Thursday, November 27, 2008

ජනතා විමුක්ති පෙරමුණත් හිටපු ත්‍රස්තවාදියෝද?


මගේ "නොවැම්බර් 26 මහවිරු සමරුව" කියන පෝස්ට් එකට මෙන්න මේ වගේ comments ටිකක් වැටිල තිබ්බ.ඉතින් ඒක ගැන පැහැදිලි කිරීමක් මේ.

comments

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් තුමාම තමයි කිවුවෙ එයාල ඉස්සර ත්‍රස්තවාදියො, හැබයි දැන් ප්‍රජාතන්ත්‍රවාදයට ඇවිල්ල ඉන්නව කියල. එයා කිවුව කොටින්ටත් ඒ වගේ ප්‍රජාතන්ත්‍රවාදයට එන්න කියල (කරුණා, පිල්ලෙයාන් එහෙමත් ආව වගේ ).

හැබැයි ජනතා විමුක්ති පෙරමුණ තවම ටික ටික ත්‍රස්තවාදී වැඩ කරනව. විශ්ව විද්‍යාල වල ගොඩාක්ම. එයාල කියන්නෙ එයාල කියන විදිහට වැඩ කරන්නෙ නැති අයට විශ්ව විද්‍යාල වල ඉන්න බැහැ කියල.එයාල කියන්නෙ එයාල තමයි විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගෙ එකම නියෝජිතයා කියල.

කොටිත් දෙමළ ජනතාව ගැනයි උතුරු නැගෙනහිර ගැන ඔය වගේම දෙයක් නේද කියන්නෙ ?

[ 27 - Nov-2008 ]


20 comments:

සරත් ගුණතුංග said...

1971 අරගලය කාලෙ මම නුවර ඉස්පිරිතාලෙ වැඩ කලේ. එතකොට මේ වගේ දේවල් මට අහන්න ලැබුණා.

තුවාල වෙලා ආපු ආමි මේජර් කෙනෙක් ෆ්‍රේසර් (ගෙවන වාට්ටුව ) හිටිය. මිනිහ ජනෙල් දොරවල් වහගෙන කාමරේ බයෙන් හිටියෙ. එයා කිව්ව ඕඩර්ස් තිබුණෙ "dont bring any prisoners" කියලලු. ඔක්කොටම වෙඩිතියන්න කියලලු. ඒ තරුණ සිංහල කොල්ලො, මොකද්ද වැරැද්ද? වෙන අන්දමේ ආණ්ඩුවක් ගැන ප්‍රජාතන්ත්‍රවාදී රටක හිතාපු එක. උන් ආයුධ අතට ගත්තෙ හොඳින් වැඩක් කරන්න ඉඩක් දුන්නෙ නැති හින්දලු. එහෙම කිව්වෙ තුවාල වෙලා නමුත් වෙඩි කෑවෙ නැති සාමාන්‍ය වාට්ටුවෙ හිටිය තරුණ කොල්ලෙක්. රෑට වාට්ටුවට ගියාම ඒ ලමය මට නොයෙක් කතා කියල තියෙනව. සමහර දේවල් හරිම දාර්ශ්නිකත්වයකින් යුක්තයි. එක සැරයක් මට කිව්ව, මහත්තයෝ මේ රටේ දෙශපාලනේ ක්‍රිකට් ගේමක් වගෙයි කියල. එක පාරක් බෝලෙ ගහපුවම බෝලෙ වැටෙන්නෙ බෝතලේ වලව්වෙ, අනෙක් පාර ඒක වැටෙන්නෙ හොරගොල්ලෙ වලව්වෙ කියල.............!

Anonymous said...

JVP එකේ හිටියේ උපාසක මහත්තුරු. ඒ දවස් වල අපිට නවගුණ වැල එක අතකිනුයි ගල් කටස් එක එක අතකිනුයි අරගෙන ඇවිල්ලා බණ කියලා එවෙලෙම දිවිය ලෝකෙට යන්න ඩෝං කියලා පත්තු කළේ. කොච්චර ගුණ යහපත් මහත්තුරුද?

