Monday, February 17, 2014

පූස් නගරාධිපති

.
දන්නවද ? ඇමරිකාවෙ එක්තරා නගරයක නගරාධිපති මිනිහෙක් නෙවෙයි පූසෙක්.

ඇලස්කාවෙ Talkeetna කියන නගරයේ තමයි මේ අපූරු පූස් නගරාධිපති තුමා ඉන්නෙ.  Stubbs යන නමින් හැඳින්වෙන මේ අපූරු පූස් නගරාධිපතිතුමා 1997 වසරේ සිට මේ දක්වාම (2014) අඛණ්ඩව Talkeetna නගරයේ නගරාධිපති ධුරය හොබවනවා.

දේශපාලකයෙක්ව නගරාධිපති තනතුරට පත් කර ගත්තට වැඩක් නෑ කියල හිතපු නගර වැසියො එකතු වෙලා Stubbs කියන නැට්ටක් නැති පූසව  නගරාධිපති තනතුරට පත් කර ගත්තලු. 


මේ ඉන්නෙ නැට්ට නැති නගරාධිපති

මේක විහිලුවට වගේ කරපු දෙයක් වුණත් මේ ගැන ආරංචිය පැතිරුණාම මේ අපූරු නගරාධිපතිවරයාව බලන්න සංචාරකයො වැල නොකැඩී එන්න පටන් ගත්තලු. ඒකෙන් සංචාරක කර්මාන්තය දියුණු වෙලා නගරය දියුණු වෙන්න පටන් ගත්තලු. ඉතින් නගර වැසියන්ටත් සතුටුයිලු.  ඉතින් නගර වැසියො තීරණය කළාලු Stubbs ව යාවජීව නගරාධිපති හැටියට දිගටම තියා ගන්න.


 නගරාධිපති තැන්පත් ස්ටබ්ස් මැතිතුමා

මේ නගරාධිපතිතුමාට එච්චර බරපතල වැඩ රාජකාරි පැවරිලා නෑ. සංචාරකයන් ඉදිරියේ පෙනී සිටල පුරු පුරු ගාන එකයි නගරෙ තියෙන වෙළඳසැල් වලට ගිහින් ඒවයින් දෙන භෝජන සංග්‍රහ භුක්ති විඳින  එකයි තමයි නගරාධිපතිතුමට අයිති ප්‍රධානම සෙරමෝනියල් රාජකාරි. ඊට අමතරව  වාර්ෂික අයවැය ලේඛනය වගේ වැදගත් ලියකියවිලි වලට මඩ ගෑවුණු බළල් අඩි සළකුණක් තියලා ඒවා අනුමත කරන එකත් නගරාධිපතිතුමාගෙ රාජකාරියක්.


සංචාරකයෙක් නගරාධිපති තුමාව කුචි කුචි කරන අවස්ථාවක්


නගරාධිපතිතුමාට පොඩ්ඩක් විතර තරහ ගිහින්

අපේ නගරාධිපති තුමාට පහුගිය දවස් වල පොඩි අකරතැබ්බයකටත් මුහුණ දෙන්න වුණා. එතුමාගේ ආරක්ෂාවට හිටපු බ්ලැක් කැට් කොමාන්ඩෝස්ලගෙ සුලු අතපසුවීමකින් ප්‍රයෝජන ගත්ත මැර බවුවෙක් එතුමාව හපා කාලා. කොහොම වුණත් මේ වෙනකොට නගරාධිපතිතුමා සුවපත් වෙලා හොඳ සෞඛ‍ය තත්වයෙන් ඉන්නවලු.

නගරාධිපතිතුමාට එල්ල වූ අමානුෂික ප්‍රහාරය ගැන CNN ප්‍රවෘත්ති සේවය ගෙන ආ Breaking News එකක් මේ. [ http://edition.cnn.com/2013/09/04/us/alaska-cat-mayor-attacked/ ]


Breaking News by CNN

නගරාධිපති තැන්පත් ස්ටබ්ස් මැතිතුමාට චිරාත් කාලයක් යෙහෙන් වැජඹී දශරාජ ධර්මයෙන් නගරය පාලනය කිරීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය මෙයින් අවසන් කරනවා. අසා සිටි ඔබ සැමට ස්තූතියි. 

