Friday, August 6, 2010

සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ රැග් කරන හැටි


රැග් එක, එහෙම නැත්තම් නවක වධය කියන එක ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල හා අනෙකුත් අධ්‍යාපන ආයතන වල පැතිරී ගිය දරුණු රෝගයක්. විකිපීඩියාවේ සඳහන් වන ආකාරයට  නවක වධය වඩාත්ම දරුණු රට ශ්‍රී ලංකාව . [Wikipedia link]

සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේත් හැම අධ්‍යයන වර්ෂයක් ආරම්භයේදීම රැග් කාලයක් තියෙනවා. මේ රැග් එකට විශ්ව විද්‍යාල පාලන අධිකාරියේත් සම්පූර්ණ සහයෝගය හම්බ වෙනවා. විශ්ව විද්‍යාලයේ ආචර්යවරුන් පවා නවක සිසුන්ට රැග් එකට සහභාගි වීමට පොළඹවනවා. රැග් එකට සහභාගි විය යුතු ආකාරය, ස්ථාන, දින සහ වෙලාවන් ප්‍රසිද්ධියේ දැන්වීම් පුවරු වලත් සඳහන් වෙනවා.

මෙන්න විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලය ඉස්සරහ රැග් දර්ශන කීපයක්. ලංකාවෙ වගේ අහු මුළු වල හැංගිලා නෙවෙයි රැග් කරන්නෙ.



මේ ළමයින්ව කූඩුවකට දාලා

හැබැයි මේ රැග් එක අමානුෂික නවක වධයක් නෙවෙයි. අධ්‍යයන වර්ෂයේ පළවෙනි සතිය තුළ නවක සිසුන්ගේ හැඩගැස්වීමේ සහ පිළිගැනීමේ වැඩසටහන් පැවැත්වෙනවා. විශ්වවිද්‍යාලයේ සාම්ප්‍රදායික කොඩි දිනය එන්නේ පළවෙනි සතිය අවසානයේදී. එදාට පැරණි සිසුන් සහ නවක සිසුන් කණ්ඩායම් වශයෙන් රට පුරාම ගිහින් කැට හොල්ල හොල්ල  ආධාර එකතු කරනවා.

  
ලංකාවෙත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයො කැට හොල්ල හොල්ල ආධාර එකතු කරනවා දැකලා ඇතිනෙ. හැබැයි ඒ ආධාර වගේ මේවා එකතු කරන්නේ දේශපාලන පක්ෂ වල අරමුදල් වලටනම් නෙවෙයි. මේ එකතු වෙන ආධාර මුදල් යෙදවෙන්නේ වැඩිහිටි නිවාස, රෝහල් ආදී තැන් වල සුභසාධන කටයුතු වලට.

ඊට පස්සේ දවසක මේ කොඩි දිනයට ආධාර දීපු සියළුම දෙනාට ස්තූති කිරීමක් හැටියට සිසුන් විසින් විවිධාකාර සංදර්ශන පවත්වනවා. ඒකට තමයි රැග් දිනය කියන්නේ. මේ රැග් දිනය සඳහා සිසුන් විසින් අලංකාර  සංදර්ශන රථ හා සංදර්ශන භාණ්ඩ හදනවා.   අර උඩින් තියෙන්නේ රැග් දිනයට පෙර පුහුණු වීමක්.


 ඇතෙක් ආකාරයට සැරසූ සංදර්ශන රථයක්


කලා සිසුන් හදපු කාල තුවක්කුවක්

ඇතාගෙ දළ සරසලා තියෙන්නේ 
ඉවත දාන බීම බෝතල් වලින්


මේ අවුරුද්දේ NUS කොඩි දිනය හෙට. රැග් දිනය 11 වෙනිදා. වැඩි විස්තර සඳහා NUSSU Rag and Flag Day නිල වෙබ් අඩවිය ට යන්න.


[ 06 - Aug - 2010 ]

50 comments:

Indranama said...

මම අහලා තියෙන විදියට ගොඩක් රටවල්වල (විශේෂයෙන් බටහිර) විශ්වවිද්‍යාල වල ‘රැග්‘ එක කියන්නෙ මේ වගේ සුන්දර දෙයකට. ඒ වගේම ඔය charity service එකකුත් ගොඩක් තැන් වල රැග් එකේදි සිදුවෙනවා.

ලෝකෙන් උතුමු රට වෙච්චි ලංකාවේ ඔය වගේ වෙනසක් වෙන්න තව කොච්චරකල් යයිද කියලා දෙයියො දනී.

ආ.. කැට ගැන මතක් කලාම මට මේක මතක් උනේ. මම බස් වලදි ගොඩක් වෙලාවට දකිනවා විශ්වවිද්‍යාල සිසුන් බස් වලට නැගලා දැවෙන සමාජ ප්‍රශ්න, අධ්‍යාපනයේ ගැටලු ආදිය ගැන ඉතා ආවේගශීලීව කතා කරමින් ‘ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාර‘ පවත්වනවා. (මගේ විශ්වවිද්‍යාලයේ සහෝදර පීඨ වල සිසුන් මට නිතරම 138 බස් එකේදි මුනගැහෙනවා) නමුත් මේ ‘දැනුවත් කිරීමේ ව්‍යාපාර‘ වලදි කැටයක් හොලවමින් මුදල් එකතු කරන්නෙ ඇයි? ඔන්න ‘අරමුදල් තරකිරීමේ ව්‍යාපාරයක්‘ නම් කමක් නෑ, මේක ‘දැනුවත් කිරීමේ ව්‍යාපාරයක්‘ නෙ.

priyantha said...

