Friday, May 20, 2011

චෙස් ලොක්කා ලංකාවේ



ලෝක චෙස් සංගමයේ (FIDE) සභාපති Kirsan Ilyumzhinov මේ දවස් වල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙනවා. දැන් ලෝක චෙස් සංගමයේ සභාපති ධුරය දරන ඔහු මීට පෙර කල්මිකියා ජනරජයෙ (Republic of Kalmykia) ජනාධිපතිවරයා. කල්මිකියා ජනරජය කියන්නෙ සුවිශේෂී රටක් . ඒක තමයි යුරෝපයේ තියෙන එකම බෞද්ධ රාජ්‍යය.

හිටපු ජනාධිපති වත්මන් සභාපති වරයා ලංකාවේ සංචාරය අතරතුර විවිධ චෙස් ක්‍රියාකාරකම් කීපයකටම සහභාගි වීමට නියමිතයි. හැබැයි ඔහුගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ චෙස් නෙවෙයි. 2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් කල්මිකියා සමූහාණ්ඩුවෙන් ලංකාවට පැමිණි බෞද්ධ දූත පිරිසක් එක්කයි ඔහු ඇවිල්ලා ඉන්නෙ. සභාපති වරයා ඇතුළු පිරිස  ඉදිරි දින කීපයේ ලංකාව පුරා පූජනීය සිද්ධස්ථාන රාශියක සංචාරයක නිරත වනු ඇති.


[ 20 - May - 2011 ]

36 comments:

kozi said...

කල්මිකියා සමූහාණ්ඩුව... ??? අදමයි ඇහුවෙත්.... :)

priyantha said...

මාත් මේ නම ඇහුවේ අදමයි. ඒත් යුරෝපයේ බෞද්ධ රටක් ඇති බවක් ඇසීමත් සතුටක්..

Chanaka Aruna Munasinghe said...

@ kozi

ලෝකෙ අපිට වැඩිපුර අහන්න ලැබෙන්නෙ නැති රටවල් ගොඩක් තියෙනවා. අපිට ප්‍රවෘත්ති වලින් හැමදාම වගේ අහන්න ලැබෙන්නෙ ඇෆ්ඝනිස්ථානය, ඉරානය, ඉරාකය, ඇමරිකාව, චීනය වගේ රටවල් සෙට් එකක නම් විතරයි නේද. එහෙම වුණේ ඇයි කියල නිකමට වගේ හිතල බලන්න. ඇයි අපිට කල්මිකියාව ගැන අහන්න නොලැබෙන්නෙ ?

Chanaka Aruna Munasinghe said...

@ priyantha

ලංකාවේ අපිට හම්බ වෙලා ඉතිරි වෙලා තියෙන බුදු දහමෙන් ප්‍රයෝජන ගන්න

hare :-) said...

බොහොම සුන්දර රටක් වෙන්න ඕන. ලංකාවට වඩා ටිකයි ලොකු. හැබැයි ජනගහණය සෑහෙන්න අඩුයි. ඒ නිසාම රටේ සම්පත් සැලකිය යුතු තරමකින් සමව බෙදිල කාටවත් ගහමරාගන්න උවමනාවක් නැතිව ඇති. ඒ හින්දා අපිට අහන්න වෙන විධියෙ පුවත් මවන රටක් නෙවෙයි කල්මිකියාව. ඔය වගේ අපි අහල නැති, ඒත් ලෝකෙ ‍සිද්ධ වෙන ප්‍රවණතාවල් ගණන් ගන්නෙවත් නැතිව සමෘධිමත්ව පවතින රටවල් ඕන තරම් ඇති. හොඳ පාලනයක් එක්ක ඒ දේවල් ඉබේම හැදෙනවා නේද?

Chanaka Aruna Munasinghe said...

@ hare :-)

හරියට හරි. යුද්ධ අනං මනං ප්‍රශ්න නැති හින්දයි අපිට කල්මිකියාව ගැන ප්‍රවෘත්තියකින්වත් අහන්න නොලැබෙන්නෙ. ඒ වුනාට මකර රජදහනෙන් අහන්න ලැබුනනෙ දැන්

තිස්ස දොඩන්ගොඩ said...

