Thursday, June 3, 2010

චෞර බිළාල

 

අම්මෝ හොඳටෝම බඩගිනියි. බඩගින්න වැඩිකමටම මට ඉබේටම ඤාව් ගෑවුනා. 

ඊයෙ හන්දියෙ මස් කඩෙන් හොඳ මස් කුට්ටියක් අරගෙන ඇවිත් ඒකෙන් කටයි දෙකයි කන්න හම්බ වුණේ. නපූරු දඩෝරියෙක් බුරාගෙන ඇවිත් ඒක උදුරා ගත්තනෙ. දැන් දවස් ගාණකින් හරිහමන් කෑමක් නෑ. මාලු කඩේ පැත්තෙවත් ගිහින් බලන්න ඕනෙ කෑමට මොනව හරි හොයා ගන්න පුළුවන්ද කියලා. 

මුදලාලියි කඩේ කොළුවයි පොඩ්ඩක් එහා මෙහා වෙනකම් බලන් ඉඳලා හොඳ මාලු කූරියෙක්ව කටට ගත්තා විතරයි,

දඩෝං !

මගේ ඇස් නිලංකාර වුණා. "මෙන්න හොර බළලා, මූව මරන්න ඕනෙ". කඩේ කොළුවගේ අතේ තිබ්බ පොල්ලෙ ලොකු යන්තම් දැක්කා විතරයි, මම දුවපු දිවිල්ල  මටම හිතා ගන්න බෑ. අනේ ඒත් මම කටට ගත්ත මාලු කූරියා කොහේදිදො හැලිලා. කටට ගත්ත දේ ගිලගන්න මට වාසනාව නැති හැටියක්. ආපු පාර දිගේ ආපහු ගිහින් හොයලා බලන්න හිතුනත් ඔලුවට වැදිච්ච පාරෙ සැර මතක් වුනාම ඒ මාලු වලින් කමක් නෑ කියල හිතුනා. අනික පණ බයේ දුවපු දිවිල්ලට දුවපු පාර මතකත් නෑ.

හැබෑටම මම මේ කොහෙටද ඇවිත් ඉන්නෙ? මේ කන්ද පැත්තට මීට කලින් ඇවිල්ලම නෑ. අහල තියෙන විදිහටනම් ගමේ පන්සල තියෙන්නෙ මේ පැත්තෙලු. අහම්බෙන් ආපු එකේ පන්සල මොන වගේද කියල බලන්නත් කියල හිතාගෙන මම ඉස්සරහට ඇවිදගෙන ගියා 

අපොයි , වට පිට බල බලා ගියා මිසක් ඉස්සරහ බැලුවෙම නෑනෙ. හාමුදුරුවන්ගෙ කකුල් දෙක ගාවටම යනකම් දැක්කෙ නෑ. දුවන්න කියලා ආපහු හැරුණත් මොකක්දෝ එකක් හින්දා මම නැවතුනා. මම බයෙන් බයෙන් බයෙන් හාමුදුරුවන්ගේ මූණ දිහා බැලුවා. වෙන මිනිස්සුන්ගෙ වගේ නපුරු පාටක් තිබ්බෙ නැති හින්දා වෙන්න ඇති මට දුවන්න හිතුනේ නෑ. එතකොට තමයි මම හිතන්නෙ හාමුදුරුවො මාව දැක්කෙ.

"අනේ , පූසෙක් , කෑම නැතුව වෙන්න ඇති හොඳටම කෙට්ටු වෙලා. පොඩි නම... මෙන්න පූසෙක් ඇවිත් ඉන්නවා. ඉතුරු වෙලා තියෙනවනම් දානෙ ටිකකුයි කිරි ටිකකුයි දෙන්න"

මට අදහා ගන්නත් බැරි වුණා. මෙච්චර කාලෙකට හැමෝම මට ගහල බැණලා පැන්නුවා මිසක් කවුරුවත්ම මට මෙහෙම කරුණාවෙන් කතා කරලා නෑ, කෑම දීලත් නෑ . "කිටී, කිටී" කියල පොඩි හාමුදුරුවො මට කතා කරා.හොර බළලා කියලා මිසක් මේ වගේ ලස්සන නමකින් කවුරුවත් මීට කලින් මට කතා කරලම නෑ. 

පොඩි හාමුදුරුවො අනලා දීපු බත් ටික මම කාගෙන කාගෙන ගියා. කිරි ටිකත් අන්තිම බින්දුවටම ලෙව කෑවා. හම්මේ දවස් ගානක් තිස්සෙ තිබ්බ බඩගින්න දැන් තමයි නැති වුනේ. හොඳ නිදිමතකුත් ආවා.