ඔන්න නියම රැග් එකක්. අපේ අයත් මේව කියවනවද දන්නේ නෑ. මට දැනෙන හැටියට මේකෙන් රැග් එකේ නියම අරමුණ නිවැරදිව ඉටුවෙනවා කියන්න පුළුවන්. හොඳ ලිපියක් මකරෝ. අපේ අයගේ ඇස් පෑදෙන්න.

ස්වප්නා said...

අපේ කැම්පස් එකේ නං හැබැයි කැත රැග් තිබුනෙ නෑ. සමහර ඒවැයි වගේ. හැබැයි ඔය තරම්ම මිහිරිත් නැතුව ඇති.මේ අදහස නං හරි ෂෝක් :)

Raj said...

එළකිරි මචො.....

GNS said...

පොඩි රැගකුත් තියෙන්න එපෑ.. මේ වගේ ආට් එකට තිබුනා නම් ගති නේ.. :)

෴ හසියා ෴ said...

මේ වගේ රුග් දුන්නට කිසිම අවුලක් නෑ.මේ වගේ රැග් එකකින් සිසුවාගේ නිර්මාණශීලි හැකියාවන්පවා සංවර්ධනය වෙනවා.
ඒත් ඉතිං අපේ ගොං හරක් කරන රැග් වලින් වෙන්නේ සිසුන්ට තමන්ගේ මුලු ජීවිතේම එපාවෙන එකනේ...නියමම ලිපියක්...

Anonymous said...

You missed one important story, "Samantha Vithanage"

Raj said...

ඔව් මචො පොඩ් රැගක්නං තියෙන්ඩ ඔන...එ උනාට අපෙ උං කරන රැග්වල වැඩිපුරම තියෙන්නෙ ද්වෙෂ සහගත දෙවල්....එවයෙන් එලියට එන්නෙ කරන උංගෙ බොකුවල තියෙන ඊර්ෂියාව.. වෛරය...අනික මචං..ඔය රටවල් වල ලමයින්ගෙ සමාජිය දැනුම අපෙ ලමයින්ගෙ දැනුමට වඩා ගොඩක් ඉදිරියෙන් තියෙන්නෙ අනික උංට දෙයක් කිව්වම ඉක්මනට ක්‍රීයෙටිවු විදිහට ගොඩනගන්ඩ පුලුවං...ඔකයි වෙනස..මචං අපෙ රටෙ විෂ්වවිද්ද්‍යාල වලින් දේෂපාලනෙ අයින්කරන්ඩ පුලුවන්නං එළකිරි....

Unknown said...

අනේ ද කියන්නේ ඔය වගේ රැග් දෙන කාලයක් ඒවිද මේ ලංකාවේ, උගත් බුද්ධිමත් අපේ සහෝදර පරපුරේ අයට ඔය වගේ අදහසක් අවොත් අපේ අනාගත පරපුරේ වාසනාව වේව්වි,මම නම් හිතන්නේ කැම්පස්වල ඉන්න අපේ උගත් බුද්ධිමත් පිරිසට බුද්ධිය උගත්කම වැඩිම වැඩි නිසා ඔය වගේ ‍අදහසක් නම් එයි කියලා හිතන එක.... හීනයක්,පොඩි රැග් එකක් නම් තියෙන්න ඕන ඒක මමත් කියනවා, ඒ උනාට අපේ අය කරන රැග්....?
රාජ්් කිව්වා වගේ අපේ රටෙ විශ්ව විද්ද්‍යාල වලින් දේෂපාලනෙ අයින්කරන්න පුලුවන්නං අපේ රටෙත් විශ්ව විද්‍යාල ෂහ් ..... කොහොම වෙයි ද?

වැදගත් කතා කල යුතු මාතෘකාවක් නියමයි.

Anonymous said...

මැක්සා‍.........

Teshan said...

ලංකාවේ රැග් කියන්නේ, රැග කන කොට දුක්ඛිත, ඒත් පහු කාලෙකදී මතක් කරලා සතුටු වෙන්න පුළුවන් දෙයක් නේ. රැග් නම් මම කොහෙත්ම අනුමත කරන්නේ නෑ. ඒත් මම කිව්වේ අපේ රැග් වල පසුබිම, කෙටියෙන්.

Jay said...

මේවනේ රැග් කියන්නේ

Namila said...

menna rag

Unknown said...

කැම්පස් එකේ ෆන් ගන්න එක අනිවා වෙන්න ඕනෑ දෙයක්...ලංකාවේ රැග් එක කියන එකේ වෙන්නේ දේශපාලන පක්ශයකට කඩේ යෑමට සහ ලිංගික අසහන කාරයොන්ගේ ගොන් පාර්ට් ටිකකට නේ...ළමයින් අතර අවබෝධය ඇති කරවන්න අපෙ රටේ වෙන ගොන් පාර්ට් වලට වඩා බොහොම හොඳ වැඩ පිලිවෙල වල් තියෙනවා..

