Thursday, May 26, 2011

මේ මොන මළ විකාරයක්ද ?

.

සරසවි වලට සුදුසුකම් ලැබූ සිසුන්ට දෙන නායකත්ව පුහුණුව ගැන ලිපියක් ලියලා කට ගන්න හම්බ වුණේ නෑ. මෙන්න ඉස්කෝල වල විදුහල්පති වරුන්ටත් රන්ටැඹේදි මාස 3ක නායකත්ව පුහුණුවක් ලබා දෙන්න යනවලු. මේ කතාව මුලින්ම ඇහිච්ච වෙලේ මට හිතුනේ මේක ආණ්ඩුවට විරුද්ධව මඩක් කියල . හැබැයි කතාව ඇත්ත වගේ. එකිනෙකට විරුද්ධ දේශපාලන මතිමතාන්තර දරන වෙබ් අඩවි තුනක්ම මේ ගැන එක හා සමාන විදිහටයි වාර්තා කරල තියෙන්නෙ

මේ බලන්නකො . ලිපි වලට දාල තියෙන මාතෘකා වෙනස් වුණත් මේ ලිපි තුනේම අන්තර්ගතය එක හා සමානයි
  1. Lanka Enews ලිපිය
  2. Lanka CNews ලිපිය
  3. Lanka Truth ලිපිය
ඒවයෙ තියෙන හැටියට විදුහල්පතිවරයෙක්ට තාප්ප උඩින් පණින්න, ළමයි එක්ක රේස් දුවන්න වගේ දේවල් කරන්න පුළුවන් වෙන්න ඕනෙලු. එහෙම කරන්න බැරි දුර්වල විදුහල්පතිවරුන්ට ලු මේ පුහුණුව දෙන්නෙ. මෙහෙම කියන්නෙත් සාමාන්‍ය කෙනෙක් එහෙම නෙවෙයි. මේ කතාව කියල තියෙන්නෙ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්.

ඉස්කෝල වල විදුහල්පතිවරු කියන්නෙ ගොඩක් වෙලාවට වයස 40-50 කට්ටිය. ඒ අයට මේවා කරන්න පුළුවන්ද . විදුහල්පතිවරියන්ටත් තාප්ප උඩින් පනින්න උගන්නනවද ?

ඔයිට වඩා හොඳ නැද්ද දැන් ඉන්න විදුහල්පති වරුන්ට කරදර නොකර ඒ අයට විශ්‍රාම වැටුපක් දීල ආමි එකේ බ්‍රිගේඩියර්වරුන්ව,කර්නල් වරුන්ව එහෙම ඉස්කෝල වල විදුහල්පති වරු විදිහට පත් කොළානම්.

ප.ලි 
===
විදුහල්පති වරුන්ට මොකක් හරි පුහුණුවක් දෙන්නම ඕනෙනම් දෙන්නකො අධ්‍යාපන සහ ළමා මනෝ විද්‍යාව ගැන හොඳ පුහුණුවක්


[ 26 - May - 2011 ]

41 comments:

priyantha said...

අපෝයි හරිම භයානක තත්වයක්. මීට පස්සේ නම් ළමයින්ට වැරදි කරල විදුහල්පති තුමාගෙන් බේරිලා දුවනවා බොරු. ලංකාව වටේ පන්නලා හරි අල්ලා ගනියි...:D

Chanaka Aruna Munasinghe said...

@ priyantha

මේකෙන් වෙන්නෙ ගුරුවරු ළමයි ඉදිරියේ ජෝකර්ලා වෙලා ලැජ්ජාවට පත් වීමක්

Narada said...

අපොයි, කට්ටි පැනලා වලට බැස්ස කාලේ, බාලිකාවල තාප්පවලින් පැන්න කාලේ ඉවරයි වගේ බං.

Chanaka Aruna Munasinghe said...