මට කොච්චර වෙලා නින්ද ගිහින් තිබුණද දන්නෙ නැහැ. ඇහැරෙනකොට කළුවර වැටෙන්නත් කිට්ටුයි. ලොකු හාමුදුරුවොවත්, පොඩි හාමුදුරුවොවත් පේන්න හිටපු නැති හින්දා මම පොඩ්ඩක් එහා මෙහා ඇවිදලා බැලුවා.

ශාලාවක මිනිස්සු ගොඩාක් බිම වාඩි වෙලා ඉන්නවා. ලොකු හාමුදුරුවො පුටුවක වාඩි වෙලා මොනවදො කියනවා. හාම්දුරුවො කියන්නෙ මොනවද කියල  අහන්න හිතුණු හින්දා මම ඒ පැත්තට ගියා. වෙනදට මිනිහෙක් දැක්කත් බයේ ගැහෙන මට අච්චර මිනිස්සු ගොඩක් දැකලත් බය හිතුණෙ නැති එක තමයි පුදුමෙ. මම අයිනෙන් ගිහින් හාමුදුරුවො ඉස්සරහම, වාඩි වුණා. මට ඕනෙ වුණේ හාමුදුරුවන්ව හොඳට පේන තැනක වාඩි වෙන්න. හාමුදුරුවොත් මාව දැක්කා.

"ආ මෙන්න බළල් උපාසක මහත්තයෙකුත් ඇවිත් ඉන්නෙ  බණ අහන්න, බොහොම හොඳයි"

"පිංවතුනි , උපාසක කියන්නෙ පංච ශීලය ආරක්ෂා කරන කෙනෙකුට.අපි දැන බලමු මොකක්ද මේ පංචශීලය කියන්නෙ කියලා, පාණාතිපාතා ...."

අද දවසෙ වෙච්ච දේවල් ඔක්කොම චිත්‍රපටියක් වගේ මට මැවිලා පෙණුනා. මාලු කූරියෙක්ව හොරෙන් ගන්න ගිගින් ගුටි කාලා පණ බේරා ගන්න දුවපු දිවිල්ල, ඊට පස්සෙ අහම්බෙන් මෙතනට ආපු හැටි. ඊට පස්සෙ වෙච්ච් අමුතු දේවල්, මටම හිතා ගන්න බෑ. හරිම පුදුමයි.

"පිංවතුනි, අදින්නාදානා වේරමණී , කියන දෙවන සිල් පදයෙන් කියවෙන්නේ , මම අනුන්ගේ දේවල් හොරකම් කරන්නේ නෑ කියන එක, හොරකම් කරන කෙනාට මෙලොවත් පරලොවත් දෙකේදිම දුක් විඳින්න සිද්ධ වෙනවා."

මේ කියන්නේ මම ගැන නේද කියලා කියලා මට හිතුනා. ඇත්ත තමයි හොර කකා ගතකරපු ජීවිතේදි මම නොසෑහෙන්න දුක් වින්දානෙ. කෝ  වෙන කල්පනාවක හිටපු හින්දා අර සිල්පද පහෙන් පළවෙනි එක අහගන්න බැරි වුණානෙ. ඉතුරු ටිකවත් හරියට අහගන්න ඕනෙ.

හාමුදුරුවො ඉතුරු සිල්පද ටිකත් එකින් එක පැහැදිළි කළා. ඉතුරු සිල්පද ටිකනම් මටත් යස අගේට ආරක්ෂා කර ගන්න පුළුවන්නෙ. හොරකම් නොකර හිටියානම් මටත් යස අගේට උපාසකයෙක් වෙන්න තිබ්බා. 

"පිංවතුනි, මේ සිල්පද පහ ආරක්ෂා කරන හොඳ උපාසකයෙක් වෙන්න අධිෂ්ඨාන කරගන්න. එයින් ඔබේ මෙලොව සහ පරලොව දෙකේම ජීවිත සැපවත් වෙයි"

අනේ මට අර පළවෙනි සිල්පදේ හරියට අහගන්න බැරි වුණානෙ.ඒක මොකක්ද දන්නෙ නෑ. මිනිහෙකුට වගේ කතා කරන්න පුළුවන්කම තිබ්බනම් ඒක මොකක්ද කියල ආපහු කියන්න කියලා හාමුදුරුවන්ට කියන්න තිබ්බා :'( . කමක් නෑ මම අද ඉඳන් හොරකම් කරන්නේ නෑ. මමත් අද ඉඳන් සිල් පද හතරක් ආරක්ෂා කරන උපාසක බළලෙක් වෙනවා. මම අධිෂ්ඨාන කර ගත්තා.

