Monday, September 12, 2011

මා දුටු සිහිනයක්


ග්‍රහකයෙන් කැඩී ගිය කොටසක් වැදීමෙන් ක්‍රෙම්ලිනයට ගිනි ඇවිලුණි. ග්‍රහකයේ ඉතුරු කැබලි ක්ෂිතිජයෙන් ඔබ්බෙහි අතුරුදහන් විය. වරින් වර මහ පොළොව දෙදරුම් කනු දැණුනි. ග්‍රහකයේ ඉතුරු කැබලි තවත් බොහෝ තැන් වලට පහර දෙන්නට ඇත.

ක්‍රෙම්ලිනයෙන් ඇරඹි ගින්න හාත්පස පැතිර යන්නට විය. බොහෝ මිනිස්සු ගින්න නිවා දමන්නට උත්සාහ කළහ. පොළොව මතුපිටින් පමණක් නොව පොළොව අභ්‍යන්තරයේ උමං මාර්ග ඔස්සේද ගින්න පැතිරෙන්නට විය. ගිනි නිවීමේ උත්සාහය අතහැර දැමුණි.

මිනිස්සු මහවැලි ගඟින් ඔබ්බට පළා ගියහ. පිළිස්සුම් තුවාල ලද බොහෝ දෙනෙක් කටුගස්තොට පාලම අසළ තාවකාලික රෝහලකට ගෙන එනු ලැබීය.

මේ සියල්ල සිදු වනු මම ප්ලේන්ටියක් බොමින් මගේ පාඩුවේ බලා සිටියෙමි. ඒත් මේ සියල්ලම දකින්නට මම සිටියේ කොහේද ?

[ 12 - Sep - 2011 ]

28 comments:

Deeps said...

මකරා හිටපු තැන අපි දන්නවද

සංකල්ප said...

ඔන්න මම නම් දන්නේ නෑ මකරයියා හිටියේ කොහේද කියලා.

පූසා said...

මකරයියා හඳේ ඉඳන් නේද ඔය ඔක්කොම බලං උන්නේ? :D

මකුළු පැංචි (මංචි) said...

මකරයිය හිටියෙ ක්‍රෙම්ලිනයෙද..?? නැත්තං කෝමෙයි ගින්න එහෙන් ඇරඹුණාකියල දන්නෙ... :D

Dinesh said...

ඇත්තටම කොහේද හිටියේ??

දුමී said...

ක්‍රෙම්ලීනයේ ඉඳන් මහවැලි ගන්න පනින්න රුසියන් කාරයෝ කොහිම දිවිල්ලක් දුවන්න ඇතිද ?

Podi Kumarihami said...

මහවැලි ගඟ ගලා ගියේ ක්‍රේම්ලිනය ඉස්සහරින් නම් අනිවාර්යෙන්ම ගඟ ඉස්සරහ ඉඳගෙන තේ බොමින් ඉන්ට ඇති. හොඳටම දැක්කද බීවේ තේ කියලා....:D

Unknown said...

අනේ බං මකරො උඹ හිටියෙ ටීවි එක ඉස්සරහා :P

Tanikada said...

ඇඳේ නිදාගන (කොටුවක් පැනල මොලේ කචල් උන දවසක!) නෙවිනම් ඔෆිස් එකේ පුටුවේ නිදාගන ...

ලකී සිරි said...

ෂුවර් එකටම මකර ඉන්න ඇත්තෙ අපේ විපක්ෂ නායක තුමා එක්ක උන්නැහෙගේ ගෙදර..නැත්තං කොහෙද මේ තරම් දෙයක් වෙද්දිත් ප්ලේන්ටි ගහ ගහ ඉන්නෙ....

හරී - පිණිපළස said...

ඇයි මකර හඳට ගියානේ,, එහෙදි නේ ඕව දැක්කෙ???

Anonymous said...

වූස් කැන්ටිමේ :p
-කාංචන

ජීවිතේ මල් said...

හිකි හිකි.... කොහෙවත් ඉන්න නැතුව ඇති...
ප්ලෙන්ටි බිව්ව එක හොඳා...
නෑතිනම් ඔය නහින දෙහින වයසට කොරෙස්ටොරොල් :) හි හි

The Lion said...