අපේ ස්ටබ්ස් මැතිතුමාට ජයශ්‍රී !!!
ඤාව් ඤාව් ඤාව් ඤාවෝ !!! 

ප.ලි
====


** ලංකාවෙ ජනාධිපති විදිහට පූසෙක්ව පත් කර ගත්තනම් අපේ රටත් බලාගෙන ඉන්දෙද්දිම දියුණු වෙයි.



[ 17 - Feb - 2014 ]

23 comments:

Podi Kumarihami said...

මේ නගරය නම් ගිහින් බලන්ට වටිනවා...මම යෝජනා කරනවා සෑම රටකම ඇති සෑම නගරයකම පූස් නගරාධිපති කෙනෙක් පත් කරගත යුතුයි කියලා. ( මකරු නැති හන්දා ) :)

Chanaka Aruna Munasinghe said...

@Podi Kumarihami

ඔයා යද්දි මාවත් එක්ක යනවද ? මාත් ආසයි පූෂන්ට

මහේෂ් said...

ලස්සන කතාව ....චානක පූසන්ට හරිම ආදරෙයි වගේ නේද ? .....

Janaranga Dewasurendra said...

අපේ ඉන්න සමහර නගරාධිපතිවරු,සභාපතිවරු එක්ක බලද්දි තිරසන් සත්තු ඒ තනතුරට දැම්මා කියලා හොඳක් මිසක් නරකක් නම් වෙන්නේ නෑ..ඒ වගේම මතකනම් ඔබට ඇමරිකාවේ මැතිවරණයට පවා ඉදිරිපත් කරලා තිබුණා අපූරු පූස් තඩියෙක්..මම හිතන්නේ ඡන්දත් බොහොමයක් ලබාගත්තා

ඉන්දික උපශාන්ත said...

//සංචාරකයෙක් නගරාධිපති තුමාව කුචි කුචි කරන අවස්ථාවක්//

උදේම ලේ පිරිසිදු උනා මේ කතාව දැකල!

Bindi said...

අපිටත් හොඳයි ඒ අදහස . අඩු ගානේ සංචාරකයෝ වත් එයි බලන්න. මේ ඉන්න උන් සත පහක ආදායමක් ගේන එකක්යැ .

Unknown said...

අපේ රටේ ඉන්න නගරාධිපති ලට වඩා නම් මේ පූස් නගරාධිපති හොද ඇති..

අපිත් එක්කත් එකතු වෙන්න sinhalahelp.com

Anonymous said...

ඇයි මෙහෙ ගංකබරයෙක් රටේම අධිපති වෙලානේ ඉන්නේ.

සංකල්ප said...

රටේ ජනාධිපති නෙමේ මැති ඇමති ගොල්ලොනුත් හරක් වෙච්ච රටක් තියෙනවා..

නදී said...

ඇම්බර් වගෙ ලස්සන කෙනෙක් දාන්ඩ තිබ්බෙ

Buratino said...

ඇයි බං, අපේ පාර්ලිමේන්තුවෙත් ඉන්නෙ පිස්සු පූසො දෙසීය ගානක්ම...

Buru Babe said...

හෝව් හෝව්... මට ඕනේ බව් නගරාධිපති කෙනෙක්.
අද දවල් මම ශොප් එකකට ගියා. සුදුම ශුදු බව් මල්ලි කෙනෙක් තමයි කඩේ දොර ළඟ ඉන්නේ. එයාට කතා කරලා පොඩ්ඩක් කිස් එකක් හෙම දුන්නම කඩේට යන්න දෙනවා. නැත්නම් එයා ගේට් පාස් දෙන්නේ නෑලු. එයා තමයි ලෝකේ ඉන්න ලස්සනම බව් මල්ලි. මම එයා එක්ක ගොඩාක් වෙලා කතා කර කර ඉඳලා කිස් හතරක් පහක්ම මාරු කරන් ගෙදර ආවේ... :)

Dinesh said...

ඒක මරු සීන් එකනේ.. පූසා වුනත් ඒ නගරයට වාසනාව අරන් ඇවිත් තියෙන්නේ.. අපේ ඉන්න අයට වැඩිය හොදයි වගේ බලාගෙන යද්දී..