"සාදු සාදු සාදු !!!. ඤාව් ඤාව් ඤාව් !!!"

මිනිස්සුන්ගේ  සාදුකාරයට මමත් මට පුළුවන් විදිහට එකතු වුණා.

[ 04 - Jun - 2010 ]

47 comments:

චමිදේවා said...

ඔව් නේ...බළලෙක් උනානම් ලේසියෙන්ම සිල්පද ටික රකින්න තිබ්බා...මොකද අමාරුවෙන් පාලනය කරගන්න තියෙන්නේ දෙකයිනේ...

Chanaka Aruna Munasinghe said...

@ චමිදේවා

ඒ විතරක් නෙවෙයි උපාසක බළලෙක් වෙන එකේ අමතර වාසිත් තියෙනවනෙ ;-)

Anu said...

අපේ ගෙදරත් ඉන්නව කොහෙන්ද ආපු බළල් තඩියෙක් ඌටත් බණ ටිකක් අස්සවන්න ඕනි.

Anonymous said...

@ Chanaka: ඇයි ඒ මොකෝ ඒ..... උපාසක බළලුන්ට මීයො දෙන්න දෙන්න ගානෙ අල්ලන පුලුවන් හින්දවත්ද ? හිහ් හිහ් ලොල්

Chanaka Aruna Munasinghe said...

@ Anu

අනේ හොඳයි. පිංසිද්ධ වෙන වැඩක්නෙ. කොහොමද කරන්න හිතන් ඉන්නෙ? හාමුදුරු කෙනෙක්ව ගෙදරට වඩම්මලද? එහෙම නැත්තන් බළල් තඩියව පන්සලට එක්කන් ගිහිල්ලද?

===============
@ ජේ.ඩී

ඔව් ඔව්, 4සිල් සමාදන් වෙච්ච් උපාසක බළලෙකුට මීයො අල්ලන්න තහනමක් නෑනෙ ;-)

ඉන්දික උපශාන්ත said...

upaasaka balaliyo thamayi meeyo denna denna allanne. upaasaka balallu itin tawa pussek allanawa misa..$#^%$&%

෴ Residence Of Hasiya ෴ said...

ෂා චෝයි කතාව.....අපේ ගෙදර ඉන්න පුස් තඩියනම් සිල් පද 5ම අවංකවම රකිනවා.....දෙන දෙයක් කාලා...වෙනදෙයක් බලන් ඉන්න අහිංසක පුසෙක්....ජීවිතේටම මීයෙක් තියා කැරපොත්‍තෙක් වත් අල්ලල නැතිව ඇති‍‍....ඒ තරම්ම අහිංසකයා......

මාරයාගේ හෝරාව said...

ඥාව්..ඥාව්...

dumasrc said...

1 weni sil padaya ehune nedda ehune na wage hitiyada hikz ela kathawa ban thanks

budhajeewa said...

මොකක් කියනවද කියල කම්පනා කොලේ... එක්කො... කදාව් කදාව්!

පිස්සා පලාමල්ල said...

අහ් මෙහේ ඉන්න පූසා නම් හතර පෝයට සිල් ගන්නව මම හිතන්නේ... ඌ හෙල්ලෙනේ කෑම දුන්නම කන්න විතරයි.

Hasitha Gunasinghe said...

මදැයි බළලා සිල් ගත්තා වගේ කියලා තමා කියන්න තියෙන්නේ. හැබැයි ඉතින් පන්සලේ ඉන්න මීයන්ට තමා ගැටළුව :)

Chanaka Aruna Munasinghe said...

@ ඉන්දික උපශාන්ත

ෂ් ෂ්, කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරන අයට ඇහෙයි.
මේ ලිපිය දැක්කද ?

http://haapatikki.blogspot.com/2010/05/blog-post_21.html

Chanaka Aruna Munasinghe said...

@ හසියා , පිස්සා පලාමල්ල

අනේ සාදු. එහෙම පිංවත් පූසො ගැන අහන්න ලැබීමත් වාසනාවක්.
අනේ සාදු. එහෙම පිංවත් පූසො ගැන අහන්න ලැබීමත් වාසනාවක්. බලන්න එයාලත් මේ වගේද කියලා.

http://status-chanaka.blogspot.com/2008/12/blog-post_5953.html

Chanaka Aruna Munasinghe said...