මකරටත් පේන හීන ...........:P

සරත් ගුණතුංග said...

චානක මහත්මයා, මම ප්‍රශ්න කිහිපයක් අහන්නම්, පුද්ගලික දේවල් නෙවෙයි. ඔය හීනය දුටුවේ කවදාද? ඒ හීනයට පෙර හෝ ඒ දිනවල 9/11 ප්‍රහාරය පිලිබඳව යම්කිසි අවධානයක් තිබුණාද? සාමාන්‍යෙන් සමථ භාවනාව කරගෙන එනකොට සිත එකඟ වීමට පෙර නොයෙක් නොයෙක් දර්ශන දකින්නට ලැබෙනවා. මේ දර්ශන බොහෝ විට සැලකෙන්නේ විකාර ගණයටයි. වෙන්න පුලුවන්. සමහර සිහින වල ආරම්භයත් එහෙමයි. අභිධර්මයේ සඳහන් පරිදි මේ දර්ශන විභංගයේ තිබුණු සංස්කාරයන් බවත් ඇතිවී නැති වී යන, බොහෝ විට මේ භවයට කිසිම සබැඳියාවක් නැති මානසික සංස්කාරයන් බව මින්ගුන් සයදෝව් ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. මට හිතෙන හැටියට ඔබගේ යටි හිතේ (භවාංගයේ) තිබුනු මතකයක්, නොයෙක් අන්දමේ විතර්ක සමග එක්වී තවත් අන්දමකට ඔබේම සිත වෙත යොමු වී ඇති දෙයක් ලෙසටයි පේන්නෙ. හීන ගනන් නොගෙන ඉන්නත් බැහැ, මොකද මිය ගිය ඥාතීන් ඔබ හා සමග සන්නිවේදනය කරන්න හදනව නම් භවාංගය සමග තමයි පටන් ගන්න තැත් කරන්නෙ. මේ සම්බන්ධයෙන් ඔබට තවත් මතක් කරන්න පුලුවන් මොනවද?

Chanaka Aruna Munasinghe said...

@ සරත් ගුණතුංග

ඇත්තටම මම මේක දුටුවේ මීට මාසෙකට හෝ දෙකකට විතර කලින් මට මතක හැටියට. භාවනා කරන වෙලාවක නෙවෙයි නිදාගෙන සිටියදී. බය වුණේ නැහැ මතක විදිහට.

ක්‍රෙම්ලිනය මම පින්තූර වලින් මිස දැකල නැහැ. ක්‍රෙම්ලිනය, රුසියාව ගැන විශෙෂ අවධානයක් තිබ්බෙත් නෑ. ඒත් එක්ක දැකපු අනිත් තැන් කොහේද කියල මම දන්නෙ නෑ. ඒත් මම සැහෙන විශාල ප්‍රදේශයක් හා විශාල මිනිසුන් ගණනක් දැක්කා . ඇහැරිච්ච ගමන් මගේ හිතට ආවෙ "මේ සියල්ලම දකින්නට මම සිටියේ කොහේද ?" කියන ප්‍රශ්නෙ.

පොළොව අභ්‍යන්තරයේ දිරා ගියපු කොටස් ගිනි අරන් ගින්න පැතිරෙන බවක් දුටුවත් එහෙම දෙයක් වෙන්න පුලුවන්ද කියාත් සිතුණා. ක්‍රෙම්ලිනයේ ඉඳන් කටුගස්තොටට ආපු හැටි මතකයක් නෑ.

9/11 ප්‍රහාරය ගැනනම් ඒ දවස් වල අවධානයක් තියෙන්නෙ නැතුව ඇති. ඒත් 2012 ලෝක විනාශයක් ගැන කියවෙන දේවල් ගැනනම් අවධානයක් තියෙන්න ඇති. මේක ලියන්න හිතුණෙත් 2012 ලෝක විනාශයක් ගැන ලියවුණු ලිපියක් දැකලා.

ඉන්දික උපශාන්ත said...

Luckey,

+10

සරත් ගුණතුංග said...