සිංහලයො කවද්ද ත්‍රස්තවාදීන් උනේ. ඔක්කොම ජඩ වැඩ කළෙ පර දෙමළු මිසක. ඔක්කොම දෙමළු මරලා දැම්මම ප්‍රශ්නේ ඉවරයි. නැත්ද?

Anonymous said...

[quote] ඒ තරුණ සිංහල කොල්ලො, මොකද්ද වැරැද්ද? වෙන අන්දමේ ආණ්ඩුවක් ගැන ප්‍රජාතන්ත්‍රවාදී රටක හිතාපු එක. උන් ආයුධ අතට ගත්තෙ හොඳින් වැඩක් කරන්න ඉඩක් දුන්නෙ නැති හින්දලු.[unquote]

සරත් ගුණතුංග මහත්තයෝ, මේ ක අපූරු තර්කයක්නේ. යම් ප්‍රශ්නයක් නිසා සිංහල කොල්ලො ආයුධ ගත්තහම උන් සාධාරණීකරණය කරන්න ඕනේ තරම් ඉන්නවා. ඒ ටිකම දෙමළ කොල්ලො කළාම උන් වැරදියි. ජාතිවාදය නොවේ නම් මොකද්ද මේ?

සිංහලුන්ට වැඩක් නොකළ බෝතලේ හොරගොල්ලේ හොරු දෙමළුන්ට වැඩක් කළා කියලද ඔබතුමා කියන්නේ?

[quote] එයා කිව්ව ඕඩර්ස් තිබුණෙ "dont bring any prisoners" කියලලු. ඔක්කොටම වෙඩිතියන්න කියලලු.[unquote]

අදත් LTTE එක සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නෙ මේ ප්‍රතිපත්තියම තමා. ඇයි ඔබ තුමා ඒකට පක්ෂ?

ඔබතුමාගෙ ඔය කරුණාව සිංහල කොල්ලන්ට විතරද?

සරත් ගුණතුංග said...

@ sagara නෑ, නෑ මම කාටවත් පක්ෂව නෙවෙයි කතාකලේ, මම කිව්වෙ මට ඇහුන දෙයක් පමණයි. නිගමනයක් දීල නැහැ. නිගමනය කරල තියෙන්නෙ ඔබතුමා නේ. දේශපාලනේ කතාකරන එක මේ සංසදයට හිතකර නැහැ කියල පසුගිය කාලෙ මම යෝජනාවක් ගෙනාව, නමුත් ඒක නිෂ්ප්‍රභා වුනා. ඊට පස්සෙ මට ඇහුන දේවල් ඇහුන කියනව මිසක් මම අද්හස් ප්‍රකාශ කරන්නෙ නැහැ. මෙතන වුනත් මම කිව්වෙ, 'මෙලෙසින් මම අසාඇත' යන්න පමණයි.

සු said...

මේකත් අමුතු දෙයක්.

-පිල්ලෙයාන් පරිපාලනේට ආවා.. කවුද පරණ ඒව ගැන කියන්නෙ ?
-කරුණා පාර්ලිමේන්තු ආවා.. කවුද හොර වැඩ, මිනී මැරුම්, පැහැර ගැනීම් ගැන අහන්නෙ ?
-ප්‍රභාකරන්ට සාකච්ඡාවලට අඬ ගහනවා
-ජේ.වී.පී.ය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ආවා..එදා ඉඳන් මොන වැඩේ කරන්න ගියත් පරණ ඒවා ඇදලා පාගලා දානවා..

ඕක තමා සිංහලයින්ට වෙලා තියෙන්නේ.. හැමදාම එකතැන ඉන්නේ ඕක තමයි. අද කවුද පාර්ලිමේන්තුවේ කතා කරන්න ඉන්නේ.. විපක්ෂ නායකයා කියන්න ඕන ඒවා මංගලයි, ඉඳ හිට හරි ජේ.වී.පී. එකයි කියනවා..නමුත් එයාලා සුලු පක්ෂ නිසා වැඩක් වෙන්නේ නෑ. විපක්ෂය බුදි. මේ පාර යන්තන් ආවේගශීලී කතාවක් කළ විපක්ෂ නායකයා එළියට ඇවිත් හරියට කම්පා වුණා..වැරදි දෙයක්ද කිවුවේ කියලා..