රත්නේ said...

විවධ සමාජතල වල සිටින අය ඒකම පිරිසක් බවට පත්කර ගන්න රැග් එක අනිවා ඔන.ඇත්තටම මේකෙ වැරැද්ද වෙලා තියෙන්නෙ විවිධ පුද්ගලයන් රැග් කියන වචනය බිල්ලෙක් බවට පත්කරලා.ගොඩක් අය මේකට බය වෙලා තියෙන්නෙ ඒකයි.පහර දිම් වලින් සිදුකරන අමානුෂික නවක වදය(එහෙම එකක් තියනවනම්) කියටවත් අනුමත කරන්න බෑ....

සල්ලි කාර පවුල්වලින් එන ලමයි විවිධ ගැටි ගහගෙන කැම්පස් එක ස්කොලයක් කරන්න ඉස්සල්ල,රැග්එකට විරැද්ධ අය තවපාරක් හිතන්න..

Anonymous said...

@අච්චා

මිනිසුන්ව බලෙන් අශ්‍රය කරවන්න බෑහෑ......එක වගෙ අයනෙ කොහේත් එකට එකතු වෙන්නේ( Birds of a feather flock together) ....ඉස්කොලේත් එහෙම තමයි....එ ගොල්ලෙ එහෙම හිටිය කියල අනිත් අයට කරදරයක් නෑහෑනේ... අනිත් අයට හිරිහෑරයක් නොවෙන විදිහට කොහොම හිටියත් කටවත් මොකද?

Indranama said...

මමත් මේ ඇනොනිමස් කියන දේට එකඟයි.
යම් බැච් එකක අඩිගාණක් උඩින් යන, ලොකු සීන් දාන එවුන් ඉන්නවනං, ඒක වෙනස් කරන්න උත්සාහ කරන්න ඕනෙ ඒ බැච් එකේම එකට ඉන්න එවුන් මිස ජ්‍යෙෂ්ඨයො නෙමෙයි කියලායි මම හිතන්නෙ. මොකද ආස්සරේ කරන්නෙ උන් නේ.
අනික කාටහරි එහෙම ඉන්න ඕනෙ නං ඉතිං හිටපුදෙන්. උන් එහෙම ඉඳීමෙන් වෙන කාටවත් හානියක් වෙන්නෙ නෑ උන්ටම මිස. මොකද උන්ට තමයි යාලුවො නැතිවෙන්නේ.

එහෙම එවුන්ව බලෙන් සමාජගත කරන්න යනවා කියන්නෙ මහ මෝඩ වැඩක්.

අනික රැග් දෙන උන්දැලා තේරුම් නොගත්ත දෙයක් තමා විවිධ සමාජ තල වල ඉන්න අය කවදාවත් එක තලයකට ගේන්න බෑ කියන එක. ඔය මතය සමාජවාදයෙන් ආපු දෙයක්නේ. කෝ ඒක ප්‍රායෝගික නැති බව මේ වෙනකොට හොඳින්ම ඔප්පු වෙලා තියෙනවනේ කලින් සමාජවාදය තිබුනු රටවල්වලට අද මොකද වෙලා තියෙන්නේ කියලා බලනකොට.

Chanaka Aruna Munasinghe said...

@ Pravin Indranama

බලමුකො තව ටික කාලෙකින් ආසියාවේ ඓශ්චර්යය වුනාමවත් මොකුත් වෙයිද කියලා. ඔය බස් වල කැට එකතු කරන එක ගැනනම් කියන්න තියෙන්නෙ මේ වගේ කතාවක්ම තමයි

================
@ priyantha.ඒබී

කිහිප දෙනෙක්වත් කියවාවි කියන බලාපොරොත්තුවෙන් තමයි ලියන්නෙ. ඔබතුමා පේරාදෙණියෙ නේද? මොන ෆැකල්ටි එකේද?
පුළුවන්නම් තේරුම් ගන්න පුළුවන් අයට මේ ලිපිය පෙන්නන්න.
මමත් පේරාදෙණියෙ හිටියා Engineering 02A

Gayan said...

@Anonymous : elama kathawa.api uthsaha karanna ona oni anith unwa apita oni widihata wenas karanna neme.eka eka akaraye minissuth ekka jeewath wenna igena ganna eka.mokada campus eken eliyata giyamath apita hambu wenne eka eka akaraye minissunwa.apita kisima aithiyak na anith unwa apita oni widihata hadanna....................

Chanaka Aruna Munasinghe said...

@ ස්වප්නා

මිහිරි නෑ කියන්නෙ අමිහිරියි කියන එකනෙ .කැත රැග් සිද්ධ වෙන්නේ බොහොම රහසිගතව තෝරාගත්ත පිරිසකට විතරයි. සමහර විට ඔයගොල්ලො දන්නෙත් නැතුව ඇති. ඒත් ඒක ප්‍රසිද්ධ රහසක්.

================
@ Raj

ස්තූතියි

Chanaka Aruna Munasinghe said...

