Wednesday, February 17, 2010

කොළඹ පූසන්ට කිරි, ගමේ පූසන්ට කැකිරි


බලන්න මේ පූසලා දෙන්නා කන බොන විදිහෙ වෙනස.

ගමේ පූසා


කොළඹ පූසා

[ 17 - Feb - 2010 ]

Sunday, February 14, 2010

කොටියා ආවෝ !!!


 

ඔන්න තවත් අලුත් අවුරුද්දක් උදා වෙලා. ඒ තමයි චීන අලුත් අවුරුද්ද. අපි අප්‍රේල් මාසෙදි අලුත් අවුරුද්ද සමරන්නෙ සූර්ය මාස ක්‍රමයකට අනුව. චන්ද්‍ර මාස ක්‍රමයකට අනුව සමරන චීන අලුත් අවුරුද්ද සමහර අවුරුදු වලදි ජනවාරි මාසයේදීත් තවත් සමහර අවුරුදු වලදි පෙබරවාරි මාසයේදීත් උදා වෙනවලු. මේ චීන කැලැන්ඩර් ක්‍රමයට අනුව හැම අවුරුද්දකටම අදාල සතෙක්,පාටක් සහ අමුද්‍රව්‍යයක් තියෙනවා. අද, 2010 පෙබරවාරි 14 වෙනිදාතමයි සුදු යකඩ කොටියාගේ අවුරුද්ද සමරන දවස. (අහම්බෙකින් වගේ මේ පාර අලුත් අවුරුදු දිනයත් ආදරවන්තයන්ගේ දිනයටම වැටිලා)

 

චීන සම්භවය ඇති අයගේ ජනගහනය බහුතරයක් වෙන සිංගප්පූරුවෙත් චීන අලුත් අවුරුද්ද ඉහළින්ම සමරනවා. සිංගප්පූරුවේ රජයේ නිවාඩු දින තියෙන්නෙ 11යි. එයින් දින 2ක්ම වෙන් කරලා තියෙන්නෙ චීන අලුත් අවුරුද්දට.  හැම තැනම වගේ රතු පාටින් විවිධ සැරසිලි. මගේ චීන ජාතික යාලුවො කියපු විදිහට ඒ අය රතු පාට වාසනාවන්ත පාටක් කියලලු සළකන්නෙ. ඒකලු  සැරසිලි හැම එකක්ම රතු පාට. ( සමහර විට රතුපාට වාසනාවන්තයි කියන එක  කොමියුනිට්ස්වාදී රතු සහෝදරවරු ඇති කරපු මතයක් වෙන්න ඇති ). චීන අලුත් අවුරුද්ද සඳහා එකිනෙකාට සුභපැතීමේදී පැණි දොඩම් ගෙඩි දෙකක් සහ කාසියක් / හෝ කාසියක් හැඩයට හදපු රසකැවිල්ලක් දෙනවා. (දොඩම් ගෙඩි දෙකක් දෙන්නෙ , වැඩිය කඩන නරක ළමයි හෙම නෙවෙයි හින්දා වෙන්න ඇති).

මේ පාර කොටි අවුරුද්ද උදා වෙන්න කලින් ලංකාවෙ කකුල් දෙකේ කොටියො වඳ වෙලා ගියා. මීලඟ කොටි අවුරුද්ද උදා වෙන 2022 වෙනකොට කකුල් හතරෙ ඇත්ත කොටියොත් ලෝකෙන් වඳ වෙලා යන්න පුලුවන් කියලා සමහර පරිසරවේදියෝ බිය පළ කරනවා.ඒ වෙනකොට කොටියො විතරක් නෙවෙයි මිනිස්සුත් ලෝකෙන් වඳ වෙලා යයිද දන්නෙ නැහැ. 2012 කළු වතුර මකරාගේ අවුරුද්දෙ ලෝක විනාශයක් වෙනවා කියලත් අනාවැකි තියෙනවනෙ.  

වැඩි දුර විස්තර:

Chinese New Year
=============
1.  Chinese New Year - Wikipedia [here]
2.  Chinese Horoscope Color Zodiac Animal Signs [here]

2012
===
1. 2012X7 [here
2. Divaina Article about 2012 [here]

[ 14 - Feb - 2010 ]


Saturday, February 6, 2010

මහ මැතිවරණය 2010: මනාප ක්‍රමය වෙනුවට අමනාප ක්‍රමයක්



 

ඔන්න ඉතින් ජනාධිපතිවරණයනම් ඉවරයි.  ඒ වුනාට මැතිවරණනම් ඉවර නෑ. පාර්ලිමේන්තු මහ මැතිවරණයකුත්  ළඟදීම පවත්වන්න නියමිතයි. 

