Sunday, May 1, 2011

සිංගප්පූරුවේ මැතිවරණ උණුසුම


පසුගිය 19 වෙනිදා මධ්‍යම රාත්‍රියේදී අතිගරු ජනාධිපති නාදන් මැතිතුමා විසින් සිංගප්පූරු පාර්ලිමේන්තුව විසුරුවා හැරුණා. එයින් පසුව පසුගිය 27 වැනිදා 14 වැනි පාර්ලිමේන්තු මහා මැතිවරණයට නාම යෝජනා කැඳවුණු අතර මැතිවරණය මැයි 7 වෙනිදා පැවැත්වීමට නියමිතයි. 

සිංගප්පූරු පාර්ලිමේන්තුවේ ආසන ගණන 87යි . එයින් ආසන 82ක් සඳහා මැතිවරණය පැවැත්වෙනවා. ඉතිරි ආසන වල අපේක්ෂකයන්ට නිතරඟ ජයක් ලැබිලා .

 පාර්ලිමේන්තුව

ලංකාවෙ වගේ නෙවෙයි මෙහේ පාර්ලිමේන්තුව විසුරුවා හැරලා සතියක් ඇතුළත මැතිවරණය පවත්වන්න ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන සපයල තියෙනවා. ඒ වගේ සතියක් ඇතුළත මැතිවරණ පවත්වපු අවස්ථාත් ඉතිහාසයේ තියෙනවාලු. මේ පාරනම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සිට මැතිවරණ දිනය දක්වා දවස් 17ක් තියෙනවා. යන්තම් සති දෙකයි.හරිහමන් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් සැළසුම් කරන්නවත් කාලෙ මදි.

එ වුණාට කාලෙ මදි කියලා පසුබාන්නෙ නැතුව පාලක මහජන ක්‍රියාකාරී පක්ෂයනම්  (Peoples Action Party ) දැවැන්ත මැතිවරණ ප්‍රචාරයක් ආරම්භ කරලා . බලන්න පින්තූර ටික

හිටපු අගමැති සහ අනාගත අගමැති

 ලංකාවෙ වගේම තමයි 
ලයිට් කණු  හරිම ප්‍රයෝජනවත්

මැතිවරණ ප්‍රචාරක රථයක්
 
ලයිට් කණු වල වගේම  මාර්ග සංඥා කණු වලත් බැනර් එල්ලීම නිසා මේ වගේ හාස්‍යජනක දර්ශනත් මැවිලා තිබ්බා


මහජන ක්‍රියාකාරී පක්ෂය නවත්වනු !!!

කොහොම වුණත් මේ පාරත් මහජන ක්‍රියාකාරී පක්ෂය නවත්වන්න බැරිවෙයි. විපස්සය සෑහෙන දුර්වල බවයි පෙනෙන්නේ. 

පසුගිය වසර තුළ බදු බර හා ජීවන වියදම සෑහෙන්න ඉහළ ගිය බවට විපස්සය චෝදනා කළත් ඔවුන් පැහැදිළි විකල්ප ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරලා නෑ.  ඒ අතරේම ආණ්ඩුව විසින් ශ්‍රීලංකා මොඩලයේ පරිගණකාශ්‍රිත  ඡන්ද මංකොල්ලයකට සූදානම් වන බවටත් චෝදනාවක් තියෙනවා ( කාටද ආඩම්බර ? ).  ඒකනම් අර බැට් කරන්න බැරි වුණේ පිච් එක ඇද හන්දා වගේ කතාවක් වෙන්න ඇති. 
[ 01 - May - 2011 ]

16 comments:

Anonymous said...

සිංගප්පූරුවේ නැද්ද මකරෝ... මෙහේ වගේ නයට කහින පාගමන්... සංගීත සංදර්ශන වගේ ඒවා...?

priyantha said...

//හරිහමන් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් සැළසුම් කරන්නවත් කාලෙ මදි.//
පවුඌඌඌ....

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

මට පෙන්නෙ ලංකාවෙ ආණ්ඩුවයි විපක්ෂෙයි දෙකම සිංගප්පුරුවෙන් ආදර්ශයට අරගෙන වගෙ

අලුත් කොල්ලා | The New Guy said...