@ චානක මහත්මයා , චානක මහත්මයා, ඔබේ සිහිනයේ අගක් මුලක් හොයන්න අමාරුයි. මේ ලෝකයේ සිදුවන සෑම දේකටම හේතුවක් තියෙනවා. හේතුවක් නොමැතිව කිසිම දෙයක් සිදු වන්නෙ නැහැ. ඔබගේ සිහිනයටත් හේතුවක් තියෙනව, නමුත් ඒ හේතුව හොයාගන්න අමාරුයි. පුනර්භවයක් නැහැ කියන විද්‍යාඥයින් කියන දේවල් කිසිවක් පිලිගන්න බැහැ, සිහින පෙර භව වලට සම්බන්ධ නිසා. කොහොම වුනත් බටහිර විද්‍යාඥයින්ට දැන් පුනර්භවය පිලිගන්න වෙලා තියෙන්නෙ සාක්ෂි ගොඩ ගැහිල නිසා. මගේ පුද්ගලික අත්දැකීමක් කියන්නම් සිහින සම්බන්ධව. '...මගේ පියා මිය ගියේ 1967 වසරෙ. මම එතකොට වෛද්‍ය ශිෂ්යයෙක්. තාත්තගෙ තුන් මාසෙ දානෙන් පස්සෙ දවසක මම තාත්ත එක්ක හීනෙන් ගමනක් ගියා. තාත්ත මාව මහ විශාල ලස්සන කවදාවත් නොදැකපු ශාලාවකට ඇවිත් මට කිව්ව දැන් පුතේ මෙතන ඉඳල පුතාට තනිවම යන්න පුලුවන්...' කියල.නොපෙනී ගියා මම එතකොට හිතුවෙ මෙක නිකම් හිතේ වැඩකරන දේවල් කියල ගනන් ගත්තෙ නැහැ. ඊට අවුරුදු පහකට පස්සෙ මම නවසීලන්තයට එනකොට සිඩ්නි ගුවන් තොටුපලට බහින්න වුනා ඒකාලෙ කෙලින්ම නවසීලන්තයට එන්න බැරි නිසා. බැහැපු ගමන් මට සිහිවුනා මම මීට කලින් මෙතෙන්ට ඇවිත් තියෙනව කියල. තාත්ත මාව ගෙනැත් බස්සල ගියේ සිඩ්නි ගුවන් තොටුපලට. මම බුද්ධාගම පිලිබඳව, පුනර්භවය පිලිබඳව, සිහින, මනස ක්‍රියාකරන අන්දම ගැන උනන්දු වුනේ ඊට පස්සෙ. මේ සිද්ධියෙන් මට ප්‍රශ්න ගොඩක් මතු වුනා. මම තේරුම් ගත්තා මිය ගිය ඥාතීන්ට සිහින තුලින් අපේ මනසට සන්නිවේදනය කරන්න පුලුවන් කියන හැඟීම. මගේ අනාගතය තාත්තා දුටුවේ කොහොමද කියල තවම මට තේරුම් ගන්න බැහැ. තර්ක ඉදිරිපත් කරන්න පුලුවන්. නමුත් මොකක්ද හරි? තර්ක වලින් හෝ බුද්ධියෙන් මේක විසඳන්න බැහැ. මම හිතන්නෙ මේකට මිනිස් සිත් ඉක්මවූ ඥාණයකින් ඇරෙන්න විසඳන්න බැහැ. ඔබගේ සිහිනය හා සම්බන්ධ නැති වුනත් මම මේ ටික ලියන්නේ දැනගන්න කැමති අයගේ දැනුම පිනිස. අපේ සිත, සිහිය, හරිම ගාම්භීරයි. තේරුම් ගන්න අමාරුයි. එහෙම බලන කොට බුදු රජාණන් වහන්සේගේ ප්‍රඥාව කොයිතරම් විශාලද කියල අපට හිතාගන්නවත් අමාරුයි. මගේ සිතට කා වැදී ඇති විශ්වාසය නම් බුද්ධ දේශනා අනුව, සත්‍යවාදී ධාර්මික ජීවිතයක් ගත කලොත් කවදාවත් වරදින්නෙ නැහැ කියලයි. ඔබට තෙරුවන් සරණයි.

Chanaka Aruna Munasinghe said...

