මේ චූටි හතරැස් කෑල්ල
කොයි වෙලේ හරි ට්‍රීං ට්‍රීං ගාලා
මගේ හිත අවුල් කරයිද කියල
මම හරිම බයෙන් ඉන්නෙ
ඇල්බට් අයින්ස්ටයින් කියල තියෙන්නෙ මේ ලෝකෙන් මී මැස්සෝ වඳ වෙලා ගියොත් එයින් අවුරුදු 4ක් ඇතුළත මිනිස්සු වඳ වෙලා යනවා කියලා. පරිසර පද්ධති වල බිඳ වැටීම නිසා මේ කියන දේ ඇත්තටම වෙන්න පුළුවන්.මී මැස්සන්ට අද තියෙන ප්‍රධානම තර්ජනයක්ලු ජංගම දුරකථන සඥා. ඒවා මී මැස්සන්ගෙ ගමන් මාර්ග හඳුනා ගැනීම් වලට බාධා කරනවලු.
ජංගම දුරකථන නැති මීමැස්සො පිරිච්ච ලෝකයක් විශ්වයේ අනිත් කෙළවර තියෙනවා. ඒ ලෝකෙ මිනිස්සු පණිවිඩ හුවමාරු කර ගන්නෙ ටෙලිපති ක්‍රමයෙන්.
අයිසැක් ඇසිමෝව්ගෙ දෙවෙනි පදනම කියවපු අයනම් දන්නව ඇති විශ්වයේ අනිත් කෙළවර හොයා ගත්තෙ කොහොමද කියලා. ඒකට යොදා ගත්ත ඉඟි වැකිය තමයි "වෘත්තයකට කෙළවරක් නෑ" කියන එක. කාලය සරල රේඛීය දෙයක්. සරල රේඛීය සඥාවක් සංඛාත විෂයයට රූපාන්තර කළාම ඒක වෘත්තාකාර වෙනවා (Transform to Frequency domain). හීරෝ නකමුරා කාල අවකාශය වක්‍ර කලේ ඒ විදිහටද ?
අතීතය වර්තමානය අනාගතය හා පිහිටලා තියෙන්නෙ සම ද්විපාද ත්රිකෝණයකලු. ඒ කියන්නෙ අතීතයේ ඉඳන් වර්තමානය හරහා අනාගතයට යනවට වඩා ඉක්මනින් අතීතයේ ඉඳන් අනාගතයට යන්න පුළුවන්ලු. බර්මියුඩා ත්‍රිකෝණය කියන්නෙ සම ද්විපාද ත්‍රිකෝණයක්. හැබැයි විශ්වයේ අනිත් තැන් වලට වලංගු ත්‍රිකෝණමිතික අනුපාත බර්මියුඩා ත්රිකෝණෙදි අවලංගු වෙනවා. ගුවන් යානා , නැව් වලට පාර හොයා ගන්න බැරුව මංමුලා වෙන්නෙ ඒකයි.
අනන්තයට යන පාර දිගේ යනකොට මංමුලා වුණොත් පාර අහ ගන්න වෙන්නෙ ප්රාග් ඓතිහාසික කුරුමිණියෙක්ගෙන්. ඩයිනසෝරයො කොච්චර හිටියත් උන් පාර දන්නෙ නෑ.
ඩයිනසෝරයො වඳ වෙලා ගියෙත් ජංගම දුරකථන හින්දා. ඩයිනසෝරයො ලොකු ලොකු සයිස් ජංගම දුරකථන පාඉච්චි කරපු හින්දා මී මැස්සො තරහ වෙලා හඳට ගියා. හඳේ ආවාට හැදිලා තියෙන්නෙ මී මැස්සො ජනාවාස හදපු තැන්. ඩයිනසෝරයො වඳ වෙලා ගියාට පස්සෙ මී මැස්සො ආයෙමත් පෘතුවියට ආවා. ඒ වුණාට හඳේ ගුරුත්ව බලයයි ආන්තරීක්ෂ කිරණ වල බලපෑමයි හින්දා මී මැස්සො හිටපු ප්‍රමාණයෙන් 1/1.61803399 වෙනකම් පොඩි වෙලා ආපහු පෘතුවියට එනකොට.
[ 23 - Jul - 2011 ]
41 comments:
හහා .... මකරාගෙන් ආයෙත් එල පෝස්ට් එකක්.
සිනා...මකර මී මැස්සා... :-)
"ඩයිනසෝරයො වඳ වෙලා ගියෙත් ජංගම දුරකථන හින්දා"
ඇහ් මීට අවුරුදු මිලියන 65කට විතර ඉස්සර ෆෝන්?
ඒකාලේ තිබ්බ ෆෝන් හරී ලොකූ එවුවා වෙන්න ඇති නේද ?