@ මාරයාගේ හෝරාව

මෙන්නෝ මාර බළලෙක් මගේ බ්ලොග් එකට ඇවිත් කදාව් කදාව් ගානෝ. දන්නවද පූසෙක් රූට රූට කදාව් කදාව් ගාපු හැටි

http://status-chanaka.blogspot.com/2009/04/blog-post_08.html

Chanaka Aruna Munasinghe said...

@ dumasrc


නෑ නෑ , ඇත්තමමයි, වෙන කල්පනාවක හිටපු හින්දා පළවෙනි සිල් පදේ ඇහුනෙ නෑ. ඉස් ඉස්සෙල්ලම අහපු බණනෙ. ඉතින් හරියට අහගෙන ඉඳල පුරුද්දක් නෑ.
Tnx
=================
@ budhajeewa

හදිස්සියක් නෑ. හෙමිහිට කල්පනා කරල බළලා බළලා මේ බළලා ගැන ඔබතුමාගෙ අදහස කියන්න

Chanaka Aruna Munasinghe said...

@ Hasitha

ඕකනෙ ඉතින්. බළලෙක් හොඳ වෙන්න කියල හිතුවම ඕනෙ නැති පද හදනවා. උපාසක බළලාගේ කතාව බව්වන් විසින් හදපු මඩ කතාවක්ලු

Hasitha Gunasinghe said...

හික්ස් :)
පුරාණ බව්වා පුරාණ ඤාව්වා එක්ක ඇතිවුණු මතභේදයේ ඵල විපාක විඳින්නේ අද ඉන්න බව්වන් හා ඤාව්වන් :)

Chanaka Aruna Munasinghe said...

@ Hasitha

ලංකාවෙ ඤාව්වන්ගෙ පුරාණය ගැන දැනගන්න, මේක කියවන්න

http://status-chanaka.blogspot.com/2010/03/blog-post.html

දුකා said...

පූසෝ නම් මකරා . . මකරා නම් පූසෝ . . මොනා වුනත් ලස්සනට ලියලා තියෙනවා මකරෝ . . .

Chanaka Aruna Munasinghe said...

@ දුකා

ස්තූතියි දුකෝ

කතන්දර Kathandara said...

උපාසක මකරු නැද්ද? නැත්තං මකරු උප්පත්තියෙන්ම වනචරයෝ ද?

හා පැටික්කි (MS) said...

හිහ්........ අයියගේ කතාව නම් මරු.......

අනේ ඉතින් සතා අහිංසකව හිටියත් මිනිස්සු කියන ජාතිය කැත කතා හදනව නරකට හිටියත් කතා හදනව.........
ලෝකෙ ඉන්න ජරාම සත්තු ජාතිය මිනිස්සුනේද බලන්ගියාම???????

Chanaka Aruna Munasinghe said...

@ කතන්දරකාරයා

මකරු කියන්නෙ සත්ගුණවත් ජාතියක්. නහයෙන් කටෙන් ගින්දර පිට කරනවා වගේ ප්‍රාතිහාර්ය පාන්නත් පුළුවන්
================
@ හා පැටික්කි (MS)

ඒකනෙ, බලන්නකො මේ හා පැටික්කිට තේරෙන දේ මිනිස්සුන්ට තේරෙන්නෙ නැති හැටියක්. ඒක නෙවෙයි හා පැටික්කිගෙ නමේ අන්තිමට වරහන් ඇතුලෙ (MS) කියල තියෙන්නේ මොකක්ද ?

Anonymous said...

එතකොට මෙ සත්ගුනවත් මකරු පුසොයි යලුවොනම් පලමු සිල්පදෙ රකිනවාද?

Chanaka Aruna Munasinghe said...

@ Anonymous

මේ පූසට පළවෙනි සිල්පදේ ඇහුනෙ නැල්ලුනෙ. මතකද කාලයක් ගියා ටෙලිනාට්‍යයක් "එතුමා" කියලා

හා පැටික්කි (MS) said...

සන්සරසිඳු අයිය කියන්නේ නම් මාත් මයික්‍රොසොෆ්ටීකරනය වෙලා කියල..... බිල් ගේටෙස් අන්කල්ටත් බැන්න...... :P :P

ඒ මගේ උප්පැන්නේ තියන නමේ මුල් අකුරු දෙක එච්චරයි....... :) :)

Anonymous said...

සිල් පද 4 ක් රෑකලා උපසකයෙක් වෙන්න පුලුවන් නම් මම 4 වෙනි සිල් පදෙ කඩල උපසකයෙක් වෙනවා..........බොරු නොකියා ඉන්නෙ හරී.. අමරුයි අනේ........