@ ~බිன்ku~

ගෝපාල් බැහැපු කාලෙත් ඉවරයි ( මහනුවර ධර්මරාජ විද්‍යාලයට ආවේණික වචනයක්)

Bunny said...

මරු මරු. හොද සෙල්ලම් ටිකක් බලාගත්තැහැකි... බිංකුවා කිවා වගේ ඔකෙන් කොල්ලන්ට තමා කෙස් එක :D

Anonymous said...

මචං ලංකාවට මොකක් හරි වේගෙන යනවා වගේ බං...

Anonymous said...

වරුන් මොකද?? වරියන් මොකද?? දෙගොල්ලොන්ටම පුහුනුව දෙයි
ඇයි මාතර දිස්ත්‍රික්කයේ


""විදුහල්පති වරුන්ට මොකක් හරි පුහුණුවවක් දෙන්නම ඕනෙනම් දෙන්නකො අධ්‍යාපන සහ ළමා මනෝ විද්‍යාව ගැන හොඳ පුහුණුවක්"
සහතික ඇත්ත ..කරන්න ඕනේ තරම් වැඩ තියද්දින් ඒ පාර අල්ලගෙන ඉන්න කොන අපූරුයි... මෙච්චර කල් කියලත් ඉතිං වැඩකට ඇති වැඩක් කරැයි ...

Anonymous said...

මාතර දිස්ත්‍රික්කයේ විනිශ්චය කාර වරුන්ගේ විනය, නායකත්වය හොඳ මදි කියලා එයාලාට හමුදා පුහුණුවක් දෙන්නත් පටන් අරගෙනලු...
මෙතනින් බලන්න පුලුවන්
http://gadflyzone.wordpress.com/2011/05/23/1264/

සංකල්ප said...

අපෝ ලංකාවේ අධ්‍යාපනයට නම් දෙයියන්ගේම පිහිටයි. ඕක මකරා අයියේ අපට නෙමෙයි අනාගතේ රට භාරගන්න එන අයට තමයි ප්‍රශ්නේ.
ඉස්සෙල්ලාම විදුහල්පති වරුන්ට ඊලගට ගුරුවරුන්ට අන්තීමට සිසුවන්ට. මෙහෙම බලාගෙන ගියාම ලංකාවේ ආමි එක විතරක්ම ඉතුරු වෙයි නේ මකරයියේ.

Podi Kumarihami said...

ඉතින් ඒත් එක්කම ගුරුවරුන්ටත් ඒ පුහුනුව දුන්නා නම් හරිනේ. මුල් ගුරුතුමා හා ගුරු මන්ඩලය දුවනවා. ලමයි ඉඳගන හිනා වෙවී, බලා ඉන්නවා.