පොත් ගුල්ලා said...

මොලේ තියෙන මිනිස්සු ටිකක්. අපේ කොළඹ නගරා. ට වඩා නං ඇත්තටම පූසෙක් හොඳයි. පූසෙක් හිටියනං පැමිලා පාකර් ඉදිරියේ අර තරං නින්දිත විදිහට දෙකට නැමෙන එකක් නැහැ.
ඔය කතාව අහන කොට මතක් උනේ ධර්මසිරි බණ්ඩාරනායකගේ 'මකරාක්ෂයා' වේදිකා නාට්ටිය. ඒකෙ නරාධිපතියෙකුයි, පූසෙකුයි ඉන්නවා. හැබැයි පූස නෙමෙයි නගරා.

නලිනි චන්දිමා said...

මෙහෙත් එහෙම තියේනම් කොච්චර හොඳද? :D

ඉන්දික උපශාන්ත said...

මං උන්න නලිනි බ්ලොග් බැලිල්ලයි ලිවිල්ලයි අතෑරල දාල කියල!

Gayan Tharaka said...

පූස් නගරාධිපතිට ජයවේවා!!

දේව් ගේ අඩවිය said...

එහෙම කෙනෙක් මෙහෙත් උන්න නම් මිට වඩා තව ටිකක්වත් හොද වෙවි නේද?

Hasitha Gunasinghe said...

කදාව් කදාව් :P

Chanaka Aruna Munasinghe said...

@Mahesh Nishantha

හැම සතාටම ආදරෙයි. සියලු සතුන්ට අධිපති මකර අධිරාජයනෙ මම
--------------------------------------------
@ Janaranga Wijaindu Dewasurendra

ම් එහෙම මතකයක්නම් නෑ. විස්තර පොඩ්ඩක් කියනවද ඒ පූස් තඩියා ගැන
--------------------------------------------
@ඉන්දික උපශාන්ත

හී හී. උදේම ලේ පිරිසිදු වෙච්ච එක කොච්චර හොඳද ?
-------------------------------------------
@Bindi

මෙහේ පත් කර ගත්තොත් එයාලත් හොර පූවො වෙයිද දන්නෙ නෑ
------------------------------------------
@suneth dananjaya

හොඳ හින්දා නොවැ අවුරුදු 17ක්ම තියෙන් ඉන්නෙ

Chanaka Aruna Munasinghe said...

@ මධුරංග

හැබෑට? ඒ කොහෙද ? හරකුන්ට දේවත්වයෙන් සලකන ඉන්දියාවෙවත් එහෙම නෑ නොවැ
-----------------------------------------
@ නදී

ලෂ්ෂන කන්නද ?
----------------------------------------
@Buratheno

පාර්ලිමේන්තුවෙ ඉන්නෙ බකමූණොනෙ.
http://status-chanaka.blogspot.com/2010/10/blog-post_08.html
-------------------------------------------
@Il mondo di una povera pazza

පගාවට කිස්ද ඉල්ලන්නෙ එයා?

Chanaka Aruna Munasinghe said...

@Dinesh

ඒකනෙ. පූෂා යනු වාසනාවන්ත සතෙකි
----------------------------------
@පොත් ගුල්ලා

පූෂෙක් හිටියනම් කැමිල 2 ට 3 ට නැමිලා පූස්ව වඩාගනියි :D
----------------------------------
@නලිනි චන්දිමා

ගෙදරින් පටන් ගම්මු. පුෂ්කින්ට ගෘහමූලික කම දීල
----------------------------------
@ඉන්දික උපශාන්ත

පූෂො කොතනද නලිනි අක්කත් එතන
---------------------------------
@Gayan Tharaka

ජයවේවා!! ජයවේවා!!
---------------------------------
@දේවා ගේ අඩවිය

කියන්න බෑ. මෙහේ හිටියම අහිංසක පූවොත් හොර පූවො වෙන්නත් බැරි නෑ
------------------------
@Hasitha

:D :D :D

චතුර විජේකෝන් said...

නියමයි..මෛත්‍රී මහත්තයගෙන් පස්සෙ.. පත් කරමු..

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D