ඒ රටේ මිනිස්සුන්ගේ "කල්කිරියා" කොහොමද දන්නේ නෑනේ?

Chanaka Aruna Munasinghe said...

@ තිස්ස දොඩන්ගොඩ

ඒ රටේ හිටපු ලොක්කා මේ දවස් වල ලංකාවෙනෙ ඉන්නෙ. උන්නැහේගෙන්ම ඇහුවනම් ඒ රටෙ මිනිස්සුන්ගෙ කල්ක්‍රියාව ගැන

තිස්ස දොඩන්ගොඩ said...

ඇත්තටම චානක මල්ලී මම මුලින් හිතුවේ උඹේ අන්ඩරයක් කියලා ඒ නමත් එක්ක...! පස්සේ බැලුවම අඩේ ඇත්ත රටක් නේ බන්...
නෙළුම් මල නේ බන් කොඩියත්... වටින තොරතුරක්...
[මේකට මම නිවාඩු යනකල් ඉන්න බැරි වුනානේ...]

Chanaka Aruna Munasinghe said...

@ තිස්ස දොඩන්ගොඩ

මොන්ගෝලියාව කියලත් ඇත්ත රටක් තියෙනවා අපිට ප්‍රවෘත්ති වලින් එහෙම වැඩිය අහන්න හම්බ වෙන්නෙ නැති. ඇයි නිවාඩු යනකල් ?

Ravi said...

මේ කල්මිකියාව කියන්නෙ චානක ස්වාධීන රටක් නෙවෙයි නේද? කල්මීකියාව කියන්නෙ රුසියාවට අයිති ජනරජයක් (Republic)

Chanaka Aruna Munasinghe said...

@ Ravi

ඒ සෝවියට් සමූහාණ්ඩුව කාලෙ.

ලංකාවත් Republic එකක්.
Democratic Socialist Republic of Sri Lanka

චීනයත් Republic එකක්.
Peoples Republic of China

ඉරානෙත් Republic එකක්
Islamic Republic of Iran

දන්නවද Banana Republic ගැන ??

Ravi said...

නැහැ, අදටත් කල්මිකියාව කියන්නෙ ස්වාධීන රාජ්‍යයක් නෙවෙයි. මෙහෙමයි විකිපීඩියාවෙ සඳහන් වෙන්නෙ.

/ The Republic of Kalmykia (Russian: Респу́блика Калмы́кия, Respublika Kalmykiya; Kalmyk: Хальмг Таңһч, Hal'mg Tanghch) is a federal subject of Russia /

Chanaka Aruna Munasinghe said...

@ Ravi

පූර්ණ ස්වාධීන නෑ. හොංකොං වල වගේ ක්‍රමයක් තියෙන්නෙ. හොංකොං කියන්නෙ නිල වශයෙන් ස්වාධීන නැති ඒත් ප්‍රායෝගිකව ස්වාධීන රටක්.

jhothishalanka said...

මම හිතන් හිටියෙත් යුරෝපයේ බෞද්ධ රට රාජ්‍ය නැහැයි කියලා.අනේ හොදයි.

Chanaka Aruna Munasinghe said...

මේ පාර ලෝක චෙස් සංගමයේ සභාපති තනතුරට රුසියාවෙන් ඇනටෝලි කාර්පෝව් ඉදිරිපත්වෙද්දි ඔහුත් එක්ක තරඟ කරන්න කර්සාන් කල්මිකියාවෙන් ඉදිරිපත් වුණා. ඉදිරිපත් වෙලා රුසියාව පැරැද්දුවා. රුසියාවේ සම්පූර්ණ පාලනය යටතේනම් තියෙන්නෙ එහෙම දෙයක් වෙන්න බැහැනෙ. කල්මිකියාවෙ ජනගහනය ලක්ෂ 2ක් විතර. තනියම රටක් විදිහට පවත්වාගන්න බැරි හින්දා ආරක්ෂක කටයුතු වලදි වගේ දේවල් වලදි රුසියාවෙන් උදවු ගන්නවා. වතිකානුව ස්වාධීන රාජ්‍යයක් වුණාට ඉතාලියේ උදවු නැතුව වතිකානුවට පවතින්න බැහැනෙ. කල්මිකියාවේ දැනට පවතින්නෙ ඒවගේ වගේ තත්වයක්.