මටත් හිතෙනවා ලංකාවේ ඉස්කෝලෙක ඉගෙනගන්ට යන්ට.

``` Outsider``` said...

ඔක්කොටම කළින් මේ රජයේ ඉහළ නිළධාරීන් ටිකයි,මැති ඇමැතිවරු ටිකයි අවුරුදු දෙක තුනකටවත් අංගොඩ මානසික රෝහලට යවල පිස්සු හොඳ කරන්න ඕනි. නැත්නම් මිනිස්සු දැන ගන්න ඕනි දැන්වත් මුංට ගහල එළවන්න.

කිඩෝ said...

මේ විදිහට ගියොත් ඊලග පුහුනුව ඇමති වරුන්ට සහ උන්‍ගේ ගෝලබාලයන්ට....

මකරට එතකොට තවත් පෝස්ට් එකක් දාන්න පුලුවන් මේ විදිහට

සරසවි සිසුන්ට හා විදුහල්පතිවරුන්ට දුන් නායකත්ව පුහුනුවට පස්සෙ දැන් ඇමති වරුන්ට සහ උන්‍ගේ ගෝලබාලයන්ටත් තවත් පුහුනුවක් දෙන්න පටන් ගන්න යනවලු. මේකෙ හැටියට ඒ අයට මැර වැඩ කරන්න පොලීසිය එක්ක රේස් දුවන්න පුලුවන් වෙන්න ඕනෙලු මේකෙදි කරන්නෙ මැර වැඩ කරන්න බැරි පොලීසියත් එක්ක රේස් දුවන්න බැරි ඇමතිවරු හා ගෝලබාලයො තෝරල ඒ අයටලු මේ විශේෂ පුහුනුවක් ලබාදෙන්නෙ... මේක සිද්දවෙන්නෙ ජනාදිපති තුමාගෙ විශේෂ අදීක්ෂනය යටතෙලු.

Anonymous said...

මට හිතෙනවා මේ තීර්ණ ගන්න උන්ගෙ මානසික තත්වය හොඳ පරීක්ෂාවකට ලක්කලොත් හොඳයි කියලා

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

@කිඩෝ මම තමා ඇමති වරුන්ට ඔය පුහුණුව දෙන්න මුලිනම යෝජනා කලෙ :D
------------------------

@Chanaka Aruna Munasinghe

තව මඟ එනව බලාන හිටපල්ල

01) ලිපිකරුවන්ට - ඉක්මනට වැඩට එන්න | දුවල පැනල වැඩ කරන්න
02) බස් කොන්දෝසතරලට - මිනිස්සු පාග පාග එහෙමෙහෙ යන්නෙ නැතුව ජනෙල් කවුලු අල්ලන් එලියෙන් ගිහින් ගිහින් ටිකට් කඩන්න
03) බාසුන්නැහෙලට - අඩුම පලංචි භවිතයකින් ගෙවල් හදන්න
04) තට්ටු ගොඩ නැගිලිවල සේවකයින්ට - ලිෆ්ට් පාවිච්චි නොකර පඩිපෙල් දිගේ නගින්න නැත්නම් කඹ දාල එලියෙ පැත්තෙන් නගින්න
etc

Anonymous said...

ඔකනෙ මකරෝ අපි කිව්වෙ හෑරෙන්නෙ පොල් පෑලේට කියලා.

වෙදගෙදර මහවෙදනා said...

මේක නම් මල විකාරයකටත් වඩා විකාරයක්.

කිඩෝ said...

අඩෝ බුවා ඒ ට්‍රේනිං ටිකනං පට්ට... දැන් ප්‍රින්සිපල්ලට අපේ පස්සෙන් එලවන්න පුරුදු කරන එකේ අපටත් ප්‍රන්සිපල්ට අහුනොවී දුවන්න ට්‍රේනිං එකක් දෙයිය දන්නෑ...

Anonymous said...

දෑන් ඔය ප්‍රින්සිපල්ලත් අන්තරේට සම්බන්දයිලු.
ඉස්කොලවල අහි0සක කොල්ලන්ට ගුටි නෙලන්නෙ අන්තරේ නිසා උරුම උන නරුම කමටලු.
ඉතින් මේ දරුනු කොමිනිස්ට්වාදී අන්තරේ විදුහල්පතිවරුන්ගෙන් අහින්සක සිසු දරුවො පීඩාවට පත්කරන ඵක වලක්වන්න ලු ඔය පුහුනුව දෙන්නේ.