@ ගයන්ත

මෙතන නවකයන්ට අමානුෂික පීඩා කිරීමක් වෙන්නේ නෑ. කොඩි දිනයෙදි ටිකක් උදේ පාන්දර නැගිටලා ආධාර එකතු කරන්න යන කණ්ඩායම් එක්ක එකතු වෙලා රට වටේ යාම තමයි නවක අයට කරන්න තියෙන අමාරුම දේ. ඒත් කැමතිනම් විතරයි කොඩි දිනයට එන්න ඕනෙ. කිසිම බල කිරීමක් නෑ. හැබැයි ගොඩක් විදේශ ශිෂ්‍යයො රට තොට බලා ගැනීමටත් දේශීය/විදේශීය ශිෂ්‍යයො අලුත් යාලුවො අඳුනා ගැනෙමටත් කොඩි දිනයට බොහොම සතුටින් සහභාගි වෙනවා.

රැග් දිනය සඳහානම් ඇත්තටම මහන්සි වෙන්නෙ පරණ අය. අලුත් අය එන්න මාසෙකට විතර කලින් ඉඳන්ම රැග් එකට ලෑස්ති වීම් කෙරෙනවා. අලුත් අයට තියෙන්නෙ කැමතිනම් සුළු සුළු අත් උදවු දීම සහ සන්දර්ශන නැරඹීම පමණයි. ඒ අය රැග් එක කන්නෙ ඊලඟ අවුරුද්දෙ

Chanaka Aruna Munasinghe said...

@ ෴ හසියා ෴

කවදා අවබෝධ වෙයිද මන්දා. අපේ අය ලිඳේ ඉන්න ගෙම්බො වගේ කියලයි මට හිතෙන්නෙ. ලංකාවෙ දැන් තියෙන ජාතියෙ රැගක් දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සෙ ටික කාලයක් බටහිර රටවල තිබ්බලු. ඒක දැන් එහෙම නෑ කියලා අපේ අය දන්නෙ නැතුව ඇති
=============
@ Shaakunthala

ඔය කතාව මම දන්නවා. ඕක වුනේ මම විශ්ව විද්‍යාලයට යන්න කලින් අවුරුද්දෙ. ඒ කිවුවෙ මම විශ්ව විද්‍යාලයට යන්න සිහින් මව මව ඉන්න කාලෙ.

එයා විතරක් නෙවෙයි නවක වධය නිසා සෘජුව හා වක්‍රාකාරව අහිමි වූ හා ආබාධිත වෙච්ච තරුණ ජීවිත බොහොමයි

Chanaka Aruna Munasinghe said...

@ Raj

රැග කිවුවට මෙතන කිසිම පීඩාවට පත් කිරීමක් වෙන්නෙ නෑ.මේ වැඩසටහන් වලදි නවක සිසුන්ට ඔවුන්ගේ අනාගත විශ්ව විද්‍යල ජීවිතය ගැන මූලික අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ අයට අභියෝගයකුත් ලැබෙනවා. තමන්ව පිළිගන්න දීපු රැග් එකට වඩා සාර්ථක රැග් එකක් ඊළඟ අවුරුද්දේ කිරීම. නවකයන්ට රැග් එක කන්න වෙන්නෙ ඊලඟ අවුරුද්දෙ.

===============
@ Jeewani

ලෝක විනාශයට කලින් ඒ වගේ කාලයක් එයි කියලා ප්‍රාර්ථනා කරනවා

Chanaka Aruna Munasinghe said...

@ Anonymous

Tnx
======
@ TeeRox

කනකොටත් සතුටු විය හැකි පසු කාලයකදී මතක් කරලත් සතුටු විය හැකි දෙයක් තිබුණොත් ඊට වඩා හොඳයි නේද?

මතක් කරලා සතුටු වීම කෙසේ වෙතත් මතක් වුනාම ලැජ්ජා වෙන කට්ටියවනම් මම දන්නවා ඕනෙ තරම්

Chanaka Aruna Munasinghe said...

@ Ansh Lucky Sri Jay , Namila

ඒකනෙ, ඔන්න රැග් කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැති අය බලා ගනිත්වා
=============
@ Ishara

එතන තියෙන්නෙ අනුන්ව පීඩාවට පත් කරලා ලබා ගන්න විකෘති Fun එකක්

Chanaka Aruna Munasinghe said...

@ අච්‍චා

"විවිධ පුද්ගලයන් රැග් කියන වචනය බිල්ලෙක් බවට පත්කරලා.ගොඩක් අය මේකට බය වෙලා තියෙන්නෙ ඒකයි"

රැග් කියන වචනය බිල්ලෙක් බවට පත් වෙලා තියෙන්නෙ නිකන්ම නිකන් නෙවෙයි, හේතු ඇතුවයි.
-----------

"පහර දිම් වලින් සිදුකරන අමානුෂික නවක වදය(එහෙම එකක් තියනවනම්) කියටවත් අනුමත කරන්න බෑ...."

