Friday, January 14, 2022

වන අලියා ඩිසයිඩ් !!

බංගෝස් නාමෝපලක්ෂිත ගොබ්බසේන භටයම් කෑෂ් ජනාධිපතිතුමා දවසක් වෙස්වලාගෙන ගමක සංචාරයක නිරත වුණා.
.
රැවුල කපලා මේකප් දාලා පාට වෙනස් කරලා බැටලු හමින් මහපු කබායකුත් ඇඳගෙන පෙනුම එහෙම පිටින්ම වෙනස් කරගෙන වෙස් වලාගෙන හිටියත් උන්නැහේ කතා බහ කරපු මෝඩ උද්ධච්ච ලීලාව නිසා මිනිස්සු ඉක්මනින්ම අඳුරා ගත්තා මේ ඉන්නෙ ජනාධිපතිතුමා තමයි කියලා.
.
ජනාධිපති තුමා ගමට ඇවිල්ලා ඉන්නවා කියන ආරංචිය ලැබිලා මිනිස්සු විසිල් ගහගෙන බල්ටි ගහගෙන හූඌ....... කියාගෙන ඇඳිවත පිටින්ම , සමහරු එහෙමවත් නැතුව උපන් ඇඳුමෙන්ම දුවලා ආවා එතුමාව බලන්න.
.
"පස්න තියෙනවද ඔයාලට ? පස්න ? පස්න ? හික් හික් හික් ...."
.
මිනිස්සු තමන්ව අඳුරගත්තු බව දැක්ක ගොබ්බසේන ජනාධිපතිතුමා වෙස්වලාව අතෑරල තමන්ගෙ සුපුරුදු ලීලාව අරගෙන ගම්මු සමඟ පිළිසඳර කරන්න පටන් ගත්තා.
.
"ස' ගමට අලි එනවා..."
.
එක ගම් වස්සෙක් පස්නයක් ඉදිරිපත් කළා.
.
"හැබෑට හැබෑට ? ..."
"හම්මේ නේද ?  ඉතිම් ....?. ඉතිම් ?... "
"ඒ අලි ඇවිල්ලා මොනවද කරන්නෙ ? ....."
.
ජනාධිපතිතුමා කම්මුලකට අතකුත් තියාගෙන පිළිසඳර ඉදිරියට අරන් ගියා.
.
"ඇවිල්ලා කරන දේවල් ආවට පස්සෙ අලියොම තමයි ඩිසයිඩ් කරන්නෙ"
.
"ඇවිල්ලා කරන දේවල් ගැන කලින් දැනුවත් කරලා එන යහපත් පුරුද්දක් අලින්ට නෑ"
.
භටයම් කෑෂ් ජනාධිපතිතුමාගෙ කොමන් සෙන්ස් වල තරම ගැන දන්න ගම් වස්සෝ පස්නයේ සංකීර්ණ ස්වභාවය ගැන ජනාධිපති තුමාට තේරෙන භාෂාවෙන් පැහැදිලි කරල දෙන්න උත්සාහ කළා
.
අනුවේදනීය සත්ය සිද්ධියක් ඇසුරිනි . නම් ගම් මනඃකල්පිතයි )




.

[ 14 - Jan - 2022 ]

0 comments:

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D