ඔන්න එකමත් එක කාලෙක සුදුම සුදු අය ඉන්න රටකුයි (අපි කියමුකො එංගලන්තෙ කියල ) කලුම කලු අය ඉන්න රටකුයි (අපි කියමුකො නයිජීරියාව කියල ) අතරෙ පුංචි රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් නිසා (අපි කියමුකො කුමාරිකාවක්
නිසා කියල) මහාම මහා යුද්ධයක් ඇති වුණාලු.
ඔය යුද්ධය දරුණුවටම ඇවිලිලා ගිහින් සුඩුම සුඩු රටේ සේනාව අන්ත පරාජයකට පත් වෙන තැනකට ආවලු. මේ කියන වෙලාවෙ සුදු සේනාවෙන් ඉතුරු වෙලා හිටියෙ රජතුමයි එකම එක සෙබළෙකුයි විතරලු.
ඔන්න ඔහොම අසරණ වෙලා ඉන්න වෙලාවෙ සුදු රටේ නුවණක්කාර රජ්ජුරුවන්ට එක පාරටම නුවණක්කාර අදහසක් පහළ වෙලා අර සෙබළාගෙන් අසිපත ඉල්ලා ගත්තලු. ඊට පස්සෙ ඒ සෙබළාට අඩ දණින් වැටෙන්න නියෝග කරල ඒ සෙබළාගේ උරහිසට අසිපත තිබ්බලු. සාමාන්‍ය සෙබළෙක් විදිහට අඩ දණින් වැටුණු ඒ සෙබළා නැගී සිටියේ ශ්‍රීමත් නයිට් වරයෙක් විදිහට උසස්වීමක් ලබලලු.
සෙබළා නයිට්වරයෙක් විදිහට උසස්වීමත් එක්කම මහා පුදුමාකාර සිද්ධියක් වුණාලු. අන්ත පරාජයට පත් වෙලා හිටපු සුදුම සුදු රට එක ක්ෂණයකින්ම යුද්ධෙ දිනල තිබ්බලූඌඌඌඌඌඌ.
හරි දැන් කතාව ඉවරයි. කතාව තේරිච්ච නැති අය පහළ පින්තූරෙ බලන්නකෝ (පින්තූරෙ පොඩි වැඩිනම් පින්තූරෙ උඩ ඔබන්න)
1. චෙස් දන්න අයටනම් දැන් කතාව තේරිලා ඇති (සෙබළෙක්ව නයිට් වරයෙක් හරි වෙනත් විදිහකට හරි උසස් කරන්නනම් සෙබළා 8 වෙනි පේලියට යන්න ඕනෙ බවත්, මෙතනදි එහෙම වෙලා නැති බවත් චෙස් දන්න අයට පෙනිලා ඇති . ඒ වුණාට මේක සුරංගනා චෙස් කතාවක්නෙ.)
2. චෙස් නොදන්න අය "අපි නොදන්න චෙස්" කියන ජනවහර හැදිච්ච හැටි
මෙන්න මේ ලිපියේ කමෙන්ට්ස් වලින් හොයා ගන්න.
3. මේ පුංචි කතාවෙන් අපිට ගන්න පුලුවන් ආදර්ශය මොකක්ද ?
[ 11 - Sep - 2012 ]