Chanaka Aruna Munasinghe said...

@ JHOTHISHALANKA

ආතර් සී ක්ලාක්ගේ අනාවැකියක් මතකද. 2050 වෙද්දී ඉතුරු වෙන එකම ආගම බුද්ධාගම

Chanaka Aruna Munasinghe said...

Yes Kalmykia is officially a Federal Subject . The federal subjects are of equal federal rights in the sense that they have equal representation—two delegates each—in the Federation Council (upper house of the Federal Assembly). They do, however, differ in the degree of autonomy they enjoy.

Buratino said...

මේ වගේ වැඩිය (වැඩිය නෙමේ කොහොමවත්) ප්‍රසිද්ධ නැති රටවල් ගොඩක් ලෝකෙ පුරාම විසිරිලා තියෙනවා.. මකරා කිවුවා වගේ අපට හැමදාම අහන්න ලැබෙන්නෙ USA, ඇෆ්ගනිස්තානය, ලිබියාව, චීනය, ඉන්දියාව.. බලන්ට මේ රටවල් ගැන අහලවත් තියෙනවද කියලා.. Nagorno-Karabakh, Pitcairn Islands, Tokelau, Guernsey

Anonymous said...

කල්මීකියාව ගෑන නොදනසිටීම පුදුමයක් නෙවෙයි.
ලෝකෙ කීයෙන්කිදෙනාද ල0කාව ගෑන දන්න්
1996ට කලින් දන්නෙම නෑ වගේනෙ තිබුනෙ!!!!!!!!!!!

Podi Kumarihami said...

පොඞි උණාට මකරත් දන්න ජාති

පන්සල් හංදිය said...

බොහොම ස්තුතියි ලිපියට අදමයි ඔය රට ගැන ඇහුවෙ .....

Anonymous said...

http://sinhalabuddhist.com/2011/03/ra/

ඔය ගැන මේකෙත් කියලා තිබ්බ ඒ මාර්තු මාසයේ. (ඔයාලට අනුව ඒ අඩවිය ආගම්වාදී ජාතිවාදී අඩවියක් නෙ. ඒක හින්ද ඒක බලන්නෙ නෑනෙ)

බහුබූත අඩවි වල කමෙට්දාන පොඩි කුමාරිහාමිල වගේ චිංචිමානවිකාවෝ මේගැන පස්ස ගහන්නේ (පොඩි කුමාරිහාමි කියල ඉන්න ගෑණි නම් ක්‍රිස්තියානි නිසා කමක් නෑ කියමු.)

"මම සිංහල බෞද්ධ" කියල කියන්න ලැජ්ජ පරම්පරාවෙ කට්ටියද ඔයාලා?

Chanaka Aruna Munasinghe said...

@ Buratheno

අඩෙ අප්පා එහෙමත් රටවල් තියෙනවද. ලොකෙ තියෙන රටවල් ඩෙස්ස්ස්යක විතර ලිස්ට් එක අදම හොයාගෙන කියවල බලන්න ඕනෙ. එයින් කීයෙන් කීයක් ගැනද අහල තියෙන්නෙ කියල බලන්න
=================
@ Anonymous

ලංකාව දැන් වුණත් ලෝක ප්‍රසිද්ධයි කියල හිතන්න අමාරුයි. මට සිංගප්පූරුවේදිම සෑහෙන කට්ටිය හම්බ වෙලා තියෙනවා ලංකාව කියල රටක් ගැන අහල නැති. ඒ අයට ලංකාව ගැන කියද්දි කියන්නෙ ඉන්දියාව් කිට්ටුව තියෙන පොඩි දූපතක් කියල. එහ්ම කිවුවම ලංකාව කියන්නෙ ඉන්දියාවෙ ප්‍රාන්තයක්ද කියල අහන අයත් ඉන්නවා.
================
@ Podi Kumarihami

ඔයානෙ පොඩ්ඩි. මම ලොකු මකරෙක් දැන්. මට දැන් 27යි වයස

Chanaka Aruna Munasinghe said...