එහෙම එකක් නෑ කියා නොකියා කීමේ හොඳ උත්සාහයක්. හොඳ උගුරට හොරා බෙහෙත් බීමක්

------------

"විවධ සමාජතල වල සිටින අය ඒකම පිරිසක් බවට පත්කර ගන්න රැග් එක අනිවා ඔන"

කුල භේදය, දුප්පත් පොහොසත් භේදය වගේ දෙවල් නැති කරන එක හොඳ දෙයක්. නමුත් හොඳ දෙයක් ලබා ගන්න නරක ක්‍රම අනුගමනය කරන එක හොඳද? බුදුහාමුදුරුවො කුල භේදය නැති කරන්න කියලා බමුණන්ව රැග් කලාද ? විවිධ මානුෂික ක්‍රම වලින් ඔවුන්ට අවබෝධ කර ගන්න ඉඩ ලබා දුන්නා විතරයි, තේරුම් ගත්ත අය සුගතියට ගියා. එහෙම බැරි වෙච්ච අය දුගතියට ගියා. ඒත් හැම දෙනාවම සර්ව සම්පූර්ණ කරන්න බුදුහාමුදුරුවන්ටවත් බැරි වුණා

---------------

"විවධ සමාජතල වල සිටින අය ඒකම පිරිසක් බවට පත්කර ගන්න රැග් එක අනිවා ඔන"

භේද නැති කිරීම හොඳ දෙයක්. ඒත් හොඳ දේ වුනත් එය කිරීමේ හැකියාව සහ සුදුසුකම් ඇති අය තමයි කළ යුත්තේ. අහල ඇතිනෙ බල්ලගෙ වැඩේ බූරුවා කරපු කතාව.

------------

"කැම්පස් එක ස්කොලයක් කරන්න ඉස්සල්ල:

ඉස්කෝලෙ කියන්නෙ නරක තැනක්ද?

Chanaka Aruna Munasinghe said...

@ Anonymous, Pravin Indranama

භේද නැති කිරීම කරන්න පුළුවන්නම් ඒක හොඳ දෙයක්. ඒත් ඒක කරන්න් ඕනෙ හරි ක්‍රමයකට. දුප්පත් පොහොසත් භේදය නැති කරන්න හැමෝවම දුප්පත් කළොත්ද හරි එහෙම නැත්තන් හැමෝවම පොහොසත් කරන්නද උත්සාහ කළ යුතු?

මෙතන ඇත්තටම වෙන්නෙ පෞරුෂයක් නැති අයගේ සම තත්වයට ගෙනෙන්න කියලා හොඳ පෞරුෂයක් තියෙන අයගෙ පෞරුෂය කඩා බිඳ දැමීමක්

Chanaka Aruna Munasinghe said...

@ Gayan

රැග් කිරීමෙන් කුණුහරුප අහගෙන ඉන්න පුරුදු කෙරෙනවලු
කුණුහරුප අහගෙන ඉන්න පුරුදු කරවන්න ඕනෙ ඒ අය ශිෂ්ඨ සමාජයක ජීවත් වෙන්න හුරු කරවන්නද අශිෂ්ඨ සමාජයකට හුරු කරවන්නද ?

Hasitha Gunasinghe said...

මේ රැග් එකත් නරකම නැහැ වගේ :)

Anonymous said...

@chanaka

"මෙතන ඇත්තටම වෙන්නෙ පෞරුෂයක් නැති අයගේ සම තත්වයට ගෙනෙන්න කියලා හොඳ පෞරුෂයක් තියෙන අයගෙ පෞරුෂය කඩා බිඳ දැමීමක්"

මෙම කියමනට සම්පූර්නයෙන්ම එකගයී.

BLOG ගඩොල් said...

මමනං කියන්නෙ ලංකාවෙ කැම්පස් දැන් තියන විදිහට වඩා හොදයි ලංකාවෙ ඉස්කෝල තියෙන විදිහ.ලංකාවෙ කැම්පස්නං කවදා හැදෙයිද මන්දා?

Chanaka Aruna Munasinghe said...

@ Hasitha

ඔව් නරකම නෑ. කරලම බලන්න
============
@ Anonymous

ස්තූතියි
============
@ blog gadol

ඒකනෙ මේ පූස්ලටත් තේරෙන දේ අපේ අයියලට තේරෙන්නෙ නැති හැටියක්. ඉස්කෝල ගැන ඔහොම කියන්නෙ එයාල ඉස්කෝලෙ ඉඳන් විශ්වවිද්‍යාල වලට ආපු බව අමතක කරලද ?

Anonymous said...

දුප්පත් පොහොසත් භේදය නෑති කරන්න පුලුවන් නම් ඒක කොච්චර හොදද......එත් සමජයේ සමහරක් පවතින දෙවල් වෙනස් කරන්නෙ බෑහෑ.......සරසවි සිසුවා කල යුත්තේ බුදු රජනන් වහන්සේටවත් කරන්ට බෑරි වුන දෙවල් කිරිමට තෑත් කීරිමටවත් බන්කොලොත් වුන දෙශපලන් පක්ශවල කඩේ යන නෙවෙයි...නිදහස් අධපනයේ නිසි පල නෙලා ගෙන රටට වෑඩදයක් පුද්ගලයෙක් වශයෙන් සාමාජයට එම....ඉන්දියවේ විශ්ව විදයල නිසා ඉන්දියව දියුනු වෙනවලූ....එ වුනට ලන්කවෙ තියෙන විශ්ව විදයල නිසා රට කබාසිනියා වෙනවා......