@ සරත් ගුණතුංග

1. අපිට සිහින පෙනෙන්නේ ( හෝ පෙනෙන බව මතක තියෙන්නෙ ) අපි ඇහැරෙන්න මොහොතකට පෙර නේද ? ඒ වෙලාවෙ සිත අරමුණු වලට නොයා අක්‍රීය තත්වයක තිබෙල යාන්තමින් ක්‍රියාකාරී වෙන්න පටන් ගන්න වගේ වෙලාවක් නේද ? සමථ භාවනා වලදිත් බාහිර අරමුණු වලිනුත් මිදිලා ඊට පස්සෙ භාවනා අරමුණෙනුත් මිදිලා ඒ වගේ තත්වයකට පත් වෙලාද විකාර දර්ශන පෙනෙන්නෙ ?


=====

2. "මිය ගිය ඥාතීන්ට සිහින තුලින් අපේ මනසට සන්නිවේදනය කරන්න පුලුවන් කියන හැඟීම".

මෙවැනි සිදුවීම් ගැන මම වෙනත් තැන්වලත් කියවා සහ අසා තිබෙනවා. සිතකින් සිතකට සන්නිවේදනය කළ හැකි මට්ටම් වලට සිත දියුණු කිරීම් ගැන බුදු දහමේ සඳහන් වෙනවනෙ. සමහර විට කලාතුරකින් අවස්ථාවක එක ක්ෂණයකට සමහර අඩ නින්දේදී ඒ මානසික මට්ටම් වලට ලඟා වෙනව ඇති.

===

සිත ගැන බටහිර මනෝ විද්‍යා දැනුමට වඩා බුදුදහමේ දැනුම අති විශිෂ්ටයි,විශාලයි කියා මමත් විශ්වාස කරනවා. සිත ගැන අභිධර්මයේ බොහෝ විස්තර තියෙන බව මම දුටුවා. විවේකීව ඒ ගැන කියවන්න සහ තේරුම් ගන්න උත්සාහ කිරීමේ ලොකු ආශාවක් තියෙනවා.

සරත් ගුණතුංග said...