ඔහෙ චන්දෙ දෙන්නෙ කොහොමද දන්නෙ නැහැ නේද මකරෝ....?

Ravi said...

ඔහෙත් චන්දෙ දෙන්නෙ කොලේක ලකුණු කරලද?,එහෙම ඇහුවෙ අවුරුදු 10 වගෙ කලින් බොත්තමක් ඔබල චන්දෙ දෙන ක්‍රමයක් සිංගප්පූරුවෙ අත්හදා බලනවයි කියන කතාවක් මට මතක නිසා.

කතන්දර Kathandara said...

ලි ක්වාන් යූ කාරයාත් නිතරඟයෙන් නේද?

Podi Kumarihami said...

දැන් ඉතින් මැතිවරන උනුසුම නිසා රටම ඉන්න බැරි තරමට උනුසුම්ද?
මම නම් කැමතිම රටක් සිංගප්පූරුව. හැබැයි දැන් නම් යන්ට බයයි ඒ පැත්තේ 'මකරෙක්' ඉන්න හන්දා.:))

සංකල්ප said...

මකරයියේ එහෙත් නැද්ද බත් පැකට් එකයි රුපියල් සියයයි දීපුවාම ඕනම දේකට එන මිනිස්සු ????
ජනාධිපති තුමාගේ නම් නාදන් කිව්වම මෙහේ තියෙන ග(ර්)ල්ස් හොස්ටල් එකක නමක් මතක් උනා.

මකුළුවා..... said...

අන්න පාර්ලිමේන්තු,නැද්ද මකරයියේ?නාදන් එකත් මතක ඇතිනේ...නේද?

Anonymous said...

මකරාගේ බ්ලොග් එකට මම කැමතියි. සිංගප්පූරුව ගැන කියනකොට මටත් පොඩි කතා කීපයක් මතක් උනා.

එකක් සිංගප්පූරුවේ දියුණුව ගැන.... එක පරම්පරාවක් ඇතුලත ඌන සංවර්ධිත තත්වයක ඉඳලා සංවර්ධිත රටක් බවට පත් වෙච්ච එකම රට ... මම දන්නා විදියට. එක කියන්න ලේසි උනාට කරන්න කොච්චර අමාරු වෙන්න ඇතිද...? අනික් ඒවා කෙසේ වෙතත් මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කිරීම කොයි තරම් නම් අමාරු වෙන්න ඇතිද....? විශේෂයෙන්ම එක genaration එකක් තුළ. මේක තේරෙන්නේ සරල උදාහරණයක් ලංකාවට ආදේශ කිරීමෙන්. සිංගප්පූරුව කියන්නේ ප්‍රධාන වශයෙන් ජන සමූහ 3ක් ඉන්න රටක්. චීන, මැලේසියානු සහ ඉන්දීය..... . මේ ජන සමූහ තුනේ පැරණි පන්නයේ මිනිස්සු අලුත් කරලා පලවෙනි ලෝකෙට කොහොමද ගේන්නේ.....! නිකමට හිතමු පුංචි උදාහරණයක් එක්ක ලංකාවට ගලපලා.... දැන් කොච්චර හොඳට ඉස්පිරිතාල ලංකාවේ හැදුවත් ඒවා තිය ගන්න අපහසු එක හේතුවක් තමයි බුලත් කෙල ගැහිල්ල. අපි හිතමු අපිත් මෙහෙම එක පුද්ගල ආදායම වැඩි වෙලා දියුණු උනා කියල.... ඊට සමගාමීව කොහොමද අපේ වැඩිහිටියෝ එක පාරට වෙනස් කරන්නේ.....?? මකරාගේ අත්දැකීම් දැන ගන්න කැමතියි.

දෙක... ඉහත කාරණාවටම සම්බන්ධයි. ලී ක්වාන් යූ සිංගප්පූරුව දියුණු කළේ කොහොමද ....? සරල උත්තරයක් මට අහන්න ලැබුනා... 1. decipline ... 2. development 3. democracy . මේක අනු පිළිවෙලට ආපු එකක්. 3 තවම හරියට සිංගප්පූරුවේ නෑ කියලයි කියන්නේ. අපේ ඕක යන්නේ අනිත් පැත්තට..... මහා වල් බූරු විදියට. ඉතින් ගොඩ ඒම ලේසි නෑ. මේ ගැන සිංගප්පූරුවේ ටැක්සි රියදුරෙක් එයාපෝර්ට් එනකොට කිව්ව කතාව පස්සේ කියන්නම්....! Puran Appu.

