Thursday, January 2, 2014

මේ ගෝනා කොයින්දෝ ? - රෝස කැලෙන් ඇහින්දෝ !!!



අහල ඇතිනෙ නත්තල් සීයා නෝටි නැති ළමයින්ට තෑගි බෝග දෙන්න එන්නෙ පිණි මුවෝ 8 දෙනෙක් බැඳපු හිම කරත්තෙක කියල. හැබැයි ඉතින් ඒ හිම තියෙන පිණි මුවෝ ඉන්න රටවල් වල. ලංකාවෙ හිමවත් පිණි මුවෝවත් නැහැනෙ. ඉතින් ලංකාවෙ නත්තල් සීයා තෑගි බෙදන්න යන්නෙ ගෝන්නු 8 දෙනෙක් බැඳපු කරත්තෙකින්ලු. හැබැයි මේ පාර පොඩි අකරතැබ්බයක් වෙලා. පොඩි අතපසුවීමක් හින්දා එයින් එක ගෝනෙක්ව ආපහු එක්ක යන්න බැරි වෙලා.

ඒ අතරමං වෙච්ච ගෝනා අද උදේ අපේ වත්තට ආවා. බොරු නෙවෙයි ඇත්තම ඇත්ත. ඒ ආපු ගෝනා මගේ ඇස් පනාපිටම වගා ලිඳකට වැටුණා. මෙන්න බලන්න පින්තූර.


මේ අහල පහල කොහේවත් ගෝන්නු ජීවත් වෙන බවක් කවුරුත් අහල නෑ. ගෝනෙකුට ජීවත් වෙන්න පුලුවන් තරම් ලොකු කැලෑවකුත් ලඟපාතක නෑ. ඉතින් ඇත්තටම හිතා ගන්න බෑ මේ ගෝනා කොහෙන්ද ආවෙ කියල. උන්හිටි ගමන් ගහෙන් ගෙඩි එන්නා වගේ කඩා පාත් වෙලා ජබොක් ගාලා ලිඳට වැටුනම හිතා ගන්න බැරි වුණා මේ මොකෙක්ද කියල. මුලින්ම හිතුවෙ හරකෙක් කියල. ඒත් බලනකොට මුවෙක්ගෙ වගේ ඔලුව. ඒත් මුවෙක්ගෙ වගේ නෙවෙයි පාට. මුවෙක්නම් ඉතින් තිත් තිත් තිත් තියෙන්න එපැයි. අනික මෙයා සෑහෙන සද්ධන්තයි.


ඇත්තටම මෙයා ගෝන අම්ම කෙනෙක්. බඩේ බබෙකුත් ඉන්න එක්කෙනෙක්. මේ වගා ලිඳ එච්චර ගැඹුරු නැති වුණාට මෙයාට තුවාල වෙලා තිබ්බ හින්දයි බඩේ ඉන්න බබා හින්දයි වෙන්න ඇති මෙයාට උත්සාහ කළාට මේකෙන් ගොඩ එන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ.

ඉතින් අපි ඉක්මනින්ම පොලීසියටයි ,වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවටයි, පශුවෛද්‍ය කාර්යාලයටයි දුරකතන පණිවිඩ දුන්නා. ටෙලිෆෝන් එකෙන් කිවුවට පොලීසියෙ අය මුලින්ම විශ්වාස කලෙත් නෑ ගෝනෙක් වැටිල ඉන්නව කියල. මොකද මේ අහල පහල ගෝන්නු නැති නිසා. ඒ නිසා තාත්තට පොලීසියට ගිහින්ම පොලිස් අංකල් කෙනෙක්ව එක්ක එන්න වුණා.

ඔය අතරෙදි ගෝනෙක් ඇවිත් කියන ආරංචිය පැතිරිලා එයාව බලන්න කට්ටිය එක් රොක් වෙන්න පටන් ගත්තා. ඒ ආපු  සමහර අය එක එක ක්‍රම යොදල ගෝන අම්මව ගොඩට ගන්න උත්සාහ කළා . ඒකෙන් ගෝන අම්මා හොඳටම බය වුණා. හොඳ වෙලාවට ග්‍රාමනිලධාරිතුමා ඉක්මනින්ම එතනට ඇවිත් පොලීසියෙන් එනතුරු එක් රොක් වෙච්ච සෙනඟ පාලනය කර ගත්තා. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලැබුනේ ඒ අය එනතුරු මොකුත් කරන්න උත්සාහ කරන්න එපා කියන එකයි. ගෝන අම්මව කලබල නොකර ඒ ඉන්න විදිහටම ඉන්න දෙන්න කියල ඒ අය කිවුවා.