මේ මිනිස්සුන්ට බුදු බණවත් මතක නෑ..ඇඟිලි තියෙන්නේ උරුක් කර කර ඉන්න විතරයි තමා කියලයි හිතන් ඉන්නෙ..

‍ඔහොම කවුද ත්‍රස්තවාදියා කිය කිය අහ අහ ලේබල් ගගහ ඉන්න. ඒක හරිම සනීප වැඩක්නෙ.
දන්නෙම නෑ අන්තිමට තමන්ට මොකක් වෙයිද කියලාවත්...

Anonymous said...

@ගුණතුංග මහත්තයෝ, සමාවන්න.

එක ප්‍රශ්නයක්. යුද්ධයෙන් තුවාල වෙච්චි LTTE ත්‍රස්තවාදියෙකුට හෙම ඔබතුමා වෙදකම් කරලා නැත්ද හැබෑටම? නැත්නම් කලබල වලට අහුවෙච්චි දෙමල මිනිහෙකුටවත්?

ප්‍රශ්නයෙ එක පැත්තක් විතරක් පෙනෙන පරිදි විස්තර කරනකොට අපට හිතෙන්නේ ඔබතුමාත් එක ස්ථාවරයක ඉන්නා බවයි.

සරත් ගුණතුංග said...

ඔය LTTE කලබල එන්න ඉස්සෙල්ල ලංකාවෙ දේශපාලුවෙක් මගේ ඇට පොඩිකරනව කිව්ව. කිහිප තැනකදි මාව කොටුකරගන්නත් හැදුව. මම පැදුරටවත් නොකිය පැනල ආව.

Anonymous said...

සූ, මා ඔබ කියන්නට 100% එකඟයි. කවුරුන් හෝ තමා කළ වැරදි වටහාගෙන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එකඟ වේ නම් අප ඔවුන් කළ වැරදි තරමකට හෝ අමතක කොට ඔවුන්ට අවස්ථාව ලබාදිය යුතුයි. නමුත් එය හැම දෙනාටම පොදු විය යුතුයි. JVP එකට දුන් අවස්ථාවම LTTE එකට ලබාදිය යුතුයි.

අද ප්‍රශ්නය වී ඇත්තේ එකට සාකච්ඡා සඳහා ඇරයුම් කිරීමට වත් දේශපාලන විසඳුමක් නොමැති වීමයි. කිසිම ත්‍රස්තවාදී ව්‍යාපාරයක් එක මොහොතකින් සටන් නවත්වා දේශපාලනයට පිවිසෙන්නේ නෑ. ඊට අවශ්‍ය පදනම අප ගොඩ නැඟිය යුතුයි. කරුණා හා පිල්ලෙයාන් පවා තාමත් අවි බිමදමා නැහැ. විසඳුමක් සඳහා අපේ පැත්තෙන් ඉටු වියයුතු දේ නොකොට අනෙකාට පමණක් වරද පටවමින් සිටීම සාධාරණ නෑ.

Chanaka Aruna Munasinghe said...

මට කියන්න ඕනැ උනේ ජනතා විමුක්ති පෙරමුණ තවම ටික ටික ත්‍රස්තවාදී වැඩ කරනව කියල. ලංකාවේ විශ්ව විද්‍යාල වල තියෙන ප්‍රශ්න වැඩි හරියකට හේතුව ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්තවාදී ප්‍රතිපත්ති. මමත් ජනතා විමුක්ති පෙරමුණේ විශ්ව විද්‍යාල ත්‍රස්තවාදයෙන් පීඩාවට පත් වෙච්ච කෙනෙක්. .

