Thursday, December 11, 2008

අනාවැකි කී කවිය


මේ කවිය කවදා කවුරු විසින් කාට කිවුවද මන්දා.මේක ගැන මම අහල තියෙන තේරුම වෙන මොකක්දො එකක් ( හරියට මතක නැහැ ). ඒ වුනාට මටනම් හිතෙන්නෙ මේ කවිය අපේ රටේ දේශපාලන අනාගතය අතීතයේදී දිවැසින් වගේ දැකපු කවියෙක් කියපු දේශපාලන කවියක් කියල. ඔන්න බලන්නකො මේ කවිය අහල තියෙනවද කියල.


සූරිය උදා වනතුරු පිණි...................බෑවිල්ල  
පාරුව පදින තුරු ජලයේ...............සෙලවිල්ල
මාරුව බල බලා සිත යට...............කැරකිල්ල

කාරිය කෙරෙන තුරු කාගෙත්..........රැවටිල්ල

මේකෙ කියවෙන්නෙ අපේ දේශපාලකතුමාලගෙ බල්ටි ගැනම වෙන්න ඕනෙ. බලන්නකො අන්තිම පද දෙක. කාලෙකට කලින් ජාතික හෙළ උරුමය කිවුවා දේශපාලනය ඔරුවක් කියල. ටික කාලයක් ආසවට වගේ ඔරුව පැදල අයින් වෙනව කිවුවට තවම පදිනවා( ඔරු විතරක් නෙවෙයි බෙන්ස් කාරුත් පැද්දා ) . ඔරු මොකෝ පාරු මොකෝ දෙකම වතුරෙ යන වාහනනෙ. ඒක නිසා පාරුවත් දේශපාලනයට සම්බන්ධයි.

සූරිය උදා වනතුරු පිණි බෑවිල්ල කියන්නෙ UNP එක ගැන වෙන්න ඕනෙ. "කරු ආවොත් පායයි හිරු" කිය කිය පිණිබබා කිඹුහුම් ඇර ඇර හිටියෙ ඒ කට්ටියනෙ.



කරු ආවොත් පායයිද හිරු ? ( බටහිරින්වත් )

නැගෙතත් අවර ගිරගින් දිනකර...............මඬල
සැලෙතත් සුනෙර පවනින් සෙදෙතත්....... අනල
පිපෙතත් ගිරි මුදුන් සෙල් වල..............පියුමුපුල
බොරු නැත්තේමය මහතුන් පැවසූ.........තෙපුල

[ 11 - Dec -2008 ]


6 comments:

සරත් ගුණතුංග said...

මට මතක හැටියට "කාරිය කෙරෙන තුරු කාගෙත් සැලකිල්ල". හා කමක් නැහැ.

මේ මහත්මයට (චානක මහත්මයට ) හාස්‍යජනක දේවල් බොහොම හොඳට ලියන්න පුලුවන් නේද? ඒකත් එක්තරා සහජ දක්ෂ කමක්. කරු මහත්මයට මගෙත් තිබුණ සෑහෙන්න ගෞරවයක්, දැන් නම් ඒකත් අඩුයි, පනින නිසා. කරු මහත්තය ආනන්දෙ බෝඩිමේ මගේ ඩෝම් (කාමරේ ) හිටියෙ. ඒ මහත්තය ඉපදුනේ 1940 සැප්තැම්බර් 29, එතකොට වයස 16ක්, 17ක් විතර ඇති. ඒ කාලෙට මූන එතරම් දැන් වගේ පහලට වැඩිල නැහැ. කන් දෙක මූනට වඩා ලොකුවට පේනව. ඉතින් කොල්ලො දන්නෙ නැද්ද? මෙයාට නමක් හැදුව 'අලිකනා' කියල. එහෙම කිව්වම හොඳටම තරහ යනව. අපි සිංදුවකුත් හැදුව " අම්බලමේ පිනා පිනා - කන්ඩලමේ කනා කනා කියල. පස්සෙ බෝඩිං මාස්ටර් ඒ නම නම්බුකාර විදියට 'අලිඛාන්' කිව්ව. දැන් එහෙම කිව්වොත් සුදු වෑන් එක තමයි.

Chanaka Aruna Munasinghe said...

* මට කවිය හරියටම මතක නැහැ. වෙද මාම කියපු එක හරි ඇති

[quote]ඒ මහත්තය ඉපදුනේ 1940 සැප්තැම්බර් 29, එතකොට වයස 16ක්, 17ක් විතර ඇති.
අම්මෝ ඉපදෙනකොටම එච්චර ලොකුද ?


* මොනව වුනත් අලි කනා කියන නම හින්දම වෙන්න ඇති UNP එකට යන්න ඇත්තෙ.


*වෙදමාමෙ මාමත් ලියන්නකො ආනන්දෙ බෝඩිම ගැන පරණ රස කතා.අපි ආසයි අහන්න.

Chanaka Aruna Munasinghe said...

මමත් ආනන්දෙ හොස්ටල් එකේ හිටියා. පළවෙනියටම 6 වසරෙදි හිටියෙ මහසෙන් සයනාගාරයේ ( ඩෝම් එකේ )

වෙදමාම හිටපු දවස් වලත් ඩෝම් වලට රජ නම් තිබ්බද ?

සරත් ගුණතුංග said...

චානක පුතේ, ඔන්න මම තව එකක් කියන්නම්.... අපි ඉන්නකොට ඩෝම් වලට නම් තිබ්බෙ නැහැ. අර පරණ කෑල්ල තියෙනව නේ, ලෑලි සොල්දරේ තියෙන එක, පරණවාඩිය පාරට සමාන්තරව තියෙන පැත්ත. උදේ 5.30ට බෙල් එක ගහනව නැගිටින්න. අපි ඉතින් නැගිටිනව. 6.15ට ස්ටඩීස් වලට යන්න ඕන. අපි පස් හය දෙනෙක් විතර උඩින් හොඳට ඇඳ හදල ශීට් එක හොඳට ඇදල හරිගස්සල, ඇඳ යටට ගිහින් ස්ටඩීස් වෙලාවෙ නිදාගන්නව. (ඒකට අපිට තිබුන ටයිම් ටේබල් එකක්. වාරය එනකල් ඉන්න ඕන.) ඒ ඩෝම් එක භාරව හිටියෙ සුගතදාස සර්. ඔය සර් දාන්නෙ කට්ට කෑලි දෙකක්. දන්නව නේ කට්ට කෑලි කියන්නෙ මොනවද කියල? ලී සෙරෙප්පු--- සුගතදාස සර් කට්ට කෑලි දෙකත් දාගෙන ටකස් ටකස් ගගා ඇඳන් අතරෙන් යනවා ඇඳන් හදලද බලන්න. අනේ එකෙකුගෙ අතක් එලියට ඇවිදින් සුගතදාස සර් පාගල. ඒකා මර හඬ තිබ්බ. අපි ඔක්කොම අහු වුනා. අහුවුන කොල්ල තමයි රොහාන් දලුවත්ත. අපේ සෙල්ලම එදායින් ඉවරයි. සුගතදාස සර්ගෙ මරණ දැන්වීම කලකට ඉස්සරවෙල්ල මම පත්තරේ දැක්ක. එදා නම් මට හරියට දුක හිතුන.

Anonymous said...

අප්පට සිරි !
මේ ඔක්කොම ආනන්දෙ කොල්ලො නේ ද.

malee_msg said...

බලාගෙන යනකොට වෙද සීයත් නරකම නෑ. හොද අතීතයක් තියන මනුස්සයෙක්... හොද මතකයකුත් එක්ක

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D