එ කෙසේ නමුත් සරසවි ශිශ්ය වයපර කියල කොටසක් තිබිය යුතුයි...

Chanaka Aruna Munasinghe said...

@ Anonymous

"එ කෙසේ නමුත් සරසවි ශිශ්ය වයපර කියල කොටසක් තිබිය යුතුයි..."

ඒක ඇත්ත . කණ්ඩායම් ක්‍රියාකාරීත්වය,නායකත්වය වගේ දේවල් පුහුණු වෙන්න ශිෂ්‍ය ව්‍යාපාර , සමිති සමාගම් තිබිය යුතුයි. විශ්ව්වවිද්‍යාල ශිෂ්‍යයො කියන්නෙ එකමුතු වෙලා රට,සමාජය වෙනුවෙන් ඉතා විශාල කාර්යභාරයක් කළ හැකි පිරිසක්

Anonymous said...

අනේ මමත් සිංගප්පුරුවේ ඉපදුනා නම් ... පින් ඇති සිංගප්පූරුවේ සරසවිවරමක් ලබන සැරේවත් මට දියෝ....

මේ පා‍ර ගියේ රුහුණ. එහෙත් නරකම නැහැ.අපේ පැකැල්ටියේ රැග් නැහැ නෙව.

Chanaka Aruna Munasinghe said...

@ wath

මොකක්ද බොලේ රුහුණෙ නැති ෆැකල්ටිය. අහන්නත් සතුටුයි එහෙම එකක් තියෙනවා කියල.

දතක් වැටුනමනම් ලේනෝ ලේනෝ මේ දත අරගෙන වෙන දතක් මට දියෝ දියෝ කිවුවම වෙන දතක් එනවා. සරසවි වරමටත් ඒ මන්තරේම උත්සාහ කරල බලන්න.

Anonymous said...

රුහුණේ සයන්ස් පැකල්ටි එකේ රැග් නැහැ ..

Chanaka Aruna Munasinghe said...

@ wath

Good Good ! ඒක ඒ විදිහටම තියා ගන්න. නරක් වෙන්න දෙන්න එපා

Anonymous said...

ඒක ඉතින් දැන ගන්න ඕනි දැන් ඉන්න අය තමයි.. මම දැන් එහේ නැතෝ...

Anonymous said...

Rag Nathi 1 Campuss ekakinwath Samajayata karana kisima wadak tiyanawada?

Anonymous said...

@anonymous

"Rag Nathi 1 Campuss ekakinwath Samajayata karana kisima wadak tiyanawada?"

Rag karnakota samajayata wena mehewarea tikak pahadili karala denawada ?

Anonymous said...

-Puran Appu-

mata sinhala akuru nae. samaa wenna.

RAG kiyanakota mata kathaa dekak mathak wenawaa. Ape kaaley oya RAG rogaya iskola walath bo weegena aawa. Ape kaaley kiwwe 80 dashakaye aga. (dannawane api bohoma amaaruwen thamai e kaale iskole aawe... tyre mathin...strike mathin... athurudan weem mathin..) Ithin ape iskole..( eka kandurata nagareka thiyena namak-kamak... siyawas gananaka ithihaasayak... e wenakotath thibba iskolayak.) AL panthi walata aapu lamayinwa RAG karanna kaandayak soodaanam welaa hitiyaa. Hethuwak nae... ekama de pora bhaawaya pennanna.. okane ithin lankaawe hema campus ekakama wenne... Kohoma hari api unwa RAG kala... e keseda yath NO physical or psychological rags... unui apiy ekathu wela biscuit genalla..(e kaale kiriy banisui labunane) podi partiyak panthiye thiyalaa thamai ehema kale. wena ekekutawath ape bio panthi deke aluthen aawa ekama kollekutawath atha thiyanna dunne nae.

Lassanama kathaawa passe...mehema AL walata aapu sagayek medicine giya...dan loku dostara mahaththayek. langadi ahamben miniha hambela...mang hithanne awrudu 20 kata withara passe...(mata ekapaarata anduna gannath beri unaa) me siddhiya mata mathak karalaa dunnaa...! Game podi iskolekin hariyata ingreesi beruwa.. wenas samaaja mattamaka innawa kiyalaa un hithaagena aawa, nagaraye mahaa nam thiyena iskola walata balaaporoththu thiyan aapu gamane thiyenna athi baya gena mata ethakotai therune...e podi siddhiya kochchara hondata mathaka thibilada kiyana eken.! (matath ooka thibba pahe shishathwaya pass wela oya iskoletama 6 panthiyata yanakota. eth RAG nam thibbe nae)

deweni kaaranaawa... me Puran Appuwa widesha wishwa widyaalekata giyapu daa athi wechcha hangeem. (lankawe nidahas addyapanaya wenuwen satan karala..kade gihilla.. mehe ekakata yanna thiyena dorawal waha gattu nisa athin kaala harak balanna rata giya...!)eka negenahira yuropaye ratak. Fresher's Day eka puduma lassanai... okkoma final year students la freshers la ta mal kalabak deela piligannawa. (ekama mal yaayak!)universitye rector indala wiwidha deans la awith aluth daruwo saha demaapiayan pili gannawa. University quir eka student's anthem eka kiyanawa... e okkoma endagena inne 'Athena' devadoothiyo wage. eeta passe university eke wiwidha than walata gihilla eka pennanawa...(university museum eken godak dewal dena ganna puluwan) ithin edaata ekama senakeliyai...!! (lankaawe wage ekama mala-keliyak newei).

