Friday, December 25, 2009

එක එක අය කියපු කතා

මේ දවස්වල හැම දෙනාම වගේ කතා වෙන්න ජනාධිපතිවරණය ගැන.මේ තියෙන්න ඒ ගැන එක එක අය කියපු කතා



එක්කෙනෙක් "පළමුවත් දෙවනුවත් තෙවනුවත් මවුබිම". ඒ කියන්නෙ රටට තුනයි , හතර වෙනියට තමයි හොරා කන්නෙ. අනිත් කෙනා "මට පෙර රට". ඒ කියන්නෙ රටට එකයි ඊලඟට මට. එතකොට කවුද වැඩියෙන් හොඳ ?


---------------------------------------------

"තාරුණ්‍යයට හෙටක්". ඒකත් අර බාලගිරි අද නෙවෙයි හෙට වගේද?

---------------------------------------------

"දෙවෙනි මෙහෙයුම", අපොයි එක මෙහෙයුමක් ඉවර වෙනකල් මෙච්චර කල් පටි තද කරගෙන හිටියා. තවත් එකක් පටන් ගත්තද? 


---------------------------------------------


SF = Swine Flue


---------------------------------------------


ජනාධිපති අපේක්ෂකයන්ගේ ඇඳුම සුදෝ සුදු කරවන රෙදි සෝදන කුඩු වර්ගය මොකක්ද?


---------------------------------------------


පිටි මිල අඩු කළේ අපිට කන්න නෙවෙයි. පෝස්ටර් අලවන්න පාප්ප හදන්න ඕනෙ හින්දා


---------------------------------------------


වැඩිපුරම සංවේදී කවුද කියලා දැනගන්නනම් දෙන්නවම කොනිත්තලා බලන්න වෙයි කවුද වැඩිම  සද්දෙන් ඌයි කියන්නෙ කියලා.


---------------------------------------------


A: සිරස සුපර් ස්ටාර් වලටත් පොදු අපේක්ෂකයෙක්ව දාන්න ඕනෙ
B: ඇයි  O/L වලට පොදු විභාග අපේක්ෂකයෙක් ? 
C: ඇයි පොදු විවාහ අපේක්ෂකයෙක් වෙන එකත් මරු වැඩේ


---------------------------------------------


මට ඔය පොදු අපේක්ෂක කම දුන්නානම් මම භාර ගන්නෙත් නෑ ප්‍රතිෂේප කරන්නෙත් නෑ.


---------------------------------------------


Generals Should contest for General Elections
Presidential Elections are for Presidents


---------------------------------------------


මහ රජතුමාගේ අපේක්ෂාව කුමක්ද?
සක්විති රජ වීම (සක්විති රණසිංහ ගැනයි මේ කියන්නේ)


---------------------------------------------


"දරු දැරියන්ගේ අපේක්ෂාව කුමක්ද?"

A: ටොෆී, චොකලට්, අයිස්ක්‍රීම්, සෙල්ලම් බඩු
B:දරුවන්ගේ අපේක්ෂාවනම් දැරියක්. දැරියන්ගේ අපේක්ෂාව දැරියකගෙන්ම අහන්න ඕනෙ.
C:දරුවන් පොඩි කාලෙ අපේක්ෂා කරන්නෙ කාර්, දැරියොනම් බෝනික්කො හැබැයි ලොකු වුනාම දරුවො බෝනික්කො, දැරියො කාර්


---------------------------------------------

ලංකාවෙ මැතිවරණ හරීම නිදහස් හා සාධාරණයි

ලෝකෙ වංචනිකම මැතිවරණය ගැන මෙතනින් කියවන්න

[ 25 - Dec - 2009 ]

Friday, December 11, 2009

එකමත් එක රටක හිටිය හා පැටියගෙ කතන්දරේ



මේ ඉන්නෙ අපේ අක්කගෙ දෝණි බබා නවෝදා යි එයාගෙ හා පැටියා හැරී යි. හැබැයි මේ කතන්දරේ මේ හා පැටියා ගැන නම් නෙවෙයි, වෙන හා පැටියෙක් ගැන.

ඔන්න නවෝදා පොඩි කාලෙ එකමත් එක දවසක මම එයාට කතන්දරයක් කියල දෙන්න පටන් ගත්තා.  (එතකොට එයා මේ ෆොටෝ එකේ ඉන්නවාට වඩා චූටියි, මමත් එතකොට දැනට වඩා චූටියි ;-)

"ඔන්න එකමත් එක රටක හාවෙක් හිටියලු"
 
"ලොකු හාවෙක්ද ?"
 
"ඔව් ඔව් ලොකුම ලොකු හාවෙක්"
 
"එපා එපා පොඩි හාවෙක් ගැන කියන්න"
 
"ඒ හාවා කන්නෙ නැතුව ඉඳලා කෙට්ටු වෙලා හිටියෙ"
 (එයා කෑම කන්න හොර වෙනකොට අපි  කියනවා කන්නේ නැතුව හිටියොත් කෙට්ටු වෙලා පොඩි වෙනවා, එතකොට ඉක්මනට ලොකු වෙන්න බැරි වෙයි කියලා.  ) 

"නෑ නෑ පැටියා හාවෙක් ගැන අ... අ.. අ..  :'(  :'(  :'( "  

"ආ හරි, ඒ හාවා පොඩි පැටියා කාලෙ කතන්දරයක් කියන්නද?" 

"හා :D :D :D "

ඔයින් මෙයින් කියන්න ඕනෙ මොන වගේ හාවෙක් ගැනද කියලා එකඟතාවයකට ආවට පස්සේ මම කියන්න හිටපු  කතන්දරේ කියන්න පටන් ගත්තා. ඒ වෙලාවෙ මගේ හිතේ තිබ්බෙ අර "ලෝකෙ පෙරලෙනවෝ" කියල දුවපු හාවා ගැන කතන්දරේ. ඔය කතාවට ඉතින් ඕනෙ හාවෙක්වා දා ගන්න පුළුන්නෙ. මම ඉතින් හාවා කියල තියෙන තැන් වලට හා පැටියා කියලා ආදේශ කරලා කතන්දරේ කිවුවා. එයත් හොඳට අහගෙන හිටියා.

මෙන්න කතන්දරේ කියලා ඉවර වුනාට පස්සෙ බේරිල්ලක් නෑ. ඒ හාවා ලොකු වෙච්ච හැටියි කන්නෙ නැතුව ඉඳලා කෙට්ටු වෙච්ච හැටියි ගැනත් කියන්නලු. මමත් ඉතින් කිවුවෙ අර කන්නෙ නැතුව ඉඳලා කෙට්ටු වෙච්ච ලොකු හාවගෙම චූටි කාලෙ ගැන කතන්දරයක්නෙ. 

කොහොම හරි අන්තිමට කොහෙවත් හිටපු නැති හා පැටියෙක් ලොකු වෙනකනුයි කන්නෙ නැතුව කෙට්ටු වෙනකනුයි ගැන හිටිවන කතන්දරයක් කියන්න වුනා.

පොඩි අයට කතන්දර කියල දෙන්න යද්දි හරිම පරෙස්සමෙන් !


[ 11 - Dec - 2009 ]