හරිනේ ඉතින් ඩයිනසෝරයො ඇගේ හැටියට එපැයි ජංගම දුරකථන පාවිච්චි කරන්න..එකනේ ඉතින් ලොකු සයිස් එව්වා පාව්ච්චි කරන්න ඇත්තේ..මී මැස්සා ඇවිල්ලා පොඩ් එකා නේ..පොඩි එකා පොඩි එකා විදියට ඉන්න ඕනේ..නැද්ද මං අහන්නේ...
අයින්ස්ටයින් කිව්වා නම් ඕං අයෙ අහන්න දෙයක් නෑ! මට නම් තේරුණේ නෑ
ඇසිමොව්ට කලින් බුදු හාමුදුරුවො විශ්වය ගැන කිව්වළු නේද?
අනේ ඔයා හඳට යනකොට අපිටත් කියන්න හොඳේ
මකරු දන්නෙත් නැද්ද ආයෙත් එන පාර...
බලලා තියෙනවද හඳේ මකරෙක් කියන නාට්‍යය..??
අඩේ...මකරත් හීරෝස් ෆෑන් කෙනෙක් බව මං දැනං උන්නෙ නෑනෙ.. හිකිස්...
මං හිතන්නේ මකරා පීඇච්ඩී (PHD=Permanent Head Damage) වෙන්න කාලේ හරි වගෙයි.
//හැබැයි මමනම් හඳට ගියොත් ආයෙ පෘතුවියට එන්නෙ නෑ නෑ නෑ නෑමයි//
එනකොට මකරටත් අර මීමැස්සන්ට උනදේම වෙලා තියන හන්දා ආපහු මෙහාට ගන්න එකකුත් නෑ...:)
ලස්සන පෝස්ට් එකක් මකරෝ...හැබැයි මේ ලෝකේ දෙයක් තේරුනේ නෑ මොබයිල් ෆෝන්වල සයිස් ඇරුනු කොට...:D
එල පෝස්ට් එකක්.
එතකොට මකරු වඳ වෙලා ගියේ කොහොමද ? අච්චර මකරු වඳ වෙලා ගියත් බ්ලොග් ලියන එක මකරෙක් ඉතුරු උනේ කොහොමද ?
මට මේවා තමා ප්‍රශ්න !!!!
පික්ෂු නැත්තං චෝයි මකරා..:D
එක අතකින් බලපුවාම උඹට නෙවෙයි මටයි පික්ෂු...
සිංගපූරුවේ පාරක් දිගේ යද්දී කවුරුහරි චීනෙක් පොල්ලකින් ගහල මකරාගේ ඔලුවේ හැඩය සමපාද ත්‍රිකෝණයක හැඩය අරගෙන වගේ...
මකරයියා හඳට ගියොත් හදේ හාවව පන්නවද?
හැක් හැක් පට්ටයි මකරෝ ආ මේ එතකොට හාවා හදට ගියේ මොන ලෝකෙන්ද (ඌ තාමත් පට්ට සයිස්නේ)
මේ පෝස්ට් එක නිකං අර මොඩර්න් අර්ට් එකක් වගේ! ඔය උඩින් කමෙන්ට් කරල තීන්නෙ හොඳට තේරුන එකෙද කොහෙද?
oluwa koheda wedunee
නියමයි මකරයියේ ....... එළ කිරි ..................
කසු කිව්ව වගේ පොඩ්ත්තක් බලහං උඹලට PHD එකක්වත් ලැබිලද කියල...
මටත් මේ ලෝකේ දෙයක් තේරුණේ නැහැ මකරෝ...
හැබැයි හොඳට ම තේරුණ කෙනෙකුත් නමක් නැතුව ම කමෙන්ට් කොරල තියෙන්නේ...
"1/1.61803399" මේකෙත් විද්‍යාව ගණිතය තියෙනවනේ මකරෝ.මටනම් මේක කියවපුවාම හදට යවල ගෙන්න ගන්න ඕන කිප දෙනක්ව හිතට ආවා.
මෙයාට මකරා කියන්නේන නිකන්ද :P
@JHOTHISHALANKA,
1.618 කියන්නෙ PHI නෙ.. විශ්වයේ තියෙන සුන්දරතම සංඛ්‍යාව.. The Divine Proportion... :)
හම්මෝ කොහොමෙයි ඔච්චර බොරු කියන්නෙ :P මැංචෝසන්ගෙ පරම්පරාවෙද ඔබතුමා? :P
හිතේ අමාරුව ඔච්චර උත්සන්න වෙයි කියලා මම හිතුවේ නෑ.
ලබන සැරෙත් ඡන්දෙ ඉල්ලල බලන්නකෝ...
මමත් නං හඳට ගියොත් ආයෙ එන්න අදහසක් නං නෑ මකරා.