පොලීසියෙන් ඇවිත් මිනිස්සුන්ට එන්න බැරි වෙන්න ලණු වලින් අදාල ප්‍රදේශය වට කරලා වනජීවී සංරක්ශන දෙපාර්තමේන්තුවෙ අය එනතුරු ගෝන අම්මගෙ ආරක්ෂාව තහවුරු කළා. 

අපිට කිට්ටුම වනජීවී සංරක්ෂණ කාර්යාලය තියෙන්නෙ කිලෝමීටර් 50කටත් එහා රන්දෙණිගල. එහේ ඉඳන් වනජීවී නිලධාරීන්ට එන්න තවත් පැය 2ක් විතර ගත වුණා. 

මෙන්න ඒ අය ඇවිත් ගෝන අම්මව ගොඩ ගන්න උත්සාහ කරන ආකාරය.





සෑහෙන පරිශ්‍රමයකින් පස්සෙ ගෝන අම්මව ගොඩට ගත්තා. මුලින්ම ලිඳේ ඉද්දිම බෙල්ලට කඹයක් දාලා එයාගෙ ඉස්සරහ කකුල් 2 කඹේකින් එකට ගැටගැහුවා. ඊට පස්සෙ ගොඩට ඇදල ගන්න අතරතුරේ පිටිපස්සෙ කකුල් දෙකත් එකට ගැටගැහුවා. ඊට පස්සෙ කකුල් 4ම එකට එකතු වෙන්න තව පාරක් ගැටගැහුවා. මේ දේවල් කරද්දි ගෝන අම්මා මරබයේ ලතෝනි දුන්නා. 

ඊට පස්සෙ ඉනිමඟක් මැස්සක් වගේ හදල ඒක උඩ පටවල ගෝන අම්මව වනජීවී අයගෙ වාහනේට උස්සගෙන ගියා. මේ තියෙන්නෙ එ අරගෙන යන විදිහ.




ගෝන අම්මව බලන්න සෑහෙන පිරිසක් එක් රොක්වෙලා හිටියා. ඉස්කෝලෙ ළමයි ගුරුවරුත් එක්ක ඇවිත් හිටියා. සමහර මුදලාලිලා කඩවල් එහෙමත් වහල දාලා ගෝන අම්මව බලන්න ආවා.




මේ ඉන්නෙ එක් රොක් වූ දහස් සංඛ්‍යාත ජනකායෙන් කොටසක්

ගෝන අම්මව එක්කන් ගිහින් තුවාල වලට බෙහෙත් කරලා බබාව හම්බ වුණාට පස්සෙ කැලේට යවයි. සමහර විට නත්තල් සීයටම ආයෙ බාර දෙයිද දන්නෙත් නෑ.

සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන 
========================










[ 02 - Jan - 2014 ]

17 comments:

කතන්දර Kathandara said...

මුල් photo දෙක දැක්කාම පෙනුනේ පොඩියට. පස්සෙයි තේරුනේ සතාගේ විශාලත්වය.

කතන්දර Kathandara said...

මකරෙක් දැක්කාම ගෝනෙක් බයවෙන එක අහන්නත් දෙයක්‍යැ. ඒකයි ලිඳට පන්නින්න ඇත්තේ.

Dinesh said...

කතන්දර කිවුවත් වගේ මකරට බය වෙලා තමයි මේක වෙන්න ඇත්තේ..

නදී said...

kohen hari atharaman wechcha ekek wenna oni neda patiya nisa baya wenna athi,

Pra Jay said...

"මේ අහල පහල කොහේවත් ගෝන්නු ජීවත් වෙන බවක් කවුරුත් අහල නෑ"
කොහෙද මේ?

Shenya de Silva said...

maru :D

Chanaka Aruna Munasinghe said...

කොහෙද මේ? රාගල (නුවර එළියෙ ඉඳන් 21 km )

රාජ් said...

හප්පේ මරු චාන්ස් එක පින්තූර ගන්න ඇත්තන්ට. ගෝන යහතින් ගියාද?

සංකල්ප said...

එල්ක්තැන්නත් තියෙන්නේ නුවර එළියෙම නේද ? නුවර එළියේ ගෝන්නු ඉන්නවා ඒ කියන්නේ. :)

ඌ ටං ටං ගෑවද ?

Pra Jay said...

@Chanaka,
රාගලට Horton Plains හෝ හක්ගල පෑත්තෙන් කදපොල හරහා වගේ (වතුවල ඉතුරුවෙල තියන කෑලෑ කෑලි වලින්) හරි රන්දෙනිගලින් නිල්දන්ඩහින්න පෑත්තෙන් එන්න බෑරිද?

Chanaka Aruna Munasinghe said...

//රාගලට Horton Plains හෝ හක්ගල පෑත්තෙන් කදපොල හරහා වගේ (වතුවල ඉතුරුවෙල තියන කෑලෑ කෑලි වලින්) හරි රන්දෙනිගලින් නිල්දන්ඩහින්න පෑත්තෙන් එන්න බෑරිද?
//

සමහර විට එන්න පුලුවන් ඇති. ඒත් සෑහෙන දුරක්

Buru Babe said...

ගෝනා පොඩි කැලෑවලත් ඉන්නවා නේද? මට මතකයි අපි පොඩි කාලේ අපේ වත්තෙත් ඉන්නවා.
ඒ මොනවා වුනත් මකරාගේ සටහන් ආයේ කියවන්න ලැබෙන එකම ලොකු සතුටක්.

හරී - පිණිපළස said...

නත්තල් සීය හරි නෝටි. හරිම වැරදියි මේ වගේ බඩ දරු අම්මලාගෙන් වැඩ ගන්න එක, මොක උනත් ගෝන අම්මා මකරා බලන්න ආ නිසා කම්මැලිකම් පැත්තකින් තියලා මකර අධිරාජ්‍යයා සෑහෙන වැඩ කරලා කරලා තියෙනවා, පොටෝ ගහලා , වීඩියෝ කරලා.. බොහොම හොඳයි.
අනේ තව ගෝනෙක් දෙකෙක්, මේ වගා ළිඳේම වැටියන් ( අතුරු ආන්තරාවක් නොවී ගොඩ ගන්න පුලුවන් විදිහට )

නදී said...

ඔයා අයම ලියන්න ගත්ත එක නම් හොදයි බ්ලොග් එක පාලු වෙලානෙ තින්නෙ

Podi Kumarihami said...

අනේ පව්..මේ පාර ලංකාවේ ලමයින්ට නත්තල් තෑගි හම්බ වෙන්ටත් නැතුව ඇති. අර එක්කෙනෙක් මූණු පොතේ මගේ චොක්ලට් එක තාම නෑ කියන්ට ඇත්තේ මේ හන්දත් වෙන්ට ඇති.

තව හොයලා බැලුවොත් වත්තේ, කොහෙ හරි පැත්තකින් තියෙන ගුහාවල අතරමං වුණු මකරුත් ඇති. ඔන්න මකරෝ එලියට බැහැලා පොඩ්ඩක් වටපිට බලන්ට. :)

Unknown said...

According to Mr Sridharan, former GM of Tea Factory (hotel) elks could be seen on the road ways near to their hotel during night time occasionally. I can remember reading a newspaper article about illegal hunting take place near the government farm.
Most probably this one would have come from the same area. May be to avoid a hunter.
Now there is another issue. The wild life officials would have taken it to Randenigala area where they could handle and monitor easily .But it is a strange area for the elk and the climatic condition too is different from Kandapola area.Will it be able to survive?

හා පැටික්කි (MS) said...

කාලෙකින් ආවම දැක්කේ.
ලංකාවේ ඉන්න මුව පවුලේ ලොකුම හප්පා ඔය. එයාලා වැඩිපුරම කඳු තියන පැති වල දැක්කට පහත් බිම් වලත් නැත්තෙම නෑ. වැඩියෙන්ම ඉන්නේ හෝර්ටන් තැන්නේ.
ඒත් ගෑනු සත්තු රංචු හැටියට යන්නෙ නම්. ඉතිරි අය දාලා ගිහින් වෙන්නැ මෙයාව.

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D