"කැමති කෙනෙක් කැමති විදිහට මැතිවරණ තියන්න" කියල මැතිවරණ කොමසාරිස්තුමා වාචිකව අවසර දුන්නනෙ ( මේ බලන්න ). ඒක නිසා මෙදා පාර මහ මැතිවරණෙ පැවැත්වෙන්නෙ මට ඕනෙ හැටියටයි. 

ජනාධිපතිවරණ වලදි අහෝසි කරන්න කතා කරන්නෙ විධායක ජනාධිපති ක්‍රමය. ඒ වගේ මහමැතිවරණ වලදි කතා කරන්නෙ මනාප ක්‍රමය අහෝසි කිරීම ගැන. මොකද මනාප ක්‍රමය හින්දා එකම පක්ෂෙ අයත් මනාප වලට පොර කනවනෙ. හැබැයි ඉතින් ඔය අහෝසි කරන්න කතා කරන අය ඒක කරන්නෙ නැහැනෙ. ඒක නිසා මේ පාර මහ මැතිවරණයේදි මනාප ක්‍රමය මමම අහෝසි කරනවා.  ඒ වෙනුවට මම හඳුන්වා දෙනවා අමනාප ක්‍රමයක්.

යෝජිත අමනාප ක්‍රමය ක්‍රියාත්මක වෙන්නෙ මෙහෙමයි. ඡන්ද දායකයන්ට පුළුවන් තමන් කැමති පක්ෂයේ සළකුණ ඉදිරියෙන් හරි ලකුණක් දාල තමන්ට කැමති පක්ෂයට ඡන්දය ප්‍රකාශ කරන්න. ඊළඟට කරන්න ඕනෙ ඒ පක්ෂයේ තමන් අකමැතිම අපෙක්ෂකයන් තුන් දෙනාගේ අංක ඉදිරියෙන් කතිර ලකුණු දාලා ඒ අයට අමනාපය ප්‍රකාශ කිරීම. අන්තිමේදි වැඩිම ඡන්ද ගන්න පක්ෂ වලින් අඩුම අමනාප ගත්ත අපේක්ෂකයො පාර්ලිමේන්තුවට තේරී පත් වෙනවා.

මේ ක්‍රමයෙදි අපේක්ෂකයන්ට  තමන්ගෙ පක්ෂ සළකුණ ප්‍රසිද්ධ කරන්න වෙනවා. හැබැයි තමන්ගෙ අංකය පුළුවන් තරම් රහසිගතව තියාගෙන. කොහොමද ටිකිරි මොළේ !

පසු සටහන්
=======

1. මැතිවරණ කොමසාරිස්තුමාම මහ මැතිවරණයත් පවත්වනවාලු. ( බලන්න ). ඒක නිසා මේ පාර මහ මැතිවරණයේදි අමනාප ක්‍රමය ක්‍රියාත්මක වෙන්නෙ නැහැ

2. පහු ගිය දවස් වල තිබ්බේ මැතිවරණයක් නෙවෙයිලු. එහෙම කිවුවෙ අපේ සචි අක්කා . මේක මූණු පොතේදි වෙච්ච සංවාදයක් (බලන්න)


සචි අක්කා :
තිබුණේ ජනාධිපතිවරණයක් මිසක් මැතිවරණයක් නෙමෙයි!!!!!!! (මැතිවරණය කියන්නේ මන්ත්රීවරුන් තෝරන චන්දය. ඕක අද හුඟක් දෙනා පටලගන්නවා. කොටින් ම 'ජනාධිපති මැතිවරණය' කියලා තමයි පත්තර වලත් යන්නෙ. හරිම විහිළුවක්!!)

මම: 
එතකොට Election වලට කියන සිංහල වචනෙ මොකක්ද ?

සචි අක්කා :
චන්දය එහෙම නැත්නම් වරණය (තේරීම) 
මැතිවරණය = මන්ත්රීවරුන් තේරීම
ජනාධිපතිවරණය = ජනාධිපති තේරීම

මැතිවරණ කොමසාරිස් ට ඒ නම ලැබුණේ 1978 න් ඉස්සර තිබුණේ මැතිවරණ පමණක් නිසා...

මම:
හෆොයි දැන් කට්ටිය කියයි මැතිවරණ ප්රචණ්ඩක්රියා එකක්වත් වෙලා නැහැ කියලා :D. එතුමා ඕක දන්නවනම් ස්වාධීන මැතිවරණ කොමිසම පත් කරන්න බය වෙන්නෙත් නෑ.

මේවත් බලන්න
=========




[ 06 - Feb - 2010 ]