මේකෙ වැදගත් කරුණ ඒක නෙමේ හැබැයි.
මේ ලිපිය ගැඹුරින් විශ්ලේෂණය කරන කෙනෙකුට විවාදයට තුඩු දීලා තියෙන කරුණක් ගැන යම්කිසි නිගමනයකට එන්න හේතුවක් හොයාගන්න පුලුවන්.
ඒක තමා එදා නීල් ආම්ස්ට්‍රෝන්ලා හඳට ගියෙ නැහැයි කියන එක.
ඒ ගොල්ල රොකට් එක ගාවට ගිහිං හඳට යනවා වගේ පෙන්නලා හොලිවුඩ් වලට ගියා කියන ඔප්පු කරන්න මී මැස්සෝ හොඳ සාක්ෂියක්.
අෆ්ෆට ශිරි! බුද්ධි අයියගෙ කතාව ඇත්තනෙ O.o
කොහෙන්දෑ අප්පේ මේව්ව හොයාගත්තේ?
ඩයිනෝසොර්ලත් කෝල් එකක් අරන් ඉවර වෙලා "එහෙනම් මම බහින්නම්" කියලද දන්නේ නෑ කිව්වේ!
මරුම මරු පොස්ට් එකක් මකරයියේ....පට්ට........
මකරා මී මැස්සෝ, ඩයිනෝසර්ලා ගැන ලියලා. එළ එළ.....
රජතුමාගේ ඇඳුම වගේ තමයි එල කිව්වට මේක ඇත්තද බොරුද කියල හිතාගන්නත් බැහැ ..මොනවා වුනත් ඩයිනොසර්ලගේ ෆෝන් නම් මගේ හිත ගත්තා . මුල් කාලේ ආව මොබයිල් ෆෝනුත් ඩයිනොසර්ලගෙන් වැටිච්ච එව්වා වෙන්න ඇති . මතකනේ ගඩොල් භාග තරම් .
මෙහෙ නම් මකරු ඉතින් දිව්‍ය ලෝකෙන් මෙහෙ ඇවිත් පදිංචි වෙලා .කැමති නම් කියවන්න මගේ පොස්ට් එකක් ඒ ගැන
http://nelumwila.blogspot.com/2011/06/blog-post_26.html
මෙහෙ මී මැස්සෝ ‘සූ ගාලා’ මැරිලා යනවා. මදෑ ... දැනටමත් පටන් අරගෙන එහෙනම්. :)
මාත් සුදු අප්පුහාමිත් මේ බලාගෙන ඉන්නෙ පිටසක්වලින් අපිව එක්කන් යන පියාඹන පීරිසය එනකම්. ඇසිමොව් පොත් කියෙව්වා සේරම. ඩග්ලස්ගෙ Hitchhiker's Guide to the Galaxy කොපියකුත් ළඟ තියාගෙන ඉන්නෙ!!
අපිත් ගියාම ආයි එන්නෙම නෑ නෑ නෑ මයි.
මේ ආර්ටිකල් එක මගේ හිතට ඇල්ලුවා ඒක නිසා මම මේක මට අවශ්‍ය තැන්වල දානවා ඔයාගේ නම් ගම් නොදා ! ඉන්ටර්නෙට් කියන තැනට
වෙහෙස මහන්සිවෙලා දෙයක් නිර්මාණය කරලා දැම්මයින් පස්සේ ඔයාට කොහෙන්ද ඒකට අයිතිවාසිකමක්. ඔය දේට කොපිරයිට්ස් කියාගෙන හිර
කිරීම් ඇති කරන ධනවාදය නිසා තමයි මේ සේරම ! අපිට ඉස්සරහට ටොරන්ට් එකකින් ෆිල්ම් එකක්වත් බාගෙන බලන්න නැතිවෙයි. එම්පීත්‍රී ෆයිල්
එකක්වත් තියාගන්න බැරිවෙයි. අනික උඹේ පෝස්ට් කොපි පේස්ට් කරලා දැම්මහම ඒක යටින් ලින්ක් එකක් දැම්මොත් අදාල සයිට් එකෙන් උඹේ
සයිට් එකට ට්‍රැෆික් එක එයි ඒක ඒ සයිට් එකට අසාධාරණයක්. ඒ නිසා උඹේ නමවත් ලින්ක්වත් දාන්නේ නැතුව අඩුම තරමේ වෙන කෙනෙක් ලිව්ව
එකක් කියලාවත් නොකිය උඹ ලියපු එකක් කියලා හොයාගන්න පුළුවං හැම දේම එඩිට් කරලා අයින් කරලා දාලා. මම උඹේ පෝස්ට් එළකිරි එකේ
මම ලියපුවා වගේ මගේ යූසර්නේම් එක යටතේ දානවා. කට්ටිය තෑන්ක්ස් තෑන්ක්ස් කිය කිය +රෙප් දෙනකොට මම බොහොම නිහතමානීව තව