ජනතා විමුක්ති පෙරමුණේ පරණ දේවල් මම දන්නෙ නැහැ. ඒකෙ ලේකම් තුමාම තමයි කිවුවෙ එයාල ඉස්සර ත්‍රස්තවාදියො කියල. හැබයි තවම ඒ පරණ පුරුදු ටික ටික ඉතුරුයි වගේ.

Anonymous said...

{quote}එයාල කියන්නෙ එයාල කියන විදිහට වැඩ කරන්නෙ නැති අයට විශ්ව විද්‍යාල වල ඉන්න බැහැ {unquote}

එතකොට අපි ඉන්නේ!!

Chanaka Aruna Munasinghe said...

[quote] එතකොට අපි ඉන්නේ!! [/quote]


ඉතින් එහෙනම් ඔය ඩග්ලස් දේවානන්දල,ආනන්ද සංගරීල එහෙමත් ඉන්නෙ. හිටියට හැම වෙලාවෙම මරාගෙන කන්නමනෙ බලන්නෙ.

විශ්ව විද්‍යාල වලත් ඒ වගේ ඉන්නවා. හිටියට ත්‍රස්තවාදීන්ගෙන් හැම වෙලාවෙම තර්ජන. හොස්ටල් වල නිදහසේ ඉන්න දෙන්නෙ නැහැ. කැන්ටීන් වල නිදහසේ කන්න දෙන්නෙ නැහැ. ඒ වගේ නොයෙකුත් තර්ජන. අමානුෂික පහරදීම් පවා කරනවා.

මමත් හිටියා. මම අත්දැකීමෙන් කියන්නෙ.

Anonymous said...

ඇත්ත. විශ්ව විද්‍යාලයක (හෝ රටක ) ජීවත් වෙනවා කියන්නේ හැමෝටම ඔලුව නමාගෙන නෝන්ජල් විදිහට ඉන්න එකට නෙවෙයි. කාටත් නිදහසේ තමන්ට ඕනේ විදිහට මූලික අයිතිවාසිකම් වලට බාධා නොවෙන විදියට ඉන්න තියෙන්න ඕනේ.

අද කොළඹ ඉන්න දෙමළ ජනතාව බහුතරයක් ජීවත් වෙන්නෙත් හරියට විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ජෙප්පන්ට බයේ ජීවත් වෙනවා වගේ තමයි.

Anonymous said...

විශ්ව විද්‍යාල වල ජවිපෙ ප්‍රජාන්ත්‍රවාදය ගැන හොයන්න පොඩ්ඩක් ඇතුලට බැහල හොයල බලන්න. එතකොට anonymous සහෝදරයට ඇඟ හිරි වැටෙන කතා අහගන්න පුලුවන් වෙයි.

මට නම් සරලවම 89 ත්‍රස්තවාදයක් තමයි. ඒකට මුල් වෙච්ච සමාජ පසුබිම් වෙනම දෙයක්.

Anonymous said...

[quote] එතකොට අපි ඉන්නේ!! [/quote]
නපුංසකයෙක් වගේ $$ දිදී නැමිල හිටියොත් ඉන්න පුළුවන්.
මටත් අවුරුදු තුනක විශ්ව විද්‍යාල අත්දැකීම් තියෙනව.
විශ්ව විද්‍යාල ඇතුලෙ ත්‍රස්තවාදය නෑ කියනවනම් මම පෙන්නන්නම් මගේ බ්ලෝග් එකේ දාල මගේ අත්දැකීම්.
මල්ලිල අකමැති නැත්තං නම් ගම් එක්කම දාන්න පුලුවන්.

පිටස්තරයා said...

මේ විදියට විශ්ව විද්‍යාල වලට ගරහන එක හොඳ නෑ නේද? විශ්ව විද්‍යාල තුල JVP විතරක් නෙවෙයි අනිත් දේශපාලන පක්ෂ වලත් ප්‍රචන්ඩ ක්‍රියා වෙනවා. විශ්ව විද්‍යාල වලට බනින්නේ නැතුව විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ දේශපාලන පක්ෂ වල සහය පතන්න හේතුව වෙනම කතා කලොත් හොඳ නැද්ද...

