Tuesday, May 5, 2009

නයා x 2


ඔලු දෙකක් තිබ්බාට මෙතන ඉන්නේ දෙපත් නයෙක් නොවේ. වෙන වෙනම නයෝ දෙන්නෙක්
මෙතන සිටිති. මේ නයෝ දෙන්නාව මම දැක්කේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පශ්චාත් උපාධි ආයතනය ඉදිරිපිට පාරේදීය. [ ඒ පැත්තේ ඇවිදින අය පරිස්සම් විය යුතුය. ඒ මන්ද යත් නයෝ හපනවෝය ] .

වැඩිපුර දකින්න ලැබෙන දර්ශනයක් නොවන නිසා බයෙන් බයෙන් ලඟට ගොස් වීඩියෝ කර ගත්තෙමි.




නයෝ


[ 05 - MAY - 2009 ]

21 comments:

malee_msg said...

අපෝයි මකරා සජතුමා සත්තුන්ට නිදහසේ ආදරේ කරන්න වත් දෙන්නේ නැහැ නේ....

මේ නයාලද ගැරඩි ද? ගැරඩිත් ඔය වගේමනේ...

Anonymous said...

‍සතෙකුට වත් ආතල් එකක් ගන්න දියන් යකෝ

ශාකුන්තල | Shaakunthala said...

පේරා ලවර්ස් ලේන් එකේ ඕව නිදහසේ කරගන්න නියමිත තැනක් තියෙනව නේද? මකර රජා නාගයින්ට පෙන්නුවෙ නැද්ද එහෙට යන පාර?

Anonymous said...

ඔය හරියෙ විනීතව හැසිරෙන්න කියල ගහල නැද්ද?

මම කිව්වෙ මිනිස්සුන්ට ;)

Chanaka Aruna Munasinghe said...

@malee_msg

මෙයාල නයාල කියලා කෘෂිකර්ම මහත්තුරු කිවුවා.
අනේ ඉතින් එයාලට මම කරදර කලේ නැහැනෙ. එයාල එයාලගෙ පාඩුවෙ ආදරේ කර කර හිටියා. මම තනියම බලා හිටියා.
---------------------------------
@Anonymous

හා
---------------------------------
@ශාකුන්තල

නයාලව එහේ එක්කන් යන එක කෙසේ වෙතත් මමවත් තවම ඔය ලේන් එකට ගිහිල්ලා නැහැ
---------------------------------
@ech

තිබ්බා. ඒක හින්දා අපි විනීතව බලන් හිටියා විතරයි. වෙන මොකුත් කලේ නැහැ
---------------------------------

ශාකුන්තල | Shaakunthala said...

ඇයි මකර රජතුමා අල පාක්ෂිකයෙක්ද? :D

Chanaka Aruna Munasinghe said...

@ශාකුන්තල

අල පාක්ෂිකයෙක් තමයි. ඒ වුනාට ඒක නෙවෙයි ප්‍රශ්නෙ. තනියම යන්න බැහැනෙ. මම ඉතින් තනිකඩ මකරනෙ.
-----------------------------

Anonymous said...

ආ නයි ඩබලක් නේද? එළ එළ. මම එක පාරක් නයිද ගැරඬිද මන්දා ත්‍රිබලකුත් දැකල තියෙනවා. වීඩියෝ කරන්න ෆෝන් එකක් තිබ්බෙ නැහැ

ශාකුන්තල | Shaakunthala said...

@Anonymous,
බිපෙසි :D

Narada said...

මේක බලු අසාධාරණයිනේ! අපි (මනුෂ්‍ය වර්ගයා) කලොත් කොල වර්ගයා (පොලිස්/මුර කාරයෝ) එලව එලව දෙනවා, ඒත් නාග වර්ගයාට...දාන්න ඕන පෙලපාලියක්!

මනුෂ්‍ය අපිට කෙලින්න අවසර දියව්

නාග වර්ගයාට මෙන් අපට සලකව්!

ශාකුන්තල | Shaakunthala said...

තව එකක්... මනුෂ්‍ය සීන් එකක් වීඩියෝ කරල බ්ලොග් එකේ දැම්මොත් ලෙඩ ගොඩයි. :D
නමුත් නාග සීන් එක වාරණය කරන්න බැරි නිසා අවුලක් නෑ... අද හිට්ස් වැඩියි... කමෙන්ට්ස් වැඩියි... මකරට සතුටුයි...

කෝමද මකර මොළේ..?

Supun Sudaraka said...

හත්වලාමයි! දැනුයි මේක දැක්කේ :D
--
ඔන්න අපි නම් බැලුවේ නෑ!!! අපි පොඩි අය :P

SRIshanu said...

යකෝ මේක නයි (ඉ)ලව් පටලැවිල්ලක් නේ.

"නයාලා" "නයෝ දෙන්නා" -- හික් මොනව උනත් මරු සිංහල ඈ... ;)

Anonymous said...

නයි ඇරිල්ලක්නෙ මේක.

Chanaka Aruna Munasinghe said...

@Anonymous

ඔව් ඔව් මේක නයි ඇරිල්ලක් තමා. මෙතන නයෝ ඩබලක් ඉන්නවා. නයෝ ත්‍රිබලක් ඉන්නවනම් දැකල නැහැ මම. එහෙම ඉන්නව්නම් එතන අනියම් නයෙකුත් ඉන්න ඕනෙ නේද ?
--------------------------------
-බිNku-

හා හා මේවා නාග අයිතිවාසිකම්.
මානව අයිතිවාසිකම් කියලා වෙනම ජාතියක් තියෙනවා.
ඒවා ලබා දෙන්න තමයි සුදු වෑන් තියෙන්නෙ.
--------------------------------
@ශාකුන්තල

ඒකනෙ කොහොමද මකරගෙ ටිකිරි මොළේ.
නුවණක්කාර මකරු කන්නෙම ටිකිරි මාරි
--------------------------------
@Supun Sudaraka

මෙන්න මෙයත් නයි අරිනවා ඒ පාර
--------------------------------
@SRIshanu

අපේ සිංහල පන්තියෙන් තමයි ඉගෙන ගත්තෙ :-)
--------------------------------

Deeps said...

අප්පේ..භයානකයි වැඩේ..මේ අර අයිස් ක්‍රීම් කන්න යන පාරද?

Chanaka Aruna Munasinghe said...

@deeps

ඔව් ඔව් , සෝයා අයිස්ක්‍රීම් කන්න යන පාර තමයි මේක.
අයිස්ක්‍රීම් කන්න තනියම යන්න එපා හොඳේ.
-----------------------------------

බුද්ධික said...

මම නම් මේවට නෑ....ඔය කියන්නෙ අර පිට්ටනිය ගාවින් යන මහ පාර නේද ?

Chanaka Aruna Munasinghe said...

@ බුද්ධික

ඔව් ඔව් මේ ඒ පාර තමයි. මොනවටද ඉතින් නැහැයි කිවුවෙ ? ("මම නම් මේවට නෑ")

------------------------------

උෂාන් කෝදාගොඩ විතාරණ said...

හෑැැැැැ අසභ්‍යය දර්ශනයක්
මම වැරදිලා බැලුවනේ ඇස් දෙකයි මුනයි හෝද ගන්න ඔන

Chanaka Aruna Munasinghe said...

@ ushan

කොහොමද අසභ්‍ය දර්ශනයක් කියලා අඳුරා ගත්තේ. අපිටත් කියන්නකො ආයෙ වෙලාවක එහෙම එකක් දැක්කොත් අඳුරා ගන්න

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D