Monday, March 1, 2010

ලංකාවට පූසො ගෙනාවෙ කවුද ?



ලංකාවෙ හංසයො නෑ. පූසොනම් ඉන්නවා. ඉන්නවානම් තමයි, ඒ වුනාට  ලංකාවට පූසලා ආවෙ කොහෙන්ද ?

බල්ලො ගැනනම් අපේ පැරණි ජනප්‍රවාද ගොඩාරියකම සඳහන් වෙලා තියෙනවා. විජය කුමාරයා ලංකාවට පය තියපු ගමන් මුලින්ම දැකල තියෙන්නෙත් බල්ලෙක්ලුනෙ.(බල්ලෙක් දකින එක සුභ ලකුණක්ද කියලනම් දන්නෙ නෑ). 

පූසලා ගැන තියෙන ජනප්‍රවාදනම් මම දන්නෙ 2යි. එකක් තමයි  තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවො ගුරු හිමියන්ට බළල් වසුරු කවපු කතාව (1 කොටස)(2 කොටස). අනිත් එක තමයි කොළඹ කොටුවෙ බළල් මස් ගිනි ගණන් වෙච්ච කතාව.

මේ කතන්දර දෙකම ලංකාවට පෘතුගීසීන් ආපු කාලේ ඒවා. එතකොට ලංකාවට පූසො ගෙනාවෙ පෘතුගීසීන්ද ? පූසා කියන්නෙ සූසා වගේ පෘතුගීසි පන්නයේ නමක්ද ?

එතකොට බළලා කියන්නෙ ? ඒක තමයි පූසගෙ සිංහල නම .පෘතුගීසි භාෂාවෙන් බළලාට කියන්නෙ ගටා (gata) කියලා. හැබැයි පිලිපීන භාෂාවෙන්නම් (Tagalog) බළලාට කියන්නෙ පූසා (Pusa) කියලා.

ලංකාවට බළල්ලු ආපු හැටියි, බළලා පූසා වෙච්ච හැටියි , බළල්ලු ගැන වෙනත් ජනප්‍රවාදයි දන්න කට්ටිය ඉන්නවනම් කියන්න.

ඤාව් !!!

===================================
පසු සටහන:

පූසො ගැන කුරුණෑගල යුගයෙන් තවත් සාක්ෂියක් හම්බ වුනා. කුරුණෑගල යුගයේ ලියවුණු උම්මග්ග ජාතකයේ සහ පන්සිය පනස් ජාතකයේ බළලා කියන වචනය සඳහන් වෙලා තියෙන බව පෙන්වාදීපු Anonymouse-3 ට බොහොම ස්තූතියි.

[ 01 - Mar - 2010 ]

36 comments:

Anonymous said...

ඤාව්ඤාව් ඤාව් ඤාව්ඤාව් ඤාව් ඤාව්ඤාව් ඤාව් ඤාව්ඤාව් ඤාව් ඤාව්ඤාව් ඤාව් ඤාව්ඤාව් ඤාව් ඤාව්ඤාව් ඤාව් ඤාව්ඤාව් ඤාව් ඤාව්ඤාව් ඤාව් ඤාව්ඤාව් ඤාව් ඤාව්ඤාව් ඤාව් ඤාව්ඤාව් ඤාව් ඤාව්ඤාව් ඤාව් ඤාව්ඤාව් ඤාව් ඤාව්ඤාව් ඤාව් ඤාව්ඤාව් ඤාව් ඤාව්ඤාව් ඤාව් ඤාව්ඤාව් ඤාව් ඤාව්ඤාව් ඤාව් ඤාව්ඤාව් ඤාව් ඤාව්ඤාව් ඤාව් ඤාව්ඤාව් ඤාව් ඤාව්ඤාව් ඤාව් ඤාව්ඤාව් ඤාව් ඤාව්ඤාව් ඤාව් ඤාව්ඤාව් ඤාව් ඤාව්ඤාව් ඤාව්

චතුරංග රූපසිංහ said...

ඤාව්

සහන් සටහන් said...

ඈත අතීතයේ සිට ලංකාවෙ බල්ලන්ට ලොකු තැතක් තිබ්බා....
මේකට විරුද්ධව ඤාව්වො කුමන්ත්‍රණය කලා ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමා ඤාව්වො ලංකාවට ආවෙ,
ඤාව්වො ලංකාවෙ මිනිස්සුන්ව බයකරගෙනයි හිටියෙ මේකට ඉදිරිපත් වෙච්ච බල්ලො ඤාව්වන්ව එලවලා දැම්මා
(උපුටා ගැනීම cats & Dogs sinhala) :P

චානක අසේල දි සොයිසා said...

පුසො ම්යො අල්ලන්ඩ පුරුදු උනෙ කොහොමද දන්නෑ නේද?