මම දේශපාලණිකරණය නොවෙච්ච පීඨයක ඉන්නේ... ඒක නිසා මට ඒ සම්බන්ධ සිද්ධි ගැන තේරුමක් නැති වෙන්න පුළුවන්... ඒත් විශ්ව විද්‍යාල ප්‍රචන්ඩ ක්‍රියා පිරිච්ච තැනක් හැටියට හුවා දක්වන එක වැරදියි කියලයි මම කියන්නේ.. සමාවෙන්න මාතෘකාවට අදාල නැත්නම්...

Anonymous said...

@ චමිල

ඇත්ත එළියට ආපු එක ගැරහීමක් හැටියට මම නම් දකින්නෙ නෑ. මොකද පිත් ඔ්ක ඇතුලෙ හිටිය නිසා. මේ විවේචනය කරන්නෙ වැරදි හදා ගන්න මිසක් අපේ වි.වි ශිෂ්‍යන්ට බනින්න නෙවෙයි.

Anonymous said...

අර කැළණියෙදි ක්‍රිස්ටෝපර්ව මරපු කෙනා මොන පක්ෂෙද?

පිටස්තරයා said...

වැරදි හදාගැනීමට දැන්වත් කටයුතු කරනවානම් ඉතා හොඳයි....

ඒත් මේ post එක කියවන විශ්ව විද්‍යාලයකට යන්න ඉන්න කෙනෙක් හිතෙන්නේ මොනවගේ දේවල්ද? විශ්ව විද්‍යාල උපාධිධාරීන් තම ආයතනයට බඳව ගන්න බලාගෙන ඉන්න ප්‍රධානියෙකුට මොනවද හිතෙන්නේ? විශ්ව විද්‍යාල පද්ධතියේ ප්‍රතිරූපයට හානියක් මෙතනින් වෙන්නේ නෑ කියලා ඔබ කියනවද?

ඔබ විශ්ව විද්‍යාල උපාධිධාරියෙකු ලෙස ඔබගේ විශ්ව විද්‍යාල පද්ධතියේ ප්‍රතිරූපයට දැන හෝ නොදැන හානියක් කිරීම හොඳ නැති බවයි මගේ අදහස. මෙම post නිසා විශ්ව විද්‍යාල සිසුන් මැරයින් ලෙස එක් අයෙකු පිළිගතහොත් එයින් උපාධිධාරීන් කී දෙනෙකුට රැකියා අහිමි වෙයිද? (මම තාම ඉගෙන ගන්න නිසා මේ නිකන් paranoid වෙන්න පුළුවන්)

වැරදි හදාගැනීම ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. ඒත් එක කරන්න කලින් මූණේ දැළි ගාගෙන හිටියොත් කොච්චර හොඳ වුනත් වැඩක් නෑ.

වැදගත් : Anonymous යනුවෙන් comment දැමීම දැන් දැන් වැඩි වෙමින් පවතිනවා. මෙච්චර බ්ලොග් කියවනවානම් අඩුම තරමේ ඊමේල් එකක්වත් නැද්ද? අදහස් ප්‍රකාශ කරන්නේ තිරයක් පිටිපස ඉඳගෙන නම් ඒ අදහස් වල විශ්වසනීයත්වය කෙතරම් ද? තමාගේ අදහස පිළිබඳ වගකීම තමා පිට මිස නන්නාඳුනන අයෙකුට නොපැවරිය යුතුයි.

Chanaka Aruna Munasinghe said...

[quote]වැරදි හදාගැනීම ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. ඒත් එක කරන්න කලින් මූණේ දැළි ගාගෙන හිටියොත් කොච්චර හොඳ වුනත් වැඩක් නෑ.
[/quote]

ලෙඩා මළත් බඩ සුද්ධයි වගේද?

Anonymous said...

lankawe nidahas adyapanaya rakila thiyenne nidahas ekai unp nisai e nisa jeppo elawa damiya yuthuya ewita anagatha parapurata nidahase adyapanaya labiya haka

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D