Tuesday, June 29, 2010

හාවෝ නයෝ සහ කුරුල්ලෝ


ලංකාවෙ අගනුවරට ජයවර්ධනපුර කියන නම ලැබුනේ කොහොමද කියලා දන්නවා ඇතිනෙ. සමහරුනම් කියනවා ජේ ආර් ජයවර්ධන ජනාධිපති සීයා තමන්ගේ නමෙන් ලංකාවෙ අගනුවර නම් කළා කියලත්. ඒ වුනාට ජයවර්ධනපුර කියන නම රජකාලෙ ඉඳන්ම තිබිලා තියෙනවා.

දියවන්නා නදිය අසළ තිබෙන ජයවර්ධනපුරය ගැන සැළලිහිණි සංදේශයේ වර්ණනා කරන්නෙ මෙහෙමයි.

පොහොසද්දන ඇති තුනුරුවන බැති   පෙමා
මුළුවද්දන සුරපුර පිරි සිරින්               හැමා
ජයවද්දන කැරුමෙන් සුසැදු තම          නමා
ජයවද්දන පුරවර දනු මිතුරු                තුමා

සැදි රත තඹර පෙළ රන තිසරුන්       රුවැති
විදි දිය දහර ලෙළ දෙන දිගු නරු        පටැති
රැඳි රළ රළැති හොය දියවන්නා        නමැති
ඇඳි පුර අඟන පටසළු සිරි රැපැයි           නිති

නයින් විසින් මුගටියන් පරාජය කරන, මුවන් විසින් දිවියන් පරාජය කරන මීයන් විසින් පූසන් පරාජය කරන ආදී ලෙස දුබලයන් විසින් ප්‍රබලයන් පරාජය කරන  ජය භූමියක් නිසා ජයවර්ධනපුරය  ඒ නමින් නම් කළා කියලයි කියන්නේ. 

පහළින් තියෙන වීඩියෝ දෙකේ තියෙන්නෙත් ඒ වගේ ජයභූමි. පළවෙනි වීඩියෝ එක අහිංසක හාවෙක් නපුරු නයෙක්ව පරද්දන දර්ශනයක්. දෙවෙනි වීඩියෝ එක අහිංසක කුරුල්ලො නපූඌඌරු සත්තු ජාතියක් පරද්දන දර්ශන පෙළක්.

 

සාමාන්‍යයෙන්නම් අපි දන්නේ නරියා සහ හාවාගේ කතානේ.  
ඒ වුනාට මේ කතාව නයා සහ හාවා

  

කුරුල්ලන්ගෙන් ප්‍රවේශම් වන්න !!!

[ 29 - Jun - 2010 ]

8 comments:

RanDil said...

මොනවා වුනත් මට නම් හිතෙන්නේ දුබලයා ප්‍රබලයාව පරදනවා නම් ඒක ජය භූමියක් නොවෙයි පරාජය භූමියක්. අනේ මන්දා මේක මට විතරයි හැමදාම හිතුනේ. අනිත් අය මං කිව්වාම ඊට විරුද්ධව තමයි කථා කරන්නේ

කතන්දර Kathandara said...

Check again Chanaka:

The official capital of Sri Lanka is JayawarDEna Pura. This is not the JayawarDHAna Pura that existed during Portugese invation.

හා පැටික්කි (MS) said...

ඒ හාව තමා දවසකටවත් හාවා........... :)

Hasitha Gunasinghe said...

අබුද්දස්ස කාලේ නිසා වෙන්න ඇති මෙහෙම ජාති වෙන්නේ :)

Chanaka Aruna Munasinghe said...

@ RanDil

ඔයා කියන කතාවනම් ඇත්ත තමයි. ඒ වුනාට "ජයභූමි" කියන වචනෙ define කරල තියෙන්නෙ අරෙහෙමනෙ.

අපේ පාර්ලිමේන්තුව තියෙන්නෙ ඔය වගේ තැනක වෙන්න ඇති. ඒකනෙ දක්ෂ අය පරදින්නේ.
===============

@ කතන්දරකාරයා

Both "JayawarDEna Pura" and "JayawarDHAna Pura"
spell as ජයවර්ධනපුර in Sinhala.

කෝට්ටේ රාජධානියේ ජයවර්ධනපුරයත් තිබිලා තියෙන්නෙ කොළඹ අවටමයි. කොළඹ වරායෙ ඉඳන් කාලතුවක්කු සද්ද ඇහෙන දුරක වෙන්න ඕනෙ "පරංගියා කෝට්ටේ ගිය" කතන්දරේ හැටියටනම්. සැළලිහිණි සන්දේශයේ හැටියට දියවන්නාව කිට්ටුව වෙන්නත් ඕනෙ. සමහර විට ඒ කාලෙ දියවන්නාව දැන් දියවන්නාව නෙවෙයිද දන්නෙ නෑ.

Any way I am not sure these two are two different cities or same. I was in idea that both are same. If you know please give me more details.

Chanaka Aruna Munasinghe said...

@ හා පැටික්කි (MS)

ඔන්න හා පැටික්කිට ආදර්ශයට ගන්න හාවෙක්.
හා පැටික්කිත් ලොකු වුනාම ඔය වගේ නිර්භීත හා හා ළඳක් වෙන්න.

==============
@ Hasitha

මේක අබුද්දස්ස කාලයක් නෙවෙයිනෙ.
අබුද්දස්ස කාලයක් කියන්නෙ බුද්ධ ශාසනය ලෝකෙන් තුරන් වෙලා ගිය කාලෙකට

Hasitha Gunasinghe said...

බුද්ධ ශාසනේ තුරන් වීමත් එක්ක නේද ලෝක විනාසේ වෙන්නේ ? එතකොට අබුද්දස්ස කාලයක් ඉස්සරහට එන්න විදිහක් නැද්ද අයියා ?

Chanaka Aruna Munasinghe said...

@ Hasitha

ඉස්සරහට එයි. දැන් ලබු තිත්ත වේගන එන්නෙ

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D