Anonymous said...

අනා ෂෝයි පූසො ටික. මල් පොකුරක් වගේ

ත‍රිඳු said...

මට මතක හැටියට බලලා ලියන්නෙ සිංහල වචනේ නෙමේ. ඒක ආවේ සංකුරුත වලින්ද කොහෙද ? පොඩ්ඩක් පොත් පෙරලල බලන්න ඕනෙ

සහන් සටහන් said...

පොත් පෙරලලා බලලා බළලා කියන්නෙ මොකෙන්ද කියලා බලමු

විශ්මි said...

පූසො ගෙනාවෙ නම් කවුද දන්නෙ නෑ..... හැබැයි පූසො කියන්නෙ හරිම හුරතල් සත්තු ජාතියක්.... වෙලාවකට වදයක් වෙන තරමට උන් හුරතලේට කැමතියි....

GNS said...

woof! woof!!

කතන්දර Kathandara said...

Cats are domisticated from wild beasts.

Unknown said...

පූසෝ programming එහෙමත් දන්නව කියල මං අහල තියනවා. Pseudocode ලියන්න පටං ගත්තෙ බලල් තඩියෙක් ලු නෙ. පස්සෙ දේශපාලන හේතු නිසා p සයිලන්ස් උනාලු.

Madhawa Habarakada said...

ලංකාවට පූසො ගෙනාවෙ කවුද කියල නම් මමත් දන්නෙ නෑ. නමුත් පූස මිනිස්සු එක්ක හුඟක් ඉස්සර ඉදන් ඉඳල තියෙනවනතීත මිසර ශිෂ්ටාචාරය තුළත් ඉඳල තියෙනවනෙ.
මට හිතෙන්නෙ ලංකාවට පූසො ගේන්න ඇත්තෙ මිසරය පැත්තෙන් වගේ කියල. ඒත් සමහරවිට උන් ලංකාවෙ ආදි වාසීන් එක්කත් හිටියද දන්නෙ නෑ.

Anonymous said...

Quite interesting.
Definitely the history of cats in Sri Lanka can be traced back to a much older time than Kotte era. As I can remember, in Ummagga jathaka,there is an incident where King Vedeha observes the co-existance between a goat and a dog. They bring food for each other. King formulates a riddle using this and asks his advicers to solve it. (King do funny things sometimes!). Pundit Mahaushadha solves it. In that paragraph, there is something like "Balalun ha savun kanneya.."

Chanaka Aruna Munasinghe said...

@ Anonymous-1, චතුරංග රූපසිංහ

ඔව් ඔව්, ඤාව් ඤාව් ඤාවෝ
===================
@ සහන්

ඤාව්වො ලංකාවට ආවෙ විදේශ කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් හැටියට. මේ දවස් වල හොරෙන් හොරෙන් සිද්ධ වෙන විදේශ කුමන්ත්‍රණ පිටිපස්සෙත් ඤාව්වලා ඉන්නවලු. අනේ ඉතිං ලංකාවට බවුවන්ගේම පිහිටයි!!!
===================
@ chanaka asela

පූසන්ට මීයො අල්ලන්න පුරුදු කළේ පූසන්ගෙ මීමුත්තනෙ.
===================
@ Anonymous-2

මල් කියන්නෙ කාට කාට, පූස් පැටවු පාට පාට [ මෙතනින් බලන්න ]
===================
@ ත‍රිඳු,සහන්

පොත් පෙරලලා බලලා බලලා බළලා ගැන විස්තර හොයලා බලලා අපිටත් කියන්න
===================
@ Wish

ගොඩාක් හුරතල් කරලා පූස්ලව නරක් කරන්න එපා :D
===================
@ ගයන්ත

Purrrr, Purrrrr
===================
@ කතන්දර කාරයා

The Arican Wild cat is the ancestor of Domestic Cats
[Wikipedia]

But my Q is how they come to Sri Lanka. Since Sri Lanka is an Island it is doubtful that cats in Srilanka evolved independent of rest of the world.

===========================
@ änthräX

ඇයි පූසලාගෙ Programming Language එක ගැන අහලා නැද්ද ?
See This
http://www.cat-language.com/
===========================
@ Madhawa Habarakada

ගෘහස්ත පූසො ගැන ඉස්සෙල්ලම වාර්තා වෙන්නෙනම් මිසරයෙන් (ඊජිප්තුවෙන්) තමයි. ලංකාවෙ ආදීවාසීන් එක්ක පූසො හිටියා කියලා කොතනකවත් මම අහලා නැහැ. බල්ලො ගැනනම් ඓතිහාසික තොරතුරු තියෙනවා. ඒත් පූසො ගැන ???. කොයි කාලෙද පූසෙක් ගැන ඉස්සෙල්ලම සඳහන් වෙලා තියෙන්නෙ ??
======================
@ Anonymous-3

Yes you correct. Thank you for the information.