ඉන්දික උපශාන්ත said...

ඔහෙත් එහෙමද? මෙහෙත් එහෙමයි!

Bindi said...

මම හිතුවේ ඔහේ පෝස්ටර් ඇලවීම තහනම් කරලා කියලයි.. ලි ක්වාන් යු අපේ ජේ . ආර් ලොක්කගේ යාලුවනේ....මැතිවරණ උපදෙස් දීව්‍ය ලෝකේ සිට දෙනවලු. විහිලු කළාට මොකෝ අර ඇනෝ කිව්වා වගේ ඒ රට ලැබූ දියුණුව නම් අගය කල යුතුමයි. ගුවන් තොටුපලම බලන්නකෝ ලස්සන . දවසක් වුනත් ඉන්න පුළුවන් ඇවිද ඇවිද ළමයි එක්ක වුනත්. මොනවද අඩු . ජිවන වියදම වැඩියි කිව්වට විපක්ෂයක් ඇවිත් කනවට වඩා තියෙන විදිය හොඳ වෙයි මගේ හිතේ.

Chanaka Aruna Munasinghe said...

@ prasanna86k

මොකද නැත්තෙ මෙහෙත් තියෙනවා ප්‍රචාරක රැස්වීම් එහෙම. නළු නිළියො, ක්‍රීඩකයෝ එහෙම ටීවි එකට ඇවිත් අහවලා හරිම සංවේදීයි , කොනිත්තන්නත් කලින් ඌයි කියනව කියල කියන ඇඩ් එහෙමත් තියෙනෝ
=================
@ priyantha

ඒක තමයි පවූඌඌඌ, මටත් හරිම දුකයි
=================
@ buwa

ආශ්චර්යමත් රටෙන් ආදර්ශ ගන්නෙ නැතුව වෙන කොහෙන් ආදර්ශ ගන්නද

Chanaka Aruna Munasinghe said...

@ අළුත් කොල්ලා , Ravi

කොලේක කතිරෙ ගහන ක්‍රමේ තමයි තවම තියෙන්නෙ.
http://www.elections.gov.sg/voters_ballotsecrecy.html
=================
@ Kathandara

ඔව් ඔව්, එයා ජාතික ලැයිස්තුවෙන්.එයාට ගෞරවයක් විදිහට කවුරුත් එයත් එක්ක තරඟ කරන්නෙ නෑ.
=================
@ Podi Kumarihami

මකරු කැන්ගරුවන්ටත් වඩා අහිංසකයි

Chanaka Aruna Munasinghe said...

@ මධුරංග

පෝස්ටර්, බැනර් එල්ලන වැඩ වලට එහෙම ගන්නෙ ඉදිකිරීම් වැඩ වලට ඇවිත් ඉන්න විදේශීය ශ්‍රමිකයෝ. බත් පැකට් එකයි ඩොලර් කීපයකුයි තමයි දෙනවා ඇත්තෙ. පේනව නේද තැන නොතැන නොබලා එල්ලලා තියෙන හැටි.

මහජන ක්‍රියාකාරී පක්ෂය නවත්වනු !!!
===============
@ මකුළුවා......

හෆොයි පේරාදෙණියෙ මකුළුවොත් හිටියද ?
===============
@ Puran Appu.

දීර්ඝ ප්‍රතිචාරයට ස්තූතියි. ඔය කියන දේවල් ගැන වෙනම පෝස්ට් 2ක් 3ක් ලියන්න ඕනෙ

Chanaka Aruna Munasinghe said...

@ ඉන්දික උපශාන්ත

ඇයි අරෙහෙ, එහෙත් එහෙමම්මයි
===============
@ Bindi

පෝස්ටර් අලවලා නෑ. එල්ලලා තියෙන්නෙ. අද වෙනකොට ඒවා ඔක්කොම ගලවලා. තහනම් නැතුව ඇති , පොලීසි ඉස්සරහත් එල්ලලා තිබ්බා

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D