Tuesday, January 21, 2014

බස්නාහිරින් පායන හිරු

.

නැගෙතත් අවර ගිරගින් දිනකර...............මඬල
සැලෙතත් සුනෙර පවනින් සෙදෙතත්....... අනල
පිපෙතත් ගිරි මුදුන් සෙල් වල..............පියුමුපුල
බොරු නැත්තේමය මහතුන් පැවසූ.........තෙපුල

සුභාෂිතයේ එන ඔය කවියෙන් කියවෙන්නෙ බස්නාහිරෙන් ඉර පෑව්වත් මහත්තුරු බොරු කියන්නෙ නෑ කියල. හැබැයි නෝනලනම් හරීඊයට බොරු කියනවා.

දේශපාලනයට ඕනෙ කරන මූලික සුදුසුකමක් තමයි බොරු කියන එක. හිරුණිකා නෝනා කෙනෙක් හින්දා එයාට ඒ සුදුසුකම හොඳටම තියෙනවා.

 හිරුණිකාට ජය වේවා !!!

ප.ලි
====
1 . මේක අනාවැකියක්. හිරුණිකා කවද හරි ලංකාවෙ ජනාධිපති වෙනවා.  
හැබැයි ඒ වෙන්නෙ මෙයින් අවුරුදු 38කින් පස්සෙ නැගෙනහිර පළාතෙන් බිහි වෙලා දැහැමෙන් සෙමෙන් , දශරාජධර්මයෙන් රට පාලනය කරන්න නියමිත මහා පුරුෂයාගේ පාලන කාලයට කලින්.  මෙන්න ඒ මහා පුරුෂයා ගැන අනාවැකිය.

2. ඔය "නැගෙතත් අවර ගිරගින්..." කියන කවිය මගේ බ්ලොග් එකේ පල කරපු දෙවෙනි වතාව මේ. පළවෙනි වතාවත් අනාවැකියක් ගැන.

[ 21 - Jan - 2014 ]

6 comments:

සංකල්ප said...

කොහොමත් හිරුණිකා කියන්නේ බොරු කාරියක් !

හරී - පිණිපළස said...

දැං මේ හිරු-නික ( නිකා ) නංගි රජවෙන දවසත් පොඩ්ඩක් ගණන් හදලා බලලා කියනවද? මෙහේම ඉන්නවද? එක්කො වෙන රටකට මංගච්චනවද, ආපහු ලෝකෙන් උතුම් රටටම යනවද කියලා දැම්ම තීරණයක් ගන්න එපැයි.

නදී said...

ඇහ් අපි ගොඩක් නාකී එතකොට ඉදීද දන්නෙත් නෑ

Amila Chathuranga said...

හිරුණිකා ලස්සනයි ඒත් අනර්කලීගේ තරම් යටිතල පහසුකම් සංවර්ධනය වෙලා නැහැ. ඒ නිසා මනාපය ලැබෙන එකක් නැහැ කියලයි මට නම් හිතෙන්නෙ.

charmi said...

හිරුණිකා බොරු කිව්වාය කිය කියන මකර බොරු හෙළාදකිමු.
හැකිනම් හිරුණිකා මෙතෙක් කාලයකට කිවුව එක බොරුවක් මෙහි සඳහන් කරනු. විවෘත අභියෝගයකි.

Podi Kumarihami said...

හිරුණිකාට කවදා හරි ජනාධිපති උණු හැකි. :)

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D