ඊට අමතරව සිතිජයට ඵහා පෙනෙන විදුහල්පති සෙට් ඵකක් බිහිකොරන්නත් පුලුවන් කියල SBමාමා කිව්වා

මකුළුවා..... said...

ගෝපාල් මාවත දැන් වල් ඌරෝ ආක්‍රමණය කරලා තියෙන්නේ...ඒ හින්දා අපේ අයට නම් අමුතුවෙන් හමුදා පුහුණුවක් අවශ්‍ය නෑ....

පන්සල් හංදිය said...

මම හිතන විදියට ඔය මොන පුහුණුවක්වත් දෙන්න ඕන කාලෙට නෙමේ දෙන්න හදන්නෙ ලංකාව ......

දැන් දකුණු කොරියාවෙ අනිවාර්යෙන්ම අවුරුදු දෙකක් ආමි එකේ ඉන්න ඕන හැම පිරිමියෙක්ම .....

ඒක ඉස්කෝලෙ ඉවර වුන හැටියෙ කරන්න ඕන, එහෙම නොගිහිං හිටියොත් ඒ පුද්ගලයව ගනන් ගන්නෙ නැහැ කවුරුවත් ......

අපේ ඒ වගේ පුහුණුවක් නැහැ .....

දෙන්න හදන එකත් දෙන්න හදන්නෙ මිනිස්සු පදම් වෙලා අතපය වාරු නැති වෙන කාලෙට ......

ඔය දේ දකුණු කොරියාවෙ වගේ සාර්ථක විදියකට කරන්න ගත්ත නම් ලංකාව මෙයිට වඩා ඉස්සරහට යන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා ........

Malith said...

හැමෝම පුහුනු ක‍රන්න ගිහින් අන්තිමට හමුදාව පුහුනු ක‍රන්නත් වේයිදදන්නැ

මිගාර said...

අපිට ආරංචි වුනේ නම් මේක ඉල්ලනෙන ගුරු සංගමයක් කියල. හැබැයි ගුරු සංගමේ කාට කඩේ යන එකක්ද කියල නම් දන්නෙ නෑ

Chanaka Aruna Munasinghe said...

@ Bunny

ඇයි කොල්ලන්ට විතරක්? කෙල්ලන්ට මොකෝ වෙන්නෙ
============
@ prasanna86k

2012 වත්ද ??
===========
@ nimanthi

ඔවු ඔය විනිශ්චයකාරවරුන්ට හමුදා පුහුණුව දීපු කතාව මම දැක්කා. ඊලඟටහ් නීතීඥයො වෙන්න ඇති

Chanaka Aruna Munasinghe said...

@ මධුරංග

ආමි එක විතරක්වත් ඉතුරු වෙයිද ?
===============
@ Podi Kumarihami

ලංකාවෙ ඉස්කෝල වල සම්බා උගන්නන්නෙ නෑ
===============
@ ``` Outsider```

මිනිස්සුන්ට ගහල එළවන්න ඕනෙ ඔක්කොටම කලින්

Chanaka Aruna Munasinghe said...

@ කිඩෝ

ඔය පුහුණුවනම් දැනටම වෙනවනෙ
===========
@ Anonymous

කරල බලමු
===========
@ buwa

නරකම නෑ. ආසියාවෙ නෙවෙයි ලෝකෙම ආශ්චර්යමත්ම රට වේවි

Chanaka Aruna Munasinghe said...

@ Anonymous

පොල් පැලේ කිවුවෙ විදුහල්පති වරුන්ටද
=============
@ වෙදගෙදර මහවෙදනා

මම මුලින් හිතුවෙ ආණ්ඩුවට ගහපු මඩක් කියල. බලනකොට කතාව ඇත්ත. පත්තර වලත් තියෙන්නෙ ඔය.
==============
@ කිඩෝ

හොරුන්ට පොලිස් පුහුණුවයි පොලීසියට හොර පුහුණුවයි ( සමහර විට මේකනම් ඕනෙත් නැති වෙයි ) කුත් දෙන්න ඕනෙ