@චානක මහත්මයා, 1. විකාර දර්ශන විකාර දර්ශන පෙනෙන්නේ සිත එකඟ වෙන්න ඉස්සරවෙලා. සාමාන්‍යයෙන් ඒ දර්ශන තමා කරා ඉස්සරහට එනව වගෙයි පෙනෙන්නෙ. මේව දිහා බලාගෙන ඒවා ගැන හිත යොමු කලොත් සිත එකඟ කර අන්න බැහැ. සමහර වෙලාවට අපේම මිය ගිය ඥාතීන් මේව සිදු කරන පෙන්වන බවට මතයකුත් තියෙනවා. ඒක ඇත්ත. මොකද " පඨවි බල සුන්දරී..." කියන ආරක්ෂක ගාථාව හොඳට තුන් වරක් සිහියෙන් සජ්ජායනා කරාම ඒව බොහෝ දුරට අඩුවෙනවා. මගේ අත්දැකීම් තියෙනවා ඒ වුනාට බෞද්ධ ප්‍රතිපත්ති වලට අනුව ඒ අත්දැකීම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න බැහැ. තවද සිත විභංගයට (sub consciousness) ගිය අවස්ථාවලදී එක් එක් විඤ්ඤාණය (දැකීම, ඇසීම, ගඳ සුවඳ, ස්පර්ශය, සහ මනෝ වශයෙන්) සංඥා යවනවා විඤ්ඤාණයට (මතක තියාගන්න මොලයට නෙවෙයි ) ඒ විඤ්ඤාණය ඛණ්ඩ වශයෙන් පිට වෙන්නෙ. ඒ අතරෙ තියෙනව ජවන වශයෙන් හඳුන්වන (Impulse ) විඤ්ඤාණ ඛන්ඩ හතක්. මේවා ශක්තිමත් වුනොත් පමනයි විභංගය යටපත් වෙලා ප්‍රධාන විඤ්ඤාණය (active consciousness) ඇතිවෙන්නෙ. තවද සිත විභංගයට (sub consciousness) ගිය අවස්ථාවලදී එක් එක් විඤ්ඤාණය (දැකීම, ඇසීම, ගඳ සුවඳ, ස්පර්ශය, සහ මනෝ වශයෙන්) සංඥා යවනවා විඤ්ඤාණයට (මතක තියාගන්න මොලයට නෙවෙයි ) ඒ විඤ්ඤාණය ඛණ්ඩ වශයෙන් පිට වෙන්නෙ. ඒ අතරෙ තියෙනව ජවන වශයෙන් හඳුන්වන ( ) විඤ්ඤාණ ඛන්ඩ හතක්. මේවා ශක්තිමත් වුනොත් පමනයි විභංගය යටපත් වෙලා ප්‍රධාන විඤ්ඤාණය (active consciousness) ඇතිවෙන්නෙ. හොඳට අරමුණ අල්ලගත්තම විකාර දර්ශන පේන්නෙ නැහැ. එතකොට තමයි නිමිත්ත පේන්නෙ. නිමිත්ත කියන්නෙ තමන්ගෙම විඤ්ඤාණය විසින් යොමු කරන දෙයක්. ඒක ගැන මට මීට වඩා කියන්න ප්‍රසිද්ධියේ අපහසුයි. http://www.thisismyanmar.com/nibbana/mahasip.htm මේ අඩවිය බලන්න. තවත් බොහෝ දේවල් කියන්න පුලුවන්. බෞද්ධ ප්‍රතිපත්ති වලට අනුව ඒවා ප්‍රකාශ කරන්න බැහැ. ඒක හිතෙන්ම දැනෙන දෙයක්. එකක් කියන්න පුලුවන්. මම ඉන්න පලාතක වත් පන්සලක් තියා එකම බෞද්ධයෙක් වත් නැහැ. මොකක්දො වාසනාවකට මට අපවත් වූ මහාචාර්ය්‍ය ධම්මවිහාරී හිමියන් ඕස්ට්‍රේලියාවට ආවම මම ආරාධනා කලා නවසීලන්තයට. ඒ හිමියන්ගේ අවවාදය අනුව පොත් කිහිපයක් ලංකාවෙන් ගෙන්න ගත්තා. එතකොටම වාගේ අන්තර්ජාලය දියුණු වෙලා වෙනත් රටවල බෞද්ධ පොත්පත් මට හමුවුනා. ඒවයින් තමයි මම ඉගෙන ගත්තෙ. භාවනා කරන්න වුනත් මට කර්මස්ථානයක් දෙන්න කෙනෙක් නැහැ. ඒ නිසාම මම භූරිදත්ත හිමියන් ( ආන්දෝලනයකට ලක්වුනු සටහන් පෙල මතකයි නේ. ) කරපු කියාපු දේවල් අනුගමනය කලා. ඒවායින් මම බොහොම හොඳ ප්‍රතිඵල ලැබුණා. ඔබට තවත් දැන ගැනීමට අවශ්‍ය දෙයක් ඇත්නම් කියා එවන්න. මම වගේ වයසට යන්කම් ඉන්න එපා මේව ඉගෙන ගන්න. ඔබට තෙරුවන් සරණයි.

Deeps said...

@MR. sarath Gunathunga

Thank you posting such long comments. Learned a lot from you. Keep commenting like this!

හිස් අහස said...

මකරා හිටියේ නින්දේ

බට්ටි said...

මාර හීන තමයි මකරටත් පේන්නේ.ඉතිපිසෝ කියලා නිදා ගන්න.

Chanaka Aruna Munasinghe said...

@ ඩීප්ස්

සරත් මමා කියන භූරිදත්ත හිමියන් (Acharya Mun) ගේ ජීවිත කතාව මෙතනින් කියවන්න පුළුවන්

http://forestdhamma.org/index.php?page=Books

Venerable Acariya Mun Bhuridatta Thera - A Spiritual Biography

Sahan said...

මකරා රුසියාවටත් ගියා එහෙනං!

Chanaka Aruna Munasinghe said...

@ Sahan

ආ කාලන්තරේකින් දුට්ටෙ. තවම රුසියාවෙද ?

Sahan said...

ඉන්දියවට ගොඩවුනා ටික කාලෙකට. ලඟදීම හිමාලෙ පැත්තේ රවුමක් ගහනවා. මකරාටත් ආරධනා!

Chanaka Aruna Munasinghe said...

@ Sahan

ආරාධනාවට ස්තූතියි. සුබ ගමන්. මමත් සමහර විටක කවදා හරි දවසක දණ්ඩකාරණ්‍යය පැත්තෙ රවුමක් ගසාවි

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D