.
"මටත් බෑ මගේ බඩ රිදෙනවා"
මහ සෙනෙවි තුමා හෙමීට සභාවෙ පිටිපස්සෙ තියෙන වැසිකිළිය පැත්තට ගියා.
.
"මටත් බෑ, මගේ අත රිදෙනවා"
"මටත් බෑ, මට හෙම්බිරිස්සාව වගේ"
"මටත් බෑ, මට ඤාව් බූල් ඇලජික්"
"මටත් බෑ"
"මටත් බෑ"
"මටත් බෑ"
.
රාජ සභාවෙ හැමෝම ඤාව්වව අයින් කරන වැඩේ මග ඇරියා.
.
"බොලාට බැරිනම් මමම මේ ඤාව්වව අයින් කරන්නම්කො"
ඤාව්වව සිංහාසනෙන් අයින් කරන වැඩේ තමන්ගේ රාජකීය හස්තයෙන්ම කරන්න රජතුමා ඉදිරිපත් වුණා.
.
"ෂ් ෂ් ෂ්, , අන්න අන්න"
.
එක මොහොතකට රාජ සභාවම තුෂ්නිම්භූත වෙලා ගල් ගැහිලා නිහඬ වුණා.
.
කැකිල්ලේ රාජෝත්තමයා රාජා ඤාව්වගෙ නැස්ටෙන් අල්ලලා අදිනවා. රාජ ඤාව්වා බූල් පුම්බගෙන නියපොතු වලින් සිංහාසනේ විල්ලුද මෙට්ටය අල්ලගෙන ඉන්නවා.
.
"අන්න අන්න රජතුමා රාජ ඤාව්වට අඩත්තේට්ටමක් කරනවා"
තරුණ ඇමති කෙනෙක් කෑ ගැහුවා.
.
“රාජ ඤාව්වට කවුරු හරි කෙනෙක් පොඩි හරි අඩත්තේට්ටමක් කළොත් ඒ කෙනාට මුලින්ම කස පහර සීයයි. එයින් පස්සෙ ජීවිතාන්තය වෙනකම් හිර දඬුවම්.”
මහ ඇමති තුමා රාජාඥාව මතක් කළා.
.
"එක රටක් එක නීතීයක්. රාජාඥාවෙන් ස්ථාපිත කරපු නීතිය රජතුමාටත් අදාළයි"
අධිකරණ ඇමතිතුමා නීතිමය තත්වය පැහැදිළි කළා.
.
"භටයිනි, රජතුමාව අත් අඩංගුවට ගනු, මුලින් කස පහර සීයයි එයින් පසු ජීවිතාන්තය දක්වා සිර දඬුවම්"
මහ සෙනෙවි ආරක්ෂක භටයන්ට නියෝග කළා.
.
“මේ මේ පොඩ්ඩක් ඉන්නවලකො. මම කියන දේත් පොඩ්ඩක් අහනවලකො"
ආරක්ෂක භටයන් විසින් ඇදගෙන යද්දි රජතුමා මොන මොනවදො කියන්න උත්සාහ කළා.
මේ ඔක්කොටම ගත වුණේ විනාඩි දෙක තුනයි.
.++++
.
පොඩ්ඩ වෙලාවකට සන්සුන් වෙලා තිබ්බ රාජසභාව ආපහු සැරයක් ගාලගෝට්ටියක් වුණා.
.
"දැන් එතකොට අපිට රජෙක් නැද්ද ? "
තරුණ ඇමති කෙනෙක් අලුත්ම තත්වය ගැන හැමෝගෙම අධානය යොමු කෙරෙව්වා
.
"මෙතන ඉන්න මහතම කෙනා මම. ඒනිසා රජකමට සුදුස්සා මම තමයි"
මහ ඇමති කිව්වා.
.
"ඔබතුමා පෘෂ්ටිමත් වැඩියි. සිංහාසනේ සයිස් එක ඔබතුමාට වාඩි වෙන්න ප්‍රමාණවත් නෑ"
විරෝධතා එල්ල වුණා
.
"මෙතන හොඳටම කළේ මම. ඒ නිසා මමයි රජකමට සුදුසු"
මහ සෙනෙවි තුමා රජකමට තමන්ගෙ සුදුසුකම් ප්‍රකාශ කළා
.
"හොඳට හිටියි හැම වෙලාවෙම බඩේ අමාරුව හැදිලා වැසිකිළි දුවන බඩේ අමාරුකාරයෙකුට රජකම දුන්නොත්"
හැම අතින්ම විරෝධතා එල්ල වුණා.
.
"මමයි රජා"
"මම තමයි රජකමට සුදුසු"
"මට තමයි රජ ඇඳුම් හොඳටම ගැලපෙන්නෙ"
"එහෙම බෑ මම තමයි ඉස්සෙල්ලම රජකම ඕනි කිව්වෙ"
.
හැමෝම රජකමට පොරකන්න පටන් ගත්තා.
.
"මේ මේ. ඕකට ඔච්චර බෙරිහන් දෙන්න ඕනි නෑ.
රජකමට සුදුස්සා දැනටමත් සිංහාසනාරූඪ වෙලා ඉන්නවා"
රාජ සභාවේ කවටයා සිංහාසනයට අත දික් කරලා පෙන්නුවා.
.
"හැබෑමයි"
"ඒක ඇත්ත"
"සිංහාසනේටම ගැලපෙන තේජසක් තියෙනවා"
හැමෝම ඒකමතිකව එකඟ වුණා.
.
"රාජ ඤාව් රාජෝත්තමයට ජය ශ්‍රී !!!"
හැමෝම අලුතින් පත් වුණු රාජ ඤාව් රාජෝත්තමයව අභිවන්දනය කළා.
.
"ඤාව් ඤාව් ඤාවෝ"
රාජ ඤාව් රාජෝත්තමයා රාජ සභාවෙ ආචාරය පිළි ගත්තා.
++++
.
රාජ ඤාව් රාජෝත්තමය ලබා දෙන "ඤාව් ඤාව්" රාජ නියෝග අර්ථ නිරූපණය කරන්න වියත් මණ්ඩලයක් පත් කෙරුණා. වියත් මණ්ඩලය සාකච්ඡා කරල "ඤාව් ඤාව්" රාජ නියෝගවලට රටට ගැලපෙන හොඳම විදිහට අර්ථ නිරූපණය ලබල දුන්නා.
.
ඉඳල හිටල සූරනවා හපනවා ඇරෙන්න රාජ ඤාව් විධායකයෙන් රටේ පාලන කටයුතු වලට අනවශ්‍ය බළල්පෑම් එල්ල වුණේ නැති නිසා රටේ පාලන කටයුතු දැහැමෙන් සෙමෙන් සාමූහික සාකච්ඡාවෙන් සිද්ධ වෙලා රට දියුණුවෙන් දියුණුවට පත් වුණා.
.
"අන්න වාසනාවන්ත රටවල්.
ඕනි ඤාව්වෙකුට ඒ රට පාලනය කරන්න පුලුවන්"
ඒ රටේ දියුණුව , සමෘද්ධිය දැකපු අනිත් රටවල් වල මිනිස්සු බොහෝම ඉරිසියාවෙන් කිව්වා.
.