@ කල්හාර දිසානායක

ස්තූතියි ප්‍රතිචාරයට
================
@ Anonymous(රංග ජයවර්ධන)

කල්මිකියාව ගැන ගොඩක් අය අහල නෑ වගේ ඔයාගෙ වෙබ් අඩවිය ගැනත් ගොඩක් අය අහල නැතුව ඇති. මගේ බ්ලොග් අඩවිය පටන් ගත්ත කාලෙ කවුරුත් මගේ බ්ලොග් අඩවිය ගැන දැනගෙන හිටියෙ නෑ. කාලයත් එක්ක මම විවිධ බ්ලොග් අඩවි වල දාපු කොමෙන්ට් හරහා මාව අඳුනා ගත්ත කට්ටියක් තමයි දැන් නිතරම වගෙ මගේ බ්ලොග් එක බලන්න එන්නෙ.

ඔයා මේ වගේ අපහාසාත්මක කොමෙන්ට් හැම තැනම දදා ගියොත් පොඩි කුමාරිහාමිලට ඔයාගෙ වෙබ් අඩවිය බලන්න එන්න හිතෙන එකක් නැති වේවි. ඔයාගේ වෙබ් අඩවිය පොඩි කුමාරිහාමිලාට සහ මම වගේ මකරුන්ට එන්න ප්‍රියජනක ස්ථානයක් කරන හෝ නොකරන එක ඔයාගෙ අතේ.

Chanaka Aruna Munasinghe said...

@ Anonymous(රංග ජයවර්ධන)

ඔයා දීල තියෙන ලිංක් එකේ තියෙන්නෙ රා-බුද්ධ නම් සංවිධානයක් ගැන ලිඅපු ලිපියක්. කල්මිකියාව ගැන හෝ කර්සාන් ගැන ලියපු ලිපියක් තියෙනවනම් ලිංක් එක දෙන්න

Podi Kumarihami said...

"There's no point in arguing with unreasonable people. just turn the other cheek."

This expression comes from the New Testament, in which Jesus tells his followers to love their enemies and offer their other cheek to those who have struck one cheek (Luke 6:29).

බුදු හාමුදුරුවෝ කොහොමද කියලා දීලා තියෙන්නේ? ඔය හොඳ සිංහල බෞද්ධයෙක් කියලා දුන්නානම් බලන්ට.

ජයශ්‍රී said...

අවුරුද්දකට විතර කලින් මට අහම්බෙන් කියවන්න ලැබුණා ලෝකයේ අප්‍රකට බෞද්ධ රාජ්‍ය පිලිබද ලියැවුණු පොතක්.මට මතක හැටියට මේ රට ගැනත් ඒ පොතේ තිබුණා.තව අප්‍රකට රටවල් 7ක විතර විස්තර කිබුණා.මතක හැටියට පොත ලියල තිබුණේ මාවරලියේ භද්දිය ස්වාමීන්වහණ්සේ.

priyantha said...

@ රංග ජයවර්ධන
නියම බෞද්ධයා අටලෝ සහමින් නොසැලේ. පොඩ්ඩි බෞද්ධද නැද්ද යන්න දන්නෝ දනිති. එහෙත් නම් නැතිව කතා කරන තමුන් මොකෙක්ද කියා කවුද දන්නේ...

neetha said...

@ Anonymous(රංග ජයවර්ධන)

හොඳ බෞද්ධයෙක් නම් කවදාවත් වෙන ආගම් වලට ගරහන්නේ නැහැ මොකද බුදුන්වහන්සේ සතුරන්ටත් මෛත්‍රී කරන කෙනෙක් නිසා.අනිත් එක පොඩි කුමාරිහාමි ක්‍රස්තියානි නම් නෙවෙයි හොඳ බෞද්ධ කෙනෙක්. ක්‍රිස්තියානි කෙනෙකුට උනත් කාටවත් එහෙම අපහාස කරන්න අයිතියක් නැහැ.තමුන්ගේ බ්ලොග් එක ප්‍රසිද්ධ කර ගන්න ඔහොම නම් බැහැ.

