවි කියලා මන් හිතනවා. ඒ වගේම ඒ පුහුණුවෙන් ලබා දීමට නියමිත ගොඩක් දේවල් විශ්ව විද්‍යලයීය අධ්‍යාපනයක් නොලැබුවත් පොදුවේ ගැහණු පිරිමි ළමුන් දෙගොල්ලොන්ටම නියම ආකාරයෙන් සමාජගත වීමේ පුහුණුවක් ලබා දෙයි කියලා මම හිතනවා.

Nadun Dissanayake said...

මට නම් මේක පිස්සු වගේ.. වෙලාවකට හොඳයි කියලා හිතෙනවා. ඒත් හොඳයි කියලා හිතන්න දේවල් නෑ.. මොකද මේ පුහුණුවට ඇතුලත් වෙන දේවල් ගැන කිසිම දෙයක් හෙළිකරලා නෑ..

දැන් කොළඹ 7 පොහොසත් නිවාස වල හැදුන අයත් Campas Select වෙනවා. ඔවුන්ට ඕවයි ගිහින් පුහුණුව ගන්න පුළුවන් වෙයිද?

හමුදා කඳවුරු වල ඔය කියන තරම් අමතර පිරිසකට (තැලුනු පොඩිවුන නැති ළමුන්) හොඳට ඉන්න, නිදන්න, වැසිකිලි කැසිකිලි පහසුකම් එහෙම තියනවාද ?

( උදා - නා ගැනීම සඳහා හමුදා නිළධාරීන් සමග එකම ස්ථානයක පිරිමි ළමුන් දැමීම හොඳද ? හොඳ නැත්නම් ඔවුන් සඳහා වෙනමම ස්ථාන සකසා ඇත්ද ?)

මාරයාගේ හෝරාව said...

හමුදා කඳවුරක් තුල..වි‍ශේෂයෙන්ම පුහුණු කිරීම් කෙරෙන කඳවුරක් කියන්නේ දාහකට හමාරකට පහසුකම් ඇති තැන්..හැබැයි ඒවා හුගාක් ප්‍රිය මනාපනං නැහැ..උදා හරණයක් විදියට පුහුණුවන්නන්ට වතුර දෙන්නේ උදේ 5 සිට 6 දක්වාත..හවස 5 සිට 6 දක්වාත් පැය දෙකක කාලයක් විතරයි..ඒ කාලය අතරදී හැම දෙනාම තම තමන්ගේ පිරිසිදු කිරීමේ කටයුතු ආදිය කර ගත යුතුයි. කෑමට බීමට අවශය ජලය පිළිබඳව අවුලක් නැහැ..නමුත් අතනදී කරන්නේ..සෑම දෙනාටම එකට වැඩ කරන්නත් වේගවත් වීමටත් පාඩමක්..නැතිව වතුර දෙන්න බැරි කමකට නෙවෙ..මං හිතන්නේ නේවාසිකාගාරවල බෝඩිං වල හිටිය අයටනං ඕක අමුතු දෙයක් නෙවී..

කොහොමත් දැනට වැඩ සටහන මෙහෙමයි...

උදේ 5 ට අවදිවීම..
6-7 ශාරීරික අභ්‍යාස
7-7.45 උදේ ආහාරය
7.45 -8 උදෑසන පරීක්ෂනය..මෙහිදී පිරිසිදුකම..ඇදුම් පැළදුම්වල ක්‍රමවත් බව වගේ දේවල් පරීක්ෂාවට ලක් කරනවා

8 ඉඳලා දමවල් ආහාරය දක්වා කාලය පරිච්ඡේද කිහිපයකයට කඩලා තියෙනවා...එහිදී
ධනාත්මක චින්තනය..
ගැටළු නිරාකරණය..
ඝණ සරඹ (සිංහලෙන් අර ඩ්‍රිල් කියලා කියන්නේ)
මනෝ විද්‍යාව
ලිංගික අතවර සම්බන්ධ දැනුවත් කිරීම්
එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය වන සිවිල් නීතිය පිළිබඳව දැනුවත් කිරීම්
ආදී දේ උගන්වන්නට නියමිතයි.

ඊට අමතරව උදෑසන කාලයේදී තේ විවේකය පැය භාගයකුත් දහවල් ආහාරයට පැයකුත් සවස තේ සඳහා විනාඩි 20කුත් රාත්‍රී ආහාරය සඳහා පැයකුත් වෙන් කරලා තියෙනවා.
සවස් කාලයේ පරිච්ඡේද දෙකකට පමණ සීමා වෙන අතර හවස 4.30 සිට 6 දක්වා ක්‍රීඩා කටයුතු සඳහා කාලය දී තිබෙනවා.
එතනින් පසුව දෛනික පිරිසිදු කිරීම් වලට පැයක් ලැබෙනවා..
රාත්‍රී 7-8.30 තෙක් අධ්‍යයන කාලයක් ඒ කියන්නේ දවල් කරපු දේවල් පාඩම් කරන්නයි නෝට් සකස් කරගන්නයි වගේ දේ සඳහා..
8.30-9-30 රාත්‍රී ආහාරය
9.30ට ගණන් ගැනීම..ඒ කිව්වේ කස්ටියගේ නං ලකුණු කිරීම...
10.15ට දිනය අවසන් ලයිට් නිවනවා නිදියන්නයි තියෙන්නේ...

ඔච්චරයි කතාව..ආයේ කිසිම වරදක්වත් අඩු පාඩුවක්වත් පාඨමාලාවේ නැහැ..හරිම විධිමත් ආකාරයකට වැඩේ උපරිම හොදට කරන්න ලෑස්ති කරලා තියේ...
ආ තව එකක් තියේ... පාඨමාලාව ආරම්භ කරන්න කලින් රජතුමාව හමුවීහේ අවස්ථාවත් හැම කෙනාටම දෙනවා..කොහොමද ඒක..ඔන්න දැන් ගල් ගහන්න අවස්ථාව..මං ගියා...

මාරයාගේ හෝරාව said...

ආ අනිත් කාරණාව...කදවුරු ඇතුලේ ආධුනිකයින්ට අතවර වෙන්නේ නැහැ...ඒ ගැන ඔය තියෙන කතා වැඩි හරියක් හිතළු...කොහොමටවත් ට්‍රෙනීස්ලාව වෙන අය එක්ක මුසු වෙන්න තියන්නේ නැහැ...කඳවුරකට ගිහින් තියෙන කෙනෙක් දන්නවා..ඒවා කොයිතරම් පිළීවෙලකට තියේද කියලා...කන බොන මෙස් එක උනත් පුහුණු වෙන අයට වෙනයි..වෙන වෙන නිල දරන අයට වෙන වෙනම මෙස් තියේ..ඕන උනත් එහෙම හැමෝටම එකම තැන කන්න බැහැ..
ඇදන් ආදී දේ ගැන කතා කරන්නවත් එපා..ඒවා හරිම පිළිවෙලයි...
ඔය ගෙවල්වල ඇඳ රෙද්දවත් නවන්න පුරුදු නැති අයට ඇඳ විතරක් නෙවෙයි..කොට්ටේ..පෙරවන රෙද්ද..ටවල් එක හිටන් පිළීවෙලට තියා ගන්න හැටි පුරුදු කරනවා..ඒක අවසානයේදී ජීවිතයටම හොඳ පුරුදු හැටියට එකතු වෙනවා..

Chanaka Aruna Munasinghe said...

@ Nadun Dissanayake

ඔන්න කඳවුරු ජීවිතය ගැන ගුවන් හමුදාවේ සහ පොලීසියේ අත්දැකීම් තියෙන කෙනෙක් විස්තර කියල තියෙනවා. කොළඹ හතේ ළමයි ගැන කියපු කතාව මට තේරුණා මදි. කියන්න හදන්නෙ ඒ ළමයින්ට තරු 5හේ හෝටලයක මේ පුහුණුව දෙන්න කියලවත්ද ?