Chanaka Aruna Munasinghe said...

@ Anonymous

අනේ මන්දා , ඔය මාස 3ක් විදුහල්පතිවරු කෑම්ප් ගියාම ඉස්කෝල බලා ගන්නෙ පොලීසියෙන්ද?
==============
@ ශාන්.....

අයියෝ ගෝපාල් මාවත අභාවයට ගිහිල්ලද දැන්
==============
@ කල්හාර දිසානායක

වයස 60 පැනපු විශ්‍රාමිකයො දුර්වලයි කියල එයාලටත් තාප්ප පනින, වැට පනින, කොටු පනින පුහුණුවක් දෙයිද දන්නෙ නෑ

Chanaka Aruna Munasinghe said...

@ කල්හාර දිසානායක

සිංගප්පූරුවෙත් ඔය වගේ තමයි. අවුරුදු 2ක පුහුණුවක් තියෙනවා. මම කලින් ලියපු මේ ලිපිය කියවන්නකො

http://status-chanaka.blogspot.com/2011/05/blog-post_9565.html

===============
@ Malith

ඇයි ගෙවල් වල ඉන්න බවුවො, මියව්වො. එයාලත් නායක බවුවො, නායක මියව්වො කරන්න ඕනෙ
==============
@ මිගාර

මිගාරටත් ආරංචි වෙන ජාති. ඔය කියන ගුරු සංගමය ආමි එකට කඩේ යන සංගමයක් වෙන්න ඇති

jhothishalanka said...

කිව්ව වගේ මේ අය පුහණු කරන්න ගිහිල්ල හමුදාවේ අයටත් පිස්සන් කොටු යන්න වෙයිද දන්නෙ නැහැ.

Hasitha Gunasinghe said...

දැන් වෙන දේවල් ගැන කතා කරද්දී අපේ කොල්ලෙක් කිව්වේ ".............. රට දුන්නා නම් ඉතින් කටයි පු** පියාගෙන ඉන්න ඕනේ" කියලා :))

Chanaka Aruna Munasinghe said...

@ JHOTHISHALANKA

මේ රටේ මිනිස්සූ, තනිකර කෙළින්නෙ පිස්සූ
===============
@ Hasitha

දුන්නෙ කවුද? ජිල්මාට්ටු කරල බලහත්කාරයෙන්නෙ ගත්තෙ

ඉන්දික උපශාන්ත said...

මම මේ වැඩේ කෙරෙන විදියෙ වැරැද්ද මිස වැඩේ වැරැද්දක් මම දකින්නෙ නෑ!

budhajeewa said...

නරකද පාසල්, විශ්ව විද්‍යාල සියල්ලම වසා දමලා, පෙරපාසලේ සිටම "අධ්‍යාපනය" ලබා දෙනවා හමුදාව තුළින්ම.

අන්න එතකොට තමයි බොහොම ලස්සනට, පිළිවෙලට, විනයගරුකව - වම දකුණ කියමින් යන, "දෙකයි දෙකයි පහයි, සර්!!!!" කියලා ඕන එකකට සැලියුට් කරන ආසියාවේ ආශ්චර්යාත්මක මිනිස්සු ඇති කරවාගන්න පුළුවං.

---

මේ වගේ රටක ඉදපෙන්නට සිදුවීම මගේ කාලකණ්නි කමකි!

දුකා said...

ඔව් ඔව් මනෝ විද්‍යාව ගැන උගන්වන්න ඕන ලමයින්ට දෙකයි දෙකයි පහයි කිව්වම පිලිගන්නේ නැති ළමයින්ගේ බ්‍රේන්වොශ් කරන්නේ කොහොමද කියලා ගූර්වරුන්ට උගන්වාන හැටි කියලා දෙන්න

ජයශ්‍රී said...

මිලිටරීකරණය කියන්නේ මේකට නෙවෙයිද?

(ජයශ්‍රී ත් ගෝපාල් මාවතේ බැහැල තියෙනවා):-)

Chanaka Aruna Munasinghe said...

@ ඉන්දික උපශාන්ත

ඔවු, වැඩේ වැරැද්දක් නෑ. කරන ක්‍රමේ තමයි වැරදි.