Chanaka Aruna Munasinghe said...

@ Anonymous
මිනිස්සු සිල් පද 5ම රකින්න ඕනෙ. මේ කතාවෙ ඉන්නෙ පළවෙනිම පාර බණ අහපු බළලෙක් හින්දා සිල් පද 4කින් පටන් ගත්තට කමක් නෑ

Bunny said...

ඤංව් ඤාව්...ම්ඤඤාව්... තෙරනා නෙ ? එළ එළ... :-D
ඇහ් පූසෝ කිවම මතක් උනේ...මම ඊයෙ අපෙ පුසගෙ පොටෝ දෙක තුනක් ගත්තා...මූ මට හෙන සද්දයක් දාගෙන ගියානේ...හරියට මොඩ්ලින් කරලා සල්ලි දුන්නැ වගේ..!

Chanaka Aruna Munasinghe said...

මෙන්න බොලේ බනියෙක් ඤාව් ගානවා.
මොනවද බිව්වෙ ??

ඔයාගෙ පූස අරෙහෙම කළේ ඇයි කියලා දැනගන්න ඔයාගෙ හා පැටික්කි අක්කි ලියපු මේ ලිපිය කියවන්න.

http://haapatikki.blogspot.com/2010/05/blog-post_21.html

අනුරාධ said...

අනේ බං උබ ඔය නම වෙනස් ක‍රගනින්කො පූස් රජදහන කියලා.

Chanaka Aruna Munasinghe said...

@ අනුරාධ

ඒ මොකෝ. මම පූසෙක්යැයි. මම මකරෙක්නෙ.
මේ තියෙන්නෙ පූසලා කට්ටියක් ලියන බ්ලොග් එකක්

http://bloggadol.blogspot.com/

sameera wijayawardane said...

maru storiya..

Chanaka Aruna Munasinghe said...

@ sameera wijayawardane

Thank you !!!

Unknown said...

මූ මකරෙක්ද, පූසෙක් ද? හික් හික්

Chanaka Aruna Munasinghe said...

@ වැම්පයර්

පින්තූරෙ ඉන්නෙනම් පූසෙක්.
පූසියෙක්ද දන්නෙත් නෑ.
හැබැයි පූස් ලුක් එකක් තියෙන්නෙ

mal kumari said...

shaaaaa maru kathawa........poos gana hari dukai mata..eka athakata apita wada kochchara hodada eya

Chanaka Aruna Munasinghe said...

@ kandulu kumari

ස්තූතියි.
හා හා දුක්වෙන්න එපා. එයා දැන් උපාසක බළලෙක් වුණානෙ.
දැන් කඳුලු පිහදා ගන්න

Anonymous said...

අහ් එකෙද මේ උපසක බළළ්ළුු මීයො දෙන්න දෙන්න අල්ලනවා කියන්නෙ....

Chanaka Aruna Munasinghe said...

@ Anonymous

ඔව් වෙන්න ඇති. ඊලඟ පාර බණ අහන්න කලින් ඉක්මනට ඇඟ හදා ගන්න එපැයි

Anonymous said...

සොරකම් කිසිත් නොකරන මේ දඟ බළලා
වෙන කවුරුත් නෙමෙයි මකරයි ඒ බළලා

Madhawa Habarakada said...

අපේ ගෙදරත් හිටියනෙ ඔහොම පිංවත් පූසියක්. හැබැයි කලාතුරකින් පළවෙනි සිල් පදේ කඩනවා. :D එහෙම කරන්නෙත් ඉතින් ඌට දූන් එක් ගියාම තමා. දෙන දෙයක් කාල ගෙදරටම වෙලා නිවී හැනහිල්ලෙ ඉන්නව. මේ අවුරුද්දෙ ඌ කලුරිය කළානෙ. :'(

සංකල්ප said...

පව් හොර බලලට

Chanaka Aruna Munasinghe said...

@ වත්

අපි දඟ ඤෑ
========
@ Madhawa Habarakada

සාදු සාදු, එහෙම පින්වත් බැළලියෙක් ගැන අහන්න ලෑබීමත් සතුටක්. එයා නිවන් දකීවි
=======
@ මධුරංග

පවු ඤෑ

නලිනි චන්දිමා said...

ඤාව් ඤාව්. ලස්සන කතාවක්.

Chanaka Aruna Munasinghe said...

@ නලිනි චන්දිමා

මෙන්න තවත් මියව්වියෙක් :)
ස්තූතියි

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D