Api monatharam pasu gaameeda kiyalaa edaa mata hithunaa.

-Puran Appu-

Anonymous said...

මට සිංහල අකුරු නෑ. සමා වෙන්න.

RAG කියනකොට මට කතා දෙකක් මතක් වෙනවා. අපේ කාලෙ ඔය RAG රෝගය ඉස්කෝල වලත් බෝ වීගෙන ආවා. අපේ කාලෙ කිව්වෙ 80 දශකයෙ අග. (දන්නවනෙ අපි බොහොම අමාරුවෙන් තමයි ඒ කාලෙ ඉස්කෝලෙ ආවෙ... ටයර් මතින්...ස්ට්‍රයික් මතින්... අතුරුදන් වීම් මතින්..) ඉතින් අපේ ඉස්කෝලෙ..( එක කඳුරට නගරෙක තියෙන නමක්-කමක්... සියවස් ගණනක ඉතිහාසයක්... එ වෙනකොටත් තිබ්බ ඉස්කොලයක්.) AL පන්ති වලට ආපු ළමයින්ව RAG කරන්න කාණ්ඩයක් සූදානම් වෙලා හිටියා. හෙතුවක් නෑ... එකම දේ පොර භාවය පෙන්නන්න.. ඕකනෙ ඉතින් ලංකාවෙ හැම campus එකකම වෙන්නෙ... කොහොම හරි අපි උන්ව RAG කලා... එ කෙසේද යත් NO physical or psychological rags... උනුයි අපියි එකතු වෙලා බිස්කට් ගෙනල්ල..(එ කාලෙ කිරියි බනිසුයි ලැබුණනේ) පොඩි පාටියක් පන්තියෙ තියලා තමයි එහෙම කලේ. වෙන එකෙකුටවත් අපෙ bio පන්ති දෙකේ අලුතෙන් ආව එකම කොල්ලෙකුටවත් අත තියන්න දුන්නෙ නෑ. ලස්සනම කතාව පස්සෙ...මෙහෙම AL වලට ආපු සගයෙක් medicine ගියා...දැන් ලොකු දොස්තර මහත්තයෙක්. ලඟදි අහම්බෙන් මිනිහ හම්බෙල...මං හිතන්නෙ අවුරුදු 20 කට විතර පස්සෙ...(මට එකපාරට අඳුන ගන්නත් බැරි උනා) මෙ සිද්ධිය මට මතක් කරලා දුන්නා...! ගමේ පොඩි ඉස්කොලෙකින් හරියට ඉංග්‍රීසි බැරුව.. වෙනස් සමාජ මට්ටමක ඉන්නව කියලා උන් හිතාගෙන ආව, නගරයෙ මහා නම් තියෙන ඉස්කොල වලට බලාපොරොත්තු තියන් ආපු ගමනෙ තියෙන්න අති බය ගැන මට එතකොටයි තේරුණේ...එ පොඩි සිද්ධිය කොච්චර හොඳට මතක තිබිලද කියන එකෙන්.! (මටත් ඕක තිබ්බ පහෙ ශිෂ්‍යත්වය පාස් වෙලා ඔය ඉස්කෝලෙටම 6 පන්තියට යනකොට. ඒත් RAG නම් තිබ්බෙ නෑ)

දෙවෙනි කාරණාව... මෙ පුරන් අප්පුව විදේශ විශ්ව විද්‍යාලෙකට ගියපු දා ඇති වෙච්ච හැඟීම්. (ලංකාවෙ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කරල..කඩේ ගිහිල්ල.. මෙහෙ එකකට යන්න තියෙන දොරවල් වහ ගත්තු නිසා අතින් කාල හරක් බලන්න රට ගියා...!)ඒක නැගෙනහිර යුරෝපයෙ රටක්. Freshers' Day එක පුදුම ලස්සනයි... ඔක්කොම ෆිනල් යේර් ස්ටුඩෙන්ට්ස් ලා ෆ්‍රෙශෙර්ස් ලට මල් කලඹක් දීල පිළිගන්නව. (එකම මල් යායක්!) යුනිවර්සිටියෙ rector ඉඳල විවිධ deansල අවිත් අලුත් දරුවො සහ දෙමාපියන් පිළි ගන්නව. University quir එක students' anthem එක කියනවා... එ ඔක්කොම ඇඳගෙන ඉන්නෙ 'ඇතීනා' දේවදූතියො වගෙ. ඊට පස්සෙ university එකේ විවිධ තැන් වලට ගිහිල්ල ඒක පෙන්නනව...(university museum එකෙන් ගොඩක් දේවල් දැන ගන්න පුලුවන්) ඉතින් එදාට එකම සැණකෙළියයි...!! (ලංකාවෙ වගේ එකම මළ-කෙළියක් නෙවේ).

