Wednesday, September 28, 2011

වඩු බාසුන්නැහැ

.

වඩු බාසුන්නැහැ පුංචිම කාලෙත්....
ලී එක්කයි සෙල්ලම් කෙරුවේ....
ලී කුඩු පටවපු පුංචි කරත්තෙයි....
ඔහු සමඟින් තනියට ආවේ....

ලොකු බාසුන්නැහැ ගෙවල් හදද්දියි...
පුංචි පුංචි ලී එකතු වුණේ...
ඒවා අරගෙන හැඩ වැඩ දමලයි...
සෙල්ලම් ගේ ඇඳ පුටු තැණුනේ...

ඇඳ පුටු කිසිවක් නැති ලී මඩුවෙන්..
ඔහු අද තනිවම යන්න ගියේ..
ලැලි වලින් සැදි පුංචි පෙට්ටියක්..
ඔහු  සමගින් යන්නට සිටියේ..
 

[ 29 - Sep - 2011 ]

17 comments:

හිස් අහස said...

අපේ ගමේ සමහරු නම් මැරෙන්න කලින් තේක්ක හෝ කලුවර ලීයෙන් පොට්ටිය හදවලා තියාගන්නවාලු ..

Chanaka Aruna Munasinghe said...

@ හිස් අහස

ඔවු ඉතින් සඳරුලගෙ ගමේ ඉන්නෙ නයි මහත්තුරුනේ :)

දිල් said...

හපොයි...තේක්ක කළුවර වලින් පෙට්ටි හැදුවොත් විනාසයි සඳරූ...ඇයි දෙයියනේ අඩියක් කීයද දැන්.....

Dinesh said...

වඩුවගේ ගෙදර පුටුව නෑ කියන්නේ ඔක තමයි...

ඒ කියන්නේ සදරුලගේ පැත්තේ ඉන්නේ කුරුදුවත්තේ අයටත් වඩා පොහොසත් අය.....

කතන්දර Kathandara said...

අනේක ජාති සංසාරං
සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තෝ
දුක්ඛා ජාති පුනප්පුනං
ගහකාරක දිට්ඨෝසි
පුනගේහං නකාහසි
සබ්බාතේ ඵාසුකාභග්ගා
ගහකූ®ටං විසං ඛිතං
විසංඛාර ගතං චිත්තං
තණ්හානං ඛය මක්‍ධගාති

නදී said...

අන්තිමට කා එක්ක උනත් යන්න ඉන්නෙ ඔය ලීපෙට්ටිය තමා.අනිච්චේ දුක්කේ සංසාරේ!

තිස්ස දොඩන්ගොඩ said...

ඕ උදේම බොහෝ තදින් සිතට කා වැදුනි...
ස්තුතියි මකරෝ...
හොඳම ගණයේ නිර්මාණයක් කියා සිතේ...

Prasanna said...

ඇත්තට මිනි පෙට්ටියක් කීයක් විතර ඇතිද...

සිහින said...

ඉපදීම,ජීවත් වීම,මරණය...
අපූරුවට ගෙනහැර දක්වපු කවි පංතියක් !

මධුරංග said...

අන්තිමට අපි කාටත් ඔය පුංචි ලී පෙට්ටිය තමා ඉතුරු වෙන්නේ.

බුද්ධි said...

මකරා ලිව්ව සංවේදීම නිර්මාණයද මන්දා. සරළ උනාට මේක හිතට වැදුනා මාර විදිහට. අන්තිම පේලියත් එක්ක දාලා තියෙන පොටෝ එක කියන්න යන දේට නියමෙට යනවා. නියමයි මකරා.

ඉන්දික උපශාන්ත said...

වඩුව හින්දු උනානම්!

පෙට්ටිම හදන වඩුවොත් ඉන්නවනෙ!

පොත් ගුල්ලා said...

මකර පැටියගෙ කවි ටික හරි ලස්සනයි.
"Sweet and Short"

බුද්ධියා කියනවා වගේ හරි සංවේදී බවක් මටත් දැනුණා.

Bindi said...

මකරෝ මේ කවි ටික ලස්සනයි. බර නැති වචන වලින් ලොකු තේරුමක් .

සරත් ලංකාප්‍රිය said...

අපිත් කරන්නේ
පෙට්ටි හදන ඒක
යනකොට යන්නේ
හෙලුකුට්ටෙන් !
මිනී ඇඳුම උඩ
පැත්තට විතරයි
උස්සල බැලුවොත්
පුක එළියේ...

ජීවිතේ මල් said...

-අත් උස්සලා දෙමි චටාන් ගා පහක් ! :-)
සංවේදී නිර්මාණයක්.... :)

Chanaka Aruna Munasinghe said...

@ සියලු දෙනා

ස්තූතියි. ජීවිතය ගැන සංවේදී වෙච්ච වෙලාවක , සිහින කීවා වගේ ඉපදීම,ජීවත් වීම,මරණය ගැන හිතමින් පුංචි පුංචි දේවල් වලින් ජීවිතයක් ගොඩනැගෙන ආකරය ගැන හිතමින් ලියපුවක්. ප්‍රතිචාර දක්වපු , බලපු හැමෝටම ස්තූතියි

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D