පත්තර වල තියෙන සමහර ලිපි කියවල බැලුවම හිතෙන දෙයක් තමයි අපේ පුංචි රටත් එක්ක ගොඩාක් බටහිර බලවත් යැයි කියන රටවල් තරහෙන් ඉන්නවා වගේ කියන එක. එදිනෙදා කතාබහ කරන දේවල් ඇහුවම තේරෙනව සැළකිය යුතු පිරිසක් මේ මතය දරන බව. මම ඉතින් කල්පනා කර කර හිටියෙ අපේ පුංචි රටත් එක්ක ඇයි මේ ලොකු ලොකු රටවල් ඔච්චර තරහ කියලා.
ඊයෙ පත්තර අරන් කියවල බැලුවම තමයි මට තේරුනේ මොකක්ද මේකට හේතුව කියලා. ලොකු ලොකු රටවල් වල ආර්ථිකය කඩා වැටිලා වැලේ වැල් නැතුව ඉන්දෙද්දි අපේ රට මේ පාරත්
6% ක ආර්ථික වර්ධනයක් අත්පත් කරගෙන තියෙනවලු. ඉතින් ඔය කියන ලොකු ලොකු රටවල් වලට ඉරිසියා හිතෙන එකත් පුදුමයක් නෙවෙයිනෙ.
සමහරුනම් කියන්නෙ අපේ මහබැංකු අධිපතිතුමා පරණ මහ බැංකු වාර්තා බලලා ඒවා කොපි කරකරලු වාර්තා ලියන්නෙ කියලා. හරියට කොපි කරන්න දන්නෙ නැති වුනාම මේ වගේ වාර්තා ලියවෙනවලු.
ඒ වුනාට කමක් නැහැ කොපි කරල හරි කමක් නැහැ ආර්ථිකය වර්ධනය කරනවනෙ. ඒක හින්දා අපේ මහබැංකු අධිපති තුමා තමයි ලෝකෙ හොඳම මහබැංකු අධිපති තුමා. (
දන්නවත් ඇතිනෙ ලෝකෙ හොඳම මැතිවරණ කොමසාරිස්තුමා ඉන්නෙත් අපේ රටේ)
ලෝකෙ හොඳම මහබැංකු අධිපති තුමා
-------------------------
කොපි කරන එක ගැන කිවුවම පරණ කතාවකුත් මතක් වුනා.
ඔන්න එකමත් එක ඉස්කෝලෙක එකමත් එක ළමයෙක් හිටියලු ඉගෙන ගන්න කිසිම උනන්දුවක් නැති කිසිම වැඩක් කරන්න බැරි. ඔන්න එක දවසක් පන්තියෙ ටීචර් කිවුවලු ළමයින්ට "අපේ පූසා" ගැන රචනාවක් ලියාගෙන එන්න කියලා. පුදුමෙකට වගේ මේ කියන ළමයා රචනාවක් ලියාගෙන ඇවිත් තිබ්බලු. ටීචර්ට තේරුනාලු මේකනම් වෙන්න බැරි වැඩක් , මේ ළමයා වෙන කාගෙදො පොතක් උස්සගෙන ඇවිත් කියලා. ඉතින් ටීචර් කිවුවලු මේ ළමයට "ආ එහෙනම් හොඳ පුතා වගේ ලියාගෙන ආපු රචනාව හැමෝටම ඇහෙන්න කියවන්න" කියලා.ඉතින් මොනවා කරන්නද මේ ළමයත් පුලුපුලුවන් විදිහට රචනාව කියෙවුවලු. කියවපු විදිහ තමයි මේ.
" අපේ පූසා රූට රූට වහල උඩට නැගලා කදාව් කදාව් ගානවා".
(
Ape poosa roota roota wahala udata nagalaa kadhaawu kadhaawu gaanawaa).
හිතා ගන්න පුලුවන් නේද රචනාවෙ ඇත්තටම ලියල තිබ්බ දේ. කොපි කරන්න ගියාම වෙන්නෙ ඔය වගේ වැඩ තමයි.
මේ වීඩියෝ එකත් බලන්නකෝ:
මෙන්න මේ කදාව්වා ජනේලෙන් වහල උඩට පැනලා රූට රූටා කදාව් කදාව් ගානවා.
බැරි වැඩ නොකරන් බළලෝ !!! කියන්නෙ ඕක තමයි.
(Related posts) මේවත් බලන්නකෝ:
1.
ලෝකෙ හොඳම මැතිවරණ කොමසාරිස් තුමා2.
ආර්ථික ප්‍රස්තාර 2008 - 2009
3.
ආර්ථික අර්බුදයේ බලපෑම්
[ 8 - APR - 2009 ]