Chanaka Aruna Munasinghe said...

@ All

උම්මග්ග ජාතකයේ විතරක් නෙවෙයි තවත් ජාතක කතා කිහිපයකම බළලා කියන වචනෙ සඳහන් වෙනවාලු. පන්සිය පනස් ජාතකය සහ උම්මග්ග ජාතකය ලියවුනේ කුරුණෑගල යුගයේදී. තව විස්තර හොයමු , සමහර විට අපිට අනුරාධපුර, පොළොන්නරු යුග වලත් පූසො ගැන විස්තර හම්බ වෙයි.

Bunny said...

මම දන්න විදියට ප්‍රංශ බාසාවෙන් පුසට කියන්නෙ "පුසි ගාතෝ කියලා" :D (ශුවර් නැ)

"බලලා" කියන්නෙ "බිලාල කුලේ" කියන එක මොකක් හරි එකකින් මෙව්වා වෙලා අපු එකක් වෙන්න බැරිද ? :P :D

malee_msg said...

අනේ මම නම් දන්නේ නෑ.. කොහෙද මේ පුසන්ට සිංහල කථා කරන්න බැ‍හැනේ.. නැත්තං සුටුස් ගාලා අහගන්න තිබ්බා.

Chanaka Aruna Munasinghe said...

@ Bunny !

ප්‍රංශ භාෂාවෙන් පූසට කියන්නෙ Chat කියලා.
Google Language Translator එකෙන් බලන්න.
බළල් කියන වචනෙ සංස්කෘත භාෂාවෙන් මෙව්වා වෙලා ආපු එකක්ලු
===========================
@ malee_msg

සුටුස් ගාල ඇහුවට පූසලට තේරෙන එකක් නෑ. කනට කරලා ඤාව් ගාල අහලා බලන්න. සමහර විට ඔයාට කියයි

මනුසත් said...

උඹ පූසන්ට ගොඩක් ආදරය කරන කෙනෙක් බව පෙනේ.

Chanaka Aruna Munasinghe said...

@ මනුසත්

මම ඉතින් මකර අධිරාජයා හින්දා හැම සතා ගැනම බලා කියා ගන්න එපැයි. මම සියළු සත්වයන්ටම ආදරෙයි.

ගීතික බුලත්සිංහල said...

අපේ පූස් තඩියත් කොම්පීතරේ උඩම තමයි ඉන්නෙ. මම නැති වෙලාවට මොනව කරනවද දන් නැහැ. හැබැයි ලඟදි ඉදල මෑන්ස් අතුරුදහන්. මගෙ රහස් එහෙමත් උස්සලද දන්නෙ නැහැ.

Chanaka Aruna Munasinghe said...

@ ගීතික

හපොයි , වහාම CID(Cats Investigation Department) එකට හරි CIA(Cats Investigation Agency)එකට හරි කියන්න වෙයි. වැඩේ හයානකයි

Pathum Punchihewa said...

ඇත්ත තමා, පූසා හරිම ශෝක් සතෙක්... හැබැයි වෙලාවකට ඇණයක් වෙනවා. කොහොම වුනත් ආදි මිසර ජාතිකයන් නම් පූසන්ව දේවත්වයෙන් අදහලා තියෙන්නේ. ගෙදර පූසා මැරුනොත් ගෙදර අය ඈහිබැමි බූගාලා දානවා සෝකෙට.

Bastet කියන්නේ ඊජිප්තියන් මිත්‍යා කථා වල එන බළල් හිසක් තියෙන දෙවඟනක්. (දෙවඟනක් ද පූස් අඟනක්ද මන්දා)

ඒ වගේම තවත් දෙයක්... බල්ලෝ අපිට හරිම කීකරුයිනේ. බල්ලා අපිව සලකන්නේ උන්ගේ ස්වාමියා කියලා. ඒත් පූසගෙන් කවදාවත් එහෙම සැළකිලි බලාපොරොත්තු වෙන්න එපා. ගෙදර පූසා කොහොමත් ඉන්නේ ගෙදර උගේ, ඌ අපිට ගේ රෙන්ට් එකට දීලා වගේනේ... නැද්ද මං අහන්නේ...

Anonymous said...

machan la,

Poes kiyanne Dutch (Landesi basawen) walin PUSA ta.

Google translater eke balanna
http://translate.google.com/?langpair=nl%7Cen#nl|en|poes

Chanaka Aruna Munasinghe said...

