Wednesday, May 13, 2009

ගෙඹි කුමරා


ඔන්න ඉතින් එංගලන්තයේ ඔටුන්න හිමි චාල්ස් කුමාරයාට මායාකාර ගෙඹි කුමාරයෙක් හම්බ වෙලා. මේ කුමාරවරු දෙන්නම එකතු වෙලා වැසි වනාන්තර රැකගැනීමේ කටයුත්තකට රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් මැදිහත් වෙන්න තීරණය කරලා. මේ තියෙන්නෙ ඒ වෙනුවෙන් නිකුත් කරපු රාජකීය නිල වෙළඳ දැන්වීම. බලන්නකො කුමාරවරු දෙන්න ඉන්න අපූරුව
.

චාල්ස් කුමාරයයි ගෙඹි කුමාරයයි විතරක් නෙවෙයි , විලියම් කුමාරයයි හැරී කුමාරයයිත් මේ වීඩියෝ එකේ ඉන්නව. ඒ විතරක් නෙවෙයි ටිබෙට් රටේ ආධ්‍යාත්මික නායක දලයි ලාමා තුමාත් මේ වීඩියෝ එකේ ඉන්නවා. ඒ විතරක්ද තවත් ලෝක ප්‍රසිද්ධ පුද්ගලයො කීප දෙනෙක්ම මේකෙ ඉන්නවා. බලන්නකෝ.




මේ මායාකාර ගෙඹි කුමාරයා ගැනයි [ මායාකාර කියල කිවුවෙ මේ ගෙම්බා Computer Graphic ගෙම්බෙක් හින්දා. සමහර විට MAYA වලින් වෙන්න ඇති හදන්න ඇත්තෙ. හැබැයි මීට වඩා ලොකු ඇත්ත ගෙම්බොත් ඉන්නවා.පෝස්ට් එකේ යටම බලන්නකෝ ] චාල්ස් කුමාරයාගෙ වැසි වනාන්තර සංරක්ෂණ ව්‍යාපෘතිය ගැනයි වැඩි විස්තර දැනගන්න http://www.rainforestsos.org/ වලට යන්න.

හෝව් හෝව්: ඒ වෙබ් අඩවියට යන්න කලින් මේක කියල තියෙන එක හොඳයි. නැත්තන් කට්ටිය බය වෙන්නත් පුලුවන්නෙ. ඒ වෙබ් අඩවියේ උඩින්ම තියෙනවා Counter එකක්. ඒක Hit Counter එකක් නෙවෙයි. හා හා දැන් යන්න ...




මෙයානම් ඇත්තම ඇත්ත ගෙම්බෙක්.
මෙයා goliath frog කියන ලෝකෙ ලොකුම ගෙඹි විශේෂයේ කෙනෙක්.


[ 13 - MAY - 2009 ]



8 comments:

Narada said...

@ඔය විනාශ වන වනාන්තර සුරකීමට මගෙන් ඔන්න අදහසක්:

ඒ http://www.rainforestsos.org/ එකට ගිහිං refresh කරන්න. ආපහු මුලටම එන එක කොච්චර හොදද!

malee_msg said...

විස්තර සේරටම ස්තූතියි..! ‍

Chanaka Aruna Munasinghe said...

@ -බිNku-

අපරාදෙ ඔබතුමාටනෙ අපේ පරිසර ඇමති වෙන්න තිබ්බෙ.
මධ්‍යම පරිසර අධිකාරියෙ සභාපති කමනම් දැනට හිස්. ඒක ඉල්ල ගන්න.

---------------------------
@ malee_msg

හා හා, මලී නඟාටත් හිතුනද වැසි වනාන්තර සංරක්ෂණය කරන්න.
ඔයා ඔයාගෙ දත් සෙට් එක සංරක්ෂණය කරගෙන ඉන්නකො ඉස්සෙල්ලම.

---------------------------

Deeps said...

කොහොමද දන්නෙ නෑ ඔය ගනන් හදන්නෙ..අනේ දන්න උත්තමයෙක් ඉන්නව නම් මටත් කුප්පියක්!!

Chanaka Aruna Munasinghe said...

@ deeps

මෙවුවා ඇවිල්ලා රාජකීය ගණිතය. :)
------------------

Deeps said...

ආහ්..ඒක වෙන්න ඇති අපිට මීටර් වෙන්නේ නැත්තේ

Chanaka Aruna Munasinghe said...

@ deeps

අපේ රටේ මැතිවරණ අනාවැකි කියන ඡන්ද මැෂිමත් පාවිච්චි කරන්නෙ මේ ගණිතයම තමයි :)
------------------

Unknown said...

ගෙම්බෙක් වුනත් මොකද කුමාරයෙක් නම්..

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D