සංකල්ප said...

කල්මිකියා කියලා රටක් තියෙන වැයි? මමත් අදමයි ඇහුවේ.

neetha said...

මකර මල්ලි පැටියෝ ඔයා කිව්වට පස්සෙ තමා ඔය කල්මිකියා සමූහාණ්ඩුව ගැන ඇහැව්වේ ( මට ඒක කියවෙන්නෙම කල්කිමියා කියලමනේ )බොහොම ස්තූතියි අලුත් රටක් ගැන කියලා දුන්නට .

Chanaka Aruna Munasinghe said...

@ ජයශ්‍රී

පොතේ නම මොකක්ද?
==========
@ මධුරංග

දැන් ඇහුවනෙ. අහල නැති අයටත් කියල දෙන්න එහෙම රටක් තියෙනවයි කියල
==========
@ neetha

වාල්මිකීගෙ රාමායණය කියවපු අයට කියවෙන්නෙ එහෙමලු

Anonymous said...

එළස්.... ඔහොම රටක් අදයි හලේ ඇහුවෙ..
අහ් මේ පරණ පෝස්ටුවක් නෙ.. මං අදයි කියෙව්වෙ..
හි හී...

Chanaka Aruna Munasinghe said...

@ හිම කුමාරි

අහ් මේ පරණ කොමෙන්ටුවක්නෙ. මම අදයි දැක්කෙ. ස්තූතියි

Chanaka Aruna Munasinghe said...

An E Mail I received

හිතවත් මිතුර,

ඔබගේ බ්ලොගයේ මෙම ලිපියේ
http://status-chanaka.blogspot.com/2011/05/blog-post_6043.html කිසියම්
කෙනෙක් අප වෙබ් අඩවියේ යොමුවක්ද එක් කරමින් දමා ඇති ඇනෝනිමස්
කොමෙන්‍ටුවක් අනුව එම කොමෙන්‍ටුව දමා ඇත්තේ මම යැයි නිගමනය කරමින් බොහෝ
උදවිය ප්‍රතිචාර දක්වා ඇති බව මාගේ මිතුරෙකුගේ මාර්ගයෙක් දැනගන්නට
ලැබුණි.

නමුත් එම ඇනෝනිමස් කොමෙන්‍ටුව දමා ඇත්තේ මා නොවෙයි.

ප්‍රතිපත්තියක් ලෙස වසර ගණනාවක සිටම ෆේස්බුක් සහ අපගේ වෙබ් අඩවිය හැර
වෙනත් බ්ලොග් හෝ වෙබ් අඩවි වල මම කොමෙන්ට් නොකරමි. මන්ද යත් මීට වසර
ගණනාවකට පෙර මාගේ නමින්ම සමහරුන් ව්‍යාජ බ්ලොගර් ප්‍රොෆයිල් සාදා
කොමෙන්ට් කරමින් අපහසුතාවයට ලක් කිරීමේ අමිහිරි අත්දැකීම් ඇති බැවිනි.
(ඔවුන් බුද්ධිමය තලයේ මතවාදී ගැ‍ටුම් පුද්ගලිකව හිතට ගත් උදවිය විය
හැකිය.) ශ්‍රී ලාංකීය බ්ලොග් අවකාශය ගැන හොඳින් දන්නා ඔබත් එවැනි
සිද්ධීන් ගැන දන්නවා ඇත.

ඔබගේ ලිපියේ මමම නිවැරදි කිරීම නොතැබුවේ, මා නමින් සාදා ඇති ව්‍යාජ
ප්‍රොෆයිල් කරුවාත් එහි කොමෙන්ට් කිරීමට ඉඩ ඇති බැවිනි.

එනිසා ඔබගේ පෝස්ට් එකේ කොමෙන්‍ටු වල අදාල නිවැරදි කිරීමක් දැමීමට කාරුණික
වෙන ලෙස ඉල්ලා සිටිමි.

තෙරුවන් සරණයි.

මීට හිතවත්,
රංග ජයවර්ධන

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D