අපි මොනතරම් පසු ගාමීද කියලා එදා මට හිතුණා.

Anonymous said...

රැග් එක කියන දේයින් හොදට බැට කාපු එක්කේනෙක් මම.ලංකවෙ කැම්පස් කියන දේකට මගේ දන්න කවුරුවත් නොයවන තැනට මට කැම්පස් එපා වුනා.අවුරුදු 13 ක් ඉගෙන ගෙන පෙරුම් පුරලා ගිය කැම්පස් එකෙන් මම සතියක් ඉස්පිරිතාලේ ඉන්න රැග් එකක් මත හම්බුනා.
හරිම සන්තොසේන් ගිය ගමන කාලකන්නි ටිකක් හින්දා එදා නැති උනා.එ ලන්කවේ රැග් නිසා.මෙහෙම රැග් එකක් තිබ්බානම් කොච්චර හොදද?
මට උනා වගෙ තව කි දේනේක්ට වෙලා ඇද්ද?
පුලුවන් කමක් තිබ්බ හින්දා සල්ලි දිලා උපාදියක් ගන්නවා.එත් එක හැම රැග් එකේන් අසරන වෙන ලමයින්ත බෑනේ නේද.
ලංකාවත් මෙ වගෙ රැග් එකක් එක්මනටම ලැබේවා කියල පාර්ථනා කරනවා .

Chanaka Aruna Munasinghe said...

@ -Puran Appu-

බොහොම ස්තූතියි දීර්ඝ ප්‍රතිචාරයට. වෙනමම ලිපියක් විදිහට දාන්න තරම් වටින කතන්දර 2ක්
============
@ Anonymous

පුරන් අප්පුගේ ප්‍රතිචාරය සිංහල අකුරු වලට හැරෙවුවාට බොහොම ස්තූතියි
============
@ rusirumalik

ඔබට සිදු වෙච්ච දේ ගැන කණගාටුයි, හැබැයි ඔබ ගොඩක් දෙනාට සාපේක්ෂව වාසනාවන්තයි. එහෙම දෙවල් වුණාම කර කියාගන්න කිසිම දෙයක් නැතුව අසරණ වෙන අය බොහොමයි.

ලංකාවේ තත්වය ඉක්මනින් වෙනස් වේවා කියල මමත් ප්‍රර්ථනා කරනවා

Dil_Ruw said...

රැග් එක කියන්නේ මානසික රෝගින්ගේ සෙල්ලමක්.අපෝ මට නම්මතක් කරද්දිත් මහා කලකිරීමයි.අපි වින්ද දුකක්.මාත් ඉතින් මකරගෙ fac තමයි.Rag එකෙන් මොනාද අපිට ලැබුනෙ?1st year එකම නැති උනා,කඩ්ඩ හදා ගන්න තිබ්බ chance එක නැති උනා,කැමති field එකට යන්න බැරි උනා.....අනෙ rag එකෙන් හැදුන unity එක.කරදරයකදි උදව්වක් ගන්න කවුරුත් නෑ.අලයෝ unity දහස් වාරයක්මේ rag උන අපිට වඩා..
කාටද මන්දා ඕවා මතක් කරද්දි සතුටු....විඳිද්දිත් මතක්වෙද්දිත් කියද්දිත් අහද්දිත් ලංකාවේ uni වල නවක වදය නම් වදයක්මයි සුව නොවන තුවාලයක් අපෙ ජීවිත වලට එක් කල...........

හංසි said...

ලංකාවෙ විශ්ව විද්‍යාල වල නවක වදයේ අමානුශික බව හා විකෘති මානසිකත්වය, ප්‍රසිද්ධ රහසක්. ඒක අනුමත කරන පිරිසක් රැග් එක තුලින්ම බිහිවීම තමයි නරකම ප්‍රතිවිපාකය. අසභ්‍ය වචන, පහරදීම් විතරක් නෙවෙයි නිරුවත් කිරීම් පවා සාධාරණීකරණය කරන්න හදන අය ඉන්නවා. රටේ දුප්පත් දෙමාපියන්ගෙ දරුවන් බොහො දෙනෙක් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ රැග් වලට මුහුණ දෙනවා. මානසිකව, ශාරීරිකව හානියක් නොවන රැග් එකක් අනාගතයේ නංගිලා මල්ලිලාට උදා වෙන්න ඕනෙ.

Anonymous said...

uva wellasset rag natho

Yasas said...

rag eka hoda ne thama. e wunata ape campas wala lamayi, me widihata asanwara adum adagena hasiren ne rag waladi. ara kuduwe athule inna ganu lamayi hodatama baya wela inne. colombo university eke faculty wala nam rag eka amanushika ekak neme kohethma.

Unknown said...

අපේ කලකන්නි බල්ලො කරන්නෙ රැග් නෙවේ උන්ගෙ හීනමානය ප්‍රදර්ශනය කර්න එක නෙ. මේ කලකන්නි බලු හැත්ත රෑ හොස්ටල් වල ලමයි තියන් ලිංගික හින්සා කරනවා. පේරාදෙනිය සහ රජරට කැම්පස් වල තත්වෙ ගොඩක් දරුනුයි. අවජාතක බල්ලො.

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D