===========
@ budhajeewa

ඒ අදහසත් නරකම නෑ. මණ්ඩලේට දාල බලමු. අනුමත වෙයි
===========
@ දුකා

දැක්කෙ නැද්ද මේ ලඟකදි විදුහල්පතිවරයෙක්ගෙ වීර ක්‍රියාවක් නිසා තාත්ත කෙනෙක් සියදිවි හානි කර ගත්ත සිද්ධිය. ඒ වගේ දේවල් වෙන්නෙ ළමා මනෝවිද්‍යාව ගැන නොදැනුවත්කම නිසා
============
@ ජයශ්‍රී

එක දවසක් අපි ගෝපාල් මාවතෙ බැහැගෙන බැහැගෙන යනකොට බූවැලිකඩ පැත්තෙ ගෙවල් තියෙන අපේ සර් කෙනෙක් ගෝපාල් මාවතෙ නැගගෙන නැගගෙන ආවා. ඒ සර් රුත් අපේ ඉස්කෝලෙම ඕල්ඩ් බෝයි කෙනෙක්.

සර් ප්‍රින්සිබල්ට හොරෙන් ඉස්කෝලෙන් කට්ටි පැනල ගෙදර ගිහින් ආපහු එන ගමන් කියල අපිට කියල හිනා වෙලා ගියා. අපිත් හිනා වෙවී බැස්සා. හරියට අර සිරීපාදෙ නගින බහින නඩ එකිනෙකාට ආචාර කර ගන්නවා වගේ නේද

- නිල් අහස - said...

මටත් ප්‍රශ්නයක් තියෙනවා........
ඇත්තටම දැන් ලංකාවේ තියෙන්නේ හමුදා ආන්ඩුවක්ද..සංවේදි පාලක ආන්ඩුවක්ද කියලා ...හරියටම දන්න කෙනෙක් මට කියලා දෙනවද..????

Chanaka Aruna Munasinghe said...

@ - නිල් අහස -

ලංකාවෙ දැනට තියෙන්නෙ ඔය දෙකෙන් එකක්වත් නෙවෙයි. ලංකාව ඇවිල්ලා Democratic Terrorist Republic එකක්. මම ගොඩක් කාලෙකට කලින් ලියපු මේ ලිපිය බලන්නකො.

http://status-chanaka.blogspot.com/2008/09/comparison-of-politics-of-sri-lanka.html

දැන්නම් මේව පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙලා. බ්‍රිගේඩියර් කුමරන් පද්මනාදන්ව එහෙම අලුතින් එහෙම මේකට දා ගන්න ඕනෙ

මකුළු පැංචි (මංචි) said...

ඔය ප්‍රවෘතිය රූපවාහිනියෙ යද්දි කියවුනා මෙහෙම දෙයකුත්..විශ්ව විද්‍යාල වලින් පිටවෙන තරුණ උපාධිධාරීනුත් ඉදිරියේදි විදුහල්පති පදවියට බඳවාගන්නවය කියල.තාප්ප බිත්ති වලින් පනින්ට බරි විදුහල්පතිවරින් වෙනුවට වෙන්න ඇති ඒ අයව පත් කරන්නෙ මයෙහිතේ.....හික් හික්

layan said...

ලංකාවෙ අධ්‍යාපන තීන්දු තීරණ ගන්නා අයවලුන්ගෙ අනෙක් අවයව තරමට මොලය වර්ධනය නොවන බවට උදාහරණයක්.

අනික අතින් අැමති මන්ඩලෙ මෙක කරනවා අැත්තෙ පරම අදහසින් මොකද කියලා කියනවානම් වැඩ නොකර බංඩිය මහත් වීමෙ පුතිඵල දන්න නිසා වෙන්නත් පුලුවනි......

Chanaka Aruna Munasinghe said...

@ මකුළු පැංචි

හෆොයි, එහෙමත් වෙයි එහෙනම්
==========
@ layan

කැකිල්ලේ රජ්ජුරුවන්ට බඩ පුරා මොළය තිබ්බලුනෙ

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D