තවත් ත්‍රෙඩ් එක බම්ප් කරනවා
මේ තියෙන්නේ උඹේ ජාතියෙම බ්ලොග් කාරයෙක්ටද කොහෙද මම ඇඩෙන්න පහර දුන්න හැටි. අනුංගෙ දෙයක් කොපි පේස්ට් කරලා දානකොට
ලින්ක් දාන්න බැරිනම් නමවත් දාන්න එහෙමත් බැරිනම් උපුටා ගත්තා කියලාවත් දාන්න කියාගෙන ආවම මම උට ඇඩෙන්න දුන්නා හික්ස්
http://www.elakiri.com/forum/showthread.php?t=1162900
(මේ දවස්වල එළකිරි එකේ සර්වර් එක ඕවර්ලෝඩ්වෙලා තියෙන්නේ උඹට බලාගන්න බැරිවෙයි ඕක ඒක නිසා ආවේ නැත්තං සතියකින් දෙකකින්
බලපං ඔය ත්‍රෙඩ් එක ඕක බැලුවම උඹලට තේරෙයි මම කියන දෙය)
ආත්මාර්තකාමී වෙන්න එපා කතෘ අයිතිය කියාගෙන ගොං පාට් දාන්න එපා ඔයා ලිව්වයි කියලා ඔයාගේ නම වත් ලින්ක් එකවත් අඩුම තරමේ මගේ
නිර්මාණයක් නෙවේ වෙන කෙනෙක් ලිව්ව ලිපියක් කියලාවත් දාන්න ඕනේ කියලා එකක් නැහැ මට ඕනේ නම් මම මට ඕනේ දෙයක් කරනවා අනික
මේ බ්ලොග් ලියන අය තමන්ගේ බ්ලොග් එකේ නම දැම්මාට උපුටගෙන වෙනත් තැනක පෝස්ට් එකක් දානකොට ඒකට යටින් එයාගේ නම ලියලා
එයාට ක්‍රෙඩිට් එක දෙනවට ඒ හැටි කැමැත්තක් නැහැ කියන එක මම හොදට අත්දැකපු දෙයක් ගොඩක් බ්ලොග් කරන අය තමන්ගේ අනන්‍යාතාවය
බ්ලොග් එකේදී ප්‍රසිද්ද කරාට ඒක එළකිරි වගේ තැන්වල දාලා මිනිස්සුන්ගෙන් පැසසුම් ලබන්න කැමති නැහැ ඒකත් එක හේතුවක් ලින්ක් දැමිල්ල
කෙසේ වෙතත් ලිව්ව කෙනාගේ නමවත් නොදා ඉන්න ! උඹට ඕනේ විදිහට අපි වැඩ කරන්නේ නැහැ ධනවාදී ආණ්ඩුවට කඩේ යන බූරුවෙක් නොවී
ඉදපං මචෝ හොදේ ඔන්න ප්‍රශ්ණ ඇතිවෙන්න කලින්ම කිව්වා මම මේක කොපි පේස්ට් කරලා දාන්නයි ඉන්නේ ඔන්න
- මම නම දාන්න කිසිම බයක් වෙන්නේ නැහැ මම එළකිරි එකේ Sweets-
@ Everyone
ප්‍රතිචාර දක්වපු හැම දෙනාටම ස්තූතියි
මොකක්ද මේ ඩයිනෝසර් ෆෝන් පාවිච්චි කල කතාව .....
හිහ් .. හිහ් ..
මට නම් මේ පෝස්ට් එක ටිකක් විතර අඤ්ඤකොරොස් .....
@ පන්සල් හංදිය
ඇයි හලෝ ඔය 70-90 දශකයෙ මැද කාලෙ තිබ්බ ගඩොල් භාග සයිස් ෆෝන් මතක නැද්ද ?
මීමැසෝ වද උනාම කොහොමද මිනිස්සු වඳ වෙලා යන්නේ කියන එක නම් මට හිතාගන්නම බෑ. ඒ වගේම ඩයිනෝසර්ලත් ෆෝන් පාවිච්චි කලේ කොහොමද කියලා හිතාගන්න බෑ.
@ මධුරංග
මී මැස්සො වඳ වෙනවා කියන්නෙ පරිසර පද්ධතියේ පුරුකක් නැති වෙනවා කියන එක. ඊට පස්සෙ මල් පරාගණය වෙන්නෙ නෑ. ගෙඩි හැදෙන්නෙ නෑ ....ඔහොම ඔහොම වෙලා අන්තිමට ....
Post a Comment
සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.
** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D