Sunday, May 22, 2011

මාර මාරුව ඔබට කොහොමද ?

.

අසව් අසව් !!!

විශ්වය ආරම්භයේ පටන් මේ දක්වා කාලයක් පරනිම්මිත වසවර්තිය ස්වකීය වාසභවන කොටගත් සීටීකූ මාරයා (සිකුරිටි මාරයා නොවේ ) හෙට මධ්‍යම රාත්‍රී 12.00ට යෙදෙන අසුභ මොහොතින් නව වාසභවනක් වන ස්වනිම්මිත වසවර්තියට අරක්ගනු ඇති. සීටීකූ මාරයා සමඟ මාරයාගේ දූවරුන් තිදෙනාත් දසබිම්බරක් මාර සේනාවත් ස්වනිම්මිත වසවර්තියට මාරු වී යනු ඇති.

සීටීකූ මාරයා,  මාරයන්ගේ පාරම්පරික වාසභවන වන පරනිම්මිත වසවර්තියෙන් ඉවත්වී  ගොස් දිව්‍යලෝක ආයතන අනුපිළිවෙල ( Organizational Hierarchy ) කඩාකප්පල් කර  දැමීම පිළිබඳව පරනිම්මිත වසවර්තියට පහළින් ඇති නිර්මාණ රතියෙන් හා ඉහළින් ඇති බ්‍රහ්ම පාරිසධ්‍යයෙන් බරපතල විරෝධතා එල්ල වන බවද සැළයි.


මාර මාරුව ලග්න 12කට අසුභයි !!!

ප.ලි
====
සීටීකූ මාරයා ඇතුළු පිරිස ඉවත්ව යාමෙන් පුරප්පාඩු වන පරනිම්මිත වසවර්තිය කුළියට හෝ බද්දට දීමට තිබේ. වැඩි විස්තර සඳහා ශක්‍ර දේවේන්ද්‍ර අමතන්න


[ 22 - May - 2011 ]

17 comments:

සංජු said...

හික් හික්

හරී - පිණිපළස said...

අඳුරන එක්කෙනෙක් ඉන්නවා අර පරනිම්මිත වසවර්තිය කුළියට ගන්න කැමති. ශක්‍රයගෙ දුක නොම්මරේ හොයාදෙන්න ප්ලීස් ...

``` Outsider``` said...

වසවර්තියාට හොඳක් වෙනවනම් කොයි තරම් දෙයක්ද

නදී said...

"මාරයාගේ දූවරුන් තිදෙනාත් දසබිම්බරක් මාර සේනාවත් ස්වනිම්මිත වසවර්තියට මාරු වී යනු ඇති."

මේ මාරය බැදලද?දුවල තුන්දෙනෙකුත් ඉන්නව කියන්නෙ මේ?:O

Anonymous said...

මටත් මාරයාව කන්ටෑක්ට් කරන්න ඕනෑ....අනේ නම්බර් එක දෙන්න අනේ...

Podi Kumarihami said...

"ස්වනිම්මිත වසවර්තිය" තියෙන්නේ සින්ගප්පූරුවට උඩින්ද?

එයාගේ දුවලා තුන්දෙනාගේ නම් හොයාගන්ට බැරිද දන්නේ නෑනේ. යාලුවෝ කීපදෙනෙක්ගේ දුවලාට අලුතින් නම් හොයනවා.

Chanaka Aruna Munasinghe said...

@ සංජු

හී හී
============
@ හරී - පිණිපළස , Anonymous

මාරය මේක දැකල එනකම් හිටු. ඒ ආවම නම්බර් එක ඉල්ල ගන්න පුළුවනි
=============
@ `` Outsider```

වසවර්තියා සුවපත් වෙත්වා! නිවන් දකිත්වා
==============
@ නදී

මාරයා බැඳල ඉන්නෙ මාරිව. මාරි කියුරි නෙවෙයි, නිකන්ම නිකන් මාරි
==============
@ Podi Kumarihami

මාරයා ආවම ස්වනිම්මිත වසවර්තියෙ ඇඩ්‍රස් එක දේවි. එයාගෙ දුවල තුන්දෙනාගෙ නම් තණ්හා රතී රාගා. හරිම ලස්සන කෙල්ලො තුන්දෙනෙක්

දේව් ගේ අඩවිය said...

දැන් ඔය මාර භවනේ රෙන්ටල් එක එහෙම කොහොම වේයිද දන්නේ නැ නේද? එකපාර මාස කියකට ඇඩ්වාන්ස් ඕනද කියලත් අහාලා කියන්නකෝ... අපිට ඉතින් කොන්ටැක්ට් නැනේ

මාරයාගේ හෝරාව said...

මකරෙක් බාබකිව් කරන හැටි ඔය ළමායි අහලා තියේද..?
නැත්තං ලෑස්ති වෙන්න ලගදීම ඒ පිළිබඳව සූප වේදී පාඩමක් කියා දෙන්නං...

Chanaka Aruna Munasinghe said...

@ සදරු ගේ ලෝකය

මෙන්න මාරය ඇවිත් ඉන්නව. ප්‍රශ්න තියෙන ඒවා හනිකට අහන්න
==============
@ මාරයාගේ හෝරාව

අන්න හොඳයි මටත් පුලුවන් නිවැරදි ක්‍රමයට බාබකිවු වෙන හැටි ඉගෙන ගන්න

අපරාජිතයා :::: Aparajithaya said...

ආ බොලේ ලග්න 12 හමයිනේ තියෙන්නේ..... අපි නොදන්නා වෙන එව්වත් තියනවද....

Chanaka Aruna Munasinghe said...

@ අපරාජිතයා :::: Aparajithaya

මාරයා කේන්දර ටිකත් උස්සගෙන මාරු වෙලා යනවයි කියන්නෙ ලග්න 12ටම අසුභයි කියන එක තමයි. මේක සාමාන්‍ය ග්‍රහ මාරුවක් නෙවෙයි

සංකල්ප said...

මට නම් කොයිල් වගේ උනා.

Chanaka Aruna Munasinghe said...

@ මධුරංග

මාරුවටත් කලින්ම අපලයි වගේ ඒ කියන්නෙ

Chanaka Aruna Munasinghe said...

@ මධුරංග

ඉංජිනේරුවන්ට අධිපති විශ්වකර්ම දෙවියො ඉන්නෙ නිර්මාණ රතියෙ. උන්නාන්සෙට කිවුවනම් කොයිල් ඇද ඇර ගන්න පුලුවන් වෙයි

නලිනි චන්දිමා said...

මේක දැක්කෙ අදනෙ. ලග්න 12කටද අසුභ නැත්නම් අලුත් වාසභවන වටේ තියෙන ගෙවල් 12ටද?

Chanaka Aruna Munasinghe said...

@නලිනි චන්දිමා

හෆොයි මාරයව එහෙම අවතක්සේරු කරන්න එපා. මාරය කියන්නෙ ගෙවල් 12කට නෙවෙයි සක්වළවල්ම 10000කට බලපෑම් කරන්න පුළුවන් කෙනෙක්

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D