අතවර ගැන කියනවනම් හමුදා කඳවුරුවල තත්වය ගැන මම කියන්න දන්නෙ නෑ. නමුත් දැනට විශ්වවිද්‍යාල වලට ගිහින් නවකවධයට ලක්වෙන අයටනම් මාස 3ක පමණ කාලයක් විවිධ ලිංගික හා වෙනත් අතවර වලට ලක් වෙන්න වෙනවා

========
@ මාරයාගේ හෝරාව

හෆොයි මාරයා මගේ රහසිගත බුද්ධි වාර්තා දෙකෙන් සෑහෙන කොටසක් එළිදරව් කරලා. ඉතුරු ටිකනම් දැන්ම එළි කරන්න එපා මාරයෝ

Nadun Dissanayake said...

@ මාරයාගේ හෝරාව : උඹ කියන දේ හරිනම් අපි බොරුවට කෑගහන එකේ තේරුමක් නෑ.. මේ මොකුත් වෙන්නේ නෑ ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරලා තිබුනා නම්..


කලු සුදු මලයා කියන එකත් බැලුවනම්.. මේ ගැන නොහිතත් බෑ..
http://wenasak.blogspot.com/2011/05/future-leaders.html

Chanaka Aruna Munasinghe said...

@ Nadun Dissanayake

කලු සුදු මාලන් මලයගෙ ඔය කතාව ගැන කලින් කොමෙන්ට් එකක කතා වුණා. ආපහු මෙතන දාන්නම්කො ඒක

ඔවු ඔය වගේ ප්‍රශ්න තියෙනවා. ඇමති කෙනෙක්ගේ දවස් 2ක විතර වියදම හරි ජනාධිපතිගේ පැයක වියදම හරි පොඩ්ඩක් කප්පාදු කලානම් ඔය ළමයි 10000ටම ඔය බඩු ලැයිස්තුව නොමිලේ දෙන්න තිබුණා

මාරයාගේ හෝරාව said...

ඇත්තටම එතනනං ලොකු ප්‍රශ්නයක් තියේ..වියදමනං හුගාක් සැරයි තමා..ඒ ගැනනං විධිමත් වැඩපිළීවෙලක් ඕන...

හමුදා පුහුණුවේදී ඔය අවුලක් නැහැ..මේස් දෙකේ ඉඳලා රජයේ වියදමෙන් අපට ලැබෙනවා..සල්ලිවලට ගන්න ඕන යට ඇදුම් විතරයි.
ඒත් ඒ හැම දේම නිකං දෙන්නේ අපි එතන ඉඳලා රජයට වැඩ කරන හින්දා.
ඒත් උපාධියක් ගන්න යන ළමයිනුත් කවදා හරි දවසක රටට වැඩ කරන්න ඉන්න අය නේද කියලා බලලවත් ඔය ටික ආණ්ඩුවේ වියදමෙන්ම දෙනවනං වඩා හොඳයි.
හැබැයි ඉතිං රටට නොකර පිටට ඇදෙන අයත් ඉන්නවානං තමයි..සමහරු සාධාරණ හේතු මත..සමහරු ආත්මාර්ථයම පමණක් හේතු කොටගෙන.ඒත් ඉතිං මේ පුහුණවේදී දිවැසින් දකින්නද මේකා රටට වැඩ කරන එකා..මේකා රටට ණය වෙන්න ඉන්න එකා කියලා..ඒ හින්දා මොන දෙ උනත් නොමිලේම දෙන එක කරන්න ඕන

මධුරංග said...

බලමුකෝ මකරෝ ඔය පුහුණුවෙන් වැඩක් වෙයිද කියලා. එහෙම උනොත් හොදයි. නැත්නම් නිකන් සල්ලි නාස්තියක් විතරක් වෙයි.

buwa said...

මාරයගෙ කමෙන්ට් නම් එක පාක්ෂිකයි නෙව කොහොමත් "පාඨමාලාව ආරම්භ කරන්න කලින් රජතුමාව හමුවීහේ අවස්ථාවත් හැම කෙනාටම දෙනවා..කොහොමද ඒක" මේ ගැති කමෙන්ම පේනව ඒ ගැන

කාලසටහන ඕක නම් , මම හිතපු විදිහ 75%ක් හරි යන උන්ට හොඳ නම් මට ඕනි එකක් (මට ඕක වැදගත් වෙන්නේ තව අවුරුදු 25 කින් 30 කින් මගේ ලමෙක් ගිය ද්වසකට ) ඒ කාලෙ වෙනකොට ලමයව ට්‍රේනිං යවන්න බඩු ලැසිති කරන්න වෙයිද ? ප්‍රයිවෙට් කැම්පස් එකකට යවන්න සල්ලි එකතු කරන්න වෙයිද ? කියල ඒ කාලෙට තමා බලන්න වෙන්නෙ

කොහොම උනත් තවමත් (කාල සටහන දැක්කට පස්සෙත් )මගේ පෞද්ගලික අදහස මේ ට්‍රෙනිං එක වැරදි තැනක වැරදි කට්ටියකට , වැරදි කට්ටියකගෙ මූලිකත්වයකින් දෙන එකක් . මේ ටික වැරදි විදිහට දැක්කාම ට්‍රේනිං එක කොච්චර සුපිරි උනත් මට අනුව පලදායක නැහැ

මාරයාගේ හෝරාව said...

අනේ බුවෝ..තරහා නැතිව දාන කොට සම්පූර්ණ අදාල කාරණාවම දානවනං හොදෘ මෙන්න මෙහෙම..
"ආ තව එකක් තියේ... පාඨමාලාව ආරම්භ කරන්න කලින් රජතුමාව හමුවීහේ අවස්ථාවත් හැම කෙනාටම දෙනවා..කොහොමද ඒක..ඔන්න දැන් ගල් ගහන්න අවස්ථාව..මං ගියා..."

මං දුන්නේ ඒක තමා..කිව්ව දේ තෙරුනාද කියලා මං දන්නේ නැහැ..ඒත් වෙන්න යන දේ මොකක්ද කියලා කිව්ව එක හරියට තේරුනේ නැත්තං මට කරන්න දෙයක් නැහැ නෙව...

අනික තව දෙයක් රජතුමා කියලා කිව්ව ගමන් වැරදි පැත්තම අල්ලගන්න ලෑස්ති වෙන්නත් එපා...

උදාහරණයක් හැටියට මර්වින් උන්නැහේට ආචාර්යතුමා කියලා ආමණ්ත්‍රණය කරන කොට ඒකෙන් කියවෙන්නේ නැහැ හැම කෙනාම එහෙම කියන්නේ මිනිහට ඇති ගැති කමකට කියලා...

ඒත් එකක් කියන්නංකෝ...මෙතනදී මං කියන්න හැදුව දේ කොහොම උනත් මං මහින්ද රාජපක්ෂක මනාප..සහ තවමත් ඔහුව විශ්වාස කරන කෙනෙක්..ඒත් මේ කාරණාවෙදී මං කිව්ව එකට එකේ ඇති සම්බන්ධයක් නැහැ..මං මේ ලිපියට දාපු පළවෙනි කොමෙන්ටුව කියෙවුවනං මං SB ගැන උනත් සුද්ධ කරන්න ලෑස්ති නැහැ කියලා ටිකක් හරි තේරෙන්න ඕන.

රාජපක්ෂට මං මනාප විත්තියත් උන්නැහේට කඩේ යන විත්තියත් මට ඕන තැනක කියන්න පුළුවන් කමක් තියේ..මොකද මට හංගලා ගහන්න දෙයක් නැති හින්දා...
මොකද මං ස්වාධීනයි කියලා කියා ගන්න ගමන් වෙන කෙනෙකුට කඩේ යන ජාතියේ එකෙක් නෙවෙන නිසා.

අනික මං මෙතන නැති උනාට මේකට අදාලව දාපු බස් එකෙදී මකරට කිව්වා..මං මේ කතාවට අත දැම්මේ මට මිල්ටරිය සම්බන්ධව තියෙන අත්දැකීම් මත කියන කාරණාව.එහෙම නැතිව මට විශ්ව විද්‍යාල අධ්‍යාපනය පිළිබඳව කතා කරන්න අයිතියක් නැහැනේ..ඒ ගැන නොදැන.

ඒ හින්දා කිව්ව දේ තෙරුම් ගන්න බලන්න.මං අතනදී කියන්න හැදුවේ..අද කඳවුරු වලට ගිය අයව හෙට මහින්ද එක්ක දවල් කෑමට එක්ක යනවා කියලා පණිවිඩේ දෙන්න. ඒක හෙට වෙනකොට ඔයාලට හම්බ වෙන පණිවිඩයක්..අද මට හම්බ උනාට..එහෙම මිසක් මහින්දත් එක්ක කෑම වේලක් කෑවත් හරි ෂනීපයි කියන අදහසින් නෙවෙයි. ගල් ගහන්න කිව්වේ වෙන එකක් හින්දා නෙවෙයි..හැමෝම බලන් ඉන්නේ මේ වැඩ පිළිවෙල හරහා කොහොමද රජය තමාගේ තෙල ළමයින්ට බෙදන්නේ කියන කාරණාව ගැනනේ..මං ඒක වෙන හැටි ගැන පණිවිඩය දුන්නේ..ඒක ගන්න බලන්න. කොයි වෙලෙත් වැරදි පැත්තම අල්ලන්න උත්සහ ගන්නේ නැතිව.

Chamitha said...

@බුවා: කැම්පස් වලට ආවම රැග් වෙනකොට නම් කැමති අය කවුද අකැමැති අය කවුද කියල අහල බලල ගන්නෙ නෑ. ඒක 90%ක්ම ශිෂ්‍යයා මත බලෙන් පටවන දෙයක්. ඒ නිසා කැමති අයට විතරක් මෙහෙම පුහුණුවක් ලබාදෙන එකේ තේරුමක් නෑ. ඔබ කියනවා අපේ විශ්ව විද්‍යාල වලින් "දක්ෂයින්, හොඳ නායකයින්, විනයවත් අය" බිහිවෙලා තියනවා කියන එක. ඔව්, ඒක ඇත්ත. නමුත් එසේ බිහිවෙච්ච පිරිස සාපේක්ෂව මදි. අපේ විශ්ව විද්‍යාල වලින් බිහිවෙන සාතිශය බහුතයක් උත්සාහ කරන්නෙ හොඳ ජොබ් එකක් හොයාගෙන, දෙන වැඩක් කරගෙන, පාඩුවේ පැත්තකට වෙලා ඉන්න. ඒකෙ කිසිම වැරැද්දක් නෑ. නමුත් විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙන්න වාසනාව ලබන්නෙ පාසලේ 1 වසරට ඇතුළත් වන සිසුන්ගෙන් 2%ක් විතරයි නම් ඒ පිරිස අපේ රටේ පෙරගමන්කරුවන් විය යුතුයි. ඔවුන් අලුත් දේවල් කළ යුතුයි. තමා වටා ඉන්න පිරිස එක අරමුණක් කරා මෙහෙයවිය යුතුයි. සරලව කිව්වොත් විශ්වවිද්‍යාලයක් ඒ අවට ප්‍රජාවගේ සමාජ ප්‍රගමනයෙ කේන්ද්‍රස්ථානය වෙන්න ඕනෙ. මම එක උදාහරණයක් කියන්නම්. අද ලෝකෙ තියන දියුණුම කාර්මික කලාපය මොකද්ද? ඒක තමයි කැලිෆෝනියාවෙ Silicon Valley කියන ප්‍රදේශය. එම ප්‍රදේශය තනිකරම කරන්නෙ කවුද? ඒ තමයි Stanford විශ්වවිද්‍යාලය. Stanford විශ්ව විද්‍යාලයෙන් තමයි එම ප්‍රදේශයේ තාක්ෂණික දැනුම නිර්මාණය වෙන්නෙ. නමුත් අපේ විශ්ව විද්‍යාල වලින් ඒ වගේ සමාජීය ප්‍රගමනයක් ඇතිකෙරෙනවද? නෑ. හේතුව තමයි අපේ කට්ටිය බලන්නෙ වගකීම් වලින් මිදිලා දෙන දේ විතරක් කරගෙන ඉන්න. (හැමෝම නෙවෙයි, නමුත් බහුතරයක්). ඉතින් ඒ වගේ පිරිසකගෙන් සමාජ ප්‍රගමනයට දායකත්වයක් බලාපොරොත්තුවෙන්න පුලුවන්ද? මම දකින විදියට ඕකට ප්‍රධාන හේතුවක් තමයි ශිෂ්‍යයාට ස්වාධීනව හිතීමේ නිදහස පරිසරයෙන් උදාකරල දීල නැති එක. ඒක මෙතන තියන කමෙන්ටු බොහෝමයකින් පැහැදිලි වෙනව. ඒත් ඔබ තවමත් කියනව [විශ්ව විද්‍යාල] පද්ධතිය තුලටම බාර දෙන්න ඕනෙලු ඒ වගේ පරිසරයක් නිර්මාණය කරන එක. ලබන අවුරුද්දට ලංකාවෙ විශ්ව විද්‍යාල අධ්‍යාපනයට අවුරුදු 70යි. මට නම් සැකයි මේ අවුරුදු 70ටම ඔහොම පරිසරයක් අපේ විශ්ව විද්‍යාල වල තිබුණද කියන එක. (අපේ සරසවි ඉතිහාසයෙ ස්වර්ණමය යුගය කියන 60 දශකය පුරා විහිදුණු සරච්චන්ද්‍ර යුගයෙ සමහරවිට ඔහොම එකක් තියෙන්න ඇති. නමුත් එතනින් එහාට නම් කොහොමටවත් එවන් පරිසරයක් තිබ්බෙ නෑ කියන එක කියන්න පුලුවන්). එතනින් එහාට හැමදාම තිබුණෙ "අරගල" විතරයි. (අරගල තියෙන්න ඕනෙ, නමුත් ඒක සරසවිය හා බැඳුණු සමාජීය පරිසරයට හානිකර වෙන්න බෑ). අරගලයෙන් එහාට ගිය දෙයක් කිරීමේ අවශ්‍යතාව දැන් විශ්වවිද්‍යාල ඇතුළෙත් ගොඩක් දෙනාට දැනිල තියනව. මම දන්නෙ නෑ විශ්ව විද්‍යාල අභ්‍යන්තරය ගැන ඔබට තියෙන්නෙ මොන වගේ අවබෝධයක්ද කියල. නමුත් එතරම් ගැඹුරු අවබෝධයක් තියන බවක් මට නම් පෙනෙන්නෙ නෑ. කොහොමත් මේ ප්‍රශ්නය දිහා ඔබ පැළඳගෙන ඉන්න කණ්ණාඩිය ගලවලා බැලිය යුතුයි කියන එකයි මගේ අදහස. මොකද රටක තිරසාර සංවර්ධනයක් ඇති කරන්න බුද්ධිමතුන්, නායකයින්, චින්තකයින් අවශ්‍යයි; ඔවුන් බිහිකරන්න රටේ ශක්තිමත් සරසවි පද්ධතියක් තිබිය යුතුයි; ශක්තිමත් සරසවි පද්ධතියක් ඇතිකරන්න දැනට තියන තැනින් එහාට ගිය ආකල්පීයමය වෙනසක් අවශ්‍යයි...

@මාරයාගේ හෝරාව: ඔබ හෙළිකරල තියන කරුණු මෙහිදී ගොඩක් වැදගත්. නමුත් මේ ක්‍රියාවලියට අවතීර්ණ වෙච්ච ආකාරයෙ තමයි අවුල තියෙන්නෙ. කොහොමත් දැන් මේ පුහුණුව පටන්ගෙන අවසන් නිසා අපට බලන්න පුලුවන් මේකෙන් අන්තිමට වෙනසක් සිද්ධ වෙනවද; වෙනව නම් ඒ මොකද්ද කියන එක...

buwa said...

@Chamitha - ඔබ තුමා ඔය කියන කාරණා වලට මගේ විරුද්ධත්වයක් නැහැ හැබැයි මෙහෙම දෙයක් තියනව දවස් 21 පුහුණු කරපු ලමයි ඊට පස්සෙ අවුරුදු /23/4 ක් ඉන්නෙ අර පරන විශ්ව විද්‍යාල ශිෂ්‍යොත් එක්ක දවස් විසි එකකින් දෙන දෙයක් සම්පූර්ණයෙන්ම කනපිට ගහන්න ඔය කාලෙ ඇති . මොකද නායකත්ව ලක්ෂණ ඇඟට දැනෙන්න සති තුනකට වඩා කල් යනව . අනික සති තුනකදි මහා විපර්යාසයක් කරන්න බැ මනුෂ්‍යයෙක් ගේ චරිත ලක්ෂන වල ඉතින් ආයෙම අර වල් වැදුනු විශ්ව විද්‍යාල පරිසරයට ගියාම මේ ශිෂ්‍යනුත් ඒ ගානටම පත්වෙන්නෙ තියන ඉඩ කඩ වැඩියි . ඒ වගේම පුද්ගලයෙකුට ඉදිරි අනාගතයේ වැදගත්වෙන චරිත ලක්ෂන වෘත්තීය අනුව වෙනස් , හිතල බලන්න මෘදුකාංග ඉංජිනේරුවෙක් , අලවිකරන නිලධාරියෙක්, කලමණා කාර වරයෙක් ,වෛද‍යවරයෙක් ක්ෂුද්‍ර ජීව් විද්‍යාඥයෙක් කියන අය . මේ අයට අවශ්‍ය වන ගුණාංග එකිනෙක ගොඩාක් වෙනස් . ඒ ඒ වෘත්තිය හා බැඳුණ ගුණාංග දෙන්න පුලුවන් විශ්ව විද්‍යාලයට විතරයි . මේ පොදු පුහුණුව ඒකට වැඩක් නැ . මේකෙන් ලමයි යම් කිසි දෙයක් උකහා ගත්තත් ඊට පස්සෙ යන පරිසරයට ඒ දේ වෙනස් කරන්න පුලුවන් . ඒ නිසා වැදගත්ම සහා අත්‍යාවශ්‍ය දේ විශ්ව විද්‍යාල පද්ධතියට හරියට මැදිහත් වෙල ඒක සුද්ද කරන එක මිසක් අලුතෙන් එන උන්ට පුහුණු දෙන එක නෙවෙයි. අනික ඔඅබ කියන සමහර කාරනා වලට (ජොබ් එක විතරක් ටාගට් කරන වැනි )හේතුව වෙනත් භාහිර සමාජ කාරනා . අලුතෙන් එන ලමයින්ට පුහුනු දුන්නාය කියල ඒව හරියන්නෙ නැ

buwa said...

@මාරයා ඔබතුමා දෙවෙනියට කියල තියන දේවල් පලවෙනි කමෙන්ටුවෙන් මට තේරුනේ නැ , ඒක ඔබතුමා ලියපු විදිහෙ අවුලක්ද මම තේරු ගත්ත විදිහේ අවුලක්ද මම දන්නෙ නැ . මගෙ අවුලක් නම් සමාවෙන්න .එහෙම නොවෙයි නම් ඔයිට වඩා තේරුම් ගන්න පුලුවන් විදිහට ලියනව නම් හොඳා. ඔබතුමා ම පිලිගන්න විදිහට ඔබතුමා මහින්ද මහත්තයට කඩෙ යනව ඒ කියන්නෙ ඔබතුමාගෙ ප්‍රකාශයෙන් සැකයක් පල කරන එක ඉතාම සාධාරනයි . මහින්ද මහත්තයව නම් තාමත් විශ්වාසයි ,එස් . බීව සුද්ධ කරන්න සුදානම් නැ කියන ප්‍රකාශ දැක්කාම මතක් වෙන්නෙ දිවයින පත්තරෙ කතෘ තුමාව . මට නම් මහින්ද , රනිල් , ෆොන්සේක කියල අමුතු විශ්වාසයක් නැ , හරි දෙයක් කරන කොට අගය කරනව , වැරදි දෙයක් නම් විවේචනය කරනව . ඒකයි මම මේ දිගටම කරගෙන යන්නෙ . මේ කතන්දරේදී දඟලනව පෙන්නෙ එස් බී නිසා ඔහුව විවේචනය කලත් මේ දේ කරන්නෙ මහින්ද මහත්තයගෙ ආණ්ඩුවෙ ඇමති කෙනෙක් වීම සහ මහින්ද මහත්තය මූලිකත්වයෙන්ම වැඩෙ පටන් ගන්න නිසා මගේ චෝදනාවෙ කොටසක් එතුමටත් තියනව . ඔබතුමා යමක් දැනුවත් කරන එක අරමුණු කරගත්තා නම් ඔය පාවිච්චි කරල තියන වචන වැරදියි . මහින්ද මහත්තයට පක්ෂයි කියල තමාම පිලිගන්න කෙනෙක් "ආයේ කිසිම වරදක්වත් අඩු පාඩුවක්වත් පාඨමාලාවේ නැහැ..හරිම විධිමත් ආකාරයකට වැඩේ උපරිම හොදට කරන්න ලෑස්ති කරලා තියේ..." කියල ඊට පස්සෙ වාක්‍ය විදිහට "පාඨමාලාව ආරම්භ කරන්න කලින් රජතුමාව හමුවීහේ අවස්ථාවත් හැම කෙනාටම දෙනවා..කොහොමද ඒක..ඔන්න දැන් ගල් ගහන්න අවස්ථාව.." කිව්වාම මට නම් තාම දැනෙන්නෙ මෙතනදි මේ රජතුමා හමුවීම ඔබතුමා අගය කරනව කියන එකත් ඔබ තුමා ඒ මෙච්චර වෙල කිව්ව දේ ගැන විවේචන බාර ගන්නවාය කියන එකත් . ඔබ තුමා අදහස් කලේ වෙනදෙයක් වෙන්න පුලුවන් නමුත් මේ තමයි මට පේන හැටි

Anonymous said...

කොහොමහරි අපිට පේන්න තියෙන්නෙ 2/3 නෙවෙයි මොනව ඈතත් SBලා කට්ටිය JVPඵකට ගූ බයයි කියලා තමයි.
JVPඵකට බයට, ලක්ස ගානක් කාබසිනියා කරගෙන ට්‍රේනින් දෙන්න උනානේ SBඋබට, පව් බන්.
අව්ලක් නෑ කොල්ලනේ ලෝකේ හොදම Armyඵ්කෙන් ට්‍රේනින් වෙල ඈවිල්ලම හොරු ටික පන්නන්න සෙට් වෙමු.
SBට බඩුම තමයි!!!!!!!!

Chanaka Aruna Munasinghe said...

@ @ Anonymous

ඔවු ඔය පුහුණුවෙන් පස්සෙ උද්ඝෝෂණ වලදි එහෙම ආණ්ඩුවෙ කුලී හේවායන්ට ගල් මුල් වලින් පහර දෙන්නෙ නැතුව කෙලින්ම T-56 කින්ම දීල අදින්නෙ නැතෑ

Chanaka Aruna Munasinghe said...

@ buwa

"දවස් විසි එකකින් දෙන දෙයක් සම්පූර්ණයෙන්ම කනපිට ගහන්න ඔය කාලෙ ඇති ද? "

මම මෙහෙම දෙයක්නම් අහල තියෙනවා. මනෝ විද්‍යාඥ්‍යයෝ සහ වෛද්‍යවරු පිළිගන්න දෙයක්. යම් කිසි ක්‍රියාවක් නොකඩවා එක දිගට දවස් 21ක් කළොත් එයින් පස්සෙ ඒක ජීවිත කාලය පුරාවටම පුරුද්දක් වෙනවලු. උත්සාහ කරල බලන්න. දවස් 21ක් එකම ක්‍රියාව නොකඩවා කරනවා කියන එක කියන්න ලේසි වුණාට කරන්න සෑහෙන අමාරුයි

Anonymous said...

@Chanaka Aruna Munasinghe

ඵකේ වෙපන් ට්‍රේනින් නෑනෙ.
ඉතින් කොහොමද T-56 අදින්නේ.
හෑබෑයි අර ඊජීප්තුවෙ වගේ උද්ගෝශකයො අස්සට පතාලෙ කුලීකරයො දාල පොලිස්සියට වෙඩිතියවලා දෙගොල්ල0ව කොටවන්න ඉන්නවද දන්නෑ.
ඵ ජාතියෙ බඩුනෙ.

පොලීසියෙ අහි0සක මාස්පඩි ගන්න දරුපවුල්කරයන් ගෑන නම් කගෙහිතේවත් තරහක් නෑනෙ.කොල්ලන්ගේ ඔලු පෑලුවෙ නෑත්නම් රාජකරිය පෑහෑරහෑරියා කියලා ඌ ශෙල් ඵ්කේ.

හෑබෑයි පුතෝ SBලොක්ක ගෙ තත්තෙ න0 සීරියස් වෙයි.අපි දන්නෑ ඔව.SB වපුරපු දේ කපගනි0 ඉතින්.

Nadun Dissanayake said...

මචං මම මේක කියන්නේ මගේ දෙයක් නෙවෙයි.. මම NEWS බලනකොට දැකපු Comment එකක් තීනවා. ඒක මැකුවොත් කියලා මම මෙතන පල කරන්නම්.. අදාල ප්‍රවෘත්තියට යන සබැඳියත් මෙතනම පල කරන්නම්.. ඇත්තද බොරුද කියලා මම නම් දන්නේ නැහැ..

Comment =
("# rata_wasiya 2011-05-23 09:38
According to news coming from Trincomalee camp, the facilities are worse than in a prison. A new definition for the word 'chaos'...")

News =
http://mail.lankatruth.com/sin/index.php/news/local-news/11048-2011-05-23-03-05-46

හිම කුමාරි said...

මටත් හිතෙන්නෙ මේක හොද වැඩක්.. අපිට නැතිවීම ගැන දුකයි.. ඒ කොහොම වුනත් මේකෙන් අනාගත පරපුරේ මීට වඩා හොද දියුනුවක් තියේවි..

මකුළුවා...... said...

සරලව කිව්වොත් නායකත්ව පුහුණුව ඉතාමත් හොඳ වැඩක්.අද කාලේ ලංකාවේ වි.වි වලට තේරී පත් වෙන සිසුන්ගෙන් වැඩි පිරිසක් පොත් ගුල්ලෝ.ඉතාමත් සුළු පිරිසක් තමා පිස්සු කෙළලා කැම්පස් එන්නේ.අන්න එහෙම පිස්සු කෙළලා ඇතුලට එන බහුතරයට ඔය නායකත්ව පුහූණුව වැදගත් නෑ.මොකද පිස්සු කෙළින කාලේදි ඒ පුහූණුව නිකම්ම ඇඟට ආරෝපණය වෙන හින්දා(වැදගත් නැත්තෙත් නෑ...ඒ අයගේ දක්ෂතා ඔප දාගන්න පුළුවනනේ.).හැබැයි අනිත් අය තුල ඒ ලක්ෂණ අඩු හින්දා මේ නායකත්ව පුහුණු වැඩ පිළීවෙල ඉතාමත් හොඳයි.
කොහෙමත් මිනිහෙකු වුනාම දුෂ්කරතාවලට මුණ දෙන්න පුළුවන් වෙන්න ඕනේ.ඒ දේවල් වලට මේ ඔස්සේ හුරු වෙන්න ලැබෙනවානම් එකිනෙකාව තේරුම් ගන්න එක මේ අයට අමාරු වෙන එකක් නෑ.(නැත්තම් කොළඹ 7 එකයි පදවියේ එකයි එක හැළියේ බත් එකට ඉඳගෙන කෑවට අනික් එකාගේ ජීවන තත්වය කවදාවත් වටහා ගන්නේ නෑනේ(බහුතරය මේ වගේ මගේ අත්දැකීම් වලට අනුව විදියට))කොහොමත් මට හිතෙන්නේ අනාගතේදී කොන්ද පණ ඇති වි.වි ශිෂ්‍ය පරම්පරාවක් බිහිවෙයි කියලා,එක එකාට කඩේ නොයා මොළෙන් හිතලා වැඩ කරන.

buwa said...

පුරුදු එහෙම ඇති උනාය කියමුකො , ඒත් ආකල්පමය වෙනසක් ඇති උනත් ඒක තව අවුරුද්දක් ඔය කියන " ජරාජීර්න විශ්ව විද්‍යාල පරිසරයේදී " ඉන්න කොට වෙනස් වෙන්න පුලුවන් ,

Anonymous said...

Hoda lipiyak.
menna makrage lipiya C News eke pala karala.


http://lankacnews.com/sinhala/main-news/%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A-%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A-%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA/

Chanaka Aruna Munasinghe said...

@ Nadun Dissanayake

ඔවු කඳවුරක් කියන්නේ තරු 5 හෝටලයක් නෙවෙයි. ඔයිට වඩා දුක් විඳින කූඩාරම් ආදියේ අවුරුදු ගාණක් සිට ජීවත් වෙන පිරිසකුත් ලංකාවේ ඉන්නවා. බුදුහාමුදුරුවන්ට සත්‍ය ගවේෂණය කළ යුතුයැයි අදහසක් පහළ වුණෙත් මේ ලෝකෙ දුක කියල දෙයක් තියෙන බව හඳුනා ගැනීමෙන් පසුව නේද
=====================
@ හිම කුමාරි

ඔවු මටත් පොඩ්ඩක් ඉරිසියයි ඉරිසියයි වගේ. අපිට මෙහෙම දෙයක් නොතිබ්බ එක ගැන.සිංගප්පූරුවේ ජාතික සේවා පුහුණුව ලැබූ මට වඩා අවුරුදු 7ක් පමණ බාල යාලුවො ගොඩක් මට ඉන්නවා. මම වයස 20 දි සිටි ආකාරය සහ ඒ අය වයස 20 දි දැන් ඉන්න ආකාරය අතර සෑහෙන වෙනසක් තියෙනවා
=====================
@ මකුළුවා......

ඔවු SB ඇමතිතුමාගෙ අරමුණ මොකක් වුණත් මේ දෙයින් රටට හොඳක් වෙයි කියලා මමත් හිතනවා. ප්‍රාර්ථනා කරනවා
=====================
@ Anonymous

Thank you very much for giving me the C-News link. They published it with my permission

Chamitha said...

@බුවා: බාහිර බලපෑම් යොදලා විශ්ව විද්‍යාල සුද්ද කරනවා කියන්නෙ බොරු කතා. ඒක කවදාවත් කරන්න බෑ. විශ්ව විද්‍යාලයක් ඇතුලෙ ප්‍රශ්නයක් ඇති වුණොත් ඒකට මැදිහත් වෙලා විසඳන්න පුලුවන් විශ්ව විද්‍යාලය තුළම කෙනෙකුට විතරයි. සරසවිය ඇතුළට එන ශිෂ්‍යයා ආකල්පීයමය විදියට පසුපසට ඇදල දාන විදියෙ දෙයක් කරන්න පුලුවන් නවක වදයට විතරයි. මොකද එදිනෙදා අධ්‍යාපන කටයුතු අතරෙ වෙන දේවල් කර කර ඉන්න වෙලාවක් ලැබෙන්නේ නැති තරම්. නවක වද සමයෙ ශිෂ්‍යයින් හැසිරෙන ආකාරය සහ ඉන් පිට හැසිරෙන ආකාරය අතරෙ අහසට පොළොව තරම් වෙනසක් තියනවා. කොහොමත් ඔය සති තුන ගතකරලා එන ශිෂ්‍යයා ආපහු විශ්ව විද්‍යාලය ඇතුළෙත් නවක වදයට ලක්වෙන්න කැමතිවෙයිද කියලා බලන්න ඕනෙ ඔවුන් ආවම තමයි. නවක වදයෙ පීඩාකාරී බව සිසුන්ට දැනෙනවා අඩුවෙන තරමට ඔවුනගෙ ඇතිවන ආකල්පීයමය වෙනස අඩුයි. ඒ බව ඔප්පු වෙන්න අපි විශ්ව විද්‍යාලය තුළ හිටපු කාලය තුළම සාධක තියනවා...

buwa said...

@chamitha"බාහිර බලපෑම් යොදලා විශ්ව විද්‍යාල සුද්ද කරනවා කියන්නෙ බොරු කතා. ඒක කවදාවත් කරන්න බෑ "

ඇයි සමරනායක මහත්තය කියනව වගේ විශ්ව විද්‍යාල මුදා නොගත් ප්‍රදේශයක් ද . ඔය නවක වදය දරුණුවට නැති විශ්ව විද්‍යාලවල (පීඨ ) වල ඉන්න මගෙ මිත්‍රයින් දිහා බැලුවාම නම් ඔබ කියන ආකාරයේ තත්වයක් පේන්න නැ . රැග් එකෙන් පස්සෙ විශ්ව විද්‍යාලවලට ආවේනික උපසංස්කෘතියට අනුගත වීම ඇරෙන්න වෙන දෙයක් ඒ අයගෙ මම නම් දැකල නැව්, අන්තරේ කලබැගැනි නිසා තමන්ගේ විභාග ආදියට බාධා එල්ල වීම ගැන අන්තරේට පලු යන්න බනින විද්‍යා ශිෂ්‍යයින් ඕනි තරම් මට නම් මුන ගැහිල තියනව . අපිට වඩා දරුණු විදිහට නවක වදය ක්‍රියාත්මක උන (තවමත් ක්‍රියාත්මක ) ඉන්දියාවෙ සමහර විශ්ව විද්‍යාල වලින් නවක වදය සම්පූර්ණයෙන්ම ඉවත් කරල තියෙන්නෙ නවක වදය ගැන අලුතින් නීති හඳුන්වා දීල සහ ඒව දැඩි ලෙස් ක්‍රියාත්මක කිරීමෙන්ය කියලත් මතක් කරන්න ඕනි

Chanaka Aruna Munasinghe said...

මේකට විරුද්ධව කට්ටිය හෝ ගාල උසාවි යනව. ඔය කට්ටිය නවකවධයට විරුද්ධවනම් උසාවි ගියේ නැහැ නේද ?

Anonymous said...

This is a good idea..but why no one understand the idea behind this?? Im sure they going to brainwash new students..My bro also enter that..this is going to jerk..

Anonymous said...

දෑන් ඔය ප්‍රින්සිපල්ලත් අන්තරේට සම්බන්දයිලු.
ඉස්කොලවල අහි0සක කොල්ලන්ට ගුටි නෙලන්නෙ අන්තරේ නිසා උරුම උන නරුම කමටලු.
ඉතින් මේ දරුනු කොමිනිස්ට්වාදී අන්තරේ විදුහල්පතිවරුන්ගෙන් අහින්සක සිසු දරුවො පීඩාවට පත්කරන ඵක වලක්වන්න ලු ඔය පුහුනුව දෙන්නේ.

ඊට අමතරව සිතිජයට ඵහා පෙනෙන විදුහල්පති සෙට් ඵකක් බිහිකොරන්නත් පුලුවන් කියල SBමාමා කිව්වා.

Chamitha said...

@බුවා: ඔබ කතාකරන්නෙ ලංකාවෙ විශ්ව විද්‍යාල ගැනද කියල මට ෂුවර් නෑ:) ඔබ හිතනව නම් උප සංස්කෘතියට අනුගත වුණාට පස්සෙ සියලුම ප්‍රශ්න විසඳෙනව කියල, ඒක මිත්‍යාවක්. අපේ විශ්ව විද්‍යාල වලින් එලියට යන ශිෂ්‍යන් තුළ හරි ආකාරයේ ආකල්පීයමය වර්ධනයක් වෙලා තියනව නම් අපේ සමාජයට විශ්ව විද්‍යාල පද්ධතියෙන් ලැබිල තියන දායකත්වය මෙච්චර අල්ප ඇයි? විභාග වලට බාධා වෙනකොට, විශ්ව විද්‍යාල සති, මාස ගණන් වැහිලා තියනකොට විද්‍යා ශිෂ්‍යයො නෙවෙයි ඕනෙම ශිෂ්‍යයෙක් බනිනවා (ඉතාම අන්තවාදී අතළොස්සක් ඇර). ඒත් එහෙම වුණා කියල ඔබට කියන්න බෑ එතන චින්තනාත්මක වෙනසක මුලක් තියනවාය කියලා. ඔබ කියනවා නවක වදය ඉවත් කරපු තැන්වල එය ඉවත් කරල තියෙන්නෙ දැඩි නීති රීති පනවලා ඒවා ක්‍රියාත්මක කිරීමෙන්ය කියලා. ඔව්, හරි. නමුත් මතක තියාගන්න ඕනෙ දේ තමයි එම නීති ක්‍රියාත්මක කරල තියෙන්නෙ පොලීසිය විශ්ව විද්‍යාලයේ හැම අහු මුල්ලක් ගානෙම යොදවලා නෙවෙයි. ඒක තමයි මම කිව්වෙ බාහිර බලපෑම් වලින් සරසවියක් තුළ තීරණාත්මක වෙනසක් ඇතිකරන්න, සුද්ද කරන්න බෑ කියලා. පුලුවන් නම් පොලීසිය දාලා නවක වදය තුරන් කරපු එක තැනක උදාහරණයක් දෙන්න. නවක වදයට දීර්ඝකාලීන විසඳුමක් දීපු හැම තැනකම එහෙම දේවල් වෙලා තියෙන්නෙ එහි හිටපු අභ්‍යන්තර ශිෂ්‍යයො ගත්තු නිර්භීත තීරණ නිසා. එහෙම තීරණයක් අභ්‍යන්තරයෙන් ගන්නෙ නැතුව කොච්චර පිටින් බලපෑ කළත්, නීති දැම්මත් වැඩක් නෑ. ඒ වගේමයි ආචාර්යමණ්ඩලයෙ සහයෝගයත් මේකෙදි අනිවාර්යයෙන් ලැබෙන්න ඕනෙ. එහෙම නැතුව මේක ඔබ හිතන විදියට නීති දාලා විතරක් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. එහෙම නැතුව මේක ඔබ හිතන විදියට නීති දාලා විතරක් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. සරසවියක් තුල මුදා නොගත් ප්‍රදේශයක ලක්ෂණ තියනවා. එසේ තිබිය යුතුයි! නමුත් ඒ සමරනා‍යක මහත්තයා කිව්ව විදියට ඍණාත්මක අදහසකින් නෙවෙයි. සරසවි ආචාර්ය සංගමයෙ සභාපතිවරයාත් එහි වැදගත්කම කියල තියනවා මා දුටුවා. සරසවියක් මුදා නොගත්ත ප්‍රදේශයක් වෙන්න ඕනෙ නීති විරෝධී වැඩ කරන්න නෙවෙයි, රැඩිකල් මතවාද වල තෝතැන්නක් වෙන්න. එසේ වෙන්න ඉඩකඩ තියන එකම තැනත් සරසවිය විතරයි, මොකද සරසවියෙන් පිට හැම තැනකින්ම පුද්ගලයාව යොමු කරන්නෙ තියන ක්‍රමයටම යන්න. අපේ සමාජය නව මානයන්ට ගෙනියන්න බෑ තියන විදියටම ගිහින්. ලෝකය වෙනස්කරපු මතවාද වලින් 99%කම තිඹිරිගෙය වුණේ විශ්ව විද්‍යාලය. ඒ ඒ තුළ පවතින, පැවතිය යුතු චින්තන නිදහස නිසයි. මේ වගේ නායකත්ව පුහුණුවකින් වෙන්න ඕනෙ අපේ සරසවි ශිෂ්‍යයන්ට නවක වදය තුළින් ඇතිකරන ක්‍රම ගැතිභාවය ඉවත් කරන එක (මේක වෙනස් ආකාරයක ගැතිභාවයක්, මම ඉස්සෙල්ල කිව්ව තියන සමාජීය ක්‍රමයට වඩා). ඒකට අවශ්‍ය උත්තේජනයක් තමයි එමගින් ඔවුන්ට ලැබෙන්න ඕනෙ...

Naleen Dhanushka said...

ගිය එවුන් නම් හොඳයි කියලා කියනවා.....සමහර එවුන් බූස්ස එහෙම ගිය එවුන් පූල් ටේබලුත් තියෙනවාලු, උදේට ඔනේ තරං ෆිෂ් රෝල්ස් එහෙමත් තියෙනවාලු...ඇඹිලිපිටිය ගිය එකෙක් බාස්කට් බෝල් ගහන්ඩ තියෙනවා කියලා උඩින් පියාඹනවා....මට නම් හිතෙන්නේ අපූරු වෙනසක් තියෙනව කියලා....හැබැයි මුල් වටේට යන කට්ටිය තෝරපු විදිය නම් හරි මදි.. ඉහළම ලකුනු ගත්තු අය ගත්තා නම් තමා වැඩිය හොඳ..කමක් නැහැ ජූනි 15 අපිට පටන් ගන්නවාලු... ජෙප්පෝ පෙත්සන් ගහලා වැඩේ වන කලොත් තමා කෙලිය...

මාරයාගේ හෝරාව said...

අනිත් කාරණා කෙසේ වෙතත් මං දන්න සෙට් එකත් ආතල් එකේ ඉන්නවා..එකෙකුට සති තුන මදි වෙලා...ඌට ගෙදර එපා වෙන සයිස් එකක්...දෙවෙනි වටේ අය ලෑස්ති වෙන්න අපූරු අත්දැකීමක් විඳගන්න...

buwa said...

@chamitha කව්ද කිව්වෙ පොලිසියෙන් දාන්න කියල , නවක වදය අපරාධ නීතියට ඇතුලත් කරල ඒක ක්‍රියාත්මක කරන එකයි මම කිව්වෙ , දැන් එස් බීමහත්තය කියනව නවක වදය දෙන උන් එලවනවලු . ඉතින් හරි අපි එකඟයි එහෙමනම් මොකක්ද මේ පුහුණුව . ඔය පුහුණු නැතුව නවක වදය දෙනෙ උන් එලවන්න තිබුනනේ . අනික සති තුනකින් පුලුවන්ද මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරන්න . ඒ සති 3න් පස්සේ අවුරුදු තුන හතරක් විශ්ව විද්‍යාල වල හිටියාම ඒ ආකල්ප වෙනස් වෙන්නෙ නැද්ද ? (වැරදි ආකල්ප තියන සීනියර් ලත් එක්ක ) . හරි ලෝකේ කොතනද ඔහොම විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් විතරක් තෝරගෙන ආකල්ප වෙනස් කොලේ . සිංගප්පුරුව වගෙ මිනිස්සුන්ගේ ඔලුව හෝදල එහෙයියො බිහි කරන රටවලුත් ඔක්කොම තරුණයින්ට මිසක් ඔහොම එව්වා නම් දීල නැ . ඔය කියන ජරා ආකල්ප පිරිච්ච නායකත්ව ලක්ෂන නැති අපේ විශ්ව විද්‍යාල වලින් ආපු ලෝකෙ පුරාම විවිධ තන්තුරු දරනව . උන්ට ට්‍රේනින් එක නැති උනාය කියල නායකත්ව ලක්ෂන නැති වෙලාද , නායකයො හදන්න බැ හැදෙන්න ඕනි . ආකල්ප වෙනස් කරන්න සති දෙක තුනෙන් බැ ආකල්ප වෙනස් වෙන්නෙ අවුරුදු ගානක් ඇතුලෙ . ජරාව ගැවුණු තැනකට පිරිසිදු යමක් දානකොට ඒ පිරිසිදු දේ අපිරිසිදු නොවෙන්න කරන්න තියෙන්නෙ අදාල ස්ථානය පිරිසිදු කරල ඉන්න එකද අලුත දානදේම තවත් පාරක් වෙනස් විදකට හෝදන එකද ?
http://www.divaina.com/2011/05/27/news03.html

මේ ලමයින්ගෙත් ආකල්ප ශෝක් එකට උසස් වෙයි නෙ ???

@මාරයා ඇතුලු රෙදි ගලෝගෙන මේකට කඩේ යන හැම එකාටම ඔය උඩින් තියන ලින්ක් එකේ ලමයිනුත් ආතල් එකේ වෙන්න ඇති ඉන්නේ ??? දැන් දෙවෙනි වටයට විදුහල්පතිලත් කඳවුරු වල ගාල කරත්දිත් මේතන යථාර්තය උඹලට තේරෙන්නෙ නැත්නම් අපේ රට ආශ්චර්යයක්ම වෙලා තමයි නවතින්නෙ

ප.ලි - ඔය ලින්ක් එක ෆොන්සේකට කඩෙ යන ඉ නිවුසියෙවත් , යුඇන්පියට |කොටින්ට කඩේ යන සිරසෙවත් , ජෙප්පන්ට ජඩේ යන ලන්ක ටෘත් එකේවත් නෙවෙයි දේශප්‍රේමී , දේශමාමක ජනතාවගෙ පත්තරේ දිවයිනෙන් බව මතක් කරන්න කැමතියි

budhajeewa said...

ඇතුලෙ මොන වැඩේ කෙරුනත් මිනිස්සු ටිකක් හරක් රංචුවක් වගේ අරගෙන "හා අරක කරපිය!" කියලා අණ දෙන එක මහා අප්පිරිය සහගත වැඩක්. එහෙම අණ දෙන්න කවුද SBට බලයක් දුන්නේ?!

budhajeewa said...

"නායකත්ව" පුහුණුව - පෙර සහ පසු.

පෙර:-

ලෙචා: දෙකයි දෙකයි පහයි.
හෝල් එක පස්සෙම ඉන්න දත් නොමැදපු එකා: අරූට පිස්සු බං, දෙකයි දෙකයි හතරයි!

පසු:-

ලෙචා: දෙකයි දෙකයි පහයි.
සියල්ලෝම එක් වරම උස් හඬින්: දෙකයි දෙකයි පහයි, සර්!!!! (දකුණු කකුල ඔසවා පොළවේ ගසයි!)

budhajeewa said...

දැං තමයි කමෙන්ට්ස් ටික කියවල ඉවර උනේ. buwa කියල තියනව වගේ, නවක වදේ දෙන එවුංව එකපාරක්-දෙපාරක්-තුංපාරක් බලලා, ඒ ඒ අවස්ථා වලදී අවවාද කරලා-පංති තහනං කරලා-කනෙං අල්ලලා දොට්ට දාලා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් මේක.

අන්න එවිට නම් සිසුන්ට තමන්ගෙ හිත් වල පීඩනේකිං තොරව තමන් ආපු වැඩේ කරන්න හිත යොදවන්න පුළුවන් වේවි.

@මාරයාගේ හෝරාව: ආතල් නේ?!

මාරයාගේ හෝරාව said...

ආයෙත් අහලා බුධා මලේ..මල ආතල්..:D

Chamitha said...

@බුවා: "කව්ද කිව්වෙ පොලිසියෙන් දාන්න කියල , නවක වදය අපරාධ නීතියට ඇතුලත් කරල ඒක ක්‍රියාත්මක කරන එකයි මම කිව්වෙ , දැන් එස් බීමහත්තය කියනව නවක වදය දෙන උන් එලවනවලු . ඉතින් හරි අපි එකඟයි එහෙමනම් මොකක්ද මේ පුහුණුව . ඔය පුහුණු නැතුව නවක වදය දෙනෙ උන් එලවන්න තිබුනනේ" මෙහෙම කියන එකෙන්ම පේනවා ඔබේ තියන නොදැනුවත්කම. 1998 ඉඳන්ම නවක වදය ශ්‍රී ලංකාව තුළ අපරාධයක්. නවක වදයට එරෙහි නීති ඕනෑතරම් තියනවා. ඒත් ඒවා ක්‍රියාත්මක වෙච්ච අවස්ථා නම් අපි දැකල තියෙන්නෙ බොහොම කීපයයි. ඔබ කියන හැටියට කැම්පස් ඇතුළෙ නීති ක්‍රියාත්මක කරවන්න බෑ. වරක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ආපු ඩඩ්ලි සේනානායක අගමැතිතුමාව වටකරගෙන ඒ කාලෙ හිටපු කොල්ලො ටොකු ඇන්නා. ඒ වගේ බලයක් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සතුව තිබෙනවා. ඒ නිසා ඔබ හිතන විදියෙ දෙයක් කරන්න වෙන්නෙ ඔබේ හීන ලෝකෙම තමයි:)

දිවයින පුවත්පතේ ලිපිය සම්බන්ධව: මම කලිනුත් කිව්වා මේක හිටි හැටියේ සංවිධානය කරපු වැඩසටහනක්. ඒ නිසා ඔය වගේ වැරදි වෙන එක පුදුමයක් නෑ. ඒත් ඒකෙන් මෙහි තියන සංකල්පීයමය වටිනාකමට හානියක් වෙන්නෙ නෑ.

buwa said...

නවක වදය අයත් කරල තියෙන්නේ අපරාධ නීතියටද ? සිවිල් නීතියටද ? විකියට අනුව නම් ලංකාව නවක වදය ගැන ක්‍රියාමාර්ග අරන් නැති රටක් ... ඔය කියන විදිහෙ බලයක් දැන් නම් පේන්න නැ , ඔය ලමයි තොග පිටින් එලවන්නේ ලස්සනට . රටේ යම් තැනක නීතිය ක්‍රියාත්මක කරන්න බැය කියනව නම් ඒක නීති ක්‍රියාත්මක කරනවන් උන්ගේ අදක්ෂකම . ඕනිම රටක ඕනිම තැනකට වලංගු නීති ස්ථානයේ හෝ පුද්ගලයාගෙ අනුව වෙනස් නොවී ක්‍රියාත්මක වෙන්න ඕනි . නීති ක්‍රියාත්මක කරගන්න බැය කියල අලුතෙන් එන උන්ට පුහුණු දීල හරි යනවායැ

ප්‍රාර්ථනා said...

අති විශිෂ්ඨ පෝස්ට් එකක් මකර අයියා..
ස්තූතියි..^_^

Chanaka Aruna Munasinghe said...

ප්‍රතිචාර දක්වපු, වාද විවාද කරපු හැමෝටම ස්තූතියි

ධාරා said...

පරණ ලිපියකට අලුතෙන් කමෙන්ට් එකක් දාන්නං :) මමත් නායකත්ව පුහුණුවට ගියා. යන්න කලින් වගේ ම ගිහින් ආවට පස්සෙත් මට ඒ ගැන තියෙන්නේ යහපත් ආකල්පයක්. ලංකාවේ හැම කෙනෙක්ට ම ඒ වගේ පුහුණුවක් දෙන්න පුළුවන් නං ඇත්තට ම හොඳයි. ඒත් ඉතින් ලංකාව කියන්නේ වැරදි මිනිස්සු හොඳ කරනකොට ඒවත් වැරදි විදියට ම සලකලා බැහැර කරන මිනිස්සු ඉන්න රටක්නේ. ඒක පහු ගිය දවස් ටිකේ මං හොඳට අත් දැක්කා.

ආණ්ඩුවේ ක්‍රියා කලාපය බොහොම වැරදි වුණත් මේ වැඩ සටහන ඇත්තට ම හොඳයි. ඒ බව කිව්ව ම හුඟක් අය හිතන්නේ අපි ආණ්ඩුව කඩේ යනවා කියලා. මේ පෝස්ටුවටත් ඒ වගේ කමෙන්ට් සෑහෙන්න ප්‍රමාණයක් වැටිලා තිබුණා. එහෙම කමෙන්ට් දාන අයගේ මම දකින ප්‍රධාන වැරදි දෙකක් තියෙනෝ.

1. මිලිටරිකරණය කියන වචනේ තේරුම හරියට දැනගෙන නෙමෙයි කතා කරන්නේ.

2. තමන්ගේ හිතේ ඇඳිලා තියෙන නායකත්ව පුහුණුව ගැන තමයි විවේචන ඉදිරිපත් කරන්නේ.

ඒ දෙක ම වැරදි යි. අදහස් ප්‍රකාශ කරන්න කලින් හොඳට හොයලා බලන්න ඕනේ ඇත්ත තත්ත්වය මොකද්ද කියලා. ලංකාවේ මේ වගේ විශාල සිසුන් පිරිසකට පුහුණුව දෙන්න පුළුවන් වෙත තැනක් තියෙනවා ද? නැහැනේ :( ඉතින්, හමුදා කඳවුරක් ඇතුළේ පුහුණු කරනවා. එහෙම යි කියලා ළමයි මිලිටරිකරණය වෙනවා ද? ඒත් නැහැ. මම පුහුණුවට ගිය හමුදා කඳවුර පුහුණු පාසලක්. ආධුනික සෙබළුන් ව පුහුණු කරන හැටි අපි දැක්කා. ඒ පුහුණුවෙන් 0.1% ක ප්‍රමාණයක්වත් අපේ පුහුණුවේ තිබුණේ නැහැ. එහෙම එකේ නායකත්ව පුහුණුවට සහභාගී නොවුණ අය කොහොම ද කියන්නේ ඒක හමුදා පුහුණුවක් කියලා?

මම නං නායකත්ව පුහුණුව දකින්නේ විශ්ව විද්‍යාලයට ඇතුළු වෙන්න කලින් අලුත් යාළුවෝ අඳුරා ගන්න ලැබෙන, ජීවිතේට අත් දැකීම් එකතු කර ගන්න පුළුවන්, තමන් පිළිබඳ විශ්වාසයක් ගොඩ නගා ගන්න පුළුවන් හොඳ වැඩ සටහනක් විදියට!

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D