@ Pathum Punchihewa

ඔව් ඔව් ඊජිප්තුවෙ පූසන්ට රජ සැළකිලි. පූසො ඉස්සෙල්ලම මිනිස්සුන්ගෙ ගෙවල් වල ඉන්න පුරුදු වුනා කියන්නෙ ඊජිප්තුවෙ. පස්සෙ අර් ඉත්තෑවගෙ ගෙට රිංගපු මොකාදො එකා වගේ පූසොත් ගෙවල් අයිති කරගෙන. දැන් අපි එයාලට රෙන්ට් එක ගෙවන්නෙ කිරි, මාලු ඔලු වගේ දේවල් වලින්
===============================
@ Anonymous

ස්තූතියි තොරතුරට. බලාගෙන යද්දි බළලුන්ට පූස් කියන්නෙ ලංකාවෙ විතරක්ම නෙවෙයි. පූස් කියන නම ජාත්‍යන්තරීකරණය වෙච්ච එකක්

Unknown said...

ඇයි බන් අර චාර්ල්ස් පෙරෝල්ට් (ශුවර් නෑ හරියට නම) කියන ප්‍රංස ලේඛකයා ලියපු පොතකුත් තියෙන්නේ, "පූස් ඉන් බූට්ස්" කියලා! ප්‍රංස නම නම් වෙනස් මම හිතන්නේ. ඒත් ඒක ප්‍රසිද්ධ උනේ "පූස් ඉන් බූට්ස්" කියලා, අර ඉස්සර සුරඟන කතා කරළියේ ගියේ ටයි මාමා හඬකවලා!

Chanaka Aruna Munasinghe said...

@ වැම්පයර්

අනේ මම එක බලලා නැහැනෙ. ඒක පෙන්නන කාලෙ අපෙ ගෙදර TV එකක් තියෙන්න නැතුව ඇති

Madhawa Habarakada said...

ඇයිබන්, "උස් සපත්තු පැළඳි පූසා" කියල පොතුත් තියෙන්නෙ.අර පූස යෝධයව රවට්ටල ගිලින සිද්දිය තියෙන එකනෙ නේද?

ඔය කියල තියෙන කතාව හරි, පූසා කියන්නෙ හුඟක් ආඩම්බරකාර සත්වයෙක්ලු. අර කිව්ව වගේ පූස ඉන්නෙ මේ ගෙදර අයිති කාරයා ඌ, මිනිස්සු ඉන්නෙ උගෙ ගෙදර කියනාදහසින්. මම ඒක පත්තරයකත් කියෙව්ව.

සංකල්ප said...

අම්මෝ මාර පූසෝ ගොඩක් නේ.

Anonymous said...

පූසො ලන්කාවට ආවෙ කෝමද නම් දන්නෙ නැහැ..ඒත් අපි සයිප්‍රස් රටට ගිය වෙලාවෙ මම කතාවක් ඇහුවා..එක නපුරු කෙනෙක්, ඒ රටේ මිනිස්සුන්ව විනාශ කරල දාන්න ඒ රටට මහා විශගෝර සර්පයො ගෙනත් දැම්මලු...උන් බෝවෙලා මිනිස්සුන්ව විනාශ කර කර ඉන්නකොට මේක දැකපු..කුමාරියක්(රැජිනක් ද දෙවඟනක්ද මට හරියට නම මතක නෑ)ලොකු නැවක් පුරවලා පූසො ගෙනත් දැම්මලු ඒ රටට....ඉතින් ඒ පූසො ඔක්කොම සර්පයින්ව විනාශ කරල මිනිස්සුන්ව බේරාගත්තලු...අදටත් ඒ රටේ ඔක්කොමලා පූසන්ට පුදුම විදියට සළකනවා...මම වෙන කිසිම රටක දැකල නැහැ ඒ තරම් පූසන්ට සළකන මිනිස්සුන්ව....

Chanaka Aruna Munasinghe said...

@ Madhawa Habarakada

ඔය කියන පොතනම් කියවල නෑ. මන්තර කාරයෙක්ව රවට්ටලා ගිලින කතාවක් වෙන කොහේදි හරි කියවල තියෙනවා. පත්තරේක වෙන්න ඇති
============
@ මධුරංග

මාර පූසෝ නෙවෙයි මේ. සාමාන්‍ය පූසො
============
@ nethara

සයිප්‍රසයෙත් එහෙමද. ඊජිප්තුවෙනම් දේවත්වයෙන් සළකනවලු

අනුරුත් said...

බිළාල ජාතකයක් තියනවා නේද?

Anonymous said...

ලංකාවේ පූසෝ ඉස්සර ඉදන්ම ඉඳල තියෙනව කියල සාක්කි තියනව, හැබැයි උන්ගේ කට තියෙන්නේ දිග අතට.

Anonymous said...

KING RAVANA GE KALETH POOSO HITIYA.

Anonymous said...

http://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC2267438/

Unknown said...

🖤🖤🖤🖤

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D