Friday, May 20, 2011

මහා සැරය


කුමාරතුංග මුනිදාස ශූරීන්ගේ හීන්සැරය පොත කියවල තියෙන අයනම් දන්නව ඇති ඇයි අලියා කසුට්ටාට බය කියල. ඒ කසුට්ටා අලියගේ හොඬවැලේ රිංගපු හින්දයි. 

මේ තියෙන්නෙ කසුට්ටාගෙ ලොකු අයියා කිඹුලා අලියෙකුට මහා සැරයක් දාන හැටි. කිඹුලාට අලියගෙ හොඬැවැලේ රිංගන්න හැකිවෙයිද ?



ප.ලි
=====
අලි සෙල්ලං බලන්න ආපු එකේ කේක් කෑල්ලකුත් කාලම යන්න. මෙවර කේක් සඳහා අනුග්‍රාහක දායකත්වය ශසීන්ද්‍ර වීරසිංහ මල්ලියාගෙන්




පහුගිය අවුරුදු වල කේක් ගෙඩි වල ඉතුරු වෙච්චත් තියෙනවා. 
[ 20 - May - 2011 ]

34 comments:

Podi Kumarihami said...

ඔට්ටුයි බෑ. මුනිදාස ශූරීන් දැන් හිටියා නම් 'මහසැරය' ගැන පොතක් ලියයි.

Anonymous said...

අපොයි... ඊට පස්සේ වෙච්චි දේ නැද්ද බං?

නදී said...

"කිඹුලාට අලියගෙ හොඬැවැලේ රිංගන්න හැකිවෙයිද ?"
පිස්සුද කිඹුලෙක්ට පුලුවන්ද අලියෙක්ගෙ හොඩවැලක් අස්සෙන් රිංගන්න?ඒකවත් තේරුම්ගන්න බෑනෙ මෙයාලට.:ඩී

Chanaka Aruna Munasinghe said...

@ Podi Kumarihami

මුනිදාස ශූරීන් දැන් නැහැනෙ. ඒක හින්දා ඔයාවත් මහ සැරය ගැන කතාවක් ලියන්න. ඔයාට බැරිනම් කතන්දර කාරයට හරි කියමු
=================
@ prasanna86k

ඊට පස්සෙ වෙච්ච දේ මතුසම්බන්ධයි :D
=================
@ නදී

මෙයා චූටි අලියෙක්නෙ . හොඬවැල චූටියි .ඒක හින්දා සමහර විට බැරි වෙයි. කිඹුලට තිබ්බෙ ලොකු හොඬවැලක් තියෙන ලොකු අලියෙක්ව මේ වැඩේට අල්ල ගන්න. මේ කිඹුලට ඒක තේරුම් ගන්න බෑනෙ

priyantha said...

අලියා ලොකු එකෙක් නම් කිඹුලා චූටි පැටියෙක් නම් පුළුවන්නේ හොඬවැලේ රිංගන්න..

Chanaka Aruna Munasinghe said...

@ priyantha

මේ කිඹුලට ඒ ගැන හිතන්න තිබ්බෙ චූඌඌටි පැටියා කාලෙ. දැන්නම් ටිකක් විතර පරක්කු වැඩියි වගේ

priyantha said...

මකරාට සුභ උපන් දිනයක් වේවා..!!!

Chanaka Aruna Munasinghe said...

@ priyantha

ස්තූතියි :D

හිස් අහස said...

ඔය වාගේ කිඹුලෙක් අපේ ගම් පලාතේ හිටියනම් මම ඒ කිඹුලට මල් තියලා වඳිනවා ..අපේ ගමේ ඉන්න අලිනම් මීට වඩා නරුමයි !

අද උපන්දිනේද මකරෝ ? මෙන්න සුබ පැතු එහෙනම් !!

Hasitha Gunasinghe said...

අනේ අනිච්චං අලින්ටත් තියෙන කරදර :))

කතන්දර Kathandara said...

සුභ උපන් දිනයක් වේවා..!!!

Chanaka Aruna Munasinghe said...

@ හිස් අහස

කිඹුල්ලු ඕනෙ නෑ. කසුට්ටෝ රංචුවක් ඇති කරන්න . කසුට්ටන්ට මල් තියල වැඳල මදිනම් කසුට්ටන්ගෙ කරේ රත්තරන් චේන් එක ගානෙත් එල්ලන්න
==============
@ Hasitha

පවු. මේ දවස් වල අලින්ට හැම අතින්ම කරදරයි
==============
@ Kathandara

ස්තූතියි. ඔය උඩින් පොඩිකුමාරිහාමිට මම දාල තියෙන උත්තරෙත් පොඩ්ඩක් කියෙවුවනං

මාරයාගේ හෝරාව said...

මකරාගේ පැටියා පත්තෑයාද..?

සුභ උපන් දිනයක් වේවා..!

Chanaka Aruna Munasinghe said...

@ මාරයාගේ හෝරාව

මකරුන්ට පැටවු නෑ. මම තමයි මේ ලෝකෙ ඉන්න එකම මකරා. ස්තූතියි

පූසා said...

සුභ උපන්දිනයක් වේවා!

Chanaka Aruna Munasinghe said...

ස්තූතියි සුදු පූඌ

Unknown said...

මකරො.................කෝ කේක්??...පරන කේක් කැලි වැඩක් නැ :P :P :P මම බුකියෙං සිංහල සුභ පැතුමක් දැම්මනෙ ලොල් :P :P

Chanaka Aruna Munasinghe said...

@ මදුශාන්

ඔය තියෙන්නෙ අලුත් කේක් ගෙඩියත්. ඇස් පෙනෙන්නෙ නැද්ද් හැබෑවටම. පරණ කේක් ගෙඩි කන්න කැමති අයට ගිහින් කන්නයි ඒ ලින්ක් දෙක දැම්මෙ

Unknown said...

හෆ්ෆොයි මකරා ඒක උඩනෙ??..කන්නෙ කොහොමද?

Chanaka Aruna Munasinghe said...

@ මදුශාන්

පැත්තකින් කෑල්ලක් කඩං කන එකයි ඇත්තෙ. කඩං කන හැටි දන්නෙ නැත්තන් අර උඩ ෆොටෝ එකේ අලියට සැර දාන කිඹුලගෙන් අහල ඉගෙන ගන්න

Anonymous said...

Bandy Full .........

Chanaka Aruna Munasinghe said...

පිට්ටු නැතුව කෙට්ටු වෙච්ච වත් අක්කා බණ්ඩිය ෆුල් වෙනතුරාවට කේක් කාගෙන කාගෙන ගිය වගයි :D

Unknown said...

ඔන්න කැවා :P :P තැන්කූ අහ්!!!!!!

Anonymous said...

සුබ උපන් දිනයක්!!! කේක් කෑල්ලටත් ස්තූතියි.

බටහිර අයගෙ ජනකතාවල අලි බය මීයොන්ටලු.

"There is a common Western folk belief that elephants are afraid of mice. The earliest reference to this claim is probably by Pliny the Elder in his Naturalis Historia, book VIII. As translated by Philemon Holland (1601), Of all other living creatures, they [elephants] cannot abide a mouse or a rat. Numerous zoos and zoologists have shown that elephants can be conditioned not to react. Mythbusters performed an experiment in which, indeed, an elephant did attempt to avoid a mouse, showing there may be some basis for this belief. Regardless, the myth of elephantine murophobia remains the basis of various jokes and metaphors."
-http://en.wikipedia.org/wiki/Fear_of_mice

Ravi said...

මකරො,

කසුට්ටා කියන්නෙ මොකාද බං?

අපි නම් දන්නෙ හීන් සැරේ ඉන්න සතා කටුස්සා කියලයි.

මොකාහරි කමක් නෑ. සුබ උපන් දිනයක් වේවා!

Chanaka Aruna Munasinghe said...

@ arunishapiro

බටහිර විතරක් නෙවෙයි. චීනෙත් එහෙමයි. චීන ළමා ක්‍රීඩාවක් තියෙනවා චෙස් වගේ ක්‍රීඩාවක්. ඒකෙ ඉත්තො ඉන්නෙ සත්තු. අලියා, සිංහයා, කොටියා. දිවියා, බල්ලා, පූවා සහ මීයා. අලියා තමයි ප්‍රබලම ඉත්තා. අලියාගෙන් අනිත් හැම ඉත්තාම කපන්න පුළුවන් මීයා හැර. හැබැයි අලියාව කපන්න පුළුවන් මීයගෙන්, මීයට කපන්න පුළුවන් අලියාව විතරයි
=======================
@ Ravi

කසුට්ටා කියන්නෙ කටුස්සාගෙ මොඩ් වර්සන් එක. ඒක හරියට පූසා මොඩ් වෙලා පූවා වුණා වගේ තමයි

චූටි මල්ලි said...

මේක එඩිට් කරපු එකක්වත්ද? බලන් ගියාම මෙකේ මහ පුදුම වෙන්න දේකුත් නෑ, අලි දැන් බල්ලට ගිහින් කිඹුලෙක් වත් ගනන් ගන්නෙ නෑනෙ :D

Chanaka Aruna Munasinghe said...

@ චූටි මල්ලි

එඩිට් කරපු එකක් නෙවෙයි. එඩිට් කරානම් ඔයිට වඩා ලස්සනට හදන්න පුළුවන්නෙ

සසීන්ද්‍ර වීරසිංහ said...

අයියෝ....
කො අපිට කේක් කුඩුනෙ තියෙන්නෙ :/
ආයෙ අවුරුද්දක් නම් ඉන්න බෑ හරිද, ඉක්මනට ඊලඟ උපන්දිනෙත් ගන්න

Chanaka Aruna Munasinghe said...

@ සසීන්ද්‍ර වීරසිංහ

අනේ පොඩි එකාට කුඩු විතරද ඉතුරු වෙලා තියෙන්නෙ. ඔයා තව මේ වගේ කේක් ගෙඩියක් ඇඳගෙන තනියම කන්න අහල පහළ ඉන්න අයටත් චුට්ට චුට්ට දීල

Podi Kumarihami said...

කට්ටිය බන්ඩි පැලෙන්ට කේක් කාලා අපි දන්නෙත් නෑ. දැන් ඉතින් අපිට අලුත් කේක් එකක් හරි, එහෙමත් නැත්නම් ආයම 'හැපි බර්ත්ඩේ ටු යු' තියන්ට හරිවෙයි. ඕං අපි නම් දන්නේ නෑ.

පන්සල් හංදිය said...

පව් අලි පැටියා .......

සංකල්ප said...

හීන් සැරය වගේම මහ සැරයත් නියමයි වගේ

Chanaka Aruna Munasinghe said...

@ Podi Kumarihami

ලබන පාරවත් බලමු යහතින් හිටියොත්
===========
@ කල්හාර දිසානායක

පවූඌඌඌඌ නෑ. හොඳ වැඩේ දඟ වැඩ කරන්න ගියාට
===========
@ මධුරංග

මගුල් කෑමත් මරු

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D