සක්වල රහස් වෙත නැණ මඟ හෙළි ............. කරන
කල්පිත සියල් එක මිටකට කැටි .................... කරන
තම නැණ බෙලෙන් විශ්වය විනිවිද .............. දකින
බෝසත් ගුණෙන් යුතු හෝකින් පඬි .............. රුවන
Coincidence ??
කළු කුහරවලින් නිරන්තරයෙන් ශක්තිය කාන්දු වන බවද, අවසානයේ ඒවා ශුන්‍ය ස්කන්ධයක් බවට හායනය වී යන බව ද මහාචාර්ය ස්ටීවන් හෝකින් 1974 දී සෛධාන්තික වාදයක් ඉදිරිපත් කළේය . මෙම සංසිද්ධිය ‘හෝකින් විකිරණය’ ( Hawking radiation ) නමින් හැඳින්වේ.
එම සිද්ධාන්තය පිළිබඳව ඔහු මෙසේ කීවේය. “මෙය සෑම දෙයකම සිද්ධාන්තයයි. විශ්වය පරිණාමනය වන්නේ ඉතාම පැහැදිලි නීති කට්ටලටයක් අනුව ය. එමගින් විශ්වයේ උපත, එය පවතින ආකාරය මෙන්ම අවසානයේ විශ්වයට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව ද පැහැදිලි චිත්‍රයක් ලබාදෙයි. මේ සියල්ලට පිළිතුරු දැනගත් විට අප දෙවියන් වහන්සේ ගේ සිත දැනගත්තා වෙයි...”
How to bridge the gap between Modern Science & Religions ?
වයස අවුරුදු 76 ක් ආයු වැළඳූ අපේ කාලයේ විශිෂ්ටතම භෞතික විද්‍යාඥයා 2018/03/14 දින (Pi day) පෘතුවිය මත ජීවිත සැරිසැරිය නිමා කළේය. ඔහුගේ ශක්ති ස්කන්ධය විශ්වයේ කුමන ඉසව්වක් කරා ඇදී යන්නට ඇත්ද ?
ඔහුගේ ජීවිත කතාව සිනමාවට නැගුනේ "The Theory of Everything " නමිනි.
" සබ්බේ සංඛාරා අනිච්චාති "
That is the ultimate theory of every thing !!!
[ 14 - Mar - 2018 ]
4 comments:
පාන්දර අහස බලන්න , අලුත් දීප්තිමත් තරුවක් ඇති. නිල්ම නිල් පාටයි. ඒ තමා හෝකින්
සබ්බේ සංඛාරා අනිච්චාති ... ..සංඛාරා යනු ද්‍රව්‍ය වස්තුන් නොවේ..
Eka nm marai :D
මